(July 19, Colombo, Sri Lanka Guardian) ඌව පළාත් සභාවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම සඳහා මැතිවරණයක් ලබන අගෝස්‌තු මාසයේදී පැවැත්වීමට නියමිතය. ඌව පළාතේ යටගියාව පිළිබඳව හා අද පවත්නා තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙම ලිපියෙහි අරමුණය. පුරාණ ත්‍රිසිංහලේ මලය රටටද අයත්ව තිබූ මෙම පෙදෙස පසුව දක්ණ දේශයට හා රුහුණටද මෙහි පෙදෙස් අයත්ව තිබිණි. ඌවේ ඉතිහාසය රාවණා අධිරාජ්‍යයාගේ යුගයටත් පෙරට දිවෙයි. වාල්මිකීගේ රාමායනයෙහි සඳහන් රාම රාවණා යුද්ධයද පැවතියේ ඌව කඳුවැටිවලය. රාවණා සීතා දේවිය නුවරඑළියේ අශෝක මල් උයනෙහි සිට ඇයගේ ආරක්‌ෂාව සඳහා ගෙන ගියේද බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ මුහුදු මට්‌ටමින් අඩි 4500 පමණ උස්‌වූ රාවණා ඇල්ලටය.
සීතා සඟවා තිබූ මෙම කපොල්ල ඇල්ල තානායමේ සිට අද ද දැකගත හැකිය. එහිදී සීතා දේවිය දිය නෑ පොකුණද දැකගත හැකිය. වැලිමඩ මාලිගාතැන්න අසල රාවණාගේ මාලිගයක් පිහිටියේය. එය වර්තමානයේ වෙල්යායක් වුවත් එහි තිබූ නටඹුන් වූ ගඩොල් හා ගල්කණු ආදිය හමුවී ඇත. රාමායනය විස්‌තර කරන රාම රාවණ යුද්ධ ඌව කඳුවැටි ප්‍රදේශයෙහි සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවට සාක්‍ෂි දැනටමත් දැකබලා ගත හැක්‌කේ යුද්ධයේදී භාවිත කළ අවි ආයුධ වලින් සහ ගිනිබෝල වලින් (රාමසැර) දැවී පිළිස්‌සී ගිය ගල්කුහර මෙන්ම ගිනිගත් කඳුවැටි එම ප්‍රදේශවල අදත් දැකගැනීමට පිළිවන් නිසාය. එසේ නම් ඌව පළාතට මීට අවුරුදු දසදහසකට පමණ පැරණි ඉතිහාසයකට උරුමකම් කිව හැකිය. රාම රාවණා යුද්ධය ඌව කඳුකරයෙහි සිදුකර ඇති බව නූතන විද්වතුන්ගේද පිළිගැනීමය. එසේ නම් රාවණ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි ජෛව විවිධත්ව Eජද-එදමරසිප නැරඹීම සඳහා ඌව පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කළ හැක. එය අලුතින් පත්වන පළාත් සභාව හමුවෙහි ඇති අභියෝගයකි. රාවණා අදහන රටවල උපකාරය ලබා ගැනීමට හැක. ඉන් ප්‍රදේශයේ ආර්ථික දියුණුවට මෙන්ම තරුණ තරුණියන්ට රැකියා සැපයීමද යම් තරමක් දුරට හෝ ඉටු කිරීමට හැකිවනු ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්‌පර්ශයෙන්ද ශ්‍රී ලංකාවේ පළමුවරට පූජනීයත්වයට පත්වූ ශුද්ධ භූමියද පිහිටියේ ඌවේය. මහියංගනය හා මුතියංගණය ප්‍රදේශවලට එහිදී ප්‍රමුඛ ස්‌ථානයක් හිමිවන අතර ඌව ප්‍රදේශයේ තවත් විශාල පුදබිම් රාශියක් නටඹුන්ව ඇත. තලගුරු වෙහෙර මොණරාගල සියඹලාණ්‌ඩුව පෙදෙස්‌වල වැසියන්ගේ පුද බිමකි. බුදුරුවාගල, දඹේගොඩ, මාලිගාවිල ආදී පුද බිම්ද පිහිටා ඇත්තේ ඌවේය. එදා සංඝයා වහන්සේලා විශාල පිරිසක් වැඩ සිටි ප්‍රදේශ වශයෙන් බෝගොඩ, මැටිගහතැන්න, කන්දේ විහාරය ආදී ස්‌ථාන හඳුනාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ ඌවේ එදා ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් හා සංස්‌කෘතියක් තිබුණ බවයි. එසේම බෞද්ධ දර්ශනය වැනි ගැඹුරු දර්ශනයක් අවබෝධ කරගැනීමට තරම් වූ බුද්ධිමත් ජනතාවක් ඌවේ සිටි බව පෙනී යයි. ගෞතම බුදුහාමුදුරුවන් මෙරටට පළමු වරට වැඩම කළ ස්‌ථාන වශයෙන් මහවැලි ගං ඉවුරේ පිහිටි යොදුන් තුනක් දිග යොදුනක් පළල වූ "මහානාග" නම් වූ උද්‍යානය හඳුනාගෙන ඇත. මෙම ස්‌ථානය එවකට සිටි යක්‌ෂ ගෝතිsss්‍රකයින් නිතිපතා ඔවුනොවුන් හමුවූ හා රැස්‌වූ ස්‌ථානයයි. මෙතැන සිටය බුදුරජාණන් වහන්සේ අද මහියංගණ චෛත්‍ය ඉදිකර ඇති ස්‌ථානයට යක්‌ෂ සේනාව පිරිවරාගෙන වැඩම කළේය. එම සිද්ධිය සිහිපත් කිරීම සඳහා අදත් මහියංගණ විහාරයේ වාර්ෂික පෙරහැරේ ඉදිරියෙන් දුනු ඊතල රැගත් වැදි පෙරහැර ගමන් කරයි. දුටුගැමුණු රජතුමා චත්ත නම් ප්‍රාදේශීය දමිළ නායකයා පරාජය කළේද මහිංගණයේදීය.
ඌව පසුව අයත් වන්නේ දක්ණ දේශයටය. පහළ ඌවට අද අයත් වූ Êමොණරාගල දිස්‌ත්‍රික්‌කය නමින් දක්‌නා ප්‍රදේශයේ අගනගරය වූ මොණරාගල නගරය අසල මුප්පනේ උපන් කීර්ති කුමාරයා පසුව මහා විජයබාහු නමින් පොළොන්නරුවේ (1055) - 1110) රජ විය. රජතුමාගේ දෙමාපියන් මුප්පනේ ජීවත් විය. මහා විජයබාහුගේ දියණියක් වූ රත්නාවලී බිසවගේ පුතා වූයේ මහා පරාක්‍රමබාහුය. (1153-1186) මහා පරාක්‍රමබාහුගේ කුමර අවදියද ගෙවුනේ ඌවට අයතත් බඩල්කුඹුර අසල අලුපොත ගමේය. මහා පරාක්‍රමබාහුගේ පියා වූ මානාභරණ තරුණ කාලයේදීම මියගිය බැවින් ඔහු හැදී වැඩී ඇත්තේ සුළුපියා වූ අලුපොත ගමේ සිටි ශ්‍රී වල්ලභගේ රැකවරණය හා ආරක්‌ෂාව යටතේය. රත්නාවලී බිසවට සහ දූවරුන් දෙදෙනාට රැකවරණය ලබාදුන්නේද අලුපොත ගමේ පිරිස්‌ය. දෙවන වික්‍රමබාහු රජතුමා (1111-1132) සොලීන් සමඟ කළ සටන්වලදී බුත්තල, දඹගල්ල, ගලබැද්ද ආදී ප්‍රදේශවල ජනතාවගේ සහය නොමඳව ලබාදුන්නෝය. නිතර නිතර පැවති යුද්ධ නිසා රුහුණ දක්ණ දේශය හා රජරට ආදී රාජධානී බලයෙන් හීනවිය. මහා විජයබාහුගේ නැගණියක් වූ මිත්තා දේවියගේ පුත්‍රයා වූ මානාභරණ ගලබැද්ද සිය අගනුවර කොට ගෙන පාලනය ගෙන ගියේය. ඔහු විසින් ඉදිකරන ලද මානාවෙල මහා විහාරය සියඹලාණ්‌ඩුවට නුදුරින් පිහිටා ඇත. එකොළොස්‌වන හා දොළොස්‌වන ශතවර්ෂ වලදී උදුන් දොර නමින් හැඳින්වූ ගම් අට දහසකින් සමන්විත වූ මෙම ප්‍රදේශය රටේ අගනුවර විය. මෙම ප්‍රදේශයෙහි සුගලා දේවිය දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව සමග රැඳී සිටි බැවින්, ඒවා ලබා ගැනීම සඳහා මහා පරාක්‍රමබාහු විසින් සටනක් දියත් කළේය. සුගලාදේවිය දන්ත ධාතුව හා පාත්‍රා ධාතුවද රැගෙන එම පෙදෙසින් පලා ගියෙන් ඇය අල්ලා ගන්නා ලද්දේ නූතන කොටියාගල ජනපද ප්‍රදේශය අසල ඇතිමොලේදීය. පුස්‌සදේව යෝධයාගේ නිජබිම ඌව හබැස්‌ස අසල ගැවිට ගමය. වැල්ලවායෙන් සැතපුම් අටක් පමණ උතුරින් පිහිටි මිද්දෙණිය ගමේ කන්චදේව යෝධයා උපන්නේය.
පසුව ඌව අයත් වූයේ සෙංකඩගල රාජධානියටය. එහි ප්‍රාදේශීය රජුවූයේ කුමාරසිංහය. (1631-34) පෘතුගීසීන් විසින් ප්‍රදේශය ආක්‍රමණය කර එක් විටක මුතියංගණ පුදබිමද ගිනිලා ඇත. දෙවන රාජසිංහ රජතුමා 1630-08-02 දින පෘතුගීසින් සමග රන්දෙණිවෙලේදී මුහුණට මුහුණලා යුද වැදී ඇත. එවකට විසි දෙහැවිරිදි වූ රාජසිංහ සිය පියාවූ සෙනරත් සමග සටන් බිමෙහි සිටියේය. එමෙන්ම ඔහුගේ ඥති සොහොයුරන් වූ ඌවේ ප්‍රාදේශීය රජු කුමාරසිංහ හා මාතලේ විජයපාල කුමරාද මෙම යුධ බිමට එක්‌විය. එදා පෘතුගීසින් වෙනුවෙන් සටන මෙහය වූ කොන්ස්‌ටන්ටයින්ද සා නොරොCඳ්C¹ ඇතුළු දහස් ගණනක් පෘතුගීසි සේනාව ඌවේ වීරෝදාර සිංහලයන් විසින් සමූල ඝාතනය කරන ලදී.
කොන්ස්‌ටන්ටයින්ද සා ඉන්පසුව ඌවේ "කුසල් නැති දෙවියෝ" නමින් දේවත්වයට පත්විය. වර්ෂ 1815 මාර්තු 02 දින අත්සන් කළ උඩරට ගිවිසුම මගින් මුළු රටේම පාලනය ඉංග්‍රීසින්ට අයත් විය. ඌව වෙල්ලස්‌ස මිල්ලව දිසාව භාරයට පත්විය. ඌව පළාත්වාසීන් විසින් අරඹන ලද 1817-18 කැරැල්ලෙන් පසුව ප්‍රාදේශීය පාලනය සඳහා හමුදා නිලධාරීන් යොදවන ලදී. ඒ අනුව මේජර් රොජර් අලුපොතටද පසුව 1828 සිට 1845 දක්‌වා බදුල්ලේ ඒජනත්ත ධුරයටද පත්විය. වර්ෂ 1889 ද වර්ග සැතපුම් 3277 ක් වූ ඌවේ පළාත ස්‌ථාපිත කරන ලද අතර 1960 දී පහළ ඌව සඳහා මොණරාගල දිස්‌ත්‍රික්‌කයද, ඌවේම පැරණි කොටසක් වූ දිගාමඬුල්ල ප්‍රදේශය ආවරණය වන පරිදි 1961 දී අම්පාර දිස්‌ත්‍රික්‌කයද නිර්මාණය විය. වර්ෂ 1818 ඌව කැරැල්ලේදී තරුණයින් දස දහසක් පමණ මරා දමන ලද අතර ඌවේ ගම් බිම්, කුඹුරු, වතුපිටි, හරක බාන ආදිය ගිනි තබා විනාශ කර දැමූ බව ඉතිහාසයේ සඳහන්ය. මෙම කැරැල්ලෙහිදී ඌව අතහැර දමා සමහරු ගල්ඔය නිම්නයේ ලාහුගල, රතුගල, නිල්ගල, දඹාන ආදී වනගත පෙදෙස්‌වලට පලා ගියහ. සමහරු කුඹුක්‌කන් ඔය දිගේ ගොස් මැණික් ගඟින් එගොඩව වලවේ ගඟ තරණය කර හිනිදුම, තවලම, දෙණියාය, වැලිගම මාතර ආදී පෙදෙස්‌වලට සංක්‍රමණය විය.
අද ඌව
නූතන ඌව සමන්විත වන බදුල්ල දිස්‌ත්‍රික්‌කය ඉහළ ඌව නමින් හඳුන්වන අතර ඊට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ පහළොවක් අයිති වන අතර එහි මුළු ජනගහණය 2001 සංගණනය අනුව 774.555 කි. එයින් සියයට 72.1 සිංහලයින් වන අතර වර්ග කිලෝමීටරයකට 274 ක ජන ව්‍යාප්තියක් වාර්තා කරයි. එහි බටහිරට වන්නට උස් කඳු පේළියක් දක්‌නට ඇති අතර සමහර කඳු අඩි 7000 ට වඩා උසය. කඳු අතර නිම්නයේ හුණුගල් නිධියක් ද ඇත. පතන් බහුල ප්‍රදේශද මෙහි දක්‌නට ලැබේ. දිස්‌ත්‍රික්‌කයේ පහත් බිම් පෙදෙස් ප්‍රාග් ඓතිහාසික යුගවලදී පවා ජනාවාස වී තිබූ බවට සාක්‍ෂි ඇත. උමාඔය, ලොග්ගල්ඔය, කිරිඳි ඔය, කුඹුක්‌කන් ඔය, හැඩඔය, ගල්ඔය මෙන්ම මැණික් ගඟද ගලා යන්නේ මේ පෙදෙසින්ය. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ද ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා දිවෙන ඉතිහාසයක් ඇති ප්‍රදේශයකි. පසුව පහළ ඌව වෙල්ලස්‌ස යනුවෙන් මෙම ප්‍රදේශය හඳුන්වා ඇත. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ එකොළහක ජනගහණය 396.173 ක් වන අතර සියයට 94.5 ක්‌ම සිංහලයින්ය. ලංකාවේ අඩුම ජන ව්‍යාප්තියක් වාර්තා වන මෙහි වර්ග කිලෝමීටරයකට හමුවන්නේ පුද්ගලයන් 72 කි. ලංකාවේ දිළිඳුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ දහයෙන් පහක්‌ම තිබෙන්නේ ඌවේය. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ සියයට 37.1 ක් ජාතික දිළිඳුභාවයේ මට්‌ටමට පහළය. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ එය 37.3 කි. ඌවේ ජනගහනයෙන් සියයට පහළොවක් වතු ජනගහනය වේ. එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඹභෘඡ ජාතික මිනිස් සංවර්ධන වාර්තාව භ්එසදබ්ක Hමප්බ Deඩැකදචපැබඑ Reචදරඑල ඹභෘඡ අනුව අන්ත දුගී බව ඤබිමපචඑසඩැ ඡදඩැරඑහ සියයට පණහ ඉක්‌මවා යන දිස්‌ත්‍රික් හයකින් දිස්‌ත්‍රික්‌ක දෙකක් වන්නේ බදුල්ල හා මොණරාගලය. අවම මානව දුගී බවේ Hමප්බ ඡදඩැරඑහ දර්ශනය අනුව මානව දුගී බව දක්‌නට ලැබෙන්නේද මේ දිස්‌ත්‍රික්‌ක දෙක තුළය. ජීවිත අපේක්‍ෂාව (ඛසෙe Eංචැජඒබජහ ) සම්බන්ධයෙන් සළකා බලන විටද අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ මෙම දිස්‌ත්‍රික්‌ක දෙක තුළය. සාක්‍ෂරතාවය (ඛසඑeර්ජහ) දැක්‌වෙන අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේද ඌවෙනි. ලංකාවේ අ.පො.ස. (සා. පෙ) සමත් වූවන්ගේ අඩුම සංඛ්‍යාව මොණරාගලින් වාර්තාවේ. මෙහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය මුළු රටේම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතයට වඩා 33% අඩුය. සමෘද්ධි ආධාර ජනගහනයෙන් 50% කට වැඩි යෙන් ලබාගන්නේ කතරගම සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලය. 25% කට වැඩියෙන් ලබාගන්නේ හපුතලේ හා මහියංගන යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ දෙකේය. මොණරාගල නිවාස 68% කට විදුලිය ඇති අතර බදුල්ලේ එය 72% කි.
ඇස්. බී. කරල්ලියද්ද
Home »
» ඌව පළාතේ ඓතිහාසික තොරතුරු බිඳක්
Post a Comment