Home » » මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 8

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 8

Written By Sri Lanka Guardian on Monday, November 2, 2009 | 12:24 AM

සරත් ගුණතුංග

(November 02, Colombo, Sri Lanka Guardian) භූරිදත්ත හිමි දුට්ඨංග භික්ෂුවක් ලෙස බොහෝ කාලයක් චියෑංමායි ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ගත කල සේක. එක් එක් ස්ථානයන්හි උන්වහන්සේ වස්සානය ගත කලහ. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ අති බිහිසුණු වනසතුන් මධ්‍යයේ කිසිදු බියක් නොමැතිව වනාන්තර වල ගත කලහ. නමුත් බිහිසුණු වනාන්තරවලදී උන්වහන්සේට ඉතා පහසුවෙන් 'චිත්ත දමනය' කර ගෙන විදර්ශනා වැඩීම පහසු විය. සාමාන්‍යයෙන් මේ අන්දමේ ජීවිත රටාවක් ඉතා දුශ්කර වුවත් භූරිදත්ත හිමියන්ගේ ජීවිතය ලොවට ආදර්ශයක් වන්නේ උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියත්, වීර්යයත් නිසාය. මිනී කන කොටින්ගෙන් හා අනෙක් වනගත සතුන්ගෙන් උන්වහන්සේට කිසිදු හිරිහැරයක් නොවීය. ඇසට පෙනෙන නොපෙනෙන සත්ව කොට්ඨශයන්ගෙන් කරදරයක්ද නොවීය. කෙලෙස් නැසීමට මෙවන් පරිසරයක් උන්වහන්සේට මහෝපකාරී විය. ඒ නිසාම උන්වහන්සේ වනගතව විසීමට ප්‍රියමනාප බවක් ලොවට පෙන්වූ සේක. උන්වහන්සේගේ ශිෂ්‍යයන් පවා උන්වහන්සේගේ ඇසුරට පැමිණියේ ඉතා සුලුකාලයකි. ආරාමයේ පුහුනුවෙන් පසු උන්වහන්සේ තම සිසුන්ට වනගතව භාවනා පුහුනු කිරීමට උපදෙස් දුන්නේ ඒ ක්‍රමය ඉතා ප්‍රතිඵලදායී නිසාය.


බොහෝ අවස්ථාවල උන්වහන්සේ තම සිසුන් ගම්මාන වලින් ඈත් වූ දුශ්කර තැන් වලට යන ලෙස පෙලඹ වීය. ඒ අවට ගම්වල ගෙවල් හතරකට පහකට වඩා නොතිබිණි. වැඩිම වුවහොත් ගෙවල් දහයක් තිබිණි. මේ නිසාම භූරිදත්ත හිමියන්ගේ ශිෂ්‍යයෝ ඉතා සිල්වත්, දහමෙහි මනා ලෙස පිහිටන ලද භික්ෂු කොටසක් විය. වන සතුන් ගහන වනාන්තරවල පුහුනු වීම තුලින් චිත්ත සන්සුන්තාවය මනාලෙස වැඩෙන බැව් වැඩි කල් නොගොස්ම ඔවුන් වටහා ගත්හ.

