"රටක පාලනය දඩාවතේ යන පිස්සු බල්ලන්ගේ ආකාරයෙන් කටයුතු කිරීම නොවේ. නීතියේ පදනම මත හා නිතියේ ආධිපත්‍යය රැකෙන සේ පාලකයා විසින් පාලනය කල යුතුය. අධිකරණය වනාහි පාලකයාගේ ආධිපත්‍යයට යටත් සංස්ථාවක් නොවේ. "
_______________
නිතිඥ බැසිල් ප්‍රනාන්දු
(September 08, Colombo, Sri Lanka Guardian) වර්තමාන කාලයේ අධිකරණයේ ස්වාධිනත්වය රැකගැනිම පිළිබද අභියෝගයට පකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය අභිතව මුහුණදිම පිළිබදව මහා උදාරහරණයක් මේ වසරේ ජූලි 31 වෙනිදා විනිසුරුවන් දාහතර දෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් පිරිවරා අග්‍රවිනිශ්චයකාර ඉෆ්ටිකාර් මොහෝමඞ් චෞද්රි මහතා විසින් ප්‍රකාශයට පත්කෙරුණු ඓතිහාසික තීන්දුවකින් ප්‍රකාශිත වේග ලෝකයේ ශ්‍රේෂ්ඨතම නඩු තිණ්දු ගණයට වැටෙන මෙම විනිශ්චයේ විශය වස්තුව වූයේ මිලිටරිවාදී පර්වේෂ් මුෂාරෆ් විසින් අධිකරණයේ ස්වාධිනත්වය යටපත් කිරිම ස`දහා එල්ල කරන ලද තීන්දු පියවර ගණනාවක් නීත්‍යානුකූල නොවන්නා පමණක් නොව කිසිවිටකත් නීත්‍යානුකූල නොවුණු විධායක අඥාවන් සේ බැහැර කිරිමත් මගිනිග එය පකිස්ථානයේ නිදහස ලබා අවුරුදු හැට දෙකක කාලය පුරා අඛණ්ඩව පැවති ඇති මිලිටරිවාදය හා අධිකරණයේ ස්වාධිපත්‍යය අතර පැවති ඇති ගැටීමේදී අධිකරණය විසිින් ලබාගත් අවසාන වශයෙන් තීරණාත්මක වන්නාවු පියවරකි.
‘සින්ද්‘ මහාධිකරණයේ නිතිඥ සංගමය හා නදීන් අහමඞ් අධිනීතිඥවරයා විසින් පෙත්සම් දෙකක් ගොණු කොට තිබිණි. එම පෙත්සම් වල ඉලක්කය වූයේ පර්වේෂ් මුෂාරෆ් විසින් 2007 නොවැම්බර් 03 වන දින පාකිස්ථානයේ ව්‍යාවස්ථාව කි‍්‍රයාත්මකවීම අත්හිටවීම නිතිවිරෝධී බවට ප්‍රකාශටපත් කිරීමටත්, එතැන් පටන් ඔහු විසින් ප්‍රකාශට පත් තාවකාලික ව්‍යවස්ථානු ගත නියෝග 37ක් නිතිවිරෝධි බවට ප්‍රකාශට පත් කිරීමටත්, එම නියෝග යටතේ ශ්‍රේෂ්ඨාධිකණයේ අග්රවිනිශ්්චකාරතුමා නිලයෙන් අයින්කොට වෙනත් අයෙකු අග්‍රවිනිශ්චකාරයා ලෙස පත්කිරීම නිතිවිරෝධි හා බලරහිත බව ප්‍රකාශයට පත්කිරීමටත්, එම ‘‘අග්‍රවිනිශ්චකාරවරයා කෙදිනකවත් අග්රවිනිශ්චකාරයෙකු නොවුනා සේ’’ සැලකිමටත්, ඔහු විසින් පත්කල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ පත්වීම් නිශ්ප්‍රභා කිරීමටත්, අනාගතයේදී ව්‍යවස්ථානුකූල නොවන පත්වීම් විනිසුරුවරුන් විසින් පිළිගැනීම අධිකරණයේ විනය පටිපාටිය ඉදිරියේ විශමාචාරයක් ලෙස ප්‍රකාශයට පත්කොට එය අනාගතය ස`දහා බලපාන නියෝගයක් සේ ප්‍රකාශට පත්කරවා ගැනිමටත්ය.
රටේ ව්‍යවස්ථාව අත්හිටවීම අවලංගු කිරීම
රටේ ව්‍යවස්ථාව අත්හිටවීම පාකිස්ථානයේ සිය`එම මිලටරි ආඥාදායකයන් විසින් රටේ නිති ක්ෂේත්රයට එක්කර තිබෙන ව්‍යාධියක් සේ පැවති ඇත. ව්‍යවස්ථාව අත්හිටවන ආඥාදායකයා එසේ කරන්නේ ඔහු වෙත අත්තනෝමතික බලතල පවරා ගැනිම ස`දහාය. මෙය ආඥාදායකයා විසින්ම කරණු ලබන ප්‍රකාශයක් මගින් ක්‍රියාවට නගණු ලබයි. එතැන් සිට ව්‍යවස්ථානුකූල නිතිය මගින් කරගැනිමට අවසර නොමැති දේ කිරීමේ බලය ආඥාදායකයා තමන් වෙත අත්පත් කරගනී. නිතිය යටපත් වන අතර හිතුවක්කාර පාලනය මෙසේ හිස ඔසවා ගනි.
මෙසේ කර ඇති ව්‍යවස්ථා අත්හිටවීම් බොහෝ විට අවසන් වන්නේ විශාල මහජන කැලඹීම් මතින් ආඥාදායකයා බලයෙන් පහකරගැනිම මගිනි. මෙහිදි ඇතිවන ඡුන්දයෙන් පත්වුණු ආණ්්ඩුවක් නැවතත් ව්‍යවස්ථාව ක්‍රියාවට නගයි. ටික කලකට පසු හමුදා කුමන්ත්රනයක් මගින් තවත් මිලිටරි ආඥාදායකයෙකු ඇතිවේ. ඔහු නැවත වරක් ව්‍යවස්ථාව අත්හිටවුණු ලබයි. මෙසේ අවුරුදු 62 ක නිදහසේ කාලය තුල අවුරුදු 32 ක් පමණ පැවතී ඇත්තේ ව්‍යවස්ථාව අත් හිටවු කාලයන්ය.
ව්‍යවස්ථා අත්හිටවීම කරණු ලබන අවස්ථාවන්හීදි එසේ කිරිම සාධාරණ කිරිම කරණු ලබන්නේ ‘අවස්ථාවේ අවශ්‍යතාවය’ යන න්‍යායයක් මගිනි. මෙයින් කියවෙන්නේ රටේ පවතින කිසියම් තත්ත්වයකට මුහුණ දිම ස`දහා ව්‍යවස්ථාව අත්හිටවීම අවශ්‍යවී තිබෙන බවකි. මෙය කිසියම් සමාජ තත්ත්යක් පිළිබ`දව අතිශයෝක්තියට නගන ලද තක්සේරු කිරීමක් මත කරුණු ලබන විශාල ප්රචරකයක් ඔස්සේ අත්තනෝමතික බලතල ලබාගැනිම ස`දහා උපාය මාර්ගයක් කර ගැනිම නිතියේ ආධිපත්‍යය තහවුරු වී නැති බොහෝ රටවල පාලකයන් කරණු ලබන උප්පරවැට්ටිකි.
ජුලි 31 වෙනිදා තීන්දුව මගින් ව්‍යවස්ථා අත්හිටවීමේ මෙම දුෂ්ඨ කි‍්‍රයාකලාපයට පාකිස්ථානය තුලදී තිතක් දමණු ලැබීය. 2007 නොවැම්බර් 03 පර්වේෂ් මුෂාරෆ් කල නියෝගය නිතිවිරෝධි පමණක් නොව කෙදිනකවත් නිතිමයභාවයක් නොතිබුණු නියෝගයක් ලෙස තින්දු කරණු ලැබීය. මෙයින් කියවෙන්නේ ව්‍යාවස්ථාවක් අත්හිටවීමේ කිසිම බලයක් කිසිවෙකු හෝ සතු නොවන බවය. ව්‍යවස්ථාව ‘පරම නිතිය‘ වන අතර එහි ඇතිකරන්නාවු සංශෝධනයන් ව්‍යවස්ථාවෙහිම ඇති ක්‍රියාපටිපාටිය මගින් කරණු ලැබිය යුතුවේ. ව්‍යවස්ථාව පරම නිතිය වන අතර රටේ පාලයකයා ව්‍යවස්ථාවට යටත් විය යුත්තා පමණක් නොව එය ආරක්ෂා කිරිමටද බැ`දී තිබේ. අත්තනෝමතික බලයට විරුද්ධව අවසාන බලපවුර ප්රජාතන්ත්රවාදි මුලධර්ම මත ගොඩනැගී ඇති ව්‍යවස්ථාවක් පමජය. එය අත්හිටවීම රටේ ආරක්ෂක වලල්ල විනාශ කර දැමීමකි. ව්‍යවස්ථාවේ ආරක්ෂාව නැති රටක් තුල ජාතික ආරක්ෂාව යනුවෙන් ගෙනයන ප්‍රචාරය ව්‍යාජ එකකි. රටේ ආරක්ෂාව රටේ ව්‍යවස්ථාව තුලින් පමණක්ම රැුකිය හැකිවේ.
අගවිනිසුරු නිලයෙන් පහකිරීම නිශ්ප්රභාකිරීම
ව්‍යවස්ථාව අත්හිටවීමෙන් පසු රටේ අග්‍රවිනිශ්චකාරවරයා වශයෙන් සිටි ඉෆ්ටිකාර් මොහොමඞ් චෞද්රිට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසට මිලිටරි ආඥාදායකයා විසින් බලකරන ලදි. මෙම බලකිරීම් වලට යටත්වීම අගවිනිසුරුකරු විසින්් ප්‍රතික්ෂේප කරන ලදි. ඉන් පසු අගවිනිසුරු බලයෙන් පහකල ආඥාදායකයා විනිසුරු අබ්දුල් හමීඞ් ඩෝගර් යන අයෙකු අගවිනිශ්චයකාරවරයා ලෙස පත්කරණු ලැබීය. තවත් විනිසුරුකරුවන් හත් දෙනෙක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකරුවන් ලෙස පත්කරන ලදි. මෙම විනිසුරුවරුන් හත් දෙනා ආඥාදායකයාට පක්ෂග්රාහී විනිසුරුකරුවෝ වූහ. මෙසේ පත්වු අගවිනිසුරුගේ පත්වීම තම විනිශ්චයට භාජනය කල ශ්‍රේෂ්ඨාධිකරණය එය නිතිවිරෝධි වු බවත් එම නිසා මුලසිටම කිසිදු නිත්‍යානුකූල බවකින් තොර බවත් ප්‍රකාශයට පත්කලහ. අබ්දුල් හමීඞ් ඩෝගාර් කිසිම දිනක හෝ පකිස්ථානයේ අගවිනිසුරු ලෙස කටයුතු නොකලාසේ ඔහුගේ නම අගවිනිසුරු නාමාවලියෙන් ඉවත් කිරීමටද තීන්දු කරන ලදි.
මෙවැනි පත්කිරීම් සිය`එම ආඥාදායකයන් විසින් කරණු ලබයි. එය නැවත නැවත පකිස්ථානයේදී සිදුවී ඇත. කිසිදු ආණ්ඩුවකට හෝ ආඥාදායකයෙකුට අගවිනිසුරුවරයා පහකිරීම කල නොහැකි බවත් එසේ කල හැකි එකම ක්‍රමය ව්යාවස්ථාවේම අඩංගු වන ක්‍රමය බවත් මෙසේ නිගමනය කරන ලදි.
ඩෝගාර් නැමති එම ‘අගවිනිසුරු’ ඔහුගේ සේවාකාලය තුල කරන ලද පරිපාලන මය තීන්දු සියල්ලක් මෙන්ම ඔහු ඉදිරියේදී දී ඇති සිය`එ පත්කිරීම් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යානුකූල නොවන මෙන්ම මුල සිටම ඵල රහිත ක්‍රියාවන් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.
ඉහත ස`දහන් තීන්දු මත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ දැනට නිත්‍යානුකූල නොවන ආකරයෙන් ශ්රේ්ෂ්ඨාධිකරණයට පත්කරන ලද විනිසුරන්ගේ තනතුරු ඔවුනට අහිමිවන බවය. එම විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට පෙර තිබු තනතුරුවලට ආපසු යවන ලදි. මේ ආකාරයෙන් පකිස්ථානයේ ශේ්‍රෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වන විනිසුරුවන්ගේ නිත්‍යානුකූලභාවය විමසීම තමන්ට හිමිකාර්යයක් බව ප්‍රදර්ශනය කරන ලදි. හුදු ලාභ ප්‍රයෝජන හා දේශපාලන හිතවත්කම් පදනම් කොටගෙන ශේ්‍රෂ්ඨාධිකරණ කරා ඇඹලයන් සේ ඇදෙන අවස්ථාවාදී විනිසුරුවරුනට අමතක නොවන පාඩමක් මෙම ඓයිතිහාසික තීන්දුව තුල ගැබ්වේ. දේශපාලන හිතවත්කම් හා අවස්ථාවාදීව ඉහළ යෑම අධිකරණ ක්‍රියාකලාපයට නුසුදුසු වන්නා මෙන්ම හානිකර වේ.
ව්‍යවස්ථානුකූල නොවන පත්වීම් භාරගැනීම අධිකරණමය විශමාචාරයක් බවට පත්කිරීම
ඉහත ස`දහන් කරුණු මත අනාගතයේදී ව්‍යවස්ථානුකූල නොවන පත්කිරීම් භාරගැනීමට බාධා පමුණුවන විනය ක්රියාපටියාටියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලදි. මේ අනුව පකිස්ථානයේ අධිකරණමය නිලධාරීන්ගේ විනය ක්‍රියා පටිපාටිය සංශෝධනය කරමින් එයට අලූත් විශමාචාරයක් ඇතුලත් කරන ලදි. මේ අනුව ව්‍යවස්ථානුකූල නොවන පත්වීම් භාරගන්නා විනිසුරුවරයෙකු රටේ නීතියට අනුව විශමාචාරයක යෙදුනෙකු සේ සලකණු ලබයි. එසේ විශමාචාරයක් පිළිබ`දව පැමිණිලි ලැබුණ විට ඒ පිළිබ`දව පරීක්ෂණ පවත්වා රටේ නිතියට අනුව පියවර ගැනීමේ බලය අධිකරණයට හිමිවේ.
නිතිය අභිබවා හෝ නොතකා විනිශ්චකරුවන් විසින් දේශපාලන හෝ වෙනත් හිතවත්කම් මත හෝ හුදු අවස්ථාවාදය මත කරණු ලබන ක්‍රියා මර්ධනය කල හැක්කේ කෙසේද යන්න නිතියේ ආධිපත්‍යය නිසිලෙස තහවුරු නොවී ඇති රටවල් ගණනාවක් සම්බන්ධයෙන්ම පැණ නැගී ඇති කරුණකි. මේ පිළිබ`දව ක්‍රියාකල යුතු ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවෙන් කියවේ. ඒ ආකාරය නම් අවස්ථාවාදී ආකාරයෙන් තනතුරු ලබාගැනිම විනිසුරුවරුන් පිළිබ`දව විශමාචාරයක් සේ විනයගත කරගැනිමය. එවිට එවැනි ක්‍රියා පිළිබ`දව පැමිණිලි භාරගැනිමටත් ඒවා පරීක්ෂණ කිරීමටත් පරීක්ෂණ අනුව එම චෝදනා ඔප්පුවුව හොත් විශමාචාරයට අදාල ද`ඩුවම් පැමිණවීමටත් හැකියාව අධිකරණයේම බලධාරීන්ට පැවරේ.
