Home » » ගුණදාස අමරසේකර ගැන

ගුණදාස අමරසේකර ගැන

Written By Sri Lanka Guardian on Thursday, October 8, 2009 | 2:13 PM

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

(October 08, Colombo, Sri Lanka Guardian) ගුණදාස අමරසේකර ගේ ජීවන සුවඳ කෙටි කථා පොත මං කියෙව්වේ ආනන්දේ ඉගෙන ගන්නා කාලේ. ඒ කෙටි කතා කොච්චර හිතට ඇල්ලූවද කිව්වොත් කිහිප සැරයක් මං ඒවා කියෙව්වා. ජි.බී. සේනානායකගේ කෙටි කතාවල පසුබිම අලූත් වටයකින් ඉදිරියට ආව වගෙයි මට එදා දැනුනේ. ජීවන සුවඳ, තරුමක්කාරයෝ, යළි උපන්නමි ආදිය තුළින් ගුණදාස යථාවාදී කතාකාරයෙක් හැටියට ලොකු තැනක් ලබා ගත්තා. මර්ටින් වික‍්‍රමසිහං තුළින් මතු වුණ සම්ප‍්‍රදාය ඉදිරියට ගෙන යන කෙනෙක් හැටියටයි ඔහුව එදා හැඳින්වූයේ. එය මාක්ස්වාදය සමඟ ඇසුරින් ගොඩනැගුන සම්ප‍්‍රදායක් ලෙසටත් වර නැගුවා. සිංහල රජ බස වුන මුල් වකවානුවේදී අළුත් තරුණ පරපුරක් ඉංග‍්‍රීසි සාහිත්‍යයට වඩා දේශීය සාහිත්‍යය ගැන හිත් යොමු කරන්නට පටන් ගෙන තිබුණ. ඉංග‍්‍රීසියට වහල් වූවන් එදා හැඳින් වුයේ කුල්ටුර්කාරයින් හැටියටයි. සරසවි පරාසය තුළ මේ පැලැන්තියට විරුද්ධව සාහිත්‍යය පැත්තෙන් ඉදිරියට ආ ගත්කතුවරයෙක් ලෙසට ගුණදාසට තැනක් හිමි වුණා. විශේෂයෙන් යුරෝපයේ සාහිත්‍ය ගැන දැනුමක් ඇතිව ඒවා නිකම්ම පරිවර්තනය කරන කෙනෙක් බවට පමණක් පත් නොවී දේශීය බුද්ධිමතෙක් හැටියටයි ඔහු ආරම්භ කළේ.


ඒ නිසා ඔහු යටත්විජිතවාදී පීඩනයට විරුද්ධව කතා කරන්නෙක් බවට පත් වුණා. නමුත් යටත්විජිතවාදයට විරුද්ධ වීම යුරෝපා සාහිත්‍යයට නැත්නම් ශිෂ්ඨාචාරයටම විරුද්ධවිමක් ලෙසට ගමන් කිරීම පසුගාමී පියවරක්. මෙසේ ගැමි පසුගාමිත්වයට ක‍්‍රමයෙන් යටත් වීම ගුණදාසගේ පල්ලම් බැසීමටත් හේතු වුණා. එය එතැනින් නැවතුනේ නෑ. ඊළඟට එය විය යුතු ලෙසටම දෙමළ විරෝධයක් බවටත් පත් වුනා. මෙයින් ඉතා විශාල පාඩුවක් වුනේ සිංහල සාහිතයයටමයි. ඒ, කතුවරයාගේ පැවැත්ම සාහිත්‍යයට බලපාන නිසා. නූතන විචාරකයෝ කියන්නේ සාහිත්‍යකරුවාට වඩා කියවුම ගැන සැලකිලිමත් විය යුතු බවයි. ඒත් කලාකරුවා, නැත්නම් සාහිත්‍යකරුවා, විවෘතවම දේශපාලන මුඩුක්කුවට තල්ලූ වුනා නම් ඔහුගේ සාහිත්‍යයේ අරුතත් සෙලවීමකට ලක් වෙනව. මොකද? ඔහුගේ මතවාදය ගැන දැනුවත්කම නිරන්තරයෙන් කියවන්නා පිටුපස හොල්මන් කරන නිසා.

දේශීය සම්ප‍්‍රදායයන් ගැන රුදාවක් ඇති කෙනෙකු කළ යුත්තේ එම සම්ප‍්‍රදායයේ අගමුල මුළුමණින්ම වටහා ගැනීමට ක‍්‍රියා කිරීමයි. තම සම්ප‍්‍රදායයේ ධන අර්ථයන් මොනවද, නැත්නම් ඍණ අර්ථයන් මොනවද කියල නියම ලෙසට වටහා ගත යුතු වෙනවා. එයට ඇති වැදගත් උපකරණයක් තමා මාක්ස්වාදී විචාරය. ඒ තුළින් ඒ ඒ සමාජවල පංති ගැටුම හඳුනා ගෙන ඒ මගින් සමාජ සංකල්ප ඇති වෙන හැටි පෙන්වා දෙනවා. මේ පසුබිම හොඳ කලාකරුවෙකුට ලොකු ඉඩක් සලසා දෙනවා. යමක් හොඳ නරක ලෙසට වෙන් කර ගැනීමට මාවතක් එයින් පෙන්වන නිසා. ගුණදාස මුල් වකවානුවේදී මාක්ස්වාදී විචාරයට ඇදී ඒම එනිසා විය යුතු අතර, ඔහුගේ කලා නිර්මාණයන් එයින් විකසිත වුණා.

ඒත් කණගාටුවට වාගේ ඇන්ඇම් ලා සිංහල ජාතිවාදය ඉදිරියේ දණ නමන කොට එයින් වඩාත් නරක තැනකට ගුණදාස වැනි කලාකරුවන් පත් වුණා. සිංහල සම්ප‍්‍රදායේ වැදගත්කම ගැන මානසික විගලිතභාවයකට මෙයින් ගුණදාස පත්වුණා. ආසියාතික ඇත ඉතිහාසය ගැන මනරම් හැඟීම් ඇති වුනේ එයින් පසුවයි. ඇත්තටම ඉන්දියානු උතුරු ප‍්‍රදේශයේ ඈත ඉතිහාසය මනරම් කතාවක්. මගධ දේශයේ ඉඳලා පැතිරුණා කියන පුණර්ජීවන ග‍්‍රාම ක‍්‍රමය ඊට පෙර, ආර්යයන් පැමිණීමටත් පෙර, තිබුණ ද්‍රවිඩ ආසියාතික සමාජයට බැඳුන එකක්. මේ අපූරු ගම් ක‍්‍රමය ගැන ෘ්ි ක්‍්චසඒක පොතේ මෙහෙම කියනව.

,ඔයැිැ ිප්කක ්බා ැංඑරුපැකහ ්බජසැබඑ ෂබාස්බ ක්‍දපපමබසඑසැිල ිදපැ දෙ අයසජය ය්ඩැ ජදබඑසබමැා එද එයසි ා්හල ්රු ඉ්ිැා දබ ජදපපදබ දඅබැරියසච දෙ එයැ ක්බාල දබ එයැ ්ිිදජස්එසදබ දෙ ්ටරසජමකඑමරු ්බා ය්බාසජර්ඓිල ්බා දබ ්බ මබ්කඑැර්ඉකැ ාසඩසිසදබ දෙ ක්ඉදමරල අයසජය ිැරඩසජැි අයැබැඩැර ් බැඅ ජදපපමබසඑහ සි ිඒරඑැාල ්ි ් චක්බ ්බා ිජයැපැ රු්ාහ ජමඑ ්බා ාරසැාග ධජජමචහසබට ්රු්ි දෙ රෙදප ් යමබාරුා මච එද ිැඩැර්ක එයදමි්බා ්ජරුිල ැ්ජය දෙරපි ් ිැකෙ ිමෙසෙජසැබඑ චරදාමජඑසඩැ ැබඑසඑහග,


ඇත්තටම වානේ ඇතුලූ නූතන කර්මාන්ත ලෝකයට උවමනා කරන තාක්‍ෂණයන් ඉංදියානුවන් දැනගෙන හිටියත්, මේ ශක්තිමත් ගම්මාන ක‍්‍රමය නිසා වැඩපලේ වැඩ බෙදීමක් ඇති වුනේ නෑ. පවුල් සමාජය එනිසා බිඳ වැටුනෙම නැ. උඩ රාජ්‍යය බිඳ වැටුනත් මේ පදනම වැටුනෙම නෑ. මේ ගම් එකතු කරල හදන මධ්‍යගත රාජ්‍යයන් බිහි වුුනේ බදු දහම වගේ සාමූහික ක‍්‍රමයකට ගැලපෙන දහමක් තිබුනොත් පමණයි. මුළු ආසියාවම, වීනය, ඉංදු චිනය, බුරුමය, සියම, ඉංදුනීසියාව, පකිස්ථානය ආදී රටවල්වල ඉතිහාසය බැලූවහම මේ ගම්මාන ක‍්‍රමය කෙතරම් බලවත්ව තිබුණද කියල පෙනෙනවා. මේ ගැන මාක්ස්ටත් පුදුම හිතුන. මෙයට සමාන දෙයක් යුරෝපයේ හැර අනෙක් මහාද්වීප වලත් බලාගන්න පුළුවන්. මේ විදියට පරිසරවාදී සහෝදර පවුල් සමාජ ශක්තිමත්ව තිබුණ නම් ඇයි යුරෝපයේ විතරක් මේ විදියට සූරා කෑමේ ක‍්‍රමය දියුණු වුනේ?

