චුල්ල රාජපක්ස ජාතකය

| ]
By Taboo

(November 20, Colombo, Sri Lanka Guardian)යටගිය දවස බරණැස් නුවර මායාවති නම් රැජනක රාජ්‍ය කර වදාරන සමයෙහි ඊට නුදුරින් රාජපක්සදීපය නමින් සසිරිබර පුණ්‍යවන්ත රාජ්‍යයක් වූයේය. පද බිඳෙන අයුරින් මේ ද්වීපයේ නම දෙ අරුතක් ගති. ඒ කෙසේද යත්: රාජ-පක්ස-දීපය (The Land of Royal-Loyals) හා රාජ-පක්-සදීපය (The Good Land of Royal Dicks) ලෙසිනි. හුදී ජනයෝ, තම තම නැණ පමණින්, තම තම උදර පෝෂණයේ හා කුටුම්භ රක්ෂණයේ අභිමතාර්ථයන්ට පටහැණි නොවන ආකාරයෙන් මේ දෙ අරුතින් එකක් භාවිතා කළෝය.

එකල්හි මේ රාජ්‍යයේ රජකළ මහ රජ්ජුරුවන් වහන්සේ උත්තර දේශයෙහි වැසි අසූ කෙළක් පර සතුරු බල බිඳ විජයග්‍රහණයෙන් ඔද වැඩී අමන්දානන්දයට පත්ව සත් මසක් තිස්සේ ප්‍රීතෝත්සව පවත්වන්නාහුය. දන්සැල් පවත්වන්නාහුය. මඟ යන්නෝ සිහ ධජය ඔසවා වළක්වා ඔවුනට බලයෙන්ම ගිතෙල් මිශ්‍ර ඇඹුල් කිරිබත් කවන්නාහුය. පසල් දනව් වැසි මානවකයෝ දේශප්‍රේමයෙන් මඬනා ලද්දෝ සිහ ධජයෙන් අමුඩ ගසා, එම්බල දෙමළ කොල්ලනි, තොපිට මේ අප නිය පිටින් ගැසුවා පමණකැයි කේසර සිංහ නාද කොට මහත් වූ කෝලාහල කරන්නෝය. මහ රජාණෝද මා හා සම කළැකි අන් කවර නිරිඳකු සිංහබාහු පුත් විජයන්ගේ පටන් පහළ වී දැයි සිතන්නෝ, සිතාගත නොහී මම්ම මේ දෙරණට උතුම් වන්නෙම්ය සැක හැර දැන හැඳින, මහ සඟරුවනට ඇත් පැටවුන් පුදා බාර හාර ඔප්පුකොට, උන්ට විපක්ෂවූ රන්න පොනිල් නම් අමාත්‍යවරයාගේ අධෝමාර්ගයෙහි මහත් වූ ගැටැති මුගුරක් යවන්නාක් සේ වධ කොට, දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරන්නහුය.


මෙසේ රාජ්‍ය කරන කල්හි මහ රජ්ජුරුවන් වහන්සේට මහත් වූ පැණයෙක් වන්නේය. ඒ කුමක්ද යත්: උන් වහන්සේගේ සෙනෙවිරත්හු ජනී ජනයා පෙළන්නෝය. මහ සෙනෙවි පුතුනට සතුරු වූ මානවකයන් පැහැර ගොස් තළා පෙළා දමන්නෝය. උන්ට පරුෂ වචනයෙන් සංග්‍රහ කරන්නෝය. තමන්ට නැති හිසක් උනට ඇති නියාව දැක ඊර්ෂ්‍යා පරවශව ඒ හිසට පොළු මුගුරින් පහර දෙන්නෝය. මහ සෙනෙවිරදුන් හා සාද වූ නගර ශෝභිනීන්ගේ බස් අසා අහිංසකයන් මරා මහ වීදියෙහි දමන්නෝය.

එකල්හි හුදී ජනයා මේ කවර නම් විපතෙක්දැයි සිතා තුමූම කිරිබත් කැවූ සෙනෙවිරදුන්ගේ මෑණියන් සිහිකොට නින්දාපරවශ කරන්නෝය. සෙනෙවිරත් පායයන් අභිමුඛයේ ඝෝෂා කරන්නෝය. අන්තර්ජාලයෙහි බොලොග ලියන අමනයෝ සෙනෙවිරදුන්ට කැට මුගුරු වලින් පහර දිය යුතුය බණන්නෝය. මේ සෙනෙවිරදුනට දණ්ඩන නොපණවන්නේ මන්දැයි මහරජතුමන්ගෙන් අසන්නෝය.

එකල්හි අප මහ රජ්ජුරුවෝ කෝපාග්නියෙන් දැවී, එම්බා ජනයිනි, මේ සෙනෙවිරත්හු මගේ ප්‍රාණ සම මිත්‍රයෝය. උහු මට මන්ත්‍රීශ්වරණයේදී නේක උපකාර කළාහුය. මගේ එදිරිවාදීන්ගේ පායන් ගිනිබත් කළෝය. උන්ගේ අතවැස්සන්ට පොළු මුගුරු වලින් පැටි කළ බිව් කිරි මුවින් වෑහෙන්නට තරම් වන සංග්‍රහ කළෝය. මුන් නොවේ නම් මතු දින මගේ සැඳැ පැස (වර්තමාන ව්‍යවහාරය අනුව ‘ඡන්ද පෙට්ටි’) පුරවා මගේ විජයග්‍රහණය සහතික කරන්නාහු තොපේ මෑණියන්දෑද කියා පෙරළා හුදී ජනයා විචාලෝය. මේ පුණ්‍යභූමියෙහි වසන්නෝ දෙවර්ගයෙකි. දේශප්‍රේමියෝ හෙවත් රාජප්‍රේමියෝය. නැතොත් දේශද්‍රොහියෝ හෙවත් රාජද්‍රෝහියෝය. තොප අයත් වන්නේ උන්ටද මුන්ටදැයි අඩි පොළොවේ ගසා, මේඝ ගර්ජනා කළෝය. හුදී ජනයෝද වික්‍රමතුංග මානවකයා ගිය මඟ යනු නොකැමැත්තෝ, නුඹ වහන්සේට යහපත් නම් අපට තව කවර නම් පුක්ඛාබාධයක් වේදැයි මුවින් නොබැණ ඉවසා වදාරන්නෝ, මහරජ්ජුරුවන් වහන්සේගේ මෑණියන් වහන්සේටද පුණ්‍යානුමෝදනා කොට, තම මුක පූට්ටුකර ගත්තෝය.

එතෙකින් නොනැවතුණු අප මහ රජ්ජුරුවන් වහන්සේ චුල්ල ධීවර තෙමේ දැල් පියා තෝරුන් මෝරුන් හැර හාල්මැස්සන් අල්වා ගන්නේ යම්සේද, එසේම මහ සෙනෙවිරදුන් හැර පියා, චුල්ල සෙනෙවියන් අල්ලාගෙන අධිකරණ ශාලාවට ගෙනැවිත් උන්ට මින් මතු මෙවන් අපරාධ නොකරැයි තරයේ අවවාද කොට, එමතු නොව උන්ට දණ්ඩෙන් පහර බැගින් දී නිදහස් කළාහුය. එදුටු තිස් තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ඨික දේවතා තෙමේ මතු නොව මරණින් මතු භූතාත්ම භාවයට පත්ව සිටින්නා වූ ප්‍රභාකරන් නම් වූ චණ්ඩ වු සොරදෙටුවාද චිත්ත ප්‍රීතියට පත්ව සාධුකාර දුන්නේය. එතෙකින් පසු යුක්තිය පසිඳලීම ගැන අප මහ රජ්ජුරුවන් වහන්සේගේ කීර්තිය දේශ දේශාන්තරයන්හි පතළේය.

හුදී ජන පහන් සංවේගය තකා රචිත චුල්ල රාජපක්ස ජාතක කතා වස්තුව මින් නිමියේය.
-Sri Lanka Guardian Read the full story »

යැපෙන්නෝ

| ]
By Taboo

(November 20, Colombo, Sri Lanka Guardian) සති කිහිපයකට ඉහත ලේඛකයාගේ දුර ඥාතියෙක් මිය ගියේය. කිලෝමීටරවලින් පමණක් නොව සියළු ආකාරයෙන්ගෙන් කොළඹින් බොහෝ ඈත, දකුණු පළාතේ පිටිසර ගම්මානයක විසූ, ‘අමරසේකර මාමා/සීයා’ ලෙස හඳුන්වනු ලැබූ මේ ඥාතියා ලේඛකයා සමඟ හෝ ඔහුගේ පවුල සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගත්තකු නොවේ. මේ ඥාතියා දුප්පත්ය. ඔහු තමන්ගේ හා බිරිඳගේ කුස පුරවා ගත්තේ කුලී වැඩ කිරීමෙන් ලද සීමිත ආදායමිනි. එතකුදු වුවත් ඔහු නොවේ අනුන්ට අතපාන්නට කැමති වූයේ, කරදරයකදීවත්. අළුත් අවුරුද්දට හෝ මුදලක් ඔහු අත තබනු හැකිවූයේ පෙරැත්තයකින් පසුය. ලද පමණින් සතුටු වීමට හැකිවීම උත්තම ගුණාංගයක් නම් ඔහු උතුම් මිනිසකු විය.


මේ ඥාතියාගේ අභාවයෙන් පසු එතෙක් කිසිවකු නොසිතූ තත්වයක් උද්ගත වූයේය. ඔහුගේ බිරියගේ යැපීම සඳහා ආදායම් මාර්ගයක් නොමැති බව කාටක් පසක් වූයේ හත්දොහේ දානය දුන්නාට පසුවය. (ඔවුනට දරුවෝ නොවූහ.) ඇය ජීවිතයේ කිසිදිනෙක රැකියාවක්, අඩු තරමේ ස්වයං රැකියාවක් හෝ කර නොතිබුණාය. සැමියාගේ ඉපැයීම් ඇගේ එකම ආදායම් මාර්ගය විය. කුඩා ගෙපැලක් ඉදිකර තිබුණාට අමතරව, ඔහු සතු ඉතිරිකිරීම් කිසිවක් වීය නොසිතමි. (අමාරුවෙන් එදා වේල සරි කර ගන්නා මිනිසුන්ට ඉතිරිකිරීම් සිහිනයක් පමණකි.) වයස අවුරුදු පනස් පහක මේ දිළිඳු නූගත් කාන්තාවට කවර ලෙසකින් නම් දිවි සුරැකීම පිණිස රැකියාවක් සොයා ගත හැක්කේද?

ඇයට හිමි එකම ඉරණම තම ස්වාමි පුරුෂයා අභිමානයෙන් පිළිකෙව් කළ අනුන්ට අතපා ජීවත්වීමේ මාර්ගයට අවතීර්ණ වීම පමණකි. කිසි ලෙසක ‘පොහොසත්’ යන විශේෂණය භාවිතා කොට විස්තර කළ නොහැකි ඇගේ ඥාතීන්ට එය අමතර බරක් වෙයි. දැන් ඔවුන්ට කරන්නට සිදුව ඇති කැපවීම අළුත් අවුරුද්දට දාහේ නෝට්ටුවක් හෝ සීයේ නෝට්ටු කිහිපයක් අතමිට මොළවනවාට කිහිප ගුණයෙකින් වැඩිය. වයස අවුරුදු පනස් පහක මහළු කාන්තාවකට අවශ්‍ය කුසට අහර පමණක් නොවේ. ඇගේ ඖෂධ සඳහාද මාසයකට නියමිත මිලක් වේ. මින් යම් කොටසක් රජයේ රෝහලින් නොමිළේ ලැබුනද ඊට යාමට පවා බස් වියදම් දැරුව මනාය. ඊට අමතරව ඈ ගිලන් වන කල්හි තනි නොතනියට කිසිවකු රඳවා තැබිය යුතු වේ. මේ සියල්ල මූල්‍යමය වටිනාකම් වලට පරිවර්තනය වන්නේය. ඒ දැරිය යුත්තේ ඥාතීන්ය. තමන්ගේද, තම දෙමාපියන්ගේද, තම දරුවන්ගේද, කුස පිරවිය යුතු, ලෙඩට බෙහෙත් ගත යුතු, කප්පරක් අමතර අවශ්‍යතාවලට උරදිය යුතු ඥාතීන්ය. ඒ තමන් දවසේ පැය අටක් දහයක් කඹුරා, ඉන්පසු තවත් පැය දෙක තුනක් බස්රියට දුම්රියට වියදම් කොට දුෂ්කර ක්‍රියා කොට උපයන සොච්චමිනි. ටික කලකට නොව අවම ලෙස තව වසර පහළොවක් විස්සක් ඔවුන් මේ බර ඇදිය යුතු වේ. මෙසේ පැවසීම අනුකම්පාවිරහිත කුරිරුකමකැයි කෙනකුට පෙනී යා හැකිය. එහෙත් ඒ වගකීම දරන්නට සිදු වන්නන්ට එය කිසි ලෙසකින්වත් ප්‍රසන්න කටයුත්තක් නොවේ. ඔවුන් මේ සමාජ කටයුත්ත කළ යුතු වන්නේ තමන්ගේ දහසකුත් එකක් සිහින ඊට යට කරමිනි. සමාජවාදය දේශනාවට වඩා භාවිතය ඉතා අසීරුය.

මේ හුදෙකලා ප්‍රශ්නයකැයි නොසිතමි. අද යම් රැකියාවකින් මුදලක් උපයන හැම කෙනකුටම පාහේ තම ආසන්නතම පවුලට (immediate family) අමතරව තව කටවල් කිහිපයකට ආහාර සොයන්නට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. සමහරවිට ඒ මහළු දෙමාපියන් විය හැකිය. (රජයේ විශ්‍රාම වැටුපක් කියා එකක් තිබුණාට, අපේ රටේ විශ්‍රාමිකයන්ගෙන් 90%ක්ම ලබන්නේ රුපියල් 3,000ට අඩු මාසික ආදායමකි. මේ නිසා අති බහුතරයක් විශ්‍රාමිකයන්ට අනිවාර්යයෙන් අනුන්ගෙන් යැපීමට සිදුවේ. දරුවන් සෙවනෙහි සිටිය යුතු දෙමාපියන්ගෙන් මහළු නිවාස පිරී යන්නේද එනිසා විය යුතුය.) සමහරවිට ලේඛකයාට මෙන් දුර ඥාතීන්ය. සමහරවිට ආබාධිත දරුවන්, සහෝදරයන්ය. තම ලේ නෑයින්ගේ නැති බැරිකමට පිහිටක් නොවී ස්වාර්ථය සලසා ගත හැක්කේ අප අතුරින් ඉතාම ආත්මාර්ථකාමී සුළු කොටසකට පමණකැය සිතමි.

තනිව නැඟීමට පවා අසීරු කඳු ගැටයක් වන ජීවිතය තවත් කෙනකු උසුළාගෙන කෙලෙස නම් තරණය කළ හැක්කේද?

අපේ පැත්ත සම්පූර්ණයෙන් අමතක කොට යැපෙන්නන්ගේ පැත්තෙන් බැලුවද මේ පිළිගත හැකි තත්ත්වයක් නොවේ. තමන්ගේ බත්පත පිණිස අනුන් මත යැපෙන්නට කැමති කවර මිනිසාද? ගැහැණියද? තමන් “පිං” හැර නැවත යමක් සමාජයට නොදෙන බව දැන දැනම අනුන්ගේ යමක් බලපොරොත්තු වන්නට වීම ඔවුන්ගේ අභිමානයට පහරක් නොවන්නේද, විශේෂයෙන්ම අනුන්ට අතපා ජීවත් වීම අනුනොදක්නා සංස්කෘතියක් තුළ?

අපේ රටේ මේ ගැටළුව තවදුරටත් උග්‍ර වීමට හේතුව දිනෙන් දින වයස්ගතවන ජනගහණයයි. වඩා දියුණු වූ සෞඛ්‍ය සේවාවන්හි පිළිසරණ ලබන ජනතාව දීර්ඝායු ලබති. එහෙත් යම් වයස් මට්ටමකදී, ආර්ථික හා සාමාජීය හේතූන් නිසා ඔවුන් ශ්‍රම බලකායෙන් ඉවත් කරනු ලබති. මෙහි නොවැලැක්විය හැකි ප්‍රතිඵලය රටේ වැඩකරන්නන්ට සාපේක්ෂව නොකරන්නගේ (යැපෙන්නන්ගේ) ප්‍රතිශතය ඉහළ යාමය. අඩු වයස නිසා ශ්‍රම බලකායට ඇතුළු කරගත් නොහෙන ළමුන්ද, ආර්ථික වශයෙන් සඵලදායී නොවන ශිෂ්‍යයන්ද ඊට එක්වූ විට යැපෙන්නන්ගේ ප්‍රතිශතය තවත් ඉහළ යයි. (වෙන රටවල මෙන් පාර්ට් ටයිම් ජොබ්ස්, සමර් ජොබ්ස් කර ආදායමක් උපයා ගන්නා සිරිතක් නැති අපේ රටේ බොහොමයක් තුන්වන වසර හතරවන වසර සරසවි ශිෂ්‍යයන්ගේ පවා බරපැණ දරන්නේ දිළිඳු දෙමාපියන්ය. ඔවුහුද කිසිම ලජ්ජාවකින් තොරව තම දෙමාපියන් දවස තිස්සේ කඹුරා උපයන මුදල තම පැවැත්මට පමණක් නොව පෙම්වතියට සුවඳ විලවුන් මිලට ගැනීමටද වැය කරති.)