වනගතව වෙසෙන භූරිදත්ත හිමියන්ට මිනිස් ඇසුර නැතිවුවත්, දේව, බ්‍රහ්ම, නාග (සර්පයින් නොවේ) ආදී වශයෙන් වෙනත් සත්ව කොට්ඨාශයන්ගෙන් අඩුවක් නොවීය. ලෝකයේ වෙසෙන සත්වයින් ගැන මනා දැනුමක් ඇති උන්වහන්සේ තමන් වහන්සේ පවා ස්වභාව ධර්මයේ කොටසක් බව බොහෝ විට පසා ඇත. උන්වහන්සේගේ ඇසුර අන් සත්ව කොට්ඨාශ වලට ඉතාමත් උපකාරී විය. ඒ ඒ කඳුකර ප්‍රදේශ වල වෙසෙන ගැමියන්ටද උන්වහන්සේගේ ඇසුර ඉතාමත් ප්‍රයෝජන විය. ඒ කඳුකර ගැමියෝ සත්‍යවාදී, අහිංසක මිනිසුන්ය. බුද්ධ ධර්මය තේරුම් ගත් පසු භූරිදත්ත හිමියන්ට ඔවුන් දැක්වුයේ සුහද ගෞරවයකි. සමහර කඳුකර ගෝත්‍රිකයෝ රලු සැරපරුෂ අයව්ලුන් ලෙස ප්‍රසිද්ධව සිටියහ. භූරිදත්ත හිමි වෙනුවෙන් ඔවුන් සිය දිවි පවා පිදීමට සූදනමින් සිටියහ. බූරිදත්ත හිමියන්, ඔවුන් යුක්තිගරුක, වැඩිහිටියන්ට සලකන, සත්‍යවාදී මිනිස් කොට්ඨාශයක් බව පවසති. ගම් ප්‍රධානියාගේ නියෝග පිලිපදින, සාමූහික ජීවිතය පිලිබඳව මනා දැනුමක් ඇති ඔවුන්ට ඉගැන්වීම ඉතා පහසු බව භූරිදත්ත හිමි පවසා ඇත. සොරකම් මැරකම් කෝලාහල මේ පලාත්වල අසන්නටවත් නොමැත. ශීලාචාරයයි සම්මත නාගරික පරිසරයට වඩා මේ පිටිසර බද පෙදෙස් ශීලාචාරය. වන සතුන් කිසිම හිරිහැරයක් නොකරති. වනසතුන් ආශ්‍රයෙන් කෙලෙස් උපදින්නේ නැත. කෙලෙස් උපදින්නේ මිනිසා ඇසුරෙන්ය. වනගත වූ විට කෙලෙස් නූපදින නිසා, භාවනා කිරීමට වනගත වීමට උන්වහන්සේ ප්‍රිය කරන්නේ ඒ නිසාය. පරචිත්ත විජානන ඥාණය උපදවා ගෙන ඇති භූරිදත්ත තෙරුන්ට, උන්වහන්සේගේ සිසුන්ගේ 'චිත්තය' මංමුලා වෙන කොට එයට පිලියමක් යෙදීමට වග බලා ගත්තේය. මේ නිසා උන්වහන්සේගේ සිසුන් උන්වහන්සේ අසලදී විනයානුකූලව හැසිරීමට වග බලා ගත්තෝය.

දිනක් සැන්දෑවක භූරිදත්ත හිමි සහ එක්තරා ජ්‍යෙෂඨ භික්ෂුවක් ගම අසල වූ දොලකට ස්නානය සඳහා ගියහ. ස්නානය කරන අතර අනෙක් භික්ෂුවට දිස්වූයේ වැඩ අවසන් වී ගෙදර යන තරුණියන් පිරිසකි. ඒ තරුනියන් දුටු අනෙක් භික්ෂුවට රාගාත්මක සිතිවිලි ඉපදී මැඩ පවත්වා ගැනීමට නොහැකි විය. උන්වහන්සේ ව්‍යාකූල ස්වභාවයකට පත්විය. එකක්, භූරිදත්ත හිමිට ඇති බිය ය. අනෙක ලැජ්ජාවය. මේ භික්ෂුව නිදිවර්ජිත රාත්‍රියක් ගත කලේය. භූරිදත්ත හිමි සියල්ල දැනසිටියහ. උන්වහන්සේ කලබල වුවහොත් ඉතා බැරෑරුම් තත්වයක් උද්ගත වන බවද දැනසිටියහ. පසුදින උදෑසන අර භික්ෂූන්වහන්සේ භුරිදත්ත හිමි හමුවන විට වෙවුලන ස්වභාවයකින් යුක්ත විය.

භූරිදත්ත හිමියන් උන්වහන්සේට අහිංසක සිනාවකින් සංග්‍රහ කලේය. ඊට පසු ඒ භික්ෂුව අමතා "ඔබ ඉතා උත්සාහවන්තව කටයුතු කරන බව පෙනේ... අද පිණ්ඩපාතය සඳහා යාමට උවමනා නැත. අපි ඔබ සඳහා පිඬු සිඟා වඩින්නෙමු. ඔබ භාවනා කරන්නැයි" වදාලහ. මෙතෙක් ගැහි ගැහී සිටි ඒ භික්ෂූන් වහන්සේගේ සිතට සැනසිල්ලක් පැමිණියේ එවිටය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger