Latest Post
Showing posts with label Politics. Show all posts

2:32 AM
නිලන්ත ඉලංගමුව
ආණ්ඩුවේ හෙවත් රාජපක්ෂගේ කෙරුවාවට ගරුත්වයක් දීම සඳහා ඉන් ආනිසංස ලැබෙන අය කටයුතු කරන ආකාරය කදිමය. ඔවුහු සුදු පාටට කලුපාට කියති. කලු පාටට සුදු කියති. මළගම මගුල් ගෙයක් ලෙස දකින ඔවුහු මගුල් ගෙදරට මළගමක් යැයි කියති. එහෙව් රටේ පවතින මේ චිනතනය එහෙයි කියා පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත්තේ නීතියට ඉහලින් තම පරම්පරාව මෙන්ම තමන්ගේ බල්ලන්ටද නිදැල්ලේ හැසිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇති හෙයිනි. මොවුන් සපාකන්නේ නිතියෙන්ද හව් හරණක් නැති මෙරටේ බදු ගෙවන අහිංසකයින්ය. ඔවුහු පිඩාවට පත් කිරීම පහසුය. බලයේ සිටින උන් මෙය ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක ශ්‍රේෂ්ඨ නිරමාණයක් ලෙස උදම් අනති . එහෙව් අයෙක් මහජන මුදල් කාබාසිනියා කොට රටේ අහිංසකයින්ට වැඩ පෙන්නීම සඳහා 130ක් සමඟ නිව් යෝර්ක් ගියේ රුපියල් මිලියන 1000කට වඩා වියදම් කොට යැයි මාධ්‍ය වාර්තා කළේය. මෙය මෙවර එක්සත් ජාතීන්ගේ සම්මේලනය සඳහා තනි රාජ්‍ය නායකයෙකු සමඟ ගිය වැඩිම පිරිස වේ. ඉන් කියවෙන්නේ මේ පෘතුවි තලයේ සිටින උන්මන්තකම නායකයා රාජපක්ෂ බවය. මේවා ලංකාවට අයිති භුමි ප්‍රදේශයෙන් එහා උන්මන්තක විහිලු හෙවත් සුජාත දේශයක අවජාතක "පොලිටික්ස්" මිස ඊට කිසිවෙකුත් වටිනාකම් දෙන්නේ නැත. රටක විනය සහ පිරිහී ඇති ප්‍රමාණය තීරණය වන්නේ මෙවැනි සිදුවීම් වලිනි. රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්තිය එනම් ජාතිය ගොඩනැගීම උදෙසා වූ ජාත්‍යන්තර ගනු දෙනු සඳහා සිදු කරන ගුවන් සවාරි "හනිමූන් ටුවර් " බවට පත් වී තිබේ. සැබවින්ම රට හදන්න සල්ලි පිටින් ඉල්ලන රාජපක්ෂ සිදුකරන මෙම ඛේදජනක නෙයියාඩකම් දැක සතුරන් පස් වනක් ප්‍රීතියෙන් පිනා යනු ඇත. මිතුරන් ප්‍රතිකාර ලබාදීමට නොහැකි උන්මන්තක මිතුරා දැක ඉන් නික්ම යනු ඇත. කපටින් තමන්ගේ අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සඳහා තව තවත් දුර්වල වීමට ඉඩහැර අනුග්‍රහය දක්වනවා පමණක් නොව කරන දේ හරියයි නිතර නිතර සංදේශ නිර්මාණය කරනු ඇත.
මාගේ මිතුරියක වන එක්සත් ජනපද ජනධිපති බැරක් ඔබාමාගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙලේ ආධාර කාරියක සේම හාර්වඩ් සරසවියේ නිතිය පිළිබඳව හදාරන්නෙකු පසුගියදා, ලංකාවේ දේශපාලන ප්‍රවණතාවය ගැන අප අතර පැවැති කතා බහේදී , ඔබේ රටේ නායකයින් මේ තරම් උන්මන්ත්කයින් ලෙස හැසිරෙන්නේ සමස්ථ වශයෙන් සමාජයේ ගොඩ නැගී ඇති නිහඩතාවය සහ බලයට එරෙහි වන්නන් පාලනය කිරීමට ආණ්ඩුව ගෙන යන කුඨ උපක්‍රම නිසා යැයි ප්‍රකාශ කළාය. මෙය අපි සමාජීය ප්‍රතික්ෂේපය (සෝෂල් ඩිනායල් ) යැයි කියමු. එවිට මාගේ පිළිතුර වූයේද ඒ හා සමාන එකකි. එනම් ඔබට ඔබේ සමාජය තුළ පොදු හැඟීම (කොමන් සෙන්ස්) ඝාතනය කළ හැකිනම් ඔබේ පාලනයෙන් බැට වින්දද / නොවින්දද සාමාන්‍ය ජනතාව ඊට විරෝධය දැක්වීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. එය යලිත් සාමාන්‍ය තත්වයට පත්වීමටනම් සීමා රහිත බලයේ නියත අවසානය වන ඛේදවාචකයකින් පසු උදාවන පශ්චාත් තත්වය ඒසඳහා වටපිටාව සකස් කරනු ලබයි, යනුවෙනි. එතෙක් ඉන් පීඩා විඳින්නන්ට සිදු වන්නේ ඛේදවාචක වලින් සතුට සොයා ගැනීමටය. ඒ අතර මෙම උන්මන්තක ස්වභාවය හදුනා ගන්නා අය වලුන්ට විරුද්ධව කළ හැකි උපරිමය "බලය" විසින් එහි පැවැත්ම උදෙසා සිදු කරනු ඇත. ලංකාවේ සිදු වන්නේ මෙයයි.
නොපවතින දේශපාලන ශිෂ්ටත්වයක් තියෙනවා යැයි කියමින් ඒ ගැන පට්ට පල් බොරු කියන ඇතැමුන්ගේ විචාර කියවීමේදී සමාජයේ බුද්ධිමය වශයෙන් පවතින බිඳ වැටීම තේරුම් ගැනීම අපහසු නැත. ලංකාවේ "බුධිමතුන්" එනම් මහාචාර්ය හෝ ආචාර්ය පදවියක් නමට ඉහලින් ඇති බොහෝ අය ( විශේෂයෙන් ආචාර්ය මර්වින් සිල්වාද අපේ රටේ බුද්ධිමතුන්ගෙන් කෙනෙකි.) රාජපක්ෂ විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී කළ කතාව පිළිබඳව විස්තර කිරීමට ගොස් අමුතු ප්‍රමෝදයක් ලබාගෙන ඇති සැටියෙකි. ඉන් මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු අද දින ( සැප්තැම්බර් 26) ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්චාවේදී ඉදිරිපත් කොට ඇති අදහස් කියවීමේදී ඉහත සඳහන් වටපිටාව ඉතා පැහදිලිව නියැදි සමඟ හදුනා ගත හැකිය. මහාචාර්ය ජි. එල් පිරිස් ඇමති දුරයක් ලබාගෙන තමාගෙන් නීතිය ඉගෙන ගත් සිසුන්ට මෙන්ම ඔහු ගැන කිසිවක් නොදන්නා පිරිස් හමුවේ විහුලුවට ලක් වී සිටිනවා සේම තම හර්ද ශාක්ෂිය අබිමුකවද විත්තිකරුවෙකු වී සිටිනු පෙනේ. එය 18වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී "හදිසි" පනතක් ලෙස විවාදයට ගන්නා විට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. සුමන්තිරම් ඉදිරි පත් කළ ඉතා ප්‍රසංසනීය කතාවෙන් විස්තර කළේය.
මෙවර මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු කියන්නේ ජනාධිපති රාජපක්ෂ කළ කතාව එක්සත් ජාතීන්ගේ සමුළුවකදී අපේ නායකයෙක් කළ විශිෂ්ටතම කතාව ලෙසයි. ඊට හේතුව ලෙස කාරණා කිහිපයක් ගෙන හැර දක්වන හෙතම, එය රටේ අනාගතය දෙස බලා කළ කතාවක් ලෙසත් ඉන් ඉදිරියේදී මහත් පල මහානිසංස ලැබෙන බවත් ගෞරව පුර්වකව පැහැදිලි කරනු ලබයි. ජනාධිපතිවරයාගේ කතාවට ඉතා හොඳින් ඇහුන් කන් දුන්නේනම් එහිදී ඉතා පැහැදිලි වන කාරණයක් වන්නේ සාමුහිකව කළ කටයුත්ත එනම් කොටි සංවිධානයට එරෙහිව කළ යුද්ධය, හෙතම වර්තමානයේදී කරණ සියලුම කාරණා වසා ගැනීමට සහ සාදාරනීකරණය කිරීමට ඉතා ශුක්ෂම වූ බලවත් උත්සහයක් ගත් ආකාරයයි. වාසනාවට හෙතම සමීපයේ ටෙලිප්රෝම්පරය සැමදා මෙන් තනි රැක්කේය. නමුත් ඔහු තම කතාව පුරා අමතක කොට ඇත්තේ තමාගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා හදුන්වා දුන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන එකසත් ජනපදයේ රජය දෙපාර්තමේන්තුව මීට සතියකට පෙර නිකුත් කරනු ලැබූ විවේචනාත්මක නිවේදනයයි. ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වුවද එහි කිසිඳු ආකාරයක පිළිගත හැකි තර්කයක් නොතිබුණා සේම එය නිකුත් කරනු ලැබුවේ මහාචාර්ය පීරිස්ය. නමුත් ජනාධිපතිවරයාගේ කතාවේදී එය එක්සත් ජාතීන්ගේ සංවිධානය නඩත්තු කිරීම සඳහා වැඩිම මුදලක් වැය කරණ එක්සත් ජනපදය වඩාත් සවිස්තරාත්මකව බලාපොරොත්තු වූවා විය හැකිය. ඒ මන්ද කොටි සංවිදානයට විරුද්ධව කළ යුද්ධයෙන් ඇති කළ තත්වයට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් රට තුළ ඇති වී තිබේ. ඒ නිසා කොටි සමග කළ යුද්ධය රාජපක්ෂගේ කුණු වසා ගැනීම සඳහා පාවිච්චි කරණ පිළිණු වී ගිය සංසිද්ධියක් පමණක් වී තිබේ. සැබවින්ම යුධ ජයග්‍රහණය වඩාත් වටිනා ලෙස විකිණිය හැකි වටපිටාවක් තිබුණි. නමුත් රාජපක්ෂ විසින්ම එයට සහ ඊට දායක වූවන්ට ලබා දිය යුතුව තිබු ගරුත්වය නොදීමෙන් අහිමි කර ගත්තේය.
සුභ සිහින දැකීම හොඳය නමුත් ගැටලුව වන්නේ අගුණ දැක දැකත් එය ගුණ යැයි කීමය. එය මහාචාර්ය ප්‍රනාන්දු සැමදාම දකින්න පුරුදු වී සිටි ආකාරය හෙවත් වැල යන අතට මැස්ස ගසන්නාගේ ක්‍රමෝපාය මිස තමන්ගේ ආත්ම ගරුත්වය ගැන සිත සිතා කටයුතු කරන්නාගේ සත්පුරුෂ ලක්ෂණය නොවේ. මේ හා සමානව ආණ්ඩුව විසින් නඩත්තු කරණ ඒෂියන් ට්‍රිබුන් වෙබ් අඩවියේ ලේඛකයෙකු ඉදිපත් කළ අදහසකින් කියවුනේ, ජනාධිපතිවරයාගේ කතාවට නියමිත ගරුත්වය දීමට ලෝක ප්‍රජාව අපොහොසත් වී ඇති බවයි. වෙනස මහාචාර්ය ප්‍රනාන්දු සිංහලෙන් ලිවීමත්, අදාල ලේඛකයා ඉංග්‍රීසියෙන් ලිවීමත්ය. ඔහුට අනුව ජනාධිපති බැරක් ඔබාමා තම කතාවේදී ලෝකයේ ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දැමු ඒ ශ්‍රේෂ්ට නායකයා කළ වීර වික්‍රමය ගැන වචනයකින්දු මතක් නොකර සිටි බවයි. ඒ වෙනුවට සීමා රහිත බලයේ ඇති අනතුරු දායක ස්වභාවය සහ ඉන් මානව නිදහස උල්ලංඝනය වීම ගැන ක්‍රමෝපයිකව විස්තර කළේය. තමා ජනධිපතිධුරයට පත් වී මාස නවයක පමණ කෙටි කාලයක් පසු කොට ඇති ජනාධිපති ඔබාමා එහිදී ඉදිරිපත් කළ කතාව දැකුම් කලු වන්නා සේම ඉන් ඔහු ඉදිරි කාලය සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන විදෙස් ප්‍රතිපත්තියද සාරාංශ ගත කළේය. එයට අනුව ලංකාව ස්ථාන ගත වී සිටින්නේ ඔබාමා විරෝධී ප්‍රතිපත්තියකය. රාජපක්ෂ ගෝලීය මුලිකාංග තම රටට ගැලෙපෙන ලෙස සකස් කර ගත යුතු යැයි කියන්නේ තමාගේ ආණ්ඩුකරණය ගෝලීය මට්ටමෙන් සදරනිකරණය කිරීම සඳහාය. මහාචාර්ය ප්‍රනාන්දු විශිෂ්ට යැයි කියන්නේ එයයි.
අද වන විට තමාට ලැබෙන සිමා රහිත ආර්ථික ප්‍රතිලාබ හැර වෙනත් පරාර්ථකාමී වුවමනාවෙන් සිටින කල්‍යාණ මිත්‍රයකු ලංකාවට නොමැත. එසේම ලංකාව ආර්ථික වශයෙන් ණය බරින් නිදහස් කළ හැකි මිතුරන් සමග ක්‍රමෝපයිකව ගනුදෙනු කිරීමේ අවස්ථාවද නැති කොට තිබේ. ඒ වෙනුවට ඉදිරියේදී ලංකාවට අධික පොලියට ණය ලබා දීමට සුදානම් බටහිර මෙන්ම පෙරදිග සගයින් බිහි වනු ඇත. නමුත් උගුල් වලින් ගැලවීම සඳහා ආධාර ලබා දෙන මිතුරන් තව තවත් අහිමි කර ගනු ඇත. තමන්ගේ ස්වයිරීත්වය පාවාදීමට නොහැකි නිසා යුරෝපා සංගමයේ ජි.එස්. පි. ප්ලස් සහනය තුට්ටුවකට මායිම් නොකළ ආණ්ඩුව, ලංකාවේ ලක්ෂ සංඛ්‍යාවක් රැකියා වියුක්තිකයින්ගේ ගොඩට එකතු වන විට වැඩකට නැති හිස් රංගනයක නිරත වී සිටියි. සැබවින්ම යුරෝපා සංගමය ලංකාවේ යහ පාලනය ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි පහළොවෙන් කිසිවකින් රටේ ස්වෛරීත්වය කෙලසෙන්නේ නැත. ඉන් රාජපක්ෂට තුන්වැනි වරටත් ජනාධිපති වීමට බාධා එල්ල විය හැකි නමුත් ප්‍රජාතත්‍රවාදය හෝ රටේ බෞමික අඛණ්ඩතාවය සඳහා එකී කොන්දේසි කිසිම බලපෑමක් කරන්නේ නැත. මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු මෙකි වටපිටාව ගිලදමා වෙනත් මායාවක පැටලී ජනාධිපතිගේ කතාවෙන් ලැබෙන්න යන්න නිධානයක් ගැන සිහින දැකීමට අනෙකා හුරු කිරීමට යන්ත දරන්නේය.
ඔහුට නොතේරෙන කමට හෝ හිතාමතා සගවා ගත්තාට, දේශපාලනය ගැන "අ' දන්නා කෙනෙකුට තේරෙන සරල දෙයක් වන්නේ රටක පැවතිය යුතු මුලිකාංග වලින් ඒ රට ගලවා තමන්ගේ අල්ලට ගෙන නැටවීමට හැකි වට පිටාවක් සකස් කරගත් විට ඇතිවෙන්නේ පෘතුල කැමැත්තක් ඇතිවීමට වඩා කැමැත්තක් ඇති බවට කරණ නිර්මාණයකි. තීන්දුව අබිබවා නිර්මාණය මතුපිටට පැමිණේ . එය සැබැව යටපත් කරණ අතර එහි ආනිසංස ලැබීම සඳහා දීර්ඝ කාලයක් ගත වේ. 2005 දී මිලියන 137 ක් ඉපැයූ රුපවාහිනිය 2009 වසරේදී එය මිලියන 4.7 ක් පමණක් දක්වා අඩුකර ගත්තේ මෙකි නිර්මාණකරණයේ ඛේදජනක අස්වැන්නේ ඉතාම ප්‍රථමික ප්‍රතිපලයක් ලෙසය. ජනතාව කැමතිනම් මේ උත්තමයා කොච්චර කාලයක් හිටියම කුමක්දැයි අසන අයවලුන් තම තමාගෙන් අසා ගත් යුත්තේ එයයි. මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දුගේ පොලිටික්ස් වලින් සඟවා තබන්නේද මෙකි යථාර්තයයි. ජනාධිපති ඔබාමාගේ කතාව රාජපක්ෂගේ පාලනයට රතු එළියක් වන්නේ මේ නිසාය.
සුජාත දේශයේ අවජාතක "පොලිටික්ස්"
Written By Sri Lanka Guardian on Sunday, September 26, 2010 | 2:32 AM
මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දුගේ කසඩ දේශපාලන චින්තනයට සරල ප්‍රතිචාරයක්

Labels:
Nilantha Ilangamuwa,
Politics
7:40 PM
ඇතුළාන්තය කුමක් දැයි පිටින් බැලුවහම පෙනෙන අවස්ථාවන් මෙන්ම නොපෙනෙන අවස්ථාවන් ද තිබේ. බොහෝ දෙනෙක් ලිහා බලන්නේ නැතිව පිටින් පෙනෙන දේම ඇතුළේ ද ඇතැයි විශ්වාස කරති.
පෙනුම ගාම්භීර බොහෝ දෙනෙකුගේ වැඩ පලේ පල් ය.
ඒ වුනාට මිනිසුන් සරණ යන්නේ පිටට පෙනෙන ඒ පෙනුම ය. ඇතුළත හගිස්සවා දැන ගැනීමට මේ බොහෝ අයට හැකියාවක් නැත. සමහරුන්ට ඊට ඕනෑ කමක් නැත. සමහරු ඊට බියය. බොහෝ දෙනෙකු තමන් මෙතෙක් විශ්වාස කරගෙන සිටි දෑ අර්බුදයකට යනවාට කැමති නැත. එය තමන් ගත කරන මේ ස්ථාවර ජීවිතයට ප්‍රශ්න එකතු කරන නිසා ය. ඒ නිසාම විශ්වාසය ප්‍රශ්න නොනගාම විශ්වාස කරගෙන උන් ජීවත් වෙති.
මතුපිටින් බැලුවහම දේශප්‍රේමය හොද ය. එහෙත් ඇතුළතට රිංගා බැලුවහම පෙනෙන්නේ එය යොදා ගෙන ඇත්තේ තමන්ගේත් තම පරපුරේත් යහපත සදහා බව ය. දෙවැන්නේ අභිවෘද්ධිය සදහා රට විකුණන්නට වුවමනා වුවහොත් දේශප්‍රේමීහු එය ද කැත නැතිවම විකුණති.
(මහින්ද රජතුමා කියන්නේ සරත් ෆොන්සේකා එවැනි දේශප්‍රේමීයෙකු බව ය. සරත් ෆොන්සේකා කියන්නේ මහින්ද එවැනි දේශප්‍රේමීයෙකු බව ය. එවැනි තක්කඩියෙකු හිරේ දමා මදි බවත් එල්ලා දැමිය යුතු බව එක්කෙනෙක් කියනවිට අනෙකා සමහර විට සිතෙන් පතනු ඇත්තේ මුන් සම්බන්ධයෙන් මට බලයක් ආවොත් ඒ දේම මුන්ට කරමි යැයි කියා ය.)
දේශප්‍රේමය තක්කඩියෙකුගේ අවසන් රැකවරණය යන කියමන රාහුල හිමියන්ට (අප මේ මෑතකදී උපුටා දැක්වු පරිදි) මතක්වන්නට ඇත්තේ මේ නිසා විය යුතු ය.
සිල් ගන්නා හා දන් දෙන්නා වූ සමහරුන්ගේ ඇතුළාන්තයට එබුනහම තියෙන්නේ කුහකත්වය හා වංචනිකත්වය යි. දානය හා සීලය අර සියලු ගන්ධස්කාර කටයුතු වසනා සේලයයි. ඒ වුනාට එවැනි සිල් ගන්නා කෙනෙක් දෙස දන් දෙන කෙනෙක් දෙස මතුපිටින් බලා මහා පින් ඇත්තෙක් යැයි කියා අපව රවටා ගන්නට අප කැමති ය.
(කොළඹ අසපුවල වසනා භික්ෂූන් වහන්සේලා මීට දිය හැකි හොදම උදාහරණය.)
උපාසක බක බක- අල්ලන්නේ මීයන් දෙක දෙක කියා පැරණි උපහැරණයක් ඇත්තේ මේ නිසා විය හැකි ය.
දේශය හා ආගම තරම් වංචනිකයින් හා කුහකයින් විසින් තමන්ගේ සියලු දුගද වහගන්නට භාවිතා කළ වෙනත් දේ ලෝකයේ නැති තරම් ය.
පිට පෙනුමට රැවටෙන අන්ධ අනුගාමිකයින් ලවා තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය මුන් විසින් ලගා කරගනු බලා සිටීම අපට උරුමව ඇති කරුමයයි.
උන් දේශප්‍රේමී වන තරමට අප දේශද්‍රෝහීන් වන අතර උන් ආගම් අතර වෛරය පතුරවන තරමට අප ආගම නොඅදුනන නරුමයන් බවට පත් වෙයි.
ඒ ද අපේ උරුමයයි. අනෙත් අතට කරුමයයි.
පිට පෙනුමට නොරැවටී දවටනය ලිහා ඇතුළ බලන්නට ජනතාව උගත් දාක මේ සියල්ල වෙනස් වනු ඇත්තේ ය. ඒ කලු කපුටා ඒ වනවිට සුදු නොවී තිබුනොත් ය.
පෙනුම හා ඇතුළාන්තය
Written By Sri Lanka Guardian on Friday, September 24, 2010 | 7:40 PM
Note from the Beyond Frame

7:29 PM
ත්‍රස්තවාදියා එන්නේ කොහෙන්ද?
දරුණු වධ හිංසාවන්ට ලක් වූ දෙසොයුරන් වාසනාවකට මෙන් නිදහස් වන්නේ එම අවස්ථාවෙහි කොළොම්බියාවෙහි නිරීක්ෂන වාරිකාව නිරත වෙමින් සිටි අන්තර් ජාතික මානව හිමිකම් දූත මණ්ඩලයක් නිසා ය. වාමාංශික ගරිල්ලන්ට හිතවත්කම් දැක් වූ ඒ බාල සහෝදරයා වසර ගණනාවට පසු ආණ්ඩුවේ මිනීමරු ඝාතන කල්ලි විසින් අත්‍යන්තයෙන් ම බියකරු වූ වධ හිංසාවන්ට ලක් කර මරා දමන ලදී.
අන්ධකාර ශාලාව නිහ~ය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප්‍රැර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හ~ක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම් .... ආලෝක ධාරාව කලූ රෙද්දකින් හිස සිට වසා සිටින හෙක්ටර් මත පතිත වෙයි. සතිය පුරා පැවැති වැඩමුළුවට එක්වූ සගයින් දෙදෙනෙකු ඒ හ~ දෝංකාර නංවයි.
—රාත්‍රී සුළඟ˜ ඇරඹෙයි. හ~ උච්ච වෙයි. ක්ෂණික නිහඩතාවය. —ත්‍රස්තවාදියා එන්නේ කොතැනින්ද?˜ ලොමු දැහැගැන්වෙන හඩින් අසන හෙක්ටර් සිය බඩ තුර පහලින් ගර්භනීබවක් නිරූපනය වූ බැලූම එළියට ගෙන පා කර හරියි. කලූ රෙද්ද ඔහු නැගී සිටි බංකුව මත අතුරමින් ඒ මත දිගාවෙයි.
හෙක්ටර් අර්ටිස්බාල් වියනාහි දින පහක් පුරා පීඩිතයාගේ රංගකලාව පිළිබඳ වැඩමුලූවක් පැවැත් වූයේ විකල්ප කණ්ඩායම් දෙකක ආරාධනයෙනි. එහි අවසන් දවස වූ පසුගිය 10වන සිකුරාදා ඔහු සිය ජීවිතයේ පැතිකඩක් වූ —රාත්‍රී සුළඟ˜ රඟ දැක්වීය. එම සැන්දෑව හදුන්වා දුන්නේ වැඩ මුළුවේ වඩාම වර්ණවත් සහභාගිකාවක වූ රෝදපුටුවක ගමන් කරන වේරා ය. අගේ රෝද පුටුවේ රෝදවසා රතු අකුරින් මෙසේ ලියා තිබුණි. —ා්බජැ ්ඉසකසඑහ˜ නැටුමට හපන්. ඒ ාසි්ඉසකසඑහ නොහොත් අංග විකල යන අදහසට අභියෝගයක් පරිද්දෙනි. හෙක්ටර් රංගනය සඳහා ඇද සිටියේ එදා දවස පුරා වැඩ මුළුවට හැද සිටි දුඹුරු පැහැ ටී ෂර්ට් එක සහ ඩෙනිම් කලිසම ය. ඒකාංග රංගනය වැඩ මුළුවේ එක් පුහුණුවක් වූ —කතා කීමේ කලාව˜ සමඟ එකට වෙලී තිබුණි.
—අව්රුදු 14දි මං හවානා රේඩියෝවට ලියුමක් යැවුවා, වේ ගුවේරාගේ ඔක්කොම ලිපි මට එවන්නැයි කියා˜ රතුපාට කඩදාසි රූනෙක් මගින් අභිනයෙන් ලියුමක් ලියූ හෙක්ටර් ප්‍රෙක්ශකාගාරයට රූනා පියඹා එවූයේ ය. —මාත් ඒ ලියුමේ කොපියක් ලඟ තියා ගත්තා˜
—චේ ෟ චේ ෟෟ චේ ෟෟෟ, අප හැමෝම කතා කළේ ඒ ගැන˜ අපේක්ෂා සහගත සිනහමුසු මුහුණ. දුරින් අඩි තබා කැරෙන රංග නිරූපනය.
—1982 කොළෙම්බියාවේ ජනාධිපති දරුණු පාලනයක් ඇති කරා. සෑම කෙනෙක්ම සැක කරන මර්දනකාරී නීති පැනෙව්වා˜ හෙක්ටර් බඳවටා එතී තිබූ කලූ රෙදිපටිය ගෙන එය කමීසයේ බෝ එකක් ලෙස සකස් කලේ නිමේෂයෙන්. දැන ඔහු ජනාධිපති. —කොම්යුනිස්ට්වාදී ත්‍රස්තවාදය පරාජය කිරිමට මට සහය වෙන්න. දෙවියන්ගේ බැල්ම ඇති අපේ දේශය රැක ගමු. සැක සහිත කෙනෙක් දුටුවොත් හ~ක් ඇහුනොත් වහාම ආරක්ෂ අංශ වෙත වාර්තා කරන්න. මං හදිසි නීතිය පනවනවා ද්‍රෝහීන්ගෙන් රට රැක ගන්න.˜ ඒ ජනාධිපති හ~.
හෙක්ටර් යළි හෙක්ටර්ගේ භූමිකාවට. —ඒ කාලේ මගේ බාල සහෝදරයා තවත් යාළුවො කට්ටියක් එක්ක විනෝද සංචාරයක ගියා. දුර ගමක ඔවුන් නවාතැන් ගත්ත දේවස්ථානයක. ඔව්න් දේශපාලනය කතා කරනව දේවගැතිවරයාට ඇහුණ. ඔහු සිකුරිටියට කිව්ව. සිකුරිටිය පොලීසියට කිව්ව. පොලීසිය හමුදාවට කිව්ව. ත්‍රස්තවාදීන් අත් අඩංගූවට ගන්න හමුදා ට්‍රක්රථ ගම වට කරා. කොල්ලො ටික කුදලාගෙන අරන් ගියා˜ බියෙන් වෙව්ලන හඩින් හෙක්ටර් අපට පිටුපෑව. ඔහුගේ සගයින් දෙදෙනා පරණ ඛෙලෙක් ඉනිමඟක් බිත්තියට හේත්තු කරගෙන බියමුසු හ~ක් නිකුත්වන සේ ඊට තට්ටු කරමින් සිටියා.
හෙක්ටර්ාගේ බඳ වටා එතී තිබූ කලූ පටිය තුවක්කුවක් ලෙස දෑතින් ඇද ගැනුනි. —එළිවෙන ජාමේ අපේ ගෙදරත් වට කරා. වාඩිවෙයන්, අම්මා පැත්තකට තල්ලූ කරා. සොල්දාදුවො අපේ කාමරේ සුද්දකරන්න ගත්ත. මේ මොකක්ද? ගරිල්ලන්ට සහාය දෙන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශණය. මේ මොකක්ද? හිර ගෙදරක ඉන්න ගැහුණු ජායාරූපයක්. අන්තිමේ දි මං වයස 14දි හවානාවට ලියපු ලිපිය. උඹේ මල්ලි උඹ ගැන ඔක්කොම කිව්ව. කියපන් ඇත්ත.˜ කලූ රෙදි කඩින් දැන් හෙක්ටර්ගේ දෑස් බැද හමාරය.
සිය සහෝදරයා විප්ලවීය පොතපත කියවන බව හෙක්ටර් දැන සිටියේ නැත. ඔහු සිය කාමරයේ සැකයට බදුන් විය හැකි ලියවිලි කිසිවක් තබා ගත්තේ නැත. නමුත් ඔහුගේ බාල සොයුරා එම පොත කාමරයේ සඟවා තිබුණි. හෙක්ටර් ද ඒ රාත්‍රියේ ම හමුදා වධ කඳවුරකට ගෙන යන ලදී. —ලෝකයේ පැරණිම ත්‍රස්තවාදී පුහුණු කඳවුරේ ඒ කියන්නේ ඇමරිකාවේ පිහිටි ලතින් ඇමෙරිකානු හමුදා පුහුණු කඳවුරේ පුහුණු වී සිටි වධ කදවුරේ හමුදා ලොක්කා පිස්තොලය කණට තිබබා, ඩෝං˜ පේලියට තබා තිබූ බැල්මක් හෙක්ටර් පයින් පාගා පොඩි කරයි. ස්වේචජා සගයකු වටාස් හඩින් අත්පුඩියක් තලයි. —තවත් සොල්දාදුවෙක්,˜ කලූ රෙදි පටිය යළි තුවක්කුවකි. තවත් බැලූමක් පිපිරේ. චටාස් අත්පුඩි තැලීමකි. බිත්තියේ ඇඳපු රූපවලට දිගටම වෙඩි. —චට පටාස්, චට පටාස්, චට පටාස්.....˜ ඒ හ~ සමඟ ඛෙලෙක් ඉණිමඟ සෙළවීමෙන් නැගෙන බොල් බියකරු හ~ එක්වෙයි.
හෙක්ටර්ට සිය මලයා දකින්නට ලැබුණේ නැත. වතුර බිඳක් හෝ නින්දක් හෝ නොමැතිව දවස් තුනක්ම සිටගෙන සිටීමට හෙක්ටර් බල කෙරුණි. අවසානයේ දී වතුර වතුර යැයි ඉල්ලූ කළ තම හිස වතුර බාල්දියක ඔබා තැබු සැටි හෙක්ටර් නිරූපනය කරන්නේ කතාව ද කියන අතරම ය. වතුර ලැබුනේ නැත.
දරුණු වධ හිංසාවන්ට ලක් වූ දෙසොයුරන් වාසනාවකට මෙන් නිදහස් වන්නේ එම අවස්ථාවෙහි කොළොම්බියාවෙහි නිරීක්ෂන වාරිකාව නිරත වෙමින් සිටි අන්තර් ජාතික මානව හිමිකම් දූත මණ්ඩලයක් නිසා ය. වාමාංශික ගරිල්ලන්ට හිතවත්කම් දැක් වූ ඒ බාල සහෝදරයා වසර ගණනාවට පසු ආණ්ඩුවේ මිනීමරු ඝාතන කල්ලි විසින් අත්‍යන්තයෙන් ම බියකරු වූ වධ හිංසාවන්ට ලක් කර මරා දමන ලදී. වධ හිංසාවන්ට ලක් වූ ඔහුගේ සිරුර මිහිදන් කර සිය ජීවිතය බේරා ගැනීමට පලා ගිය ඇමෙරිකාවට ආපසු එන අතර තුර පළි ගැනීමේ මාවත ගනිම්දෝ නොගනිම්දෝ යැයි ඔහුගේ සිත පෙළෙන අවිනිශ්චිත මෙහොතෙහි සිය දරුවන් මෙනෙහි විමෙන් හෙක්ටර් වනගතවීම වෙනුවට රංගගත වීම තෝරා ගනී. සිය සහොදරයාගේ මරණය නිරූපනය කරමින් සිය රංගනය අවසන් කරන හෙක්ටර් යළි අසන්නේ මුලින් අපට ඇසුනු පැනය ම ය. —ත්‍රස්තවාදියා බිහිවන්නේ කෙහෙන්ද?˜ මව්කුසයෙන් බිහිවන දරුවා ත්‍රස්තවාදියකු වන්නේ උපතින්ද? නැතනම් වධ හිංසා පැමිණ වීම නම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ද? ඔහු අපගෙන් නොඅසා අසන ප්‍රශ්ණය එය යි.
නාට්‍යය පුරා ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මෙන්ම ලොව පුරා පවතින වර්ගවාදී සහ ඒකාධිපති පාලනයන් උග්‍ර විවේචනයට හසු කරන "රාත්‍රි සුලඟ" අත් අඩංඟ=වෙහි දී වධ හිංසා පැමිණ වීම තේමා කරගත් පැය බාගයකට නොවැඩි ඒකාංග රංගනයකි. එහි වැදගත්ම පියවර එළඹුනේ රංගනය අවසානයේ දී ය.
—හැමෝම වේදිකාවට එන්න˜ යැයි කැඳවූ හෙක්ටර් ගතික භාවනා අභ්‍යාසයකට අප හැම යොමු කළේ ඇඟමැලි කඩා හිිරි යැවීමට මෙන්ය. අනතුරුව ඔහු හැමට සිය රංගනයේ දුටු පණිවිඩයට ප්‍රතිචාරයක් අභිනයෙන් දක්වන සේ ඉල්ලා සිටියේ ය. විවිධ ප්‍රතිචාර මතුවිය. කේන්තිය, කණගාටුව, පළිගැනීම, නැගී සිටීම, සාමුහිකත්වය, අයාචනය, මරණය, සටන්කාමිත්වය යනාදී ලෙසිනි. ඊළගට එම ප්‍රතිචාරයට මහ හ~ක් එක් කරන ලෙස ඉල්ලීමකි. වැඩිම නැගී ආ හ~ වූයේ —කවදාවත් එපා— භැඩැර ්ට්සබ හ~ ය. මම ඈත බලාගත් අපේක්ෂා සහගත අභිනයකින් යුතුව කෑ ගැසුවෙමි: —කවදා හරි දවසක˜ දෙවනුව හෙක්ටර් අප සියයක් දෙනා දෙකොටසකට ඛෙදා සාමූහික ඉරියව්වන්ට යොමු කර අනෙක් පාර්ශවයේ වධහිංසා විරෝධී අභිනයන් අර්ථ නිරූපනයකට ලක් කරන සේ කියා සිටියේ ය. ප්‍රේක්ශාගාරය මනුෂ්‍යත්වය උදෙසා වූ දේශපාලන වේදිකාවක් බවට පත් විය. අප හැම එකම අරමුණකට නොදැනීම බැදුණි.
හෙක්ටර් සිය අප්‍රිකානු ඛෙරය වයමින් සිය රංගනයේ උපත සිදුවූයේ ඉරාකයේ අබු ගිරාබ් සිරකඳවුරේ වදහිංසා විරෝධී හැගීමෙන් බවත් තමා සිය ගමන් මල්ල පමණක් රුගෙන ගොස් මෙම ඒකාංග රංගනය පවත්වන සැටිත් ගායනයක් වැනි කතාවක් රාත්‍රී සුළඟට මුසු කළේ ය. "අපට අවශ්‍ය නිර්මාණශීලී සිතීමක් පැන්ටසි නොවෙයි" කියූ ඔහු කලාව මගින් යුක්තියේ පණිවිඩය ගෙන යන්නේ කෙසේද යන සාකච්ජාව ගොඩ නැගුවේ තව තවත් ක්‍රියාකාරකම් තුලිනි.
ඉන් එක් ක්‍රියාකාරකමක් ලෙස අප කණඩායමකට මැෂිමක් සේ අතපය හැසිරවීමට කියූ හෙක්ටර් මැෂිමට අණ දුන්නේ —මැෂිම වේගයෙන්, මැෂිම අඩනවා, මැෂිම සතුටෙන් ලෙසිනි. එකවරම මැෂීම ඉරාකයට යනවා දැන් ඉරාකයෙන් එනවා යැයි ලද නියෝගය අප කන්ඩායමට අභියෝගයක් ගෙන ආවේ ය. ඉරාකයට යන් මැෂිම බෝමබ හෙළමින් වෙඩි තබමින් ගිය අතර ආපසු එන අතර මිය ගිය සොල්දුවන් ගෙන එනු නිමේෂයකින් නිර්මානය විය. මට ඒ නියෝගය ඇසුණේ වන්නියට යනවා වන්නියෙන් එනවා ලෙස ය.
අප්‍රිකානු ඛෙරවාදනයට පා තැබූ කෙටි නමුත් විමුක්තිදායක නැටුමකින් සිත් සැහැල්ලූ කරගත් අප විසිර යන අතර හෙක්ටර් ගේ දෑත ගෙන — ඔබේ අත් දැකීම මගේ අත් දැකීම යි, වධහිංසා වින්ද, මරණ අත් දැක්ක, හිරේ ගියා, මරණයෙන් බේරෙන්න පිටුවහල් වුනා...˜ යැයි කියත්ම හැගුම්බරව තිබූ අපේ සිත් විසින් දෑස් තෙත් කරනු දුටු අපි දුරස් වූයෙමු. සීතල වෙමින් තිබූ වියනා හී රාත්‍රී සුළඟ වෙත පා නගන මගේ දෙසවන්හි හෙක්ටර්ගේ උණසුම් වචන දොංකාර දුන්නේ ය. ඉරදඑයැරි ්රු එදටැඑයැරල අයැරු ැඩැර ඇ ්රු ජ් —කොහේ හිටියත් අපි සහෝදරයින් එකට.
හෙක්ටර් අර්ස්ටිස්බාල් සමඟ සැන්දෑවක්
සුනන්ද දේශප්‍රිය

Politics,
Sunanda Deshapriya