මාක්ස්වාදියකු ලෙස හිතන පතන සමයේ ලේඛකයාට මේ සියල්ල ධනේශ්වර ක්‍රමයේ වැරදි ලෙස සිතා ලෙහෙසියෙන්ම හිත හදා ගැනීමට පුළුවන්කම තිබුණේය. ලෝකයේ සියළු ප්‍රශ්න ඇතිවන්නේ ධනපති ක්‍රමය විසින් පීඩිතයන් සූරාකන නිසාය යන්න ප්‍රායෝගික නොවුනද අතිශයින් සුන්දර සිතිවිල්ලකි. දුකට මුල පෙර භවයන්හි කළ කර්මය යැයි බෞද්ධයන්ගේ කල්පනාවට සමාන සොඳුරු සිතිවිල්ලකි ඒ. එයින් මේ සියල්ලන්ගෙන් අපට අත සෝදාගෙන ඉවත් වීමට හැකිවෙයි. ධනපති ක්‍රමය අපේ නිර්මාණයක් නොවන නිසාය. කවදාවත් ඇති නොවන බව දන්නා විප්ලවයක් මාර්ගයෙන් මේ සියළු ප්‍රශ්න දූරිභූත වේයැයි අප පැරැන්නන් දියසේන කුමාරයා ගැන තැබූ විශ්වාසයෙන්ම විශ්වාස කරන්නෝද වෙති. ලේඛකයාට ඇති ගැටළුව තව දුරටත් එවැනි රෝමෑන්තික සුරංගනා ලෝකයක ජීවත් වීමට ඇති නොහැකියාවය.

යැපෙන්නන්ගේ ගැටළුවට මුල (ඕනෑම අර්ථ ක්‍රමයකට පොදු) සූරාකෑම නොවේ. සූරාකෑම (exploitation) ගැන ගැටළුවක් මතුකළ හැක්කේ පවා මේ පිරිස ආර්ථික ක්‍රියාවලියෙහි කොටසක් නම්ය. එහෙත් මේ කිසිවෙක් ආර්ථික ක්‍රියාවලියෙහි කොටස්කරුවෝ නොවෙති. ඔවුන් විසින් කරනු ලබන කිසිම නිෂ්පාදනයක් නැත. ඔවුන් සමාජයට බරක් වන්නේද එනිසාය. මොන තරම් යහපත් ලෙස ආදායම් බෙදීයන අර්ථක්‍රමයක් නිර්මාණය කළද මොවුන්ට අනුන්ට බරක් වීමට සිදුවේ. බෙදී යනු ඇත්තේ අනුන් උපයන ආදායම්ය. න්‍යායාත්මක පූර්ණ කොමියුනිස්ට් ක්‍රමයක් තුළදී ඔවුන්ගේ බර ඥාතීන්ට නොව සමස්ත සමාජයට ඉසිළීමට සිදුවනු ඇත. එය කිසිසේත් ගැටළුවට විසඳුමක් නොවේ. චීනයේ සිදුවන්නට ඇත්තේ මෙයයැයි සිතමි. ග්‍රාමීය චීනය තවමත් අපටද වඩා දුප්පත් එනිසාය. තමන් රැකියාවක් නොකොට අනුන්ගේ යැපෙන්නන් විශාල ප්‍රතිශතයක් ඉන්නා ප්‍රජාවන්, කවර අර්ථ ක්‍රමයක් යටතේ වුව සඵලදායී (productive) නොවේ.

යැපෙන්නන් විසින් ඔවුනට පමණක් නොව සමස්ත සමාජයටම ඇති කරනු ලබන ගැටළුවට ලේඛකයා දකින්නේ එකම විසඳුමක් පමණකි. ඒ ඔවුන්ගෙන් කොටසක් වත්, පාර්ශ්විකව හෝ නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමය. මෙය වසර හැට ඉක්මවූ කාන්තාවන් ගාමන්ට් ෆැක්ටරියක සේවයට යැවීමට අනුබල දීමක් සේ වරදවා තේරුම් නොගත යුතුය. එහෙත් ‘ආකාස කුසුම්’ හි සන්ධ්‍යා රාණි පැටිස් තනා වෙළඳපළට නිකුත් කර දිවි සරි කරගන්නවාක් සේ යැපෙන්නන්ද ආදායම් මාර්ග විවෘත කර ගැනීමට උත්සුක විය යුතුය. මේවා අනිවාර්යයෙන්ම කය වෙහෙසා කරන රැකියා විය යුතු නොවේ. දියුණු අර්ථක්‍රමයන්හි කය නොවෙහෙසා වුව, ආබාධිතයකුට වුව කළ හැකි රැකියා අවස්ථා වේ. රජයෙන් ඔවුන්ට ඒ සඳහා පහසුකම් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුය. එසේ නොවන්නේ නම් යැපෙන්නන් සමාජයට පමණක් නොව ඔවුනටද බරක් වීම නොවැළැක්විය හැක්කේය.
-Sri Lanka Guardian Read the full story »

On Line පාංශුකූල

| ]
හකාවතී

(November 20, Colombo, Sri Lanka Guardian) මහාචාර්යවරයා කුදලාගෙන විත් අඳුරු කුටි‍යකට දමා එහි වූ දැවැන්ත යකඩ දොර වසා දමන ලදී. දින තුනක් ඝණ අන්ධකාරයේ සිටි හෙතෙම හතරවන දිනයේ දී යකඩ දොර හැර බලද්දී මරණාසන්නව සිටියෙන් ඔහුගේ දෙකකුලින් ඇද කුටියෙන් එළියට ගත් වදකයෝ ඔහුව වත්තං කරගෙන ගොස් කොන්ක්‍රිට් බංකුවක් මත හොවා මුහුණට වතුර ඉස බලා සිටියහ.

"කෝ උඹගේ ලියවිල්ල හංගපු තැන? කියපං දැංවත්? "

මහාචාර්යවරයා දෙනෙත් හැර පියා නිසොල්මනේ හිරු දෙස බලා සි‍ටිනායුරින් දෑස් අර්ධයක් දල්වා වික්ෂිප්තව සිටියේය. ඉන් මොහොතකට පසු හෙතෙම අවසන් හුස්ම හෙලූයෙන් ඔහු ලියූ ලියැවිල්ල කිසි දිනෙක කිසිවකු අතට පත්වන්නට ඉඩක් නොමැති බවත් එය අනාවරණය කර ගැනුමට දැරූ අවසන් ප්‍රයත්නයත් ව්‍යර්ථ වූ වග වදකාගාරය භාරකරු වහා ඉහලට දන්වා සිටියේය.


මෙම ලියැවිල්ල ඉන් වසර හතලිස් පහකට පසු විශ්ව විද්‍යාලයේ පැරණි ලිපි ලේඛන සංරක්ෂණාගා‍රයේ බිත්තියක වූ ලෑලි වරිච්චියක් අලුත්වැඩියාවට ගලවමින් සිටිය දී රහසිගත ලෙස සඟවා තිබූ ‍කඩදාසි බම්බුවක් තුළ ‍සුරුණ්ඩු වී තිබුයෙන් වඩුවන් අතට පත් විය.

එම වඩුවන් විසින් පරිස්සම් කර ගෙන මා කරා පැමිණෙන තෙක් මේ ලියැවිල්ල කිසිවෙකුත් විසින් නොකියවා තිබූ බව මම හොඳින්ම දනිමි.

***

විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා වර්තමාන ආර්ථික ව්‍යුහයට නොගැලපෙන්නේ යැයි වසර දෙසිය දහතුනකට පසුව සොයා ගැනීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු පාඨමාලා සංශෝධනය කොට ක්‍රියාත්මක කළ යුතු වගට- පැවතුන අධ්‍යාපන ක්‍රමයට අනුව සාමාන්‍ය පෙළ විෂයන් අටෙන් විෂයන් තුනක් සමත් වී සිටි අධ්‍යාපන අමාත්‍යවරයා වහා චක්‍රලේඛයක් නිකුත් කරන්න වූයෙන් ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය පිළිබඳ උපාධි පාඨමාලාව - පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ උපාධි පාඨමාලාව - තුවක්කු සහ වෙඩි උණ්ඩ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ උපාධි පාඨමාලාව ද සියදිවි නසා ගැනීම පිළිබඳ උපාධි පාඨමාලාව ද ඇතුළුව පන්සිය පනස් පහක් වන නව උපාධි වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධන පාඨමාලා ලෙස හඳුන්වා දීමේ ක්ෂණික අවශ්‍යතාව පැන නැගී ඇති බව මේ පිළිබඳ පර්යේෂණයේ යෙදුනු ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කර තිබූයෙන් එම පාඨමාලා අතරින් සමහරක් ඉගැන්වීම පිණිස දැනට අධ්‍යයන ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු ලෙස යම් යම් දේවල් කරමින් සිටි කිසිදු මහාචාර්යවරයෙකු අසමත් බව ද සොයා ගැනීමෙන් අනතුරුව මෙම පාඨමාලාවන් ඉගැන්වීමට සමත් අයගෙන් ඉල්ලුම් පත් කැඳවීමට විශ්වවිද්‍යාල අමාත්‍යාංශය තීරණය කරන ලදි.

සන්නිවේදනය පිළිබඳ රටවල් දහතුනක දේශණ පවත්වන, ඒ නිසාම චිරප්‍රසිද්ධියට පත් දැනට විදේශගතව සිටි එක්තරා මහාචාර්යවරයෙකු නැවත දිවයිනට ගෙන්වා ගැනීම උදෙසා ඩොලර් මිලියන පහළොවක ඇස්තමේන්තුවක් අනුමත කරවා ගැනීමට අධ්‍යාපන ඇමති කරා පැමිණි විශ්වවිද්‍යාල අමාත්‍යාංශයේ ලේකම් මහතාගේ වැඩ තහනම් කොට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වන්නට සිදුවූයේ එම පාඨමාලාව ඉගැන්වීම උදෙසා රට තුලම ජිවත් වූ ජන සන්නිවේදනය පිළිබඳ කෙළ පැමිණි නිවේදිකාවක් සිය ඉල්ලුම් පත්‍රය ඇමතිවරයා වෙත එක්තරා හිම වැටෙන රටක දී පැවැත්වූ සම්මේලනයක් ආවරණය කරන්නට ගොස් සිටිය දී ඇමතිවරයාගේ ඇ‍ඳේ කොට්ටය යට තබා එන්නට ඇයට හැකි වීමෙන්ය. අවසානයේ ජන සන්නිවේදන පාඨමාලාවට ඇඳක කොට්ටය යට ඉල්ලුම් පත්‍රයක් තබා ඒමේ කෞෂල්‍යය ප්‍රායෝගිකව අත්හදා බලා එම පාඨමාලා හදාරන්නියන් වහ වහා උසස් ජන සන්නිවේදිකාවන් බවට පත් වීමත් සමග විශ්ව විද්‍යාල පාඨමාලා කෙරෙහි පොදු ජන ප්‍රසාදය අතිශය ලෙස ඉහල යන්නට වූයෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් දුප්පතුන්ට මෙවැනි උසස් පාඨමාලා උගැන්වීමෙන් ආර්ථිකයට වන හානිය පිළිබඳ රහසිගත වාර්තාවක් ඇමතිතුමා ලදුයෙන් එම පාඨමාලා සහතික සියල්ලම මුදල් ගෙවා ඇමරිකාවේ කොන්ඩලීසා රයිස් මහත්මියගේ අත්සනින් නිකුත් කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර විශ්ව විද්‍යාල බල මණ්ඩලය ක්‍රියාත්මක වූයෙන් ඉන් පසුව ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව එම පාඨමාලාව සඳහා සිසුවියන් ඇතුලත් කරගැනීමේ සාර්ථක ක්‍රමයක් අත්හදා බැලුණූ අතර එය අතිශය සාර්ථක වීමත් සමග නිවේදන ක්ෂේත්‍රය කාන්තාවන්ගෙන් බැබළීමත් සමගම පුරුෂාධිකාරය බිඳලන්නට හැකි වීම පිළිබඳ ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ල එකතුව දැවැන්ත මෙගා සංගීත රාත්‍රියක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත් විණි.

ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණ කලාව පිළිබඳව නිපුණතා පෙන්වූ එකුදු මහාචාර්යවරයෙකු රට තුළින් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඒ සඳහා වහ වහා සී එන් එන් සහ බී බී සි ආයතනවල පළපුරුදු ප්‍රවෘත්ති නිශ්පාදකයන් කණ්ඩායමක් රට තුලට ගෙන්වා ගැනීමට යෝජනා වෙද්දී පිටකොටුවේ මල්වත්ත පාරෙන් ඉදිරිපත් වූ වැන්ඩස්ටාර්ටන් මහතා ඒ සඳහා නිපුණයෙකු වග අමාත්‍යවරයා පෞද්ගලිකව දැන සිටි හෙයින් එම පාඨමාලාවේ අධ්‍යක්ෂ තනතුර ද ගමන් බිමන් සඳහා ත්‍රීවීල් රථයක් ද ලබා දීමෙන් අනතුරුව ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිෂ්පාදනය පිළිබඳ උපාධි පාඨමාලාව ආරම්භ වූයේ අධ්‍යාපන අමාත්‍යවරයාට එංගලන්තයේදී ආචාර්ය උපාධියක් පිරිනමන ආකාරය ඩිජිටල් තාක්ෂණ අනුසාරයෙන් සජීවි ලෙස ප්‍රති නිර්මාණය කර රාත්‍රී අටේ රූපවාහිනි පුවත් මගින් විකාශය කිරීමත් සමගය. එම ප්‍රවෘත්තිය කොතරම් තාත්වික ලෙස ඩිජිටල් ගත කර තිබුනේ ද යත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අත්පොලසන් දෙමින් එහාට මෙහාට යන අයුරුද ඔහුගේ ආරක්ෂකයන් ද ඔහුට අනුව අත්පොලසන් දෙමින් විසිල් ගසමින් සිය කළවා වල හම් පටිවලින් සැදි රහසිගත කොපු තුල සඟවා තබා ඇති දැලි පිහි පවා මතුවී පෙනෙන ආකාරයට නිර්මාණය කර තිබූ හෙයින් ද මෙම ඩිජිටල් ප්‍රවෘත්ති කලාව ගැන තරුණ කොටස් උමතුවෙන් ඉල්ලුම් පත් එවන්නටත් දෙමව්පියන්ට ඇවිටිලි කරන්නටත් වූයෙන් පසුව පැවැත්වූ තරග විභාගයකින් සමත් වන්නන්ට පමණක් ඩොලර් ලක්ෂ තුනක් වාරික ක්‍රමයට ගෙවීමෙන් පාඨමාලාව සඳහා ඇතුලත් කර ගැනුණි.

එම ඩිජිටල් ප්‍රවෘත්තියේ ඇමතිවරයා සිගරට් කොටයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග හුවමාරු කරගන්නා දර්ශනය විකාශ වන්නට නොදී නවත්වා ගත්තේ අනූ නවයෙනි. එය ප්‍රවෘත්තිය විකාශ කිරීමට පෙර පරීක්ෂා නොකළ ප්‍රවෘත්ති වැඩසටහන් අධ්‍යක්ෂක වහාම සිනමා ශාලාවක චිත්‍රපට දුවවන යන්ත්‍රයක වසර හතරක පුහුණුවකට යවන්නට ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා රෙකමදාරු වූ බව ආණ්ඩුවේ ඕපා දූප ජාත්‍යන්තරයට ප්‍රචාරය කරමින් ඩොලර් කෝටි ගණන් උපයන අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන්ව තිබුණි. වැඩි දුරටත් එම දඩුවම ගැන අදහස් දක්වා තිබූ එම අඩවිය පැවසූයේ එම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට චිත්‍රපටි රීල් එකක් වම් ප්‍රොජෙක්ටරයෙන් දකුණට හෝ දකුණෙන් වමට මාරු වන අවස්ථාවේ දී තිරයේ දකුණු කෙළවරේ ඉහළින් පෙනී නොපෙනී යන කුඩා රවුම් ගැන අවධානයෙන් සිට කාලය ගැනීමට පුහුණු වීමෙන් මෙබඳු ප්‍රවෘත්ති විකාශය කරන අතරතුර සිදු විය හැකි දෝෂ වලක්වා ගැනීමට මනා පුහුණුවක් ලැබෙන බවය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තම සමීපතම හිතවතුන්ට පවසා තිබ්බේ පණ බේරී ඔයින් ගියා ඇතැයි කියාය.

ඩිජිටල් ක්‍රමෝපායන් අනුසාරයෙන් ප්‍රවෘත්ති නිර්මාණය පාඨමාලාව හැදෑරු පසු ඒ අය එංගලන්‍තයේ සහ ඇමරිකාවේ විවිධ ප්‍රවෘත්ති නිෂ්පාදන කටයුතු වල යෙදෙන බවත් සිය මවුරට කරා නැවතත් එම ප්‍රවෘත්ති එවීමට තරම් ඔවුන් කාරුණික බවත් එම කෘතිම ප්‍රවෘත්ති සඳහා රාජාණ්ඩුවෙන් ඔවුනට වැඩිදුර අධ්‍යාපනය සඳහා වියහියදම් දරන බවත් ප්‍රචලිත වීමෙන් පසු වැන්ඩස්ටාර්ටන් සිය පෞද්ගලික විශ්ව විද්‍යාලයද විවෘත කරන්නේ අගනුවර අතිශය මිල අධික ඉඩම් සහිත ප්‍රදේශයක අක්කර විසිහතරක භූමියක දැවැන්ත පරිඝනක විද්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීමෙන් ය. පුපුරා යන බෝම්බයක් සජීවිකරණය සහ එම අවස්ථාවේ දී මිනිස් සිරුරු කැබලි වන ආකාරය පිළිබඳ දිනෙන් දින ඉතාම නිවැරදි පරිඝණක වැඩසටහන් අනුසාරයෙන් වීඩියෝ පට නිපදවන්නටත් මිනිසුන් කා අතින් වුවද ඝාතනයට ලක් වන සෑම ක්‍රමයක්ම ඉතාම සජීවි ලෙස නැවත නිර්මාණය කිරීමටත් මොවුන් රුසියන් වූහ.මෙම විශේෂඥයන් බො‍හෝ දෙනෙක් ප්ලේ ස්ටේශන් වීඩියෝ ක්‍රීඩාවල පරිණත අයවලුන් වීම ද සුවිශේෂි කාරණයකි. අවශ්‍යතාව අනුව ඕනෑම ආකාරයක වීඩියෝ පට නිර්මාණය කරන්නටත් ඒවා සුරක්ෂිතව අවශ්‍ය වාර්තාකරුවන් වෙත ලබා දීමටත් නැවත එම වීඩියෝ පට වෙනත් අනන්‍යතාවයකින් විකාශන සමාගම් වෙත ලබා දීමේ උපක්‍රමත් මෙම පාඨමාලාවට අයත් විය. මෙමගින් එකම සිදුවීමක් අරභයා විවිධ පසුබිම් විවිධ පුද්ගලයන් අන්තර්ගත පරස්පර ප්‍රවෘත්ති ද එක ලෙසම විකාශනය වීම සාමාන්‍ය දෙයක් බවට ද පත් විය. කිසිවෙකුත් ඒ ගැන මැසිවිලි නොකියන්නට වූයේ මෙම ප්‍රවෘත්ති විකාශ වින්දනාත්මක වැඩසටහන් ලෙස අනෙකුත් ප්‍රසාංගික වැඩසටහන් අතරතුර නරඹන්නට සියල්ලන් සැදී පැහැදී සිටි බැවිනි.

තවද වැඩි ලාභාපේක්ෂාවෙන් මෙම විද්‍යාගාරයෙන් නිපද වූයේ ඇමතිවරුන් මැතිවරණ රැලි අමතා කතා කරන ආකාරයත් ජනතාව අත්පොලසන් දෙමින් ඒවාට හුරේ දමන ආකාරයත් ය. මෙම වීඩියෝ පට එම ඇමතිවරු ඉතා ඉහළ මිල ගණන් ගෙවා වැන්ඩස්ටාර්ටන් ගෙන මිල දී ගෙන තම නායකයාට පෙන්වීමෙන් පෙර කිසි කලෙකටත් වඩා සිය වෘත්තීය කටයුතු ඉමහත් විවේකයෙන් සිදු කරන්නට වීමෙන් අනාගත සියළු මැතිවරණ වලින් පාලක පක්ෂය පරාජයට පත්වන වග දැන සිටි විපක්ෂය ද සිය සංචිත ධනය ආයෝජනය කොට වැන්ඩස්ටාර්ටන් විශ්ව විද්‍යාලයට නොදෙවෙනි විශ්ව විද්‍යාලයක් අගනුවරට බැහැරින් ආරම්භ ‍කලෙන් එම පාඨමාලා සඳහා දුර බැහැර පෙදෙස්වල තරුණ පිරිස් ආකර්ශණය කරගත් හෙයින් ඔවුන ද තම දුෂ්කර ප්‍රදේශවල ජීවන තත්වය ඉතා උසස් ලෙස පෙනෙන වීඩියෝ නිර්මාණ සකසා ඉහළ මිල ගණන් වලට විකුණා වහ වහා අගනුවර ඉඩකඩම් මිල දී ගෙන සිය ගම් පෙදෙස්වලින් සංක්‍රමණය වූයෙන් රටේ නායකයන් අතිශය සංතෘප්තියෙන් මෙම කෘත්‍රිම වීඩියෝ නරඹමින් කාලය ගත කළහ. එමෙන්ම තමන්ට විරුද්ධව වීඩියෝ පට නිර්මාණය වන සියළු අවස්ථාවලදී ඒවා කෘතිමව නිර්මාණය කොට ඇති වගට පර්යේෂණ වාර්තා සකස් කිරීමට ද මෙම තාක්ෂණික විශේෂඥ උපාධිධාරීන්ට හැකි වූයෙන් කොයි අතිනුත් වාසි සහගත ජීවන ක්‍රමයක් ඔවුහු උදා කරගත්හ. මැති ඇමතිවරු සතුටින් කාලය ගත කළහ. ඔවුන් විනෝදයට කළේ බේරේ වැවට ඉහළින් පියාසර කරන කාක්කන් රංචු පිටින් වෙඩි තැබීමය.

පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාවට කිසිදු බාහිර කැඳවීමකින් තොරව විවිධ ශ්‍රේණිවල මහාචාර්යවරුන් සොයා ගැනීමට හැකි වූයෙන් එම පාඨමාලාව අතිශය සාර්ථක වූයෙන් නවීන විචාරකයන් සහ නිර්මාණකරුවන් බුරුතු පිටින් විශ්ව විද්‍යාලවලින් පිට වන්නට පටන් ගත්තෙන් සාහිත්‍ය කලා ආදියේ නැවුම් ප්‍රබෝධයක් හට ගත්තේ, ගමේ කෝපි කඩවල පවා ගැමියන් දාං අදිමින් කතා කරමින් සිටියේ මිචෙල් ෆූකෝ ගැනය නැත්නම් රෝලන්ඩ් බාත් ගැනය එසේත් නැත්නම් සාත්‍රෙ ගැනය. ඩෙරීඩා ගැනද ඔව්හු කතා කළහ. ලැකාන් ගැන නොදත් කිසිවෙකු සොයා ගැනීම උගහට විය. සමහරු ලැකාන් කෝට්ටේ ගියා වැනි යැයි පිරුළු ද එදිනෙදා ව්‍යවහාරයට ගත්හ. හැමෝම රාත්‍රි කාලය ගත කළේ ස්වයංක්‍රීය ගිණි අවි සුද්ද කරමිනි. පොලිෂ් කරමිනි.

විචාරකයන් පොත් කියවීමට කාලය ගත කිරීමට වඩා එම පොත් ගැන අනෙක් විචාරකයන් ලියා ඇති දේවල් සහ අන්තර්ජාලයෙන් උපුටා ගත් කොටස් නැවත නැවත මිශ්‍ර කර අළුත් ලිපි ලිවීමත් තව දුරටත් සිනමා කෘති බවට පත් නවකතා කියවනු වෙනුවට සිනමා පටය නරඹා එම නවකතාව ගැන විචාර ලිවීමේ ක්‍රම ද කිසි ‍දිනෙක නොකියවූ පොත් ගැන සාරාංශ ලියා ඇති පොත් වෙනම ඇති හෙයින් ඒවා පරිශීලනයෙන් තමන් ද එම පොත් කියවා ඇති ලෙස රඟ දැක්වීමේ ක්‍රම ද මෙම උපාධි පාඨමාලාවට අයත් විය. මෙහි විශේෂිතම යෙදවූම වූයේ රටේ පැවති හාරසිය අසූ හතක් වූ ග්‍රන්ථ සම්මාන උළෙලවල් සඳහා පොත් තෝරා සම්මාන පිරිනැමීමේ දුෂ්කරතාවය ජය ගැනී‍මට වෙන් වූ ක්‍රම වේදයන් ශාස්ත්‍රීය ලෙස හදාරා ඉදිරිපත් කර තිබුනු විෂය කොටසයි. එම විෂය කොටස අතිශය ජනප්‍රිය වූයේ මේ නොයෙක් උළෙලවල දී පොත්වලට සම්මාන දීමේ දී ද මුල් පිටු හැටක් පමණ කියවා කාලය ඉතිරි කරගෙන සහ වැඩිම පොත් ප්‍රමාණයක් කියවූ බවට පත්‍රිකා පුරවා ඒ වෙනුවෙන් ගෙවන දීමනා වැඩිපුර ලබා ගැනීම පිණිස කතෘවරුන්ට දුරකතනයෙන් කතා කොට පුස්තකවල අන්තර්ගතය සහ අනෙකුත් සියළු තතු අසා දැනගෙන ඒ ගැන හේතුපාඨ ලිවීමේ කලාව යි. මෙය සියල්ලන්ගේ පැසසුමට ලක්වූ පාඨමාලාවක් බවට පත්වූයේ මේ සියළු හේතු වෙනි. මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වන බව සියල්ලන් දැන සිටීම නිසා කිසිවෙකුත් කිසිදු සම්මානයක් ගැන පශ්චාත්තාපයක් නොවන්නට වග බලා ගති. කුමක් හෝ සම්මාන උළෙලකින් තමන්ගේ කෘතියට ද අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන බව සියල්ලන් දැන සිටීම මීට හේතුවයි. සමහරු අනෙකා වෙනුවෙන් සම්මාන උළෙලවල් පැවැත්වූ අතර ඊට කෘතගුණ දැක්වීමක් ලෙස අනෙකා ද මේ සංවිධායක වෙනුවෙන් සම්මාන උළෙලක් පවත්වා දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් සම්මාන එකිනෙකාට දී සාහිත්‍ය වංශ කතාව ඔපවත් කළහ.

මෙබඳු සාර්ථක ක්‍රමවලින් කියවීම සහ හැදෑරීම නමැති ක්‍රමවේදයන් සරල වී මිනිසුන් දැනුම ලබා අතිශය ජනප්‍රියත්වයට පත්වූවන් ආණ්ඩුවේ උපදේශකයන් බවට පත්වී මෙම ක්‍රම තව දුරටත් වර්ධනය කරන්නටත් ප්‍රචලිත කරන්නටත් පටන් ගත්හ. මේ අති නවීන හැදෑරීමේ කෙටි ක්‍රම ප්‍රගුණ කළ සමහර උගතුන්ට පොතක කවරය දැකීමෙන් පවා එහි අන්තර්ගතය ගැන පැය දෙකහමාරක දේශන පවත්වන්නට හැකියාව ලැබුණි.

පසුව දැන ගන්නට ලැබුනේ ‍නෝබෙල් සාහිත්‍ය ත්‍යාගය තෝරන කමිටුවේ බහුතරයක් ද විශාල මුදල් ගෙවා මෙරට පැමිණ මෙම උපාධිය අසමත්ව දුර්මුඛව නැවත සිය රටවල් කරා ගිය බවයි. මෙනයින් උපාධියේ ගෞරවය ඉහළට නැගුනි.

මහා වංශය පරිඝනක ගත වූයෙන් එහි රජතුමා යන වචනය දහතුන්දාස් හාරසිය විසි හතර වරක් යෙදී ඇති බව එක්තරා මහාචාර් යවරයෙකු ප්‍රකාශයට පත් කළෙන් ඉතිහාසය සහ පරිඝනක අතර මෙම අපූරු සම්බන්ධය ලොවට හෙලිකිරීම හේතු කොට ගෙන ලෝක ඉතිහාසය ගැන නොයෙක් ගැටළු සහගත තැන් නිරාකරණය කර ගැනීමට බටහිරයන් ඩොලර් මිලියන් ගණනක් අතින් වියදම් කරන් මෙරටට එන්නට වූයෙන් රට තුළ විදේශ සංචිත අතිශය ඉහළ යෑමකට ලක් වී මැදපෙරදිග ධනවතුන් පවා කුඩා රැකියාවල් සඳහා මෙ‍රටට ඇදී එන්නට පටන් ගත්තෙන් සංස්කෘතික අර්බූද කීපයක් පැන නැගෙන්නට වී වහාම ඔටුවන් මෙරටට ගෙන්වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාවය පැන නැගුනෙන් ජාත්‍යන්තර සහයෝගය නොමදව තිබූ බැවින් විදේශ අමාත්‍යවරයා රුපියල් කෝටි හතලිස් පහක් වියදම් කර සිය බාල දියණියගේ උපන් දින සාදයද හවායි දූපතේ පවත්වා එරට සංවර්ධනය කිරීමට ධන සම්පත් පොලී රහිත දීමනාවක් ලෙස ඒ අයුරින් ප්‍රදානය කොට වැඩි දුරටත් උපදෙස් දෙමින් සංක්‍රමණිකයන් පිළිබඳ මීට වඩා උනන්දුවක් දැක්විය යුතු බවට පාලානාධිකාරයට ආඥාවක් නිකුත් කර නැවත දිවයිනට පැමිණියේය.

පසුව ඇමතිවරයා පැවසූයේ එබඳු සශ්‍රීක ආර්ථික ඉතිහාසයක් ඇති රටකට මූල්‍යමය ව‍ශයෙන් උදවු කිරීම සෘජුව කළ නොහැකි නිසා උපන් දින සාදයකට මුවා වී සිය රට‍ වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කළ බවයි. මේ අසා ඉමහත් සංතෝෂයට පත්ව හඬ නගමින් සිනාසුන රටේ ධනවත් ජනතාව පසුව වෛද්‍යවරු සොයා ගොස් සිය උදරවල සහ අ‍‍ධෝමුඛවල පැලී ගිය මාංශ පේශි මැහුම් දමා යළි සකස් කර ගත්තෙන් ඉන් පසු ප්‍රතිපත්තියක් ලෙස මෙවැනි අතිශය සන්තුෂ්ටිදායක ප්‍රවෘත්ති මධ්‍යම රාත්‍රියේ පමණක් විකාශ කළ යුතු බවට පාර්ලිමේන්තු පණතක් සම්මත විය.

පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාව අතිශය සාර්ථක වුයෙන් හෝඩිය, නම් පොත, මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුද්ධ ගද්යහය, සකස්කඩ, නාමාශ්ට ශතකය, පඤ්ච රත්නය, නවරත්නය, ව්යා‍සකාරය හා ප්‍රත්‍යශතකය වැනි පිරිවෙන් පොත් පත් පිටකොටුවේ උණු කැවුම් මෙන් විකිණී‍ ගියෙන් පොත් විකුණන්නන් තවදුරටත් පදික වෙළෙන්‍දෝ නොවූහ. එම පොත්වල පරිවර්තන භාෂා එකසිය පණහකට වැඩියෙන් නොයෙක් රටවල මුද්‍රණය වීමත් සමග පෙන්ගුවින් සමාගම සහ බාර්න්ස් ඇන්ඩ් නෝබල් සමාගම් මෙරට ආයෝජනය කරන්නට තරඟ වැදුනෙන් විදේශ මුදල් මෙරටට ගලා ඒම ගැන සම්මුතියකට එළඹීමට ජාත්‍යන්තර බලපෑම් ද එල්ල වූ අතර රාජාණ්ඩුව කියා සිටියේ එම ග්‍රන්ථ සඳහා කතෘභාග රජයට අයිති බැවින් එබඳු කිසිදු බලපෑමකට තමන් නතු නොවන බවයි. ජාත්‍යන්තර බලවේග නිහඬ වූ අතර සැප්තැම්බරයේ පැවැත්වුනු පොත් සල්පිල සඳහා කොළඹ සිට කතරගම දක්වා වූ රේල් පාර ආවරණය කොට මඩු ගසා පවත්වන්නට සිදු වීමත් විශේෂ බස් සේවා මගින් විදේශිකයන් තමන් කැමති පොත් නැරඹීමට ගමන් පහසුව ලබා දෙන්නට සිදු වීමත් සහ ඔවුන් අධික ලෙස පොත් මිළදී ගැනීමටත් වූයෙන් එම ගමන් මළුවලට ද ප්‍රවාහන පහසුකම් සළසන්නට සිදු වූයෙන් රජයට ඉමහත් අසීරුතාවයකට මුහුණ දෙන්නට සිදු විය. හම්බන්තොට ගුවන් තොටුපලේ සිට විශේෂ බෝට්ටුවලින් ගාල්ලට විදේශිකයන් ප්‍රවාහනය කිරීමෙන් ධීවරයන් අමතර ආදායම් උපයා ධනවත් වූයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසය.

රටේ අවශ්‍යතාවලට වඩා වැඩියෙන් ගිනි අවි සහ පතුරම් විශාල ප්‍රමාණයක් වූයෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය උදෙසා අවශ්‍ය ඉංජිනේරු පාඨමාලා ද හඳුන්වා ‍දීමෙන් තුවක්කුවලින් සෑදු වැල්පාලම් සහ මහා මාර්ගවල අත් ඇඳි වැටවල් නිර්මාණය වූයෙන් අතිරික්ත තුවක්කු වලින් ඉමහත් ප්‍රයෝජනයක් ගන්නට මහා මාර්ග අමාත්‍යාංශයට හැකි විය. ලෝකයේ ප්‍රථම වතාවට වෙඩි උණ්ඩ මගින් විදුලි බල උත්පාදනයට සුවිශේෂ ටර්බයිනයක් නිපදවන්නට හැකියාව ලද්දෙන් කෝටි ගණනක් වූ වෙඩි උණ්ඩ දැවීමෙන් ජලය වෙනුවට ආ‍‍‍දේශකයක් ලෙස ටර්බයිනයේ යකඩ තහඩු ඉලක්ක කර වෙඩි තැබීමෙන් කරකැවෙන මෙම බලශක්ති උත්පාදක යන්ත්‍රය හේතුවෙන් වෙඩි තබන්නට අවකාශයක් නොලත් අතිරික්ත හමුදාවලට සුවිශාල කාර්යභාරයක් පැවරුනෙන් ඔවුනගෙන් ආර්ථිකයට එකතු වූ අමතර මෙගාවොට් ධාරිතාව දිවයිනේ සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකින් සපුරන්නට හැකි වීමත් සමග එම හමුදා විසුරුවා හැරීමේ අවශ්‍යතාව ද වැලකී විදේශිකයන් විශාල ප්‍රමාණයක් මෙම නවතම බලශක්ති උත්පාදන ටර්බයිනය දැක බලා ගැනීමටත් එය අධ්‍යයනය කිරීමටත් පැමිණීමෙන් ආගමන සහ විගමන දෙපාර්තුමේන්තුවේ ලේඛන දත්ත ගබඩා පිරී යන්නට ද විදේශ මුදල් දැවැන්ත ලෙස මෙරටට ගලා එන්නට ද විය. ආරක්ෂක කමිටුව සහ බලශක්ති අමාත්‍යාංශය ගණනය කර තිබූ පරිදි මෙම බලශක්ති වැඩසටහන අවුරුදු හාරසියයක කාලයක් දක්වා පවත්වා ගන්නට ප්‍රමාණවත් වෙඩි උණ්ඩ රජය සතු බව එලිදරවු වූයෙන් ජනතාව ප්‍රීති ඝෝෂා තබමින් ඔපෙක් තෙල් හවුලේ පඹයන් පෙට්‍රල් සහ ඩීසල් දමා පුළුස්සා දමමින් විනෝද වූහ. දැවී ගිය උණ්ඩවල ලෝහ කොටස් උණු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වානේ සහ වෙනත් ලෝහ වර්ග නිපදවා ගන්නට සමත් වූයෙන් ලෝපස් සහ යපස් ආනයනය කිරීම නතර කර දැමූ හෙයින් ඒ සඳහා විදේශවලට ඇදී ගිය ඉමහත් ධන සම්භාරයක් රටතුල ඉතිරි වූ අතර ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය ලෝහ සහ වානේ කම්බි වල මිල අතිශය පහළට වැටීමෙන් එම කර්මාන්ත දැවැන්ත ලෙස දියුණු විය. සැමට තට්ටු ගෙවල් සංකල්පය බිහි විය.

උපදින සියල්ලන්ට තම කාලීන අවශ්‍යතා මත සිය දිවි හානි කරගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කළ අයට වුවමනා වූයෙන් රට තුළ සිය දිවි හානි කරගැනීමේ සාර්ථක ක්‍රම පිළිබඳව උද්‍යෝගය වර්ධනය වී ඒ සඳහා වෘත්තීය නිපුණතා ඇති සුදුසුකම් ඇති විද්වතුන් රටට අවශ්‍ය වූයෙන් එබඳු සායන පැවැත්වීමට අධ්‍යාපන මට්ටම් නිර්මාණය කිරීම ‍උදෙසා නව නීති සංශෝධන සහ විශ්ව විද්‍යාල පාඨමාලා බිහි වූයෙන් මිනිසුන්ට සිය සමාජ වගකීම් සහ යුතුකම් ඉටු කර කැමති දිනෙක මිය යාමේ වරප්‍රසාදය භුක්ති විඳින්නට හැකි විය. මෙම නව ක්‍රම යටතේ සමහරු කැමැත්තෙන්ම ද තවත් සමහරු දේශපාලකයන් ගේ සහ බලවතුන් ගේ රෙකමදාරු මත ද සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වූයෙන් විවිධ මල් ශාලාවල විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව සිය දිවි නැසීමේ සායන සමග ඒකාබද්ධ ගිවිසුම් සකස් වූයෙන් විවිධාකාර පැකේජ වෙළඳපොළට එකතු විය. එබඳු එක්තරා සිය දිවි නසා ගැනීමේ පැකේජයක් නොහොත් වැඩ පිළිවෙලක් මගින් යෝජනා වූයේ වඩාත්ම වියදම් අඩුම ක්‍රමය ලෙස ගොවිතැනට පිවිසෙන ලෙසයි. ඉන්පසු බැංකුවකින් ණයක් ගෙන යන්ත්‍රෝපකරණ කුලියට ගෙන බිත්තර වී ගොවිජන සේවාවෙන් මිළ දී ගෙන කුඹුරු අස්වද්දා පලිබෝධනාශක වල්නාශක සහ පොහොර වැනි වගාව සඳහා යන ඒ සියලු විය හියදම් බේරා පසුව අස්වනු නෙලීමෙන් තමුන්ට සිය දිවි නසා ගැනීමට ඉතා පහසුවෙන් තීරණය කරගැනීමට උපකාරී වන බව සියදිවි නසා ගැනීම පිළිබඳ උපාධි පාඨමාලා සම්පූර්ණ කළ උපාධිධාරීන් විසින් ජනතාවාදී ක්‍රමයක් ඉදිරිපත් කරන ලද්දෙන් නගරාශ්‍රිතව සුඛෝපභෝගීව සිටි බහුතර ජනතාව වගා සංග්‍රාමයක් ‍ක්‍රියාත්මක කරනා ආකාරයෙන් නගරයෙන් දූරස් ඈත ගම්බිම් වලට ගොස් මෙම ක්‍රමය අත්හදා බලන්නට වූයෙන් රටේ ආර්ථිකයට ධනාත්මක ප්‍රවේශයක් ලබා දුන් බවට ලෝක බැංකු සංඛ්‍යාන වාර්තා ඉදිරිපත් වී ඔවුනගේ මෝක්ෂගත ජීවිතයට පිං පිණිස අතිශය දැවැන්ත සොහොන් පිට්ටනි රටපුරා ඉදි විය. පාංශුකූල දීම සඳහා රටේ ශාසනය ප්‍රමාණවත් නොවූයෙන් බුරුමයෙන් ආනයනය කළ රහතුන් පිරිසක් විසින් රටපුරා පාංශුකූල දීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට රජයට අතුරු අයවැයක් සම්මත කරවා ගන්නට වූයේ බුරුම රහතුන් දෙසන බණ පාලියට සහ සිංහලට පරිවර්තනය කරන්නට අවශ්‍ය පරිවර්තකයන් ද බොහෝ පිරිසක් ගෙන්වන්නට සිදු වූයෙනි. සමහර දුෂ්කර ප්‍රදේශවල පාංශුකූල දීම අන්තර්ජාලය ඔස්සේ ද දුරකථන ඔස්සේ ද සිදු වූයෙන් ඈත ගොවි බිම්වල අතිශය දැවැන්ත ඇන්ටනා කුළුනු -ප්‍රකාශ තන්තු ජාල සහ ජංගම දුරකතන ජාලද ව්‍යාප්ත විය. ඔන් ලයින් පාංශුකූල දීමේ ක්‍රමයේ ආරම්භය මෙසේ විය.

මේ අයුරින් ර‍ටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ආර්ථිකය පෙර නොවූ විරූලෙස සංවර්ධනය විය.

***

පසු සටහන්

මෙ‍ම කඩදාසි රෝලේ තිබූ අපහැදිලි සටහන් කීපයක් ද ඔබගේ කියැවීමට මෙසේ ගොනු කරමි.

සටහන් අංක 1

මේ නෝට්පෑඩ් එකේ සිංහලෙන් ලියද්දි සමහර වෙලාවට ටයිප් කරන අකුරු පිස්සු කෙලිනවද බලන්නයි මේක ලියන්න ගත්තේ. ඇත්තටම ගත්තම සමහර වෙලාවට මේකෙන් ලියන්න බැහැ. ඉස්පිලි කොම්බු පාපිලි පැනල දුවනවා අකුරු අතැරලා. හරියට ඉර හඳ දිවුරල ආදරෙන් ඉඳපු අය පස්සේ වෙනස් වෙලා වෙන් වෙලා යනවා වාගේ. අදහන්න බැරි විදියට. ජලනි ට මම දවසකුත් මේ කතාව මෙහෙමම කීවා වගේ මතකයි.

යුනිකෝඩ් වල හැටි ‍එහෙම තමයි. ඒක හදල තියෙන්නෙ පුළුවන් තරම් හොඳින් වැඩ කරන්න වුනත් බිල් ගේට්ස් සිස්ටම් එක හදවල තියෙන්නේ ඊට වෙනස් විදියකට දුවන්නයි.

කරන්න දෙයක් නැහැ.

කොහොම හරි තටමලා ලියන්න ඕන පරිඝනකයේම තමයි. නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මට දැන් අකුරු මතකත් නැහැ. කයන්න ලියන්න ගියාම ලියවෙන්නේ තයන්න. පයන්න ලියන්න ගියාම ලියැවෙන්නේ වයන්න. අනේ මන්දා ...කයනු තයනු කත....පයනු වයනු පව... තමයි...

සටහන් අංක 2

...හරියට රාවණා වගේ. යුනිකෝඩ් සහ රාවණා එකම කාසියේ දෙපැත්ත වගේ. සිස්ටම් එකට ගැලපෙන්නේ නැත්තේ මොකද්ද කියල අපට තේරුම් ගන්න බැහැ. ඉස්පිලි පාපිලි වගේ ඉඳපු අයත් එලවල දානවා. කුම්භකර්ණයා සහෝදරයා වුණත් වැඩකට නැති කොම්බු ගෙනත් පාපිලි අස්සේ දමා ගන්නවා. එතකොට කියන්න යන කතන්දරේ සේරම වෙනස් වෙනවා. වෙන කතන්දරයක් කියවෙනවා. මම ලියල දෙන දේ නොවෙයි එයා අන්තිමට කියවන්නේ. වෙන දෙයක්. පස්සේ මා සොයාගෙන නිල් වෑන් එකක් එයි. ඒ මොකට ද ? මම ඉන්නේ කාටත් පේන තැනක. එතකොට ආරක්ෂාවයි. මේවා ප්‍රබන්ධ කියල මමම කී වතාවක් ජලනි ල එක්ක කියල ඇද්ද? නැහැ ඒවා ප්‍රබන්ධ නොවෙයි... මම ගයනු කිත්තක් වගේ ඉන්න ඕන. ජලනි ඔයා යංසයක් වගෙයි. මට මේ උපදේශක කම් එපා වෙලා ජලනි...

සටහන් අංක 3

අද ජලනි ආවෙත් නැහැ තීසිස් එක ලියන්න. මොකද දන්නේ නැහැ. මට හරිම පාළුවක් දැනෙන්නේ මොකද මන්දා. කන්නාඩියෙන් බැලුවම ඇයි මට මාවම පේන්නේ අවුරුදු දහයකින් තරුණ වෙලා වගේ? මැරෙන්න කිට්ටු වුනාම සමහරු ලස්සන වෙනවලු...

මේ සටහන් කවුරු හරි කවද හරි කියවයිද දන්නෑ...ඒත් මට මොකෝ මම එතකොට නැහැනේ...‍කො‍‍හොමත් මිනිස්සු දන්නවා අපි කරන්නේ රඟපෑමක් කියලා...අපිත් මිනිස්සු...

අනික සටහන් ලියන්න ඕනත් නැහැනේ කාටවත් ඒවා කියවන්න ඕන නැත්නම්...

ලිවීමේ මහාද්වීපය සොයා ගත්ත එක ගැන පම්පෝරි ගහ ගහ හිටිය හැටි මතක් වෙනවා දේශනාගාර වල...

කිසි තේරුමක් තිබ්බද මේ කරපු ලියපු එක ඉළවුවකින් වත් මේ ලෝකෙට?


සටහන් අංක 4

දයාබර ජලනි

මේක ලියන්න ම ඕන කතාවක් ඒකයි මේ තකහනියේ ලියන්න කියල වාඩි වුනේ. ඉතිං කියවන්න පටං ගන්න අර සිසිරයේ රැයක මගියෙකු නම් කියවන්න සූදානම් වෙනවා වාගේම හරිබරි ගැහිලා. ඒක මම ආයෙම විස්තර කරන්න යන්නේ නැහැ මොකද ඉටැලෝ කැල්විනෝ ඒක විස්තර කළ යුතු නියම රසවත් ආකාරයටම විස්තර කරල ඉවර නිසා. ලියපු දේවල් ආයෙම ලියන එක කාටවත් තරම් වෙනව ද? හරිබරි කීවම මතක් වෙන්නේ හරිජනයා ගෙන ගිය අරගලය ඉන්දියාවේ නමුත් ඒකයි මේ ලියවිල්ලයි අතර කිසිම සම්බන්ධයක් නැහැ නමුත් හරිබරි ගැහෙන්නේ කො‍‍හොමද කියලා හිතාගන්න උත්සාහ කරද්දි මේ හරිජන ප්‍රශ්නෙ ඔලුවට ආවා. .........

........ඩොක්ට ෂිවාගෝ කියවද්දි ඇස ගැටුන පැස්ටනාර්ක්ගේ කවියක් ඇතුලේ ඉටිවැටිය දැල්වී යන්නා සේම මගේ පෑනේ තීන්ත ටික වෑහිලා ඉවර වෙන්නත් පුළුවන් රටේම තියෙන දේවල් මේ කතාව ලියද්දි ලියන්න ගියොත්...මගේ ජීවිතය වගේම...මතක ඇතුව රෝසා ලක්සම්බර්ග් කියවන්න ජලනි...අපට මග ඇරුන දේවල් බොහොමයි...

..... ඒ හින්දා අන්ධ ගායකයෙක් දෑස් අඳුරු කන්නාඩියකින් වසාගෙන ගීත ගායනා කරන්නා සේ මා දන්නා ගායනාව තාලයකට ලිවීම බැවින් වැඩිමනත් ලෝකය පෙනීමෙන් මගේ සිතුවිලි කැළඹීම නතර කරගන්නට සියුම් අඳුරු කන්නාඩියක් ලෙස ගලා එන වචන වලට පෙරහණයක් දමා ගන්නවා මේ මොහොතේ සිටම නැත්නම් මට වෙන්නේ ස්ටිවී වොන්ඩර් වගේ නොපෙනෙන ලෝකය දිහා දෑස් දල්වන් වටපිට හිස කරකවමින් ගායනා කරන්නා සේම මේ ලියැවිල්ල හුස්මක් කටක් ගන්නේ නැතිවම ලියං ගිහින් මහ විසාල අතරමං වීමකට ඔබව තල්ලු කරදමා මට ඕන ඔවුන් අතට පත් වන්නටයි. හැම ලියැවිල්ලකම මට මෙතුවක් සිදු වුනෙත් ඒකමයි. .....

ජලනි...

.......හැම ලියවිල්ලක්ම අසම්පූර්ණ සටහන් ගොඩක් වෙලා වචන කඳුගොඩ ගැහෙන්නේ මේ අනවරත වරද නිසා යැයි මම වටහා ගන්නෙම රාත්‍රියේ ලියැවුනු දේ පහන් එලියෙන් වුවද හිරු එලියේ දි කියවද්දීම එහි රැස් දහරේ කිදී කිමිදී යද්දී කොතරම් වෙනස් හැඟුම් ජනිත කරන්නේ දැයි මම ම සොයා දැනගත් බැවිනි. මෙහෙම ලීවට මම ඉතාම සැලකිලිමත් වෙනවා මේ කතාව මට ඕන දේවල් ටික ගොනු කරගෙන සංවිධානාත්මක රචනයක් විදියට ඔබට පිළිගන්වන්නට. නමුත් මේ කන්නාඩි හැම කන්නාඩියක් වගේම මට පෙන්වන්නේ කන්නාඩියෙන් සඟව ගත් සූක්ෂම ‍ස්ථරයක් වසා දමලා නිසා මේ දැනටමත් මම ලියාගෙන යන දේවල් අතර මහ හිදැසක් ඔබට දැනු‍නොත් ඒ වරද මගේ නොවන වග තේරුම් ගන්නට දැං ඔබ සමත් වනු නොඅනුමානයි.

දැනටමත් මම කියන්න ඕන සියල්ල කියා අවසන් යැයි මට හැඟේ.

මමත් ඒ කාලකන්ණි කමිටුවේ හිටියා ජලනි!

දැං ජලනි ඔයා දුවන්න ඕන...ගොඩාක් හයියෙන්...


සංස්කාරක සටහන

මේ මීට වසර හතලිස් පහකට පෙර අප රටේ සැබෑ චින්තනය ලෝකයා හමුවේ තබන්නට මෙම මහාචාර්යවරයා විසින් සැකසූ‍ ලියැවිල්ලයි.

මෙම ලියැවිල්ල එදා පාලකයන් අතට පත් වූයේ නම් කිසිවක් වෙනස් නොවන්නට ඉඩ තිබුනි.

දැනට හැටහත් හැවිරිදි විශ්‍රාම ලත් ජනාධිපතිනිය මීට වසර තිහකට පෙර පැවති මිලිටරි ජුන්ටාව පෙරලා දමා නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රජයේ ප්‍රථම ජනාධිපතිවරියයි. ඇය විසින් පිළිගත් මේ ලියැවිල්ල ඇය සතු හඩ පටයේ ම ලියැවිල්ල බව සනාථ කළාය.
-Sri Lanka Guardian Read the full story »

ඉල්ලීම් 7 ක් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයකට සැරසෙති

| ]
(November 17, Colombo, Sri Lanka Guardian) සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින්ට බලපා ඇති ගැටළු 7 කට වහාම විසඳුම් ලබා දෙන ලෙසත් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් රුපියල් 5000 කින් වැඩිකරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අකණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි. මෙම කරුණු අනාවරණය කළේ සුව සේවා සංගමයේ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකදීය.

උපස්ථායක පුහුණුව ආරම්භ කිරීම බලධාරීන් එකඟ වූ නිල ඇඳුම් දීමනාව වහාම ලබාදීම, ආදේශ කාලය තුල සිය වැටුපෙන් අර්තසාධක අරමුදලට ලබාගත් මුදල් ආපසු ලබාදීම, රාත්‍රී සේවා මුරය එක්දිනකට සීමා කිරීම, සති විවේක දින කප්පාදුව නතර කිරීම, දින 5 ක වැඩ සතියක් ලබා ගැනීම සහ නිල නාමය වෙනස් කිරීම සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින්ගේ ප්‍රමුඛ ඉල්ලීම් 7 බව මෙහිදී අනාවරණය විය.

ඉහත ඉල්ලීම් 7 ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප රු.5000/- කින් වැඩිකරන ලෙසද ඉල්ලා ලබන 19 වන දින ජාතික රෝහල ඉදිරිපිට විරෝධතා සේවක හමුවක් හා විරෝධතා පෙත්සමකට අත්සන් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන බවත් මෙම ඉල්ලීම් කඩිනමින් ලබා නොදුනහොත් මෙම මස 25 වන දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ වැඩිදුරටත් පැවසීය.
-Sri Lanka Guardian Read the full story »

අති දූෂිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඵලදායිතා සම්මානය දුන්නේ කවුද ?

| ]
(November 17, Colombo, Sri Lanka Guardian) ඉතා දූෂිත ටෙන්ඩර් මගඩියක් මගින් ආරම්භ කරන ලද නව රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නවතා දමන ලෙස දූෂණ විමසුම මීට මාස ගණනාවක සිටම ආණ්ඩවට බලකරන ලදි.

එහෙත් එම විරෝධතා නොතකා වසරකට රුපියල් ලක‍ෂ 8000ක් පමණ පාඩු කරමින් එම රියදුරු බලපත් නිකුත් කිරීම පුද්ගලික අංශයට දෙන ලදි. දෙපාර්තමේන්තුව එතෙක් ඉතා වගකීමෙන් ඉටුකර ගෙන එනු ලැබුණු මෙම කර්තව්‍ය මේ රජය යටතේ කිසිවක් පුද්ගලිකරණය නොකරන බව පවසමින් ඉතා දූෂිත ලෙස පුද්ගලික අංශයට පැවරීම පුදුමයට කරුනකි. නව රියදුරු බලප.් ව්‍යාපෘතිය යටතේ මේ රටේ සියලූම රියදුරු බලපත් ලාභින්ගේ පුද්ගලික විස්තර, රුධිර වර්ගය :ඊකදදා ඨරදමච- ඇතු`ඵ දත්ත වල වගකීම, පුද්ගලික ආයතනයකට පැවැරීම ඊටත් වඩා පුදුම සහගතය.


දූෂණ විමසුමේ අප ප්‍රකාශ කළ පරිදිම දැන් මෙම පුද්ගලික කොම්පැනිය තමන් එකඟ වූ ටෙන්ඩර් රෙගුලාසි අමු අමුවේ උල්ලඝණය කරමින් සිටී. එදා රුපියල් 600/} පමණ රියදුරු බලපත්‍රයක් ලබාගත හැකිව තිබු මහජනයාට අද රුපියල් 2250/} ක් ගෙවන්නට සිදුවන අතර ඒ සියලූ මුදල් අද බැර වන්නේ රජයට නොව ඉහත කී පුද්ගලික කොම්පැනියටයි. ටෙන්ඩර් රෙගුලාසි යටතේ මසකට බලපත්‍ර තිස්දාහක් (30000) නිකුත් කළ යුතුව ඇතත් අද නිකුත් කරන්නේ ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි.

මෙම බලපත්‍ර ගැනීමට මහජනයා පාන්ද 5.00 සිට පෝලීමේ සිටිනු දක්නට ලැබේ. මීට අමතරව ආයතනයේ දූෂීත නිලධාරින්ට අල්ලස් දීමටද අසරණ ජනතාවට සිදුවී ඇත. උදේ පාන්දර සිට පෝළිමේ සිටියත් බලපත්‍ර ලබා ගත නොහැකිව විශාල පිරිස් ආපසු හැරී යන අවස්ථාද බහුලය.

වඩා හොඳ රියදුරු බලපත්‍රයක් ලබා දෙන බව පැවසුවත් එම රියදුරු බලපත්‍රයේ ඡායාරූපය හඳුනා ගැනීමටවත් නොහැකි තත්ත්වයේ ඇති අතර එහි අඩංගු විස්තර කියවීමට පවා අසීරුය. ඊට අමතරව එම පුද්ගලික ආයතනය රියදුරු බලපත්‍ර පරික‍ෂා කිරිමට පොලීසියට අවශ්‍ය උපකරණ සැපයීමට පොරොන්දු වුවද මේ දක්වා එය කෙරී නැත.

රියදුරු බලපත්‍රය ලබාගැනීමට විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන්ට රියදුරු ප්‍රායෝගික පුහුණු පරීක‍ෂණයට මුහුණ දීමට :ඔරස්ක- මාස තුනක් පමණ සිටිය යුතුය. බරවාහන බලපත්‍රය සඳහා සිටිය යුතු කාලය වසර දෙකකි. විදේශ රැකියා සඳහා යාමට සිටින තරුණ තරුණියන්ට මෙය බලවත් පහරක් වී ඇත. තමන්ගේ නොහැකියාව වසා ගැනීමට බොරු තර්ක ඉදිරිපත් කරමින් මේසා විශාල කාලයක් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට ගැනීම පුදුම සහගතය. මෙම තත්ත්වය නිසා අද හොර රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කරලියට පැමිණ ඇත.





මිට අමතරව පරණ ක්‍රමයට රියදුරු බලපත් නිකුත් කිරීම තවදුරටත් කර ගෙන යන අතර ගොඩගැසී ඇති ඉල්ලූම්පත් ප්‍රමාණය ලක‍ෂයකට ආසන්න බව කියවේ. ඊට

අමතරව නව ක්‍රමයට නිකුත් කරන ඉල්ලූම්පත් ප්‍රමාණයද දසදහස් ගනනින් ගොඩ ගැසී ඇත.

එසේ නම් මෙම තත්ත්වය යටතේ මෙවැනි දූෂිත ඵලදායිතාවයක් නැති ආයතනයකට ඵදායිතාව පිළිබඳ සම්මානයක් ලැබීම හාස්‍යයට කරුණකි.

1. ආයතනයේ මෙම තත්ත්වය පිළිබඳව ප්‍රවාහන ඇමති තුමා දැනුවත්ද ?

2. එම දූෂිත ගණුදෙනුව පිටුපස සිටින්නේ කවුද ?

3. මේසා විශාල මුදලක් පුද්ගලික සමාගමකට දෙන්නට කටයුතු කළේ කවුද ?

4. ලංකාවේ රියදුරන්ගේ පුද්ගලිකව වැදගත් දත්ත වල වගකීම රජයෙන් පිටතට දීමට හේතුව කුමක්ද?

5. අවසානයේ අතිවිශාල දූෂිත ආයතනයකට ඵලදායිතා සම්මානය ලබාදුන්නේ කවුද ?
-Sri Lanka Guardian Read the full story »

කොළඹ මහ නගර සභාවේ මිලියන සිය ගණනින් සිදුවන දූෂණ

| ]
(November 17, Colombo, Sri Lanka Guardian) කොළඹ නගර සභාව මුදල් පරිපාලනයේදී නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කරන බව ප්‍රායෝගිකව ඒ දෙස බැලුවිටත්, රජයේ විගණනකාධිපති වාර්ථාවට අනුවත්, පෙනී යයි. ඉන්ධන හා රථ වාහන පරිපාලනයේ දී පමණක් නොව විශේෂයෙන්ම පුද්ගලික අංශයට කොන්ත්‍රාත් පිරිනැමීමේ දී හා බේරුම්කරන නීතිමය කි්‍රයා කලාපයේ දී හා මිල දී ගැනීෙමි දී බදු ගෙවන ජනතාවගේ මුදල් විශාල වශයෙන් අයථා ලෙස සහ අවිදිමත් ලෙස පරිහරණය කරන බව පෙනේ. මොවුන් සිය මූල්‍ය පරිපාලන කි්‍රයාකලාපයේ දී ටෙන්ඩර් පටිපාටිය මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය හෝ නිතිය ගැන කිසිදු තැකීමක් නොකරනු බව පෙනේ.

නගර සභාවේ හිටපු මුදල් භාණ්ඩාගාරිකතුමාට අනුව 2008 මූල්‍ය තත්ත්වය පිළිබඳ හා බැංකු අයිරාව පිළිබඳව සළකා බැලීමේ දී නගර සභාව තුළ උද්ගතව ඇති උග්‍ර මුල්‍ය අර්බුදය අපට අවබෝධ කර ගත හැකිය.

නගර සභාවට ලබාගත හැකි උපරිම බැංකු අයිරා මුදල රු. 583,000,000. 00

2007/12/20 දිනට ලබාගෙන ඇති බැංකු අයිරාව රු. 669,635,789. 00

වැඩිපුර ලබාගෙන ඇති බැංකු අයිරාව රු. 86 130 789. 00

එසේම වසර 2008 වන විට අපේක‍ෂිත ආදායම හා වියදම සළකා බැලීමේ දී එහි අතිරික්තයක් සඳහන් වුවද අපේක‍ෂිත ආදායම් නොලැබීමත් වියදම් පියවීම සඳහා ඉහත අයුරින් බැංකු අයිරාවක් ලබාගැනීමක් මත නගර සභාව සීඝ්‍රයෙන් ඇද වැටෙමින් පවතින උග්‍ර මුල්‍ය අර්බුදය තවදුරටත් අපට අවබෝධ කර ගත හැකිය.

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික ආදායම රු. 5 729 459 453. 00

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික වියදම රු. 5 727 514 000. 00

අතිරික්තය රු. 1 939 000. 00

(ඉහත සඳහන් අපේක‍ෂිත ආදායම වසර අවසානයේ ගණනය කිරීමේදී ලැබී නැති බව පසුගිය අයවැය ලේඛනයන් තුළින් පැහැදිලි වේ. එහෙයින් වියදම් පියවීම සඳහා සෑම වසරකම ඉහත සඳහන් අයුරින් බැංකු අයිරාව සීමාව ඉක්මවා ලබා ගැනීමට නගර සභාවට සිදුවෙයි.)

අයථා ටෙන්ඩර් පටිපාටිය

කොළඹ මහ නගර සභාව විසින් නගර සභා බල ප්‍රදේශයේ පරිපාලනයේ පහසුව උදෙසා කලාප 5 කට ඛෙදා කසළ කළමනාකරණය වෙනුවෙන් දිස්ති්‍රක් කාර්යාල 06 ක් පිහිටුවා ඇත. ඒ අනුව දිස්ති්‍රක් කාර්යාල 2 බී, 3 සහ 4 යන ප්‍රදේශ සඳහා කැඳවන ලද 2008 / 2009 වර්ෂයේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවය (කසළ හැර) එකතු කිරීමේ ටෙන්ඩරයන් සම්බන්ධව අවධානය යොමු කරමි.

2008 ක් වූ ජුනි මස 30 වන දින ඩේලි නිවුස් සහ 2008 ක් වූ ජුලි මස 01 වන දින ලංකාදීප පුවත්පත් දැන්වීම් මගින් ටෙන්ඩර් කැඳවා ඇති නමුත් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව එය රජයේ ගැසට් පත්‍රයේ පලකර නොමැත.

නගර සභාවේ නිලධාරීන් විසින් සකසන ලද ටෙන්ඩර් ලේඛණයන්ට අනුකුලව ටෙන්ඩර්කරුවන් විසින් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති අතර එකී ටෙන්ඩර් ලියවිලි ඇගයීම් කමිටුව, ඇගයීම් කොට සකස් කරන ලද වාර්ථාව වර්ෂ 2008 ජුලි මස 21 වන දින නියෝජ්‍ය නාගරික කොමසාරිස් විසින් නාගරික භාණ්ඩාගාරික සහ නාගරික කොමසාරිස් මගින් 2008 අගෝස්තු මස 18 වන දින නාගරික මන්ති්‍රවරු සහභාගි වූ මුදල් කාරක සභාවට ඉදිරිපත් කොට ඇත.

එකී වාර්ථාව අනුව දිස්ති්‍රක් කාර්යාල 03ටම අයත් ටෙන්ඩර් තුනම අබාන්ස් එන්වයර්මන්ටල් සර්වියස් (පුද්ගලික) සමාගමට පිරි නැමීමට නිර්දේශ කර ඇත. එසේ වුවද ඉදිරිපත් වී ඇති ටෙන්ඩර් කරුවන්ගේ මිල ගණන් හා දෙපාර්තමේන්තු තක්සේරුව සැළකිල්ලට ගෙන නොමැත. ඉදිරිපත් වූ ටෙන්ඩර් කරුවන්ගේ මිල ගණන් පහත සඳහන් වේ.

දිස්ති්‍රක් කාර්යාල 2 බී
අයිතම අංකය අයඳුම්කරු මිල ගණන් රුපියල්
1132/2008 සි/ස බර්න්ස් ටේ්‍රඩින් 29 28 520.10

(මසකට වැටි සමග)
සිස අබාන්ස් ෙටි්‍රඩින් සමාගම 37 03 000.00

(මසකට වැටි සමග)
සිි/ස කෙයාර් ක්ලින් සමාගම 40 97 020.88
සි/ස ටාගට් එන්වයර්මන්ට් සමාගම 61 08 800.00

(මසකට වැටි සමග)

ඇගයීම් සඳහා කමිටුවට ප්‍රමාණවත් කාලයක් ලබාදී නැත.

කරුණු එසේ වුවද දිස්ති්‍රක් කාර්යාල 2 බී 3 සහ 4 යන ටෙන්ඩර් තුනම ඇගයීම් සඳහා ටෙන්ඩර් කමිටුවට ප්‍රමාණවත් කාලයක් නොතිබුණ බවත් ඒ සඳහා ලැබුණේ කාර්යාල දින 5 ක් පමණක් බවත් ඔවුන්ගේ ඇගයීම් වාර්ථාවේ ඇමුණුමේ සඳහන් වේ.

එකී කමිටුවේ සභාපති මුදල් කාරක සභාවට දක්වා ඇත්තේ ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා නිසි ඇගයීමකට ලක් කළ නොහැකි වූ බවයි. (2009/07/31 න් අවසන් වන දිස්ති්‍රක් කාර්යාල 1 සහ 2 එA ප්‍රදේශවල කසළ එකතු කිරීම සඳහා කැඳවූ ටෙන්ඩර් මාස තුනක් ගත වී ඇතත් තවම ඇගයීම් කර නොමැත.)

එවන් අවස්ථාවකදී විකල්ප කි්‍රයාමාර්ගයක් වගකිවයුත්තන් විසින් අනුගමණය කළ යුතු වුවත් එසේ කි්‍රයාකර නොමැත.

