විලිලැජ්ජාව වෙනුවට
9:28 AM // 3 comments // Sri Lanka Guardian // Category: buddhism , religion , sri lanka //නිලන්ත ඉලංගමුව
බෞද්ධ හාමුදුරු නමකට පිළිතුරු ලිවීමට මම කිසිම දිනෙක අපේක්ෂා නොකළ කටයුත්තක් වුණත් ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අද දින ලංකාදීපයට ලියු ලිපිය කියවීමේදී ඇති වූ පිළිකුල සේම අනුකම්පාව නිසා ඊට පිළිතුරක් නොදී සිටීමට නොහැකිය. මුලික වශයෙන් බෞද්ධයෙක් ලෙස ඉපදී පසු බෞද්ධ නාමයෙන් ඇති පට්ටපල් බොරුව තේරුම් ගැනීමට තිබු අවශ්‍යතාවය තුළින් ලැබුණු අවස්ථාව නිසා ආගම නමැති උන්මන්තක ව්‍යාජය අත්හැර, සිද්ධාර්ථ ගෞතම වැනි ශ්‍රේෂ්ට දාර්ශනිකයින් පැවැති අඳුර දුරලීමට ගත් වෙහෙස සහ එය නෂ්ට කිරීමට හින්දු බමුණන් කළ උපක්‍රම ගැන සෙවීම ලංකාවේ හාමුදුරු වේසයෙන් සිටින දුෂ්ට බමුණන්ගේ උපදෙස් පිළිගැනීමට වඩා වටිනා බව අවබෝධ වූ සරල සත්‍යකි. එබැවින් ලංකාව විෂයෙහිලා මා විසින් අදහන සම්ප්‍රදායක් ( එය රාජපක්ෂ ඇතුළු බලය තහවුරු කිරීමට කළ හැකි සියලු දේ කරන අය සිංහල- බෞද්ධ ලෙස කියති. ) නොමැති අතර ඒ තුළ එකී සම්ප්‍රදායේ මුර දේවතාවුන් වන හාමුදුරුවරුන්ට පිළිතුරු සැපයීම කිසි ලෙසක වටිනා කමක් නොමැති බව පැවැති අදහස විය. අදාල ලිපිය ලියු ගල්බොඩ හාමුදුරුවෝ, හින්දි බමුණු මතය පැලපදියම් කොට බෞද්ධ දර්ශනය තුළටද හින්දු මතවාදය එනනත් කොට බෞද්ධ දර්ශනය විනාශ කළ අධිසංකාර වැනි අය ගැන දන්නේදැයි මම නොදනිමි. පෙනෙන හැටියට උන් වහන්සේ ඒවා ගැන හැබයින් තබා සිහිනයකින්දු අසා නැතුවා විය හැකිය. නොඑසේනම් තම පැවැත්ම උදෙසා සියල්ල සඟවා සිටිනවා විය හැකිය.
මෙහිදී අදාල විෂයට පිවිසීමට පෙර, මා මුලදී ඉදිරි පත් කළ අදහස එනම් බෞද්ධ හාමුදුරු නමකට පිළිතුරු ලිවීමට කිසි දිනක මා සිතු කරුණක් නොවූයේ මන්ද යන්න ඉතා කෙටියෙන් පැහැදිලි කිරීම වටී. මන්ද එවැන්නක් ලිවිම බිරී අලින්ට වීණා වැයිමක් වැනි යැයි මා තුළ මුල සිටම තිබු විශ්වාශය විය. සැබවින්ම එය එසේය. සැබෑ බෞද්ධ දර්ශනය ගැන සෙවීමට හෝ එය ඉන්දියාවෙන් තුරන් කිරීමෙන් පසු බෞද්ධ යැයි නිෂ්පාදනය කළ හින්දු ප්‍රචාරණ ක්‍රමවේදය බදා ගන්නවා වෙනුවට එය අහිමි වීමට හේතුව සෙවීමට මෙරට බික්ෂු සාසනය කාලය කැප කළේනම් පවතින සමාජ වට පිටාව වෙනුවට අපි අබිමුකව මීට වඩා ගැඹුරු හරයාත්මක පදනමින් යුත් සමාජ වියුහයක් අපට උරුම විය හැකිව තිබුණි. නමුත් මෙරට බික්ෂු සාසනය නිවට, දියාරු සහ උදච්ච ප්‍රජාවක් බවට පත්වූවා පමණක් නොව එය බලය දෙසට අවනත වූ රූකඩයක් බවට පත් විය. වර්තමානයේදී එය රජජපක්ෂ විසින් රටේ සියලුම මුලිකාංගයන් විනාශ කොට එය තමන්ගේ බුදලයක් ලෙස සලකා කෙලසමින් සිටන අවස්ථාවක, එය එහෙයි යැයි පිළිගත්තා සේම අතීතයේදීද මෙකි භික්ෂු පරපුර මේ ආකාරයෙන්ම හැසුරිනි. එනම් මෙරට අසරණයින්ගේ බදු මුදල් සුරාගෙන එය තමන්ගේ මුදල් යැයි පෙන්වා බලය වැඩි කරගත් ඕනෑම රැවටිලිකාර සල්ලාලයකුට මෙරට ජනතාවගේ මාතෘභුමිය කෙළසීම සඳහා සිරි යහන් සකස් කර දුන්නා සේම වර්තමානයේදීද ඔවුන් කරමින් සිටින්නේ එයයි. මෙවැනි අයවලුන්ට ලිවිම වැදගැම්මකට නැති දෙයක් ලෙස මුලදී පෙනුනත් අඩු තරමින් ඒ ගැන සටහන් හෝ කිරීම වටින්නේ යැයි සිතෙන්නේ පැවැති තත්වයට වඩා වර්තමානයේදී සිදුවන ශෝචනීය නාඩගම් දෙස බැලීමේදීය.
මොළේ කඳුලක් හෝ ඇති මෙලොව මී හරකෙකුටවත් පිළිගත නොහැකි වටපිටාවක තමන්ගේ මාතෘභුමිය කෙලසන සල්ලාලයකුට සොඳුරු අග්ඥාදයකයෙකු වීමට යැයි ප්‍රකාශ කිරීමට තරම් මෙරට හමුරුදුරුවරුන් නිවට වූහ. වර්තමානයේදී මුන් වහන්සේලාට ඇති ගැටලුව වන්නේ තමන් කෙතරම් දුරට ඒ " මහා රජාගේ " සිත සැනසුවද යන්න මිස රටේ පවතින සැබෑ ගැටලු ගැන සැලකීම නොවේ. එක් අයෙක් රටේ නායකයාට " සොඳුරු" ආඥ්ඥාදායකයකු වෙන්න යැයි කියන විට, තව පිරිසක් ලංකාව ලෝකය හමුවේ විහිලුවට ලක් කළ මර්වින් සිල්වා වැනි අයවලුන් යලි ඇමති ධුරයේ පිහිටුවන්නැයි යැදීම් කළේ මේ නිසාය. ඒ ඔක්කොටම වඩා තමන් " දීමේ" ප්‍රමුකයා යැයි සිතන ගංගාරාමයේ පොඩි හමුරුදුවෝ අදාල ලිපියෙන් කියන්නේ, " .... දියුණු රටවලට පවා නැති කිරීමට නොහැකි වූ ත්‍රස්තවාදය සමුල ඝාතනය කළ වත්මන් ජනාධිපති තුමාට ඒ කළ සත් කාරයට පමණක් මල් පුදා උපහාර දැකිවිය යුතුය." දඹුල්ලේ හමුදුවන් විසින් රටට කියූ සොඳුරු ආඥ්ඥාදයකයා ගංගාරාමයේදී දෙවියෙකු කොට ඇත. එසේම හෙතම තව දුරටත් කියන්නේ, ... " අපේ පරණ කියමන වූ ' අල්ලේ නැටවීම ' ජනාධිපතිතුමා විසින් අනුගමනය කළ යුතුමය, යන්නය. ඊට හේතුව ලෙස අදාල හිමිනම සඳහන් කරන්නේ කෘතගුණ සැලකීමක් ලෙසය.
සැබවින්ම ඔවුන්ට බෞද්ධ දර්ශනය ගැන අබ මල් රේණුවක හෝ ගෞරවයක් තිබේ නම් මෙවැනි ඔලමොට්ටල කතා රචනා කරන්නේ යැයි සිතීම උගහටය. ස්ත්‍රී දුෂකයින් සහ ඝාතකයින් ජනධිපති සමාව යටතේ නිදහස් වන වටපිටාවක, පළිගැනීමේ චේතනාවෙන් පිහිටුවා ගත් රාජපක්ෂගේ යුධ අධිකරණය ලෝකයේ හොඳම හමුදා පතිවරයා ලෙස රාජපක්ෂ විසින්ම නම් කළ ජනරාල් ෆොන්සේකාට කරන හිරිහැර දැක දැකත් මෙකි බික්ෂු පරපුර රජුට මල් පුදා උපහාර කළ යුතු යැයි කියති. එසේම එකතරා කාන්තාවක් ඔහුට අනුව "රත්නයක්" යැයි කියති. එලෙබෙන සතියේදී ජනාධිපති රාජපක්ෂගේ බිරිඳට හෝ මෑතකදී රාජපක්ෂගේ 18වන ව්‍යවස්ථා සංශෝදනයට කැමැත්ත දීමට ආණ්ඩු පිලට පනිනු ලැබූ කාන්තාවට හෙතම එසේ නොකිව්වොත් පුදුම විය යුතු නැත. එය ඔහුගේ වුමනාව මත තීරණය වන දෙයක් පමණි. මෙම හිමිනම කෙනෙකුගේ වටිනාකම තීරණය කිරීම සඳහා ගන්නා මිනුම් දණ්ඩ කුමක්දැයි සිතාගැනීම එතරම් අපහසු නැත. එය පිරිමි පාර්ශවයක් කෙරෙහි නම් බලය හෝ මුදල් මතද ස්ත්‍රී පර්ශවක් කෙරෙහි නම් ඇතැම් පිරිස් කරන්නා සේ රාත්‍රියේදී කරන තක්සේරු කිරීමද පෙනෙන හැටියට ඔහුගේ මිනුම් දඬු වේ. ලිපිය පුරා ඇති අදෝනාව සහ ශුක්ෂමව සිදු කරන ඇතැම් පිරිස් ගැන විශේෂයෙන් ස්ත්‍රී වර්ණනාවද අනුවේදනීය වන්නා සේම, ලංකාව රාජපක්ෂ යටතේ යුටෝපියාවක් යැයි සිතාගෙන ආණ්ඩු කරණය සඳහා ලබා දෙන නල්ල මලේ උපදෙස්ද කදිමය.
මානව ශිෂ්ටාචාරය දියුණුවෙත්ම ඊට මුලික නීතයක් අවශ්‍ය වූයේ, පාලකයා සර්ව බලධාරී දේවත්වයෙන් කඩා මහජනතාවගේ කැමැත්ත පරිදි තෝරා ගැනීමට තීරණය කිරීමෙනි. එසේම පාලකයා ගැන ඕනෑම අවස්ථාවක ප්‍රශ්න කිරීමට හැකි වූයේ ඔහු හෝ ඇය පාලිතයින්ගේ බදු මුදල් වලින් ජීවත් වන හෙයිනි. ගංගාරාමේ පොඩි නමට අනුව රාජපක්ෂ කොටි සමුල ඝාතනය කළ නිසා ජනතාව ඔහුට මල් පිදිය යුතුය. නමුත් අමතක කොට ඇත්තේ ජනතාව ඔහුට චන්දය දුන්නේ එය අහවර කිරීමට මිස වෙන බේබදු සිහින දැකීමට නොවන බවයි. එය ජනතාව විසින් පාලනයට පත් වන්නන් මත පැට වූ වගකීමක් මිස ඔහුන්ගේ තනි පුගල පෙළහර පෑමක් නොවේ. රටක ආගමක් සහ අහි උන්නතිය සඳහා කටයුතු කළ යුතු අයෙක් මේ මට්ටමට තල්ලු වීම සහ පාලකයෙකුට රිසි සේ රට අල්ලේ නැටවිය යුතු යැයි කියා සිටීම පවතින මර්දිත වැඩපිළිවලේ ප්‍රතිපලයක් මිස වෙන කිසිවක් නොවේ. නිතිය, ශිෂ්ටත්වය මරා දමා ඇති රටක එහි විත්ති පාර්ශවයක් වන බික්ෂු පරපුර පවතින මායාව තුළ සුන්දර සිහින දැකීමට සාමාන්‍ය ජනතව තල්ලු කොට තම සුළු අපේක්ෂා ඉටු කර ගැනීමට දරණ අයුරු මෙයින් පැහැදිලි වේ.
