(July 03, Colombo, Sri Lanka Guardian) නොහොඳ නෝක්‌කඩුකම් අතීතයට භාරදී හොඳහිත අනාගතයට ගෙන යායුතුව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටේ සංවර්ධන හා ප්‍රතිසංධාන කටයුතු පිළිබඳ සර්වපාක්‍ෂික කමිටුව අමතමින් පැවැසීය.
ජනාධිපති මහින්aද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රථම වරට ඊයේ (02 දා) මෙම සර්වපාක්‍ෂික කමිටුව රැස්‌විය.
ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ මෙම සර්වපාක්‍ෂික කමිටුවට ද්‍රවිඩ ජාතික සංධානයද සහභාගි වීම විශේෂත්වයකි.
සර්වපාක්‍ෂික කමිටු රැස්‌වීමේ මූලාසනයේ කතාව කරමින් වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.
සියලුම දේශපාලන පක්‍ෂ කැඳවීමෙන් අප බලාපොරොත්තු වන්නේ රටේ සංවර්ධනය හා ප්‍රතිසංවිධානය පිළිබඳ සර්වපාක්‍ෂික එකමුතුවක් ඇතිකරගෙන එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යැමටයි.
පසුගිය කාලයේ ත්‍රස්‌තවාදය හේතුවෙන් මිනිස් අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි වී ගිය ජනතාවක් අප රට තුළ හිටියේ. මානුෂික මෙහෙවරකින් පසු අප ඒ ජනතාව මුදාගනු ලැබුවා. ලෝකයේ වැඩිම ප්‍රාණ ඇපකරුවන් ප්‍රමාණයක් මුදාගෙන ඒ අවතැන් වූ ජනතාවගේ බිඳුණු සිත් සැනසීම දැන් අප කාගේත් වගකීමක්. එය රජයක, එක පක්‍ෂයක වගකීමක් පමණක් නොවෙයි. මේ වෙනස්‌කම් සෙවීමට කාලය නොවෙයි. දැන් අප අතර සමානකම් බලා වැඩපිළිවෙළකට යායුතු කාලය ඇවිල්ලා. නොහොඳ නෝක්‌කාඩුකම් අතීතයට භාර දී අනාගතයට ගෙනයායුත්තේ හොඳ හිතයි.
අද අපි මානුෂික මෙහෙයුම අවසන් කර මානුෂික මෙහෙවර කරගෙන යනවා. සර්වපාක්‍ෂික කමිටුවෙන් සියලු දෙනා බලාපොරොත්තු වන්නේ ඒ ප්‍රදේශ පුනරුත්ථාපනය කර සංවර්ධනය කිරීමයි. සංවර්ධනය හා ප්‍රතිසංධාන කටයුතු තනිවම සිදු කිරීම අපහසුයි. ඊට අප සියලුම දෙනා එක්‌විය යුතුයි.
උතුරේ කඳවුරුවල පුද්ගලයන් 2,90,000 ක පමණ ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය පිළිබඳ ඔවුන් නැවත පදිංචි කරවීම, ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම කළයුතු ආකාරයත් මෙමගින් සාකච්ඡා කරනවා.
මෙම කමිටු රැස්‌වීමේදී සියලුම දේශපාලන පක්‍ෂ තම ස්‌ථාවරය ප්‍රකාශ කිරීමත්, ඊට දැක්‌වූ සහයෝගයන් පිළිබඳවත් ස්‌තුතිය පිරිනැමෙනවා. අපි සියලු දෙනාගේම වගකීම මේ ප්‍රදේශවල අවතැන් ජනතාව හැකි ඉක්‌මනින් නැවත පදිංචි කර ප්‍රදේශ සංවර්ධනය කර ඔවුන්ගේ තැලුණු සිත් නැවත එකතු කිරීමට සුqදුසු වාතාවරණයක් ඇති කිරීමයි.
මේ ආරම්භයක්. අපි එය ප්‍රායෝගික ක්‍රියාවලියකට හැරවිය යුතුයි. නැවත පදිංචි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කරලා. මන්නාරමේ පවුල් 651 ක් නැවත පදිංචි කරලා. නැවත පදිංචිකිරීමේ කටයුතු කරන්න ඒ ප්‍රදේශවලින් බිම් බෝම්බ ඉවත් කළ යුතුයි. නැවත පදිංචි කිරීමට කලින් බිම් බෝම්බ ඉවත් කළ යුතු බවට යූඑන්ඩීපී. මගින් සහතිකයක් ලබාගත යුතුයි. ඒ වගේම මතක තබා ගන්න මේ ජනතාව මේ ප්‍රදේශවලට පැමිණ තවම මාසයකුත් දින ගණනයි. ඉතා කෙටි කාලයක්. මේ කිසිකෙනෙක් කඳවුරුවල තියන්නේ නෑ. සියලු දෙනා නැවත පදිංචි කිරීම වගේම ඔවුන්ට අවශ්‍ය මහා මාර්ග, විදුලිය, ජලය ආදී සියලු මූලික අවශ්‍යතාද ලබාදිය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෞඛ්‍ය හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා,
මෙවැනි තකිතාවක් ඉතා පාරදෘෂ්‍ය භාවයකින් යුක්‌තව ආරම්භවන්නේ. සියලුම පක්‍ෂවලට ජන කොටස්‌වලට කරුණු කියන්න ඔවුන් දැනුවත් කිරීමට මේ තුළින් අවස්‌ථාව ලැබෙනවා. මේ රටේ සාමය සංවර්ධනය උදා කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය වශයෙන් අපේ සතුට ප්‍රකාශ කරනවා. අපේ රටේ සියලුම දේශපාලන පක්‍ෂ එක්‌වීම මේ රටේ ජනතාවට ශුභවාදී ආකල්ප ඇතිකර ඉදිරියට යැමට ලැබුණු අවස්‌ථාවක්. පටු දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව රටට බලපාන ප්‍රශ්න අන්තර්ජාතික කරණය නොකර ජාතික වශයෙන් මේ ප්‍රශ්නය සාකච්ඡා කර රජය ගෙනයන වැඩපිළිවෙළත්, පක්‍ෂවල අදහස් හා ආකල්ප තුළින් ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය ඇතිකර ගතහැකියි.
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා,
මේ රටේ ප්‍රධාන විපක්‍ෂය ලෙස අපි මේ කටයුත්තට සතුටු වෙනවා. ඒ වගේම මේ ජාතික මෙහෙවරට අපේ සහයෝගය ලබා දෙනවා. රටේ සංවර්ධනය හා ප්‍රතිසංධාන වැඩසටහන පිළිබඳ සර්ව පාක්‍ෂික කමිටුව මගින් ආරම්භ කරන ජාතික වැඩපිළිවෙළට අපි විපක්‍ෂයේ කාර්ය භාරය කරන ගමන් ඊට සහයෝගය ලබා දෙනවා. මෙම කමිටුවේ සාකච්ඡා වන කරුණු අපේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට ඉදිරිපත් කර පක්‍ෂයේ සහයෝගය ලබා දෙනවා.
මහජන එක්‌සත් පෙරමුණේ නායක, නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා,
දීර්ඝ කාලීන ගැටුම් හේතුවෙන් කඩාවැටුණු මූලික මහජන අවශ්‍යතා සලසාදීමට මෙය හොඳ පියවරක් බවට කිසිදු සැකයක් නෑ. උතුරු පළාතේ නැවත පදිංචි කිරීමේ කටයුතු, යටිතල පහසුකම් ස්‌ථාපිත කිරීම මේ වන විටත් ක්‍රියාත්මකව තිබෙනවා.
ලෝක ඉතිහාසයේ විශාලතම අවතැන්වූ පිරිස රැකීම උතුම්ම මිනිස් සත්කාරයයි. අද ඒ ජනතාව හොඳින් රැක බලා ගන්නවා. මෙමගින් සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම තුළින් මේවා නොදැක කටයුතු කරන විවිධ සංවිධානවලට පිළිතුරු ලැබෙනවා.
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ,
සර්ව පාක්‍ෂික කමිටුවක් මගින් සියලු දෙනාගේ අදහස් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර නොවී කටයුතු කිරීම ගැනත් උතුර නැගෙනහිර ඇතුළු සෑම දෙනාගේම අදහස් ලබාගෙන සංවර්ධනය හා ප්‍රතිසංධාන කටයුතු කිරීම ගැනත් ස්‌තුතිය පිරිනැමෙනවා.
පසුගිය කාලයේ සංවර්ධනයේ මුවාවෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කොටි නායකත්වයට සහායෝගය ලබාදෙමින් කටයුතු කළ බව අමතක නොකළ යුතුයි. රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය රජයේ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතුයි. දෙමළ ජනතාවගේ පහළ වැටී ඇති ආගමික සංවර්ධනය නැංවීමට කටයුතු කළ යුතුයි.
Home »
» නොහොඳ නෝක්‌කඩුකම් අතීතයට භාර දී හොඳ හිත පමණක් අනාගතයට ගෙන යමු
Post a Comment