ටෙන්ඩරයක් ඇගයීම සඳහා ටෙන්ඩර් කමිටුවට මසකට නොවැඩි කාලයක් ලබාදිය යුතු බව ටෙන්ඩර් පටිපාටියේ අංක 39 දරණ වගන්තියේ පැහැදිලිව දක්වා ඇත. නමුත් එක් ටෙන්ඩරයක් වෙනුවට, ඇගයීම් කමිටුව ටෙන්ඩර් තුනක් දින පහකදී ඇගයීම් කර වාර්ථාවක් ලබාදී ඇත. මේ අනුව එක් ටෙන්ඩරයක් ඇගයීමට දින 1.7 පමණ වන අතර ලැබී ඇති අයඳුම්පත් 17 න් එක් අයඳුම්පතක් සඳහා ආසන්න වශයෙන් දිනකින් 1/4 ක් යොදවා ඇත. මින් ඔවුන්ගේ වගකීම ටෙන්ඩර් වටිනාකමට සරිලන ලෙස ඉටු කර ඇද්ද යන්නත්, වගකිවයුතු නිළධාරින්ගේ හා පැවැති මුදල් ස්ථාවර කමිටුවේ අදූරදර්ශී හා විශ්වාසනීය භාවයෙන් තොර කි්‍රයා කලාපයත් හෙලිදරව්වේ.

ඇගයීම් කමිටුව ඉහත කී ටෙන්ඩර් 03 ම අබාන්ස් ආයතනයට පිරිනැමීමට අවශ්‍ය ඇගයීම් කර ඒ වෙනුවෙන් මුදල් කාරක සභාවේ පෙනී සිට ඇත. එම කි්‍රයාව මොනතරම් වගකීමෙන් තොරද යන්න ඉහත කී දිස්ති්‍රක් කාර්යාල 3 සඳහා 2004 වර්ෂයේ දී වසර 4 ක් සඳහා ප්‍රධානය කරන ලද ටෙන්ඩර්යේ 2007 වර්ෂය වෙනුවෙන් මසකට ගෙවන ලද මිල ගණන් හා 2008 වසරේ කැඳවූ වසරක් සඳහා වූ ටෙන්ඩරයේ මාසිකව වන මිල ගණන් සැසිදීෙමිදී කරුණු වඩාත් පැහැදිලි වේ.

දිසා කාර්යාලය 2007 මිල ගණන් මසකට රුපියල් 2008 මිල ගණන් මසකට රුපියල් 2007 ට වඩා වැඩි මුදල වැඩි වූ මුදලේ ප්‍රතිශතය
2 බී 21 36 658.17 37 03 000රැ- 15 16 341ග9 73්‍ර
3 21 66 335.98 38 18 000රැ- 16 51 664ග10 76්‍ර
4 16 11 712.09 34 97 150රැ- 16 85 438රැ- 117්‍ර
එකතුව


මෙහි අවසානයේ ප්‍රතිපලය වුයේ ටෙන්ඩරය පිරිනැමීමට තෝරාගත් ආයතනයට ඊට පෙර වසරේ යෝජිත ටෙන්ඩරය බලගැනAවූ ආයතනයට නගර සභාව විසින් ගෙවන ලද මිලට වඩා පිළිවෙලින් 73්‍රල 76්‍ර සහ 117්‍ර වශයෙන් ඉතා අධික මිලකට ටෙන්ඩරය පිරිනැමීමයි.

ටෙන්ඩර් පටිපාටියේ 127.2 අනුෙජ්දය යටතේ සඳහන් වන්නේ දෙපාර්තමේන්තු ඇස්තමේන්තුවට වඩා 30්‍ර ඉක්මයන්නේ නම් ටෙන්ඩර්ය ප්‍රතිෙක‍ෂ්පකර නැවත ටෙන්ඩර් කැඳවිය යුතු බවය.

ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ දී මූලික හරයන්ට පටහැනි නොවන්නේ නම් ටෙන්ඩර් කරුවන්ගේ ටෙන්ඩර්පත්වල ඇති වන්නා වූ සු`ඵ අඩුපාඩු නිවැරදි කර ගැනීමට අවස්ථාවක් දිය යුතු යැයි ටෙන්ඩර් පටිපාටියේ සඳහන් වුවද එය නොසළකා හැරීමෙන් ඉහත සඳහන් අධික මිලකට ටෙන්ඩර් ප්‍රධානය කරන ලද්දේ අඩු මිල ගණන් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් නුසුදුස්සන් කරමිනි.

ෆ මෙම කි්‍රයාව ඉහත සඳහන් කළ අයුරින් සමිපුර්ණයෙන්ම රජයේ ටෙන්ඩර් පටිපාටිය හා මුදල් රෙගුලාසි මෙන්ම නිලධාරීන්ගේ වගකීම් සඳහන් වන ආයතන සංග්‍රහයේ රෙගුලාසි ද සම්පුර්ණයෙන්ම නොසළකා කි්‍රයාකිරීමකි.

ෆ ටෙන්ඩර් පටිපාටියේ අංක 127.2 උල්ලංගණය කරමින් ප්‍රධානය කරන ලද ටෙන්ඩර්ය කි්‍රයාත්මක කිරීමට භාරගත් ආයතනය අවම වශයෙන් 30 ඇගයීමට යටත්ව දෙපාර්තමේන්තු ඇස්තුෙමින්තුව ඉක්මවා මාසිකව විශාල මුදලක් ලබාගෙන ඇත.
-Sri Lanka Guardian Read the full story »

මිහින් එයාර් නවතම ගුවන් යානා වංචාව

| ]
(November 17, Colombo, Sri Lanka Guardian) 2009 නොවැම්බර් 18 නැතිනම් හෙට දිනය ශ්‍රී ලංකාවට සුවීශේෂී දිනයක්. ඒ මහින්ද චින්තනය ඉදිරිපත් කරල වසර හතරක් සපිරෙන අවස්ථාව එසේම නැවත ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට ඇති අවස්ථාවද උදාවී තිඛෙනවා. මහින්ද චින්තනයට ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම පාක‍ෂික වශයෙන් ඡන්දය දුන් මෙරටේ ජනතාව හතරවන වර්ෂයටත් අද මං මුලා වී තිඛෙනවා. දූෂණයෙන් තොර මහජනතාවගේ මුදල් විනාශ නොකරන සාධාරණ පාලනයක් ඔවුන් බලාපොරොත්තු වුණා. අද ඒ ජනතාව සම්පූර්ණයෙන්ම අසරණ වී තිබේ. ආණ්ඩුවේ හොර බයිබලය වන මහින්ද චින්තනයේ 35 පිටුවේ පිරිපුන් සමාජයක්, තිරසාර සංවර්ධනයක් යන ප්‍රතිපත්තිමය යෝජනා වලට කුමක් වීද කියා ප්‍රශ්න කිරමට සිදුවී තිබේ. එහි සඳහන් වන්නේ "මේ ගහකොළ ඔබගේය. මේ මහ පොළව ඔබගේය. එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන් රැකිය යුතකුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික බාරකරුවාය."නමුත් අද බාරකරුවා අයිතිකරුවා වීමත් අයිතිකරුවා විනාශකරුවා වීමත් කල ජනතාව අසරණ වී තිබේ.

තම දේපළ හා ජාතික ධනය මංකොල්ල කන යුගයක් ජනතාව අපේක‍ෂා නොකලේය. සියල්ල ගොඩනැගෙනවා වෙනුවට තමන් ගොඩනැගෙන ප්‍රතිපත්තිය ජනතාව එකඟ නොවනු ඇත.

මෙය සැබෑ දේශප්‍රේමය නොවන්නේය. දේශප්‍රේමිත්වයට මුවා වී ජාතික ධනය ගසා කන ලද තවත් මහා පරිමාන වංචාවක් වන්නේ මිහින් ලංකා ගුවන් සේවයයි. අප වරින් වර විවිධ අයුරින් මිහින් එයාර් ගුවන් සේවයේ ගණදෙනු පිළිබඳව මූලික කරුණු හෙළිකරනු ලැබුවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වන අයුරින් අපාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව මේ සඳහා මුදල් යොදවනු ලැබීය. ඒ නිසාම මිහින් එයාර් සමාගම නවතම දුෂ්ණ ගණුදෙනුව වී ඇතිතේ ඒ 320 වර්ගයේ ඒ 5 වර්ගයේ එන්ජින් සහිත තවත් ගුවන් යානාවක් මිලදී ගැනීමයි. මෙම ගුවන් යානාව සිංගප්පූරුවේ ඊ්බන දෙ ක‍යසබ් පෞද්ගික සමාගම විසින් සපයනු ලබන ලීසිං හෙවත් කල් බදු ක්‍රමයට මිලදී ගැනීමට යයි. ඒ සඳහා වර්ෂ තුනකින් ගෙවීමේ පදනම මත ඇමරිකාණු ඩොලර් මිලියන් 13.5ක් හෙවත් රුපියල් මිලියන 1350000 වියදමක් දැරිමට ගිවිසුම් ගත වී ඇත. අප දන්නා පරිදි වාහානයක් හෝ යමක් කල් බදු ක්‍රමයට මිලදී ගැනීමේදී ඒ සඳහා ඇප වන්නේ අදාල භාන්ඩයයි. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ අදාළ ගුවන් යානයට අමතරව රුපියල් මිලියන සඳහා මහ

භාණ්ඩගාරය මගින් ඇපයක් ඉල්ලා සිටිමයි. තවද ඒ සඳහා ලංකා බැංකුව වෙතින් ඛක‍ හෙවත් ණයවර ලිපියක් ඉල්ලා ඇත. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් නොඑසේනම් මෙරට ජනතාවගේ මුදල් වක්‍ර ලෙස වංචාවකට යොදවා ඇත.

ඒ සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක‍ෂ විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා අංක 2009}29 :ක‍A-04-08-52- සහ වැඩබලන වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් වෙනම කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව ගුවන් යානා මිලදී



ගැනීමට අට දෙනකුගේ කමිටුවක් පත් කර ඒ නිර්දේශ අනුව මෙය මිලදී ගන්නා ලෙස දන්වා ඇත.

ඉන් පළමු වැන්න අදාළ ගුවන් යානය සිංගප්පූරුවේ ඊ්බන දෙ ක‍යසබ් සමාගමෙන් ලීසං පහසුකම් යටතේ මිලදී ගැනීම. එහිදී ප්‍රශ්ණය වන්නේ එම බැංකුව තොරා ගත්තේ කුමන පදනමකින්ද යන්නයි.

දෙවනුව රුපියල් මිලියන 104.4 වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලයන 662.76ක් දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාග්ධන වියදම් සඳහා ඉල්ලයි. චමල් රාජපක‍ෂ අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව කල්බදු ක්‍රමයට මිලදී ගැනීමෙන් ඊ්බන දෙ ක‍යසබ් සමාගම සහ ූම්රඑැඑ දෙර ඛසපසඑැා සඳහා ණය මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක‍ෂ 135 ක් සඳහා තුන් අවුරුදු ආරක‍ෂණ සහතිකයක් ඉල්ලා ඇත. ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ආරක‍ෂණ සහතිකයක් ලංකා බැංකුවට ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.

අපගේ තර්කය වන්නේ පාඩු ලබන මිහින් එයාර් සමාගමට මහා භාණ්ඩාගරය ඇප සහතික ලබා දෙන්නේ කුමන පදනමක් මතද යන්නයි. ඒ අනුව වර්ෂ අවසානයේ මේ සිය`ඵ මුදල් මේ රටේ මහජනතාවට ගෙවීමට සිදුවනු ඇත. මිහින් එයාර් සමාගම ආරම්භ කොට වර්ෂ හතරක් ගතවීමට ආසන්නව ඇත. මෙම සමාගම එකී වර්ෂ හතර තුළ මේ රටේ ජාතික ආදයමට එකුතු කළ වටිනාකම කොපමණද?

පසුගිය වසර තුනදී පමණක් රපියල් බිලියන 3. 6 ක පාඩුවක් ලබා ඇති අතර තුර රුපියල් බිලියන 1.4 ක ණය මුදලක් ගෙවන්නේ කෙසේද? අද මෙම සමාගම සතුව ඇත්තේ එක් ගුවන් යානයක් පමණි. රුපියල් මිලියන ගණනක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී ඇත. 2009 අයවැයෙන් රුපියල් බිලියන 6 ක මුදලක් එම සමාගමට ලබා දී ඇත. ඊට අමතරව ගුවන් යානා බදු ගැනීම සඳහා ට්‍රාන්ස්සාවියා සමාගමට රුපියල් මිලියන 1100 ක මුදලක් වෙන් කරන ලදි. ඒ අනුව මිහින් එයාර් සමාගම දළ වශයෙන් ලැබිය දිනකට ලැබිය යුතු ආදායම රුපියල් මිලියන 4 කට ආසන්න වුවත් එය පියවා ගැනීමට නොහැකී වී ඇත. මේ අනුව මෙම ණය මුදල් ගෙවන්නේ කෙසේද? අඩු මිල ගුවන් සේවයක් ලෙස සඳහන් වුවත් මෙහි ප්‍රවේශ පත්‍ර වල අඩුවක් නැත. එසේම එම සමාගම චීනයෙන් ගුවන් යානා හයක් සපයා ගැනීමට කටයුතු කර ඇත. ගුවන් හමුදාවේ මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියට පරිබාහිරව මින් ගුවන් යානා 4ක් ගුවන් හමුදාවට ලබාදීමට කටයතු කරමින් සිටී. ගුවන් හමුදාවද රෙට අභ්‍යන්තර ගුවන් සේවයක් පවත්වා ගෙන යයි. ශීත ඝෘතුවේදී අවශ්‍ය ප්‍රවාහන සඳහා මෙම නව ගුවන් යානය සපයා ගන්නා බව සඳහන් වුවත් ශීත ඝෘතුවේ ගුවන් මගින් පැමිණෙන්නේ බටහිර රටවලින් පමනි. ඒ අනුව තමන් පියාසර නොකරන ප්‍රදේශයක සිටින ගුවන් මගීන් තම ගුවන් යානා වලින් මගීන් ප්‍රවාහනය කරන්නේ කෙසේදැයි අප සංවිධානය ප්‍රශ්න කර සිටී.
-Sri Lanka Guardian Read the full story »

ජනරාල් සරත් ෆොන්සේකා ජනපතිට යැවූ ලියුම

| ]
කුඩම්මාගේ සැලකිලි දිග හරී

(November 14, Colombo, Sri Lanka Guardian) ජනාධිපතිවරයා සහ රජය තවදුරටත් තමා කෙරෙහි විශ්වාසයක් හා පැහැදීමක් නොමැති බව පෙනීයන හෙයින් යුද හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට තීරණය කළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියෙන් කියයි.

ජනරාල් ෆොන්සේකාගේ ලිපිය හා ඇමුණුම මෙසේය.

ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය
පිළිබඳ අමාත්‍යාංශයේ ලේ්කම්වරයා හරහා,
අතිගරු ජනාධිපතිතුමා වෙතට,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
2009 නොවැම්බර් 12 වැනිදා

අතිගරු ජනාධිපතිතුමනි

› ලංකා යුද හමුදාවේ නිත්‍ය බලසේනාවෙන් විශ්‍රාම යෑම සඳහා වන ඉල්ලීමයි

දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කරන ජනරාල් ජී.එස්.සී. ෆොන්සේකා ආර්.ඩබ්.පී. ආර්.එස්.පී. වී.එස්.වී. යූ.එස්.පී. ආර්.ඊ.ඩී.එස්. පී.එස්.සී. වන මම 1970 පෙබරවාරි 05 වැනිදා › ලංකා යුද හමුදාවට බැඳුණ අතර, 1971 ජූනි 01 වැනිදා අධිකාරි සේවයට පත් වූයෙමි. දේශපාලනික හෝ අන් මාර්ගයකින් විසඳුමක් සෙවීමට වසර 25ක කාලයක් ගත් උත්සාහයන් ව්‍යාර්ථ වී, ලේ හලන ත්‍රස්තවාදයක් විසින් රට වෙලාගෙන සිටි සමයක, මා කෙරෙහි ඇති විශ්වාසය හා පැහැදීම නිසා 2005 දෙසැම්බර් 06 වැනිදා ඔබතුමා විසින් මා ලූතිනන් ජනරාල්වරයකු ලෙසට උසස් කර යුද හමුදාපති තනතුරට පත් කිරීමට තරම් කාරු‚ක විය.

ඔබතුමා ද දන්නා පරිදි, වසර තුනකුත් මාස හතක කාලයක් මා යටතේ යුද හමුදාව පැවැති වකවානුවේදී එම ත්‍රස්තවාදී ව්‍යාපාරය මුලිනුපුටා දමා එල්ටීටීඊය හා එහි මිනීමරු නායකත්වය තීරණාත්මක ලෙසින් පරාජය කොට ඇදහිය නොහැකි ප්‍රමාණයේ අවිආයුධ තොගයක් සොයා ගැනීමට හැකිවිය. ඔබතුමා ලබාදුන් දේශපාලනික සහාය නිසා අත්කර ගැනීමට හැකිවූ මෙම ඓතිහාසික ජයග්‍රහණය සඳහා යුද හමුදාව මෙහෙයවූයේ මා බව පැවැසීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඬේත්‍ර අණදෙන නිලධාරීන් සහ අනෙකුත් යුද හමුදා සාමාජිකයන් එම පොදු අරමුණ කරා කටයුතු කළද, එය සාක්ෂාත් කරගත හැකි වූයේ මා ලබාදුන් දර්ශනය, නායකත්වය හා ප්‍රධානත්වය හේතුවෙනි.

මා විසින් සිදු කළ සේවාව රට සහ ඔබතුමා විසින් පිළිගැනීමට ලක්වූ බවත් ඒ හේතුවෙන් මා යුද හමුදා සේවයේ යෙදී සිටින ප්‍රථම තරු හතරක ජනරාල්වරයා ලෙසට උසස්වීමක් ලැබුණු බව මා ස්තුති පූර්වකව සිහිපත් කළද, ඇමුණුමෙහි මා විසින් සඳහන්, කරන ඉන් පසුව සිදු වන්නට යෙදුණු සිද්ධීන් හේතුවෙන් මා ඉතාමත් අධෛර්ය ගන්වන සුලූ වූ බව සඳහන් කරමි.

එම ඇමුණුමෙහි සඳහන් කරුණු සහ හෙළි කිරීමට නොකැමැති හේතුන් නිසා මා හට අකැමැත්තෙන් වුවද විශ්වාස කිරීමට සිදුව ඇත්තේ, ඔබතුමා පමණක් දන්නා හේතූන් නිසා ඔබතුමා සහ රජය විසින් මා කෙරෙහි තැබූ විශ්වාසය හා පැහැදීම තවදුරටත් නොමැති බවයි. එම නිසා, වසර 40ක සේවා පළපුරුද්ද සහිතව සේවයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වශයෙන් මාගේ සේවාවන්හි තවදුරටත් කටයුතු කිරීමට පවතින තත්ත්වය ඉඩ ලබා නොදෙයි. එම නිසා, මා ගෞරවපූර්වකව ඉල්ලා සිටින්නේ, 2009 දෙසැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාගේ තනතුරෙහි සේවය හා යුද හමුදාවේ නිත්‍ය බළසේනාවේ සේවය අවසන් කිරීමට අවසර ලබාදෙන ලෙසටයි.

එමෙන්ම මා ගෞරවපූර්වකව ඉල්ලා සිටින්නේ, මාගේ විශ්‍රාම යෑමෙන් පසුව, මා එල්ටීටීඊයේ ප්‍රධානතම ඉලක්කයක් නිසාත් එවැනි ලෙසට ඉලක්ක කර ගැනීමට ඔවුන්ට තවමත් හැකියාව ඇති නිසාත්, සටන් පුහුණුව ලත් හමුදා භටයන්, සුදුසු වෙඩි නොවදින වාහනයක් සහ පරිවාර වාහන වැනි දේ ඇතුළුව මා හට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ඔබතුමා කාරු‚ක වනු ඇති බවටයි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩබ්.කේ. ෙජ්. කරන්නාගොඩ හට හමුදා භටයන් 100කට වැඩි සංඛ්‍යාවක්, පරිවාර වාහන හයක් හා වෙඩි නොවදින වාහනයක් ලබාදී ඇති බව මෙහිදී ඔබතුමාගේ කාරු‚ක අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඔබතුමා ද දන්නා පරිදි මා හට තිඛෙන ජීවිත තර්ජනය හේතුවෙන් මා හටද එවැනිම ආරක්ෂාවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මෙහිදී ඔබතුමාට මා පෙන්වාදීමට අවශ්‍ය උදාහරණයක් වන්නේ, 1984දී අම්රිත්සාර්හි රන්දෙවොලේදී සීක් ජාතිකයන්ට එරෙහිව සාර්ථකව -බ්ලූ ස්ටාර්˜ මෙහෙයුම සඳහා ඉන්දීය යුද හමුදාවට නායකත්වය දුන් හිටපු ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ඒ.එස්. වාඩියා විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් පළිගැනීමක් ලෙසට 1986දී ඝාතනය වීමයි. එල්ටීටීඊයේ මරාගෙන මැරෙන සාමාජිකයකුගේ ප්‍රහාරයට ලක්ව බරපතල තුවාළ ලැබූ මම එවැනි තත්ත්වයකට පත්වීමට නොකැමැත්තෙමි. එම නිසා, ජීවිත කාලය තෙක් මා හට ආරක්ෂාව ලබාදීමේ වගකීම ඔබතුමා හට භාර කරමි.

එමෙන්ම, යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී මා විසින් සිදුකළ ප්‍රකාශයක් මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමි. එහිදී මා පැවසූ හා පසුව ඉටුකළ පොරොන්දු වූයේ, මා සදාකාලිකවම හමුදා නායකත්වයේ සිටීමට අකැමැති බවත් මාගේ අනුප්‍රාප්තිකයා හට යුද වැදීමේ බර නොපටවන බවත්ය. එම නිසා, මාගේ විශ්‍රාම යෑමේ දිනය අවුරුදු හතරකින් පමාව තිඛෙන නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව විශ්‍රාම යෑමට කැමැත්තෙමි.

ඔබතුමාගේ කාරු‚ක සලකා බැලීම පි‚සයි.

ගෞරවාදරයෙන් ඔබතුමාගේ යටහත් සේවක ජී.එස්.සී. ෆොන්සේකා ආර්.ඩබ්.පී. ආර්.එස්.පී. වී.එස්.වී යූ.එස්.පී. ආර්.ඊ.ඩී.එස්. පී.එස්.සී.
ජනරාල්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

රහසිගතයි
ඇමුණුම ඒ
2009 නොවැම්බර් 12

යුද හමුදාවේ නිත්‍ය බළසේනාවෙන් විශ්‍රාම යෑමට හේතූ වූ සාධක
යුද හමුදාව සිය 60 වැනි සංවත්සරය සමරන තෙක් එහි හමුදාපතිත්වයෙහි කටයුතු කිරීමට මා විසින් කරනු ලැබූ ඉල්ලීම නොතකා, කුමන්ත්‍රණයක් ඇතිවිය හැකි බවට නොයෙකුත් බලවේගයන් විසින් ඔබතුමා නොමඟ යැවීම හේතුවෙන් එල්ටීටීඊයට එරෙහි යුද්ධය ජය ගැනීමත් සමගම හමුදාපතිත්වයේ වෙනසක් සිදු කිරීම. කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන බිය පිළිබඳ හමුදාවන් හොඳින් දන්නා කාරණයකි.

යාපනයේ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරියා වශයෙන් අවුරුදු තුනක ආදර්ශවත් සේවයක් සිදු කළ එවකට මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මාගෙන් පසුව යුද හමුදාපතිවරයා ලෙස පත්කරන ලෙසට වූ මාගේ නිර්දේශය නොසලකා හැර හෝල්ඩිං ෆෝමේෂන් අණදෙන නිලධාරියකු ලෙසින් පමණක් අවසන් සටනේදී කටයුතු කළ විනය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත නිලධාරියකු මාගේ අනුප්‍රාප්තිකයා ලෙසට පත් කිරීම.

හමුදාපතිවරයකුට වඩා ජ්‍යෙෂ්ඨ තනතුරක් වුවද සාමන්‍ය ජනයා සහ හමුදාවන්හි සාමාජිකයන් වැඩිදෙනකු නොමග යවන සුලූ සම්බන්ධීකරණ වගකීම් හැර අන් බලතල නොමැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරකීම, වීරවික්‍රමාන්විතව සටනක් සිදුකළ යුද හමුදා සාමාජිකයන් හට හොඳ පාලන තන්ත්‍රයක් සහ ඔවුන්ගේ සුබසාධනය නිසි තත්ත්වයකට ගෙන ඒම සඳහා වූ මාගේ සදාචාරාත්මක බැඳීම ඉටු කිරීමට අවකාශ නොදී යුද හමුදාපති ධුරයෙන් ඉවත් වන ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් යුද ජයග්‍රහණයෙන් සති දෙකකට පසුව බලපෑම් කිරීම හා මාස දෙකකට අඩු කාලයක් තුළදී මාගේ ධුරයේ බලතල භාරදෙන ලෙසට ඔබතුමා විසින් බලකර කියා සිටීම.

එමෙන්ම මාගේ පත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට හිමි බලතල පිළිබඳව මා නොමග යවනු ලැබීය. කලින් පැවතියාට වඩා බලතල එම තනතුරට හිමිවන බවට මා හට ඒත්තු ගැන්වුවද මාගේ පත්වීමෙන් පසුව ආරක්ෂක ලේකම්වරයාගේ උපාය මාර්ගික කටයුතු උපදේශකයා විසින් ලියන ලද ලිපයකින් පැවසුනේ මාගේ පත්කිරීම හමුදාවන් අතර සම්බන්ධීකරණය සඳහා විනා සමස්ත නායකත්වය නොවන බවයි. ඔබතුමාගේ දැනැගැනීම පි‚ස එම ලිපිය මේ සමග අමුණා එවා ඇත. එවැනි ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන්නේ හුමදා නායකත්වයේ බලතල මා හට ලබාදීමට ඔබතුමා සහ රජයේ ඇති නොකැමැත්ත හා මා සම්බන්ධයෙන් ඔබ තුළ අවිශ්වාසයක් පවතින බවයි. යුද ජයග්‍රහණය අත්කර ගැනීමට ඉටුකළ සේවාව සළකා බලන කල එවැනි තත්ත්වයක් ඉතාමත් අධෛර්ය කරවන සුළුවේ.

පසුව පැවැති හමුදා ප්‍රධානීන්ගේ රැස්වීමකදී ආරක්ෂක ලේකම්වරයා සදාචාරාත්මක නොවන ලෙසින් හා අනවශ්‍ය ලෙසින් නිර්භයව පැවසුයේ හමුදාවන් තුනෙහිම ක්‍රියාත්මක පාලනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හට පැවරුණ හොත් එය ඉතාමත් භයානක වන බවයි. මා යටතේ සිටින හමුදා ප්‍රධානීන් ඉදිරියේ සිදු වූ එම ප්‍රකාශය නිසා මම ඉතාමත් අපහසුතාවකයට පත් වුනෙමි.

යුද්ධය අවසන් බවට 2009 මැයි 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පැවැති මුල්ම ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ඔබතුමාද පැවසූයේ තදුරටත් බඳවා ගැනීම් අනවශ්‍ය බවත් ඕනෑවට වඩා බලසම්පන්න යුද හමුදාවක් රටට තිඛෙන බවට ජනමතයක් ගොඩනැගෙමින් පවතින බවත්ය. යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් තම ප්‍රසාදය හා වර්ණනාව නිරතුරුවම ප්‍රකාශ කළ ඔබතුමාගේ මුවින් එවැනි ප්‍රකාශයක් සිදුවීම විමතිය දනවන සුලූවිය. ලබාගත නොහැකි බවට පැවසුණු ජයක් ඊට සතියකට පෙර ලබාගත් ඔබට පක්ෂපාතී යුද හමුදාව ඔබ විසින් සැක කිරීමට පටන් ගෙන ඇති බවට එතැන් පටන් මා හට පෞද්ගලිකව හැඟී ගිය බව පැවසිය යුතුය. යුද හමුදාපති ධුරයේ බලතලවලින් මා ඉවත්වූ පසුවද ඔබතුමා එම ප්‍රකාශය නැවත වරක් සිදු කළේය. එම ප්‍රකාශයන් මා හට ඉමහත් පිළිකුල් සහගත බවක් දනවන සුලූ මෙන්ම යුද්ධයේදී තම දිවිපිදු හමුදා භටයන් හට අතිශය අපහාසාත්මක බව කිව යුතුය.

වත්මන් යුද හමුදාපතිවරයා තම වැඩ භාරගත් වහාම සිදු කිරීමට පටන් ගත්තේ මාගේ සේවා කාලය තුළ දී යුද්ධය සඳහා ඉමහත් දායකත්වයක් ලබාදුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මාරුකර යැවීමයි. යුද හමුදා සේවා වනිතා ඒකකයේ මාගේ බිරිඳ හා සමග කටයුතු කළ කනිෂ්ඨ සේවකයින් පවා මාරුකර යැවුණු අතර එමගින් පැහැදිලි වූයේ නිලධාරීන්ගේ පක්ෂපාතිත්වයට අභියෝග කිරීමක් හා මාගේ බලඅධිකාරිය සම්බන්ධයෙන් වැරදි ප‚වුඩයක් යවා හමුදා නිලධාරීන් අධෛර්යට පත් කිරීමට උත්සාහයක් ගන්නා බවයි.

ජාතිය වෙනුවෙන් ජයක් ලබාගත් යුද හමුදාව කුමන්ත්‍රණයක් කිරීමට සැලසුම් කරන බවට සැකකොට 2009 ඔක්තෝබර් 15 වැනිදා ඉන්දීය රජයට විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු අඟවා එහි හමුදාවන් ඉහළ සෝදිසියෙන් තැබීමට කටයුතු කිරීම ඉතා වේදනාකාරී විය. මලයානු කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසුව ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීමට හැකියාව තිබූ දක්ෂ හා වෘත්තීයමය › ලංකා යුද හමුදාවේ ප්‍රතිරූපය හා කීර්තිය එමගින් ලෝකයා හමුවේ හෑල්ලූවට ලක්විය. ඓතිහාසික ජයක් කරාගෙන යෑමට නායකත්වය දුන් මා හට යුද හමුදාව තුළ ඇති පක්ෂපාතීත්වය මෙම සැකයට හේතුසාධක වන්නට ඇත.

විදේශ චාරිකාවක් සඳහා නිවාඩු ලබාගෙන 2009 ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 05 දක්වා රටින් පිට වී සිටි කාලයේදී යුද හමුදා මූලස්ථානයේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන පිවිසුම් දොරටු අසල සේවයේ යෙදී සිටි මා අයත් වන සිංහ රෙජිමේන්තුවේ භටයන් ඉවත්කොට අනෙකුත් රෙජිමේන්තුවල භටයන් යෙදවීමට තරම් නොබියව කටයුතු කෙරි‚. ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂාව සඳහා වසර හතරක කාලයක් පුරා යොදවා සිටි සිංහ රෙජිමේන්තු භටයන්ගේ හැකියාව ආරක්ෂක ලේකම්වරයාගේ මතයට අනුව එක් රැයකින් අඩුවීම ඉතා විමතිය ගන්වන සුළුවේ. යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙහිදී වාහන පාරීක්ෂා කිරීමේ රාජකාරිවල යොදවා සිටි සිංහ රෙජිමේන්තුවේ සටන් පුහුණුව නොලත් භටයන් සිව් දෙනකු වෙනුවට සන්නාහ සන්නද්ධ බලකායේ සන්නද්ධ භටයන් 14 දෙනකු යෙදවීම හා සිංහ රෙජිමේන්තුවේ සටන් පුහුණුව නොලත් භටයන් සිව්දෙනාගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් හමුදා අනුඛණ්ඩ දෙකක් සේවයෙහි යෙදවීම මගින් විදේශීය තානාපති අංශ කිහිපයක් හා ජනතාව හමුවේ සමච්චලයට ලක් කිරීම.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ගජබා රෙජිමේන්තුවේ භටයන් ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙහි සේවයෙහි යෙදවීම මගින් යුද හමුදාවේ පක්ෂපාතීත්වය ඛෙදීයාමේ තත්ත්වයක් ඇති කිරීම හා යුද හමුදාව දේශපාලනීකරණය වී ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සන්නාහ සන්නද්ධ බළකා සෙබළුන් සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් අභිබවා යා යුතු බවට විශ්වාස කරන වත්මන් යුද හමුදාපතිවරයාද ඊට අනුබල දී තිබීම.

අප දේශයේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා රජයට මා ලබාදුන් පෞද්ගලික දායකත්වය නොසලකා හැර මා දේශද්‍රෝහීයකු ලෙසින් හඳුන්වාදීමට රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු හා අනෙකුත් පාර්ශ්වයන් මගින් ද්වේශසගහත හා අනර්ථකාරී ප්‍රවෘත්ති පළ කිරීම හා කටකථාවලට ඉඩ ලබාදීම

මා විදේශගතව සිටි කාලය තුළදී මාගේ සේවයේ වැඩබැලීමට නිලධාරියකු හෝ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු පත් නොකිරීම මගින් පෙනී යන්නේ වඩාත් කථාබහට ලක්වූ බොහෝ දෙනකු පවසන ආකාරයට එය ඉතා වැදගත් තනතුරක් වූයේ නම් එහි කටයුතු කිරීමට වැඩබලන නිලධාරියකු පත් නොකිරීම තුළින් හැඟී යන්නේ මා විසින් සිදුකොට තිඛෙන සියලූම සේවාවන් නොසලකා හැර මා නොවැදගත් තනතුරකට පත්කොට ඇති බවයි.

සාමාන්‍ය මට්ටමේ සිට වෘත්තීමය තත්ත්වයෙන් ඉහළ තත්ත්වයකට පත් කිරීමට මා ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කළ යුද හමුදාව මේ වනවිට අතරමංව සිටින බව කනගාටුදායක ලෙසින් පෙනී යයි.

යුද්ධයෙන් අවතැන්ව සිටින වැසියන්ගේ වත්මන් තත්ත්වය ද මා හට ඉතා කනස්සල්ල ගෙන කරුණකි. ඔවුන් හට නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් ජීවත්වීමට හැකිවන සේ එල්ටීටීඊයේ කෘෘරත්වයෙන් හා දුෂ්ටත්වයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා දහස් ගණන් එඩිතර සෙබළු තම ජීවිත පරිත්‍යාග කළහ. එහෙත් අද වනවිට ඔවුන්ගෙන් බොහෝ දෙනකු ඉතා දරුණු තත්ත්වයන් යටතේ ජීවත්ව සිටීමට හේතුව වන්නේ රජයේ නිසි සැලසුම්කරණයක් නොමැතිවීම හේතුවෙනි. තම ප්‍රදේශවල වළලා ඇති බිම්බෝම්බ නිසි පරිදි ඉවත් කෙරෙන තෙක් රටේ අන් ප්‍රදේශවල මිතුරන් හා ඥාතීන් සිටින අවතැන්වූවන් හට ඔවුන් සමග ජීවත්වීමට අභිමතය ලබාදිය යුතුය.

මාගේ නායකත්වය යටතේ යුද්ධය ජයග්‍රහණය කළද ඔබතුමාගේ රජය විසින් සාමය දිනා ගැනීම මේ වනතෙක් ද සිදුකොට නොමැත. දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමේ පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති නිසා ලබාගත් ජයග්‍රහණය විනාශ වන හා අනාගතයේදී තවත් නැගී සිටීමක් සිදුවීමේ තත්ත්වයකට පැමිණ තිබේ.

යුද්ධය අවසානයේ සමස්ත රටම බලාපොරොත්තු වූ සාමයේ ප්‍රතිලාභ තවමත් ලැබී නොමැත. ජනතාව මුහුණ පා සිටින ආර්ථීක දුෂ්කරතා වැඩිවී ඇති අතර නාස්තිය හා දූෂණය ඉහවහා ගොස් තිබේ. මාධ්‍ය නිදහස හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයට ලක්වෙමින් තිබේ. අප මාතෘභූමියට සාමය හා සමෘද්ධිය ඇති නව යුගයක් උදාකරලීමට අපහට හැකිනම් යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාව විසින් සිදුකළ නොයෙකුත් කැප කිරීම් අපතේ යාමක් නොවනු ඇත.
-Sri Lanka Guardian Read the full story »

විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපතියාණෝ

| ]
By Taboo
ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

කනා මිණි වළලු නැඟි රැස් මල් කැණැතී
මනා දිඟු ඇඟිළි නව තඹ ළපලු ඇතී
දනා කැමැති දෙන පළඹත එසුර පතී
දිනා දිමුතු සිරි අතු සුරතුර පැවතී
– සැළලිහිණි සන්දේශය, විභීෂණ දේව වර්ණනාව

(November 14, Colombo, Sri Lanka Guardian) පෙර කළ මහ පිනැති, ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ විමල් වීරවංශ මැතිසඳ විබිසණ සුරිඳුන් හා සමවනුයේ, සිරි රහල් හිමියන්ගෙන් ණයට ගත් උපමාවකින් කියැවෙන ලෙසට උහු දෑත් සුරතුරෙහි ශාඛාවන් හා සැසඳිය හැකි හෙයින්ම නොවේ. දක්ෂිණ දේශය අඩවිය කොට ගත් විබිසණ සුරිඳුන් සේම වීරවංශ මැතිඳෝද තම පිළ හැර දමා පසමිතුරු පිළෙහි සරණ සොයා ආවෝය. එසේ අවුදින් තම පැරැණි පිළට “අහා, තෙල සුළුදිය කොල්ලනි, අපට මිස තොපට දිනුම් නොවේය” කියමින් මහත්වූ නිග්‍රහ කළෝය.

මේ සකල සමානතා අතරට තවත් නවමුවක් එක් කෙරෙමින් වීරවංශ මැතිඳෝ දැන් කලකට ඉහත විබිසණ දෙවිරදුන් තම ප්‍රාසාදය ගොඩ නැංවූ කැළණි ගං මිටියාවතෙහිම තම කුටුම්භය උදෙසා කොත් අගට මිණි පැමිණිය රමණීය තෙමහල් පායෙක් ගොඩ නඟමින් සිටිති. රාවයේ අලුගුත්තේරු මාද්දියකාරයින් කියන හැටියට මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් වලින් නම් සිව් කෙළක් (පර සුද්දාගේ මිලියන වලින් හතළිහක්) ඉක්මවන්නේය. ඒ ආරක්ෂක පද්ධති හා පිහිනුම් තටාක වැනි සුකුරුත්තම් නැතිවය. ඒවාට තව අමතර වැයක් විය හැකිය. මේ තෙමහල් පායෙහි බිම් මහළෙහි වපසරිය පර්චස් දහයකි. ඉඩම පර්චස් තිහකි. පර්චසයක වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට එපිට මිස මෙපිට නොවන හෝකන්දරිනි. ඉඩමේ වටිනාකමද මේ කෝටි හතරට අමතරවය.


බාල්දුවුණු රුපියල් වලින් පවා කෝටි සතරක් හෙවත් මිලියන හතළිහක් (40,000,000) යනු සුළුපටු මුදලක් නොවෙයි. මසකට රුපියල් 20,000ක ආදායමක් ලබන සාමාන්‍ය රජයේ සේවකයකු ඒ වෙනුවෙන් මාස 2,000ක් එනම් වසර එකසිය හැටහතක් (167) කැඹරිය යුතු වන්නේය. ශ්‍රී ලංකාද්වීපයෙහි මන්ත්‍රීශ්වරයකුගේ මාසික වැටුප සියළු දීමනා සමඟ රුපියල් ලක්ෂයකට ආසන්නය. වසරකට ඒ රුපියල් ලක්ෂ දොළහකි. තමා මන්ත්‍රීවරයකු වූ වසර අට මුළුල්ලේ නොකා නොබී, ඇඳුමක් කැඩුමක් මිළට නොගෙන සිය පවුල සමඟ හෙළුවෙන් පිටකොටුවේ බෝධිය යට නිදාගෙන, දේශයේ දූ පුතුන්ගේ සම්පත් බැංකුවේ සියයට දහසයේ ස්ථිර තැන්පතුවල දමා ඉතිරිකළත් වීරවංශ මැතිඳුන්ට ඉතිරි කරන්නට ලැබෙන්නේ රුපියල් මිලියන විස්සකට හෙවත් කෝටි දෙකකට සමාන මුදලකි.

දේශප්‍රේමී අවංක විමල් වීරවංශ මැතිඳුන් මහාජන මුදලින් රුපියල් කෝටි හතරක් පිල්ලි ගැසුවාය අපි මොහොතකටවත් නොසිතමු. එවැනි ජරා වැඩ කරන්නේ NGO ඩොලර් වලින් වැටුප් ලබන (අපගේද බ්ලොග් සෘහදයන් වන මකබාස්, Beyond Frame, තරංග ජයසේන හෙවත් කූඹියාද ඇතුළු) ඩොලර් කාක්කන්ය. දේශප්‍රේමීන්ට රුපියල් කෝටි හතරක් උපයා ගැනීමට ඕනෑතරම් සම්මා ආජීවයන් ඇත්තේය.

සමහරවිට එය ප්‍රාතිහාර්යයකින් ලැබෙන්නට ඇත. විමල් වීරවංශ මැතිඳුන් දිවා රෑ නැතිව, සීගිරි වන්දනාවකටවත් ඉස්පාසුවක් නොගෙන රට ජාතිය, ආගම රැක ගැනීම සඳහා දරණ උදාර මෙහෙවර ගැන පඬුපුල් අසුන හුණු වූ සක් දෙවිඳුන් හොර රහසේම උහුගේ ගෙදර පිළිකන්නේ කැරට් විසිහතරේ මසු දහසක පැසෙක් දමා ගියා විය හැකිය. නැතිනම් තිස් තුන් කෝටියක් සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවන් රුපියල ගණනේ හැට් කලෙක්ශන් පාරක් දමා ඒ මුදල ඔහුගේ ගිණුමට බැර කළාද විය හැකිය. එසේද නොමැතිනම් සිව් මහ බඹුන් පෙළහර පා වීරවංශ මැතිඳුන් බැහැර කෙරෙන අසුචි, සිරුරු කිස නිමවන මොහොතේම දඹ රත්තරන්වලට පරිවර්තනය කළ දුන්නාද නොවෙන්නටම බැරිය.

අනෙක් අතට මේ මුදල වීරවංශ මැතිඳුන්ගේ පිය ඇඹෙනිය වූ ශීර්ෂා උදයන්ති රණසිංහ හෙවත් ශෂී වීරවංශ මැතිණියන් විසින් සෙව්වාද විය හැකිය. රාවය කියන හැටියට නම් ඇයට රැකියාවක් හෝ ව්‍යාපාරාදී ආදායම් මාර්ගයක් නැත. ඇය බඳු රුවැති කතකට මසුරන් සොයන්නට රැකියාවක් හෝ ව්‍යාපාරයක් ඇවැසි නැති බැව ඒ උපන්ගෙයි මෝඩයෝ නොදනිති. එක රැයකට ඇය වැනි සුන්දර ළඳකට කොපමණ මුදලක් උපයා ගත හැක්කේද? ලෙහෙසියෙන්ම ඇයට දිනෙකට රුපියල් විසි දහසක පමණ ආදායමක් ලබා ගත හැකිවනු ඇත්තේය. ඉතින් රුපියල් කෝටි හතරක් සෙවීම මහ කජ්ජක්යැ? ඉදින් වීරවංශ මැතිඳුන්ට මහාජන මුදල් ගසා කන්නට කවර නම් අවශ්‍යතාවයක් වේද? උහු එසේ කළාය චෝදනා කරන්නන්ගේ මුඛයන්හි ශෂී වීරවංශ මැතිණියන්ගේ පියොවුරු වලටද වඩා විශාල ගෙඩි හට නොගත යුත්තේද?

විමල් වීරවංශ මැතිඳුනට ප්‍රාතිහාර්යයෙකින් මේ සිව් කෙළක් ධන සම්භාරය පහළ වන්නට ඇත්තේ හෝ උහු ඇඹෙනිය විසින් ඒ මුදල උපයන්නට ඇත්තේ මැතිඳුන් “කම් ඕ, ගෝ චිකාගෝ” කියා ජනතා විමුක්ති පෙරමුණින් රජ වාසලට බඩ පිණුමක් ගැසුවාට පසු වන්නට ඇතැයි අපගේ අවංක කල්පනාවය. මක් නිසාද යත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීශ්වරයන්ට වැටුප් ලබා ගැනීම තහනම් කොට ඇති බැව් අප අසා ඇති හෙයිනි. උන්ගේ ඉපැයීම් සියල්ල පක්ෂ අරමුදලට යායුතුලු. කුටුම්භ රක්ෂණයට බර පැණ සැපයෙන්නේ පක්ෂයෙන්ලු. (සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීශ්වරයාට නම් අනෙකෙකු විසින් ගැබ්බර කරන ලද ළඳක් භාර්යාව හැටියට දායාද කොට දුන්නේද පක්ෂයයි. කෙසේවෙතත් ඒ අතුරු කතාවෙකි.) ඉදින් වීරවංශ මැතිඳුන්ට පුද්ගලික වස්තූන් කොහි වෙයිද?

මහ පිනැති විමල් වීරවංශ මැතිසඳ දේශප්‍රේමය විකොට මසුරන් ඉපැයීය යන චෝදනාව අප අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමු. පර සුද්දන්ට මේ රට සූරාකෑමට ඉඩ නොදීමෙන් උහු කරන ලද මහඟු සේවාව කෙතරම්ද? මව්බිම ලංකා පදනමේ (දොන්) ආරියසීල (ඩි සිල්වා) වික්‍රමනායකලා, කුලතුංග රාජපක්ෂලා, වේගපිටියලා උන් කරන ලද මේ සේවාව සලකා බලා වැඩිම උනොත් දරුවකුට පොල් ටොපියක් දෙකක්, මිළෙන් අඩු DSI සපත්තු කුට්ටමක් හෝ ගෙදර පාවිච්චියට ගෑස් සිලින්ඩරයක් දෙන්නට ඇත. එසේ නැතිව දේශප්‍රේමය වෙන්දේසි කොට අසදාචාරාත්මකව සිව් කෙළක් ධනය සොයන්නට තරම් අමනයකු නොවේ වීරවංශ මැතිසඳ. එවැනි මාටියා ගැසීම් කළේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේලාය; රවි කරුණානායකලාය; නිමල් සිරිපාල ද සිල්වලාය. දේශප්‍රේමී විමල් වීරවංශ මැතිසඳ සර්ෆ් එක්සෙල් වලින් නහවා ගත් ආකාරයේ පාරිශුද්ධ පොලිතීසියෙකි. මහාජන මුදල් මාටියා ගසනවාට වඩා පිය බිරිඳ වෛශ්‍යා වෘත්තියෙහි යොදවා කුටුම්භ රක්ෂණයෙහි නියැලීම නම්බුකාර බැව් ඔහු නොදන්නෙහිද?

අපිදු ගරු විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපති පොලිතීසියාට සුබ ගමන් පතමු. එමතු නොව අපගේ දේශප්‍රේමී පාඨකයන්ට උන්ට සුබ පැතීම උදෙසා කමෙන්ටු තීරුවද විවර කොට ඇත්තේය.
-Sri Lanka Guardian Read the full story »

ආණ්ඩුවේ කෙණහිළිකම් මැද අකුරට වැඩ සාර්ථකයි.

| ]
(November 12, Colombo, Sri Lanka Guardian) ඛනිජ තෙල්. විදුලි, වරයා, ජල වෘත්තීය සමිති එකතුව විසින් සංවිධානය කරන ලද අකුරට වැඩකිරීමේ වෘත්තීය කි්‍රයාමාර්ගයේ සාර්ථකභාවය පිළිබඳ හෙළිදරව් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්විණි.

මෙහිදී වෘත්තීය සමිත නායකයන් විසින් පෙන්වා දෙනු ලැබූවේ 2010 දී රාජ්‍ය සේවකයන් හට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප්‍රකාශ කිරීමට හෝ ආණ්ඩුවට සිදුවූයේ තම ආයතන 04 විසින් ආරම්භ කරන ලද වෘත්තීය කි්‍රයාමාර්ගය නිසාවෙන් බවයි.

එහෙත් තම ආයතන 04හි සේවකයන් බලාපොරොත්තු වන්නේ 2009 ජනවාරී සිට වැටුප් වැඩිවීමක් බවත් නමුත් ආණ්ඩුව පවසා සිටියේ 2010 දී ලබා දෙන්නේ 2009 නොවැම්බර් සහ දෙසැම්බර් මාස පමණක් ඇතුලත්ව වැටුප් වැඩිවීමක් බැවින් එයට එකඟ විය නොහැකි බව ද සමිති නියෝජිතයෝ මෙහිදී පැවසීය.
තවද ඛනිජ තෙල් සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ සේවකයන් හට 22%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ආණ්ඩුව යෝජනා කළත් එම ආයතනයන්හි සේවකයන් කිසිසේත්ම එයට එකඟ නොවූ බවත් නියෝජිතයෝ සඳහන් කරන ලදී.

ඊට අමතරව මෙම වෘත්තීය කි්‍රයාමාර්ගය හේතුවෙන් දැඩි කළබලයකට පත්වී සිටින ආණ්ඩුවේ බලධාරීන් සේවකයන් හට මරණ තර්ජනය කරමින් ද පහර දෙමින් ද සිටින බව පැවසූ වෘත්තීය සමිති නියෝජිතයෝ මේ මොහොත වන විට වරායේ සේවකයන් හට මෙවැනි තත්වයකට මුහුණ පෑමට සිදුව ඇතැයි ද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව තම ඉල්ලීම් වලට ඇහුම්කන් නොදී අකුරට වැඩ කි්‍රයාමාර්ගයට බාධාකිරීමට මෙවැනි මර්ධනීය කි්‍රයාමාර්ගවලට යොමු වුවහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති කි්‍රයාමාර්ගවලට අවතීර්ණය වීමට පසුබට නොවන බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කළෝය.

ලංකා විදුලි සේවක සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ජාතික සේවක සංගමයේ වරාය ශාඛාව, වරාය ප්‍රගතීශීලී නිදහස් සේවක සංගමය, සුහද වරාය සේවක සංගමය, ඛනිජතෙල් පොදු සේවා සංගමය, ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාව යන සංගම් නියෝජනය කරමින් එහි වෘත්තීය සමිති නායකයන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය කි්‍රයාමාර්ගය හෙට (13) මධ්‍යම රාති්‍ර 12න් පසු අවසන් වීමට නියමිතව ඇත.

-Sri Lanka Guardian Read the full story »