ලංකාවට මෙම තීන්දුවේ අදාල භාවය
රටක පාලනය දඩාවතේ යන පිස්සු බල්ලන්ගේ ආකාරයෙන් කටයුතු කිරීම නොවේ. නීතියේ පදනම මත හා නිතියේ ආධිපත්‍යය රැුකෙන සේ පාලකයා විසින් පාලනය කල යුතුය. අධිකරණය වනාහි පාලකයාගේ ආධිපත්‍යයට යටත් සංස්ථාවක් නොවේ. පරිපාලන වශයෙන් යම් කටයුතු කිරිම පාලන පරිපාලන ක්ෂේත්රය මගින් කෙරෙන නමුත් අධිකරණයේ පාලනය පැවරෙන්නේ අධිකරණයටම පමණය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතු`එ සෑම අධිකරණයකම පත්වීම් උසස් වීම් විනය ක්‍රියාමාර්ගය මෙන්ම මාරුකිරීම් ආදී සිය`එ කටයුත්තක්ම ලිඛිතව ප්‍රකාශයට පත්කෙරුණු නිතිරීති මගින් සිදුකලයුතු වේ. එම සම්භාවනිය පැවැත්මෙන් තොරව අවස්ථාවාදීව ලාභ ප්‍රයෝජන ගන්නා විනිසුරුවරුන් ද`ඩුවමට යටත් නොකොට අධිකරණයක ස්වාධීනත්වය රැුකිය නොහැකිය. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ විශමාචාරය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව කොතැනටත් වලංගු එකකි.
ව්‍යවස්ථාව අවස්ථාවාදීව වෙනස් කිරීම තරම් රටක විනාශයට තුඩුදෙන තවත් කරුණක් නැත. මෙම වරද හා සස`දා බලන කල ත්‍රස්තාවාදය මගින් සිදුවනවාට වඩා දහස් ගුණයක විනාශයක් ව්‍යවස්ථා නොතකාහැරීම මගින් සිදුවේ. 1978 දී සිදුවූයේ ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය මත පදනම්වුණු ව්‍යවස්ථාදායක සම්ප්රදාය මු`එමනින්ම අතහැර දමා පාලකයෙකුගේ හිතුවත්කාරකම ඉටුකරගත හැකි ‘ව්‍යවස්ථාවක්’ නිර්මාණයක කරගැනිමය. එය පකිස්ථානයේ මිලිටරි ජෙනරල් මුෂරාෆ් විසින් එම රටේ ව්‍යවස්ථාව අත්හිටවූවා මෙන්ම හෝ ඊටත් වඩා බරපතල හානිකර ප්‍රතිපල ඇති කි්රයාවකි. මෙම ක්‍රියාව අවලංගුකර දමන තාක් ලංකාව තුල ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති හෝ නිතියේ ආධිපත්‍යය පැවතිය නොහැක්කේය.
අවසාන වශයෙන් අධිකරණයක ස්වාධීනත්වය රැුකගැනීමට හැක්කේ රටක ශ්‍රේෂ්ඨාධිකරණයකට පමණි. ව්‍යවස්ථා විරෝධි තත්ත්වයන් ඇතිවු පසු ඒවා නිරාකරණය කොට නැවත වරක් නිතියේ ආධිපත්‍යය ගොඩනැගීමත් තමන්ගේම ස්වාධීනත්වය තහවුරු කිරීමත් කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් පැහැර හැරිය හොත් එය ඔවුන්ගේ විනාශයට මෙන්ම රටක විනාශයකටද හේතුවේ.
ජූලි 31 වනදා පකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශිත තීන්දුව පසුපස වූයේ මෙතෙක් ලෝක ඉතිහාසයේ දැක නොමැති ප්‍රමාණයේ විශාල මහජන ව්‍යාපාරයකි. එම ව්‍යාපාරයේ ඉලක්කය වූයේ මිලිටරි ආඥාදායකයාගේ ආඥා නොතකා අධිකරණයේ ස්වාධීනත්වය රැුකගැනිමය. එම ව්‍යාපාරයට අධිකරණය විසින් දුන් උතුම් ප්‍රතිචාරය වූයේ මිලිටරි ආඥාදායකත්වයට මුල්වුණු සිය`එම පියවර අවලංගු කර දැමීමමකි.
-Sri Lanka Guardian
Home »
» අධිකරණයේ ස්වාධීනත්වය රැකිමට පකිස්ථානයේ ශ්‍රෙෂ්ඨාධිකරණය අභිත පියවරක් ගනි
Post a Comment