ගංගාරාමේ පොඩි නම කියන පරිදි ජනාධිපති අල්ලේ නැටවීම කළ යුතුමය. කිව්වත් නැතත් සිදුවන්නේ එයයි, එය තුළ පොඩි නම කියනවාට වඩා සිදුවන්නේ ලෝකය සහ රට හමුවේ උන්මන්තකයෙන් බිහි වීම හැර හෙතම සිහින දකින පරිදි පරමාදර්ශ හෝ ඔහු කියන පරිදි මල් පිදිය යුතු චරිත බිහිවම නොවේ . මෙහිදී උන් වහන්සේ මතක තබා ගත යුතු මුලික කරණය වන්නේ, රටක් අල්ලේ නැටවූ එකම නායකයා මහින්ද නොවේ යන්නය. එසේ දාරක ප්‍රේමයෙන් හෝ උතුරා ගිය මාතෘ (තම මව් බිබ කෙරෙහි වූ) සෙනෙහසින් රටවල් අල්ලේ නැට වූ නායකයින් ලෝකයේ බොහෝය. ඒ ගැන කිසිවක් නොදන්නේ නම් ලංකාවේ බික්ෂු පරපුරට කොසේ වෙතත් ගංගාරාමේ පොඩි නමට ලෝක ඉතිහාසය ගැන ලියු පාසල් පෙළ පොත් ලබා දිය යුතුව ඇත. සැබවින්ම ලාංකීය බික්ෂු සමාජය, සමාජ උන්නතියේ නොව සමාජ විනාශයේ මුලික විෂයක් වූ ආකාරය තේරුම් ගැනීම මෙවැනි ශෝචනීය අදහස් කියවීමේදී ඉතා පහසුය. මෙය ගංගාරාමයෙන් ඇසෙන හඬ නොවේ, සමස්ත භික්ෂු සාශනයේ නිවට බව පෙන්වන මුලික උදාහරණයක් පමණි. එනම් ලාංකීය බික්ෂුව ලෙස රටට පෙන්වන සංකේතය රැවටිලි කාරයෙකුගේ අනුරූපයක් මිස එහි ඇති වෙනත් ගත යුත්තක් නොමැත. එය බිම් මට්ටමේ සිට මහනායක මට්ටම දක්වා සිදු කරණ පුර්ණ ශෝදනයකින් හැර විසඳිය හැකියි සිතීම කිසිම දිනෙක හැබෑ නොවන සිහිනයකි. මොවුන් අනුගමනය කරන්නේ බෞද්ධ දර්ශනය නොවේ. නමුත් හින්දු බමුණන් සමාජය ගොනාට අන්දවමින් තම පැවැත්ම තහවුරු කර ගත්තේ මෙලෙසය. ගංගාරාමේ පොඩි නම තුළින් එවැනි අනෙකා මුලාවට පත් කරණ හින්දු බමුණන්ගේ ප්‍රතිබිම්බය මිස වෙනත් කිසිඳු සත්බාවයක් නොපෙනේ. කාලය එළබ තිබෙන්නේ තම චීවරය ගැන අමතක කොට දමා " මහරජාණෝ" අබිමුකව දන නමස්කාර කොට මල් තබා පුද පුජා පැවැත්වීමටය.
Related posts :
3 comments for this post
Leave a reply
2008 - 2009 Sri Lanka Guardian. Content in my blog is licensed under a Creative Commons License.
- template designed by RRRRRRR.
- Powered by Google.


Anonymous
September 20, 2010 10:32 PM
Are you insulting to great relegion????
Anonymous
September 23, 2010 1:16 PM
If telling truth is an insult Lord Buddha insulted first by doing it. I fully agree with the author. Today the maha nayakas and podi nayaka will be the dawa daththaas if Lord Buddha happens to be here !
සමීර ආර්.
October 7, 2011 10:39 AM
මම ඔය ටික නොකිය හිටියෙ අපි පෲතුඩ්‍රීසියෙන් ආපු එවුන් කියන නිසයි! නැත්තන් ඔය ලිපිය ලියල ගොඩක් කල්