මට හිතෙන්නේ ගුණදාස මෙයට පිළිතුරු හොයනවට වඩා කියන්න පටන් ගත්තේ මේ ගම්මාන සමාජය උසස්ම සමාජ ක‍්‍රමයක්, ඒ දෙසට අපි යා යුතුයි කියන එකයි. කලාකරුවාට ඒ ඒ අය කියන විදියට ආපස්සට යන්න පුළුවන් කමක් නැ. අනෙක් අතට නුතන තාක්‍ෂණය දෝරේ ගලාගෙන එද්දී අතීතයට නිකම්ම අක්‍ෂ ගැසීමෙන් ඇති වන සුභසිද්ධියක් නෑ. මනුස්සයා නුතන සමාජයට ඇතුල් වුනේ යුරොපයේ ඇති වුණ සමාජ පෙරලි හරහායි. ඒ මගින් සූරාකෑමේ සමාජ තට්ටු තුනක අන්තිම අවධිය හැටියටයි ධනපති සමාජය ඇති වුනේ. නිදහස්, සාමකාමී, පරිසරවාදී ස්වභාවධර්මයට ඓන්ද්‍රීය ලෙස බද්ධ වුණ ඉංදීය ගම්මාන ඇතුළු ලෝකයේ සෑම සමාජයක්ම මේ ධනපති සමාජය විසින් ඒකාබද්ධ කරල ඉවරයි. ගෝලීය ධනවාදී ප‍්‍රපාතය ලෝකයම ගිලගෙන ඉවරයි. ඇත්ත තමයි, පරිසරවාදී, නිදහස්, ස්වභාවධර්මයට යළි ඇතුල් වුණ අලූත් සහෝදරත්ව සමාජයක් අවශ්‍යයි. එය ලබාගැනීම අපේ ඉතිහාසය ගැන කඳුළු සැලීමෙන් කරන්න බෑ. ඒකට ජනතාවාදී නිදහස් සටනක් මනුස්සකම මුල් කරල කරන්න ඕනෑ. ඒත් ගුණදාස දැන් කියන්නේ මනුස්ස සටනට එරෙහිව සිංහල ජාතික සටනක් කළ යුතුයි කියලයි. දක්‍ෂ කලාකරුවෙක් මේ වගේ වල්භූත දොඩවන තැනකට පත්වීම හරිම කණගාටුදායක දෙයක්.

මේකේ වඩාත්ම නරක පැත්ත සිංහල සම්ප‍්‍රදායය වෙනුවෙන් දෙමළ සම්ප‍්‍රදායයට විරුද්ධ වීමයි. මේ රටේ ගොඩනැගුණ දෙමළ සම්ප‍්‍රදායය මේ රටටම අයිති වෙනම අගනා දෙයක් හැටියට වත් සලකන්න ගුණදාසට බැරි වීම එක්තරා රෝගී තත්වයක් කියල කියන්න පුළුවන්. මෑත යුගයේ ගුණදාස කර තිබූ හැම දෙයකටම මේ රෝගී තත්වය ඇතුල් වෙලා තියෙනව. ඔහුගේ නායකයා හැටියට විමල් වීරවංශ තෝරා ගැනීමෙන්ම ඔහුගේ මානසික වහල්භාවය එලිදරව් වෙනවා. බුද්ධිමතෙක් හැටියට ගත්තත් ගුණදාස හා විමල් එක් තැන තියන්න බෑ. ඊළඟට මේ ආණ්ඩුව ඉතාම පහත් විදියට ගෝලීය බලවතුන්ට රටේ අයිතීන් සින්න කර දෙන ආණ්ඩුවක්. රනිල් වික‍්‍රමසිංහට කවදාවත් කරන්න බැරි වුණ මට්ටමට අද මේ රට ගෝලීය ධනවාදී ණයකරයකට යට කරල තියෙන්නේ. අපේම දෙමළ ජනතාවට හිමි නිසි තැන දෙන්නට නොහැකි විම නිසා අපි වෙනුවෙන් අපිම හෑල්ලූවට විනාශයට ලක් වුණා. අපි කවුද, අපේ ගම මොකක්ද, කියල අපටම හොයා ගන්න බැරි තැනට ගුණදාස අපිව පත් කළා. මේ ළඟදී එයා ලියපු හැම දෙයකින්ම කළේ අපි වෙනුවෙන් අපිම අපේකම නැති කරගත්ත එකයි. අපි කවුද, අපි සිංහල පමණක්ද? එහෙනම් දෙමළ සම්ප‍්‍රදාය, භාරත සම්ප‍්‍රදායයන්, මෝගල් සම්ප‍්‍රදායයන්, කතෝලික සම්ප‍්‍රදායයන් මේවා අපි නෙවෙයිද? ආපහු හැරිල කලාව, සංගීතය, සාහිත්‍යය මේ සියල්ල දිහා ගුණදාසගේ ඇහෙන් බැලූවහම, අපිට කිසි දෙයක් තේරුම් ගන්න බැරි තැනකට පත් වෙනවා.

ගුණදාස නම් මහා කවියා අවසාන වශයෙන් මේ සිංහල සමාජයම අතරමං කළ, තමා පත්තු කළ පහන තමා අතින්ම නිවා පහනත් කැලයට විසි කළ, නිවට බමුණෙකුගේ තත්වයට වැටිලා කියලයි මං කියන්නේ.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger