(October 03, Colombo, Sri Lanka Guardian) "ෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමි" ෙච්තානව යනු කර්මය යෑයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇති බව ප්‍රකාශිතය. එසේ නම් කර්මය හෙවත් ක්‍රියාවට මුල්වන්නේ ෙච්තනාව හෙවත් සිතුවිල්ලයි. මෙසේ ෙච්තනාව මූලික කොට කයෙන් වචනයෙන් හා මනසින් කර්ම හෙවත් ක්‍රියා සිදුවන බව "ෙච්තයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසාය" යන මේ ඉතිරි කොටසින් ප්‍රකාශ වේ. මෙම තුන් ආකාර වූ සියලු ක්‍රියා තුලින් "භව පිණිස" කර්ම සකස්‌වේද යන්න ගැඹුරින් සොයා බැලිය යුතුය. කයින් හා වචනයෙන් සිදුවන කර්ම (ක්‍රියා) යළි යළිත් ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතිනවා සේම හුදු පැවැත්ම උදෙසා ක්‍රියාත්මක වන ක්‍රියා සහ ප්‍රතික්‍රියා වශයෙන් කායික හා වාචික ක්‍රියා සියලු දෙනාටම වැදගත්ය. ප්‍රයෝජනවත්ය. පැවැත්මේ ස්‌වභාවික ස්‌වභාවය එයයි. සත්‍ය අවබෝධ කළ උතුමන් පවා මේ ක්‍රියා දෙකෙහි අවබෝධයෙන්ම යෙදෙති.
කර්ම සිදුවනවා කියා කට වසාගෙන අතපය හකුලා සිටි සත්‍ය අවබෝධ කළ උතුමකු ගැන අසා නැත්තෙමු. එසේ යමෙක් අක්‍රීයව සිටියද කර්ම සකස්‌වීම නොකඩවා සිදුවනවා නොවේද? ඒ කෙසේද? ඒ අධ්‍යාත්මය මංමුළාවට පත්කරන මනසේ ක්‍රියාකාරීත්වය තුළිනි. කයෙන් සහ වචනයෙන් සිදුවන සියලු ක්‍රියාවල පිටපත් සටහන් වන්නේ මනසේය. එසේම සිත (චින්තනය) මෙහෙයවා කරන කියන කටයුතු වල පිටපත්ද මනස තුළම රැඳේ. මෙලෙස සිත කය වචනය යන ද්වාර තුනෙන්ම සිදුවන ක්‍රියාවන්ගේ නැවත නැවතත් ක්‍රියාත්මක වීම හෝ නැවත ක්‍රියාත්මක කිරීම යන ක්‍රියාවන්ට මුල්වන්නේ මනසමය. එසේනම් නැවත නැවතත් කර්ම කිරීමට හා උත්පාදනයට මෙන්ම කර්ම රැස්‌කිරීමටද දායක වන්නේ මනසම නොවේද?
යමෙක් අවබෝධයෙන් යුතුව ඒ මොහොත තුළ ජීවත්වේ නම් සතිය හෙවත් සිහිය පවත්වා ගනිමින් ක්‍රියා සහ ප්‍රතික්‍රියාවලට පමණක් සංවේදීව ක්‍රියාත්මක නම් දන්නා දෙයින්ම නිර්මිත වූ මනස හෙවත් සියල්ලෙන්ම නිදහස්‌වීම ඇරඹෙනු ඇත. දන්නා දෙය (ඥතය) හෙවත් මතකය, ස්‌මෘතිය නොහොත් "ආරෝපිත මනස" මත පිහිටා ක්‍රියාත්මක නොවේ නම් සරලව ප්‍රකාශ කළ හොත් චින්තනය තුළින් ක්‍රියාත්මක නොවී වර්තමාන (වර්තමාන ක්‍රියාව) අතීතය හා අනාගතය යන කාලාත්‍ර තුළින් විනිශ්චය කිරීම අත්හැරීම සිදුවීමත් සමගම සැකයෙන් ඉවත්වීම ඇරඹෙනු ඇත. හොඳ නරක, හරි වැරදි, යහපත් අයහපත්, පින් පව් යනාදී වශයෙන් විනිශ්චය කිරීම හෙවත් ද්වන්ධ භාවයෙන් යුතු තෝරා බේරාගැනීම් තුළ කළ යුත්තේ කුමක්‌ද? නොකළ යුත්තේ කුමක්‌ද යනාදී වශයෙන් අතරමං නොවී අත්දැකීමෙන් ලත් අවබෝධයෙන් යුතුව කළ යුත්තේ, විය යුත්තේ කුමක්‌දැයි යන නිශ්චිතභාවයට පත්වීම ආරම්භ වන්නේ විනිශ්චයකින් තොර මනසකින් පමණි.
විනිශ්චය කිරීම යනු චින්තනය හෙවත් සිතුවිලි ක්‍රියාවලියම තව තවත් පණගැන්වීමම, ඉදිරියට තල්ලුකරගෙන යැමම නොවේද? ඒතාක් සැකය, බිය හා අවිනිශ්චිත බවින් පෙළීම යනාදිය නොකඩවා පවතිනු ඇත. අපව මානසිකව වහල්භාවයට පත් කරන අනර්ථකාරී සිතුවිලිවල නිර්මාණකරුවෝද අපම නොවෙමුද, එසේ නම් මිනිසා විසින් නිර්මාණය කරගත් මේ සිතුවිලි ව්‍යqහය තුල මිනිසාම සිරකරුවෙක් බවට පත්වී හමාරය. අප විසින් අපටම නීති රීති සීමා මායිම් බාධක වැටකඩුළු විවිධ නම් වලින් විවිධ මුහුණුවරින් තනාගෙන අප විසින්ම පනවාගෙන ඇත්තෙමු. මෙසේ අප විසින් තානගෙන ඇති මෙම සිපිරිගෙයින් නිදහස්‌වීම අවබෝධයෙන් යුතුව කළ යුත්තේද අපමය. එවිට තමා විසින්ම තමාටම නිර්මාණය කරගෙන තමාම සිරවී ඇති සිරකූඩුවෙන් නිදහස් මිනිසෙකු එළියට ඒම ඇරඹෙනු ඇත.
හේතුඵල දහමේ (ලෞකික) ස්‌වභාවය හැටියටද හේතු සහ ඵල වශයෙන් ගත්කළ හරි නිවැරදි යහපත් දේ තුළින් පිනද, වැරදි අයහපත් දේ තුළින් පවද සිදුවන බව ප්‍රකටය. එසේ වුවද මේ හරි වැරදි යහපත් අයහපත් යන මේ එකම කාසියේ දෙපැත්ත බඳුවූ යුගලයන්ගේ එකිනෙක කෙරෙහි බලපාන සීමාව හෙවත් මේ යුගල පද දෙකහි එකිනෙකින් ගම්‍ය වන අර්ථයන්ගේ අගයක් වෙන්කරන නිශ්චිත සීමාව කුමක්‌ද? ඒ එකිනෙක වචන වලින් කියවෙන අර්ථවල වටිනාකම් වලට අදාළ උපරිම හා අවම සීමා ඇති යම් නිශ්චිත පරාසයක් වේද, සරලව පැවසුවහොත් හරි වැරදි යන්න ගෙන බැලුවහොත් හරිය සහ වැරැද්ද යන දෙක එකිනෙකින් වෙන්කරන කඩඉම කුමක්‌ද? මේ ගැන ගැඹුරින් සිතා බැලීම තුළින් කෙනෙකුට විශ්වාසය පිළිගැනීම පමණක් නොව කර්මය යන්නද කුමක්‌දැයි දළ වශයෙන් හෝ වැටහීම ඇරඹෙනු ඇත.
යමෙකුට හරිදේ තවත් අයෙකුට වැරදිය. එක් ජනකොටසකට හොඳ දේ තවත් ජනකොටසකට නරකය. එක් රටකට යහපත්ව පෙනෙන දේ තවත් රටකට අයහපත්ය. අද හොඳ වටිනාදෙය හෙට නරකය. නොවටී. නොගැළපේ. නමුත් නියමාකාරයෙන් සිදුවිය යුත්තේ හොඳ තුලින් හොඳත් නරක තුළින් නරකක් වුවද, හොඳ තුළින් නරකක් ප්‍රථිපල වශයෙන් ලැබෙන අවස්‌ථාද ඇත. එසේ වන්නේ කෙසේද? හේතුව යහපත් වුවද ඵලය අයහපත් වන්නේ කෙසේද? සියල්ල සිතුවිල්ලෙන් විනිශ්චය කරන තාක් මේ ව්‍යාකූලත්වය පවතී. (සිතුවිලි යනු හුදෙක් වෙනස්‌වන අනිත්‍ය දේය.) ඒතාක් ලොව පුරා පැතිරී පවතින මෙම ගැටුම නැවැත්වීය නොහැක. නීතිරීති අනපනත් ජාත්‍යන්තර සම්මුති මගින් මේ ගැටුම සමථයකයට පත්කිරීමට උත්සාහ කලද වර්තමාන ලෝකයේ සිදුවන බිහිසුණු අපරාධ, සිවිල් යුද්ධ, ජතිවාදී අරගල, දේශසීමා අරගල යනාදිය දෙස බැලීමේදී ඒ කිසිවක් මේ ව්‍යාකූලත්වයට පිළිතුරු නොවන බව පෙනී යයි. සිදුවිය යුත්තේ කුමක්‌ද? පුද්ගලයා හේතු ඵල න්‍යායයෙන් ඔබ්බට යා යුතුය.
හේතුව ඇතිතාක්‌ද එකම හේතුව එකිනෙකා දකින ආකාරයන් විවිධ ස්‌වරූප ඇතිතාක් ද පිළිගන්නා ආකාරයේ වෙනස ඇතිතාක් සහ විශ්වාස කිරීම විවිධාකාර වනතාක්‌ද ලැබෙන ඵලයද නිශ්චිත නොවන්නේමය. හේතු ඵල දහම ලෞකිකත්වයේ පැවැත්මට යම්තාක් දායක වුවද ලෝකෝත්තරත්වයේ හෙවත් අධ්‍යාත්මික බවට පිවිසීමට ඒ සීමා මායිම් පසුකළ යුතුය. ලෞකිකයට අදළවූ හේතුඵල දහම බිඳ දැමිය යුතුය. අත්හළ යුතුය. හේතු ඵල යනු පැවැත්මේ න්‍යාය වන අතර පැවැත්ම අභිබවා නැවැත්ම කරා ගමන් කිරීමට මේ න්‍යායන්ද තම අවබෝධයෙන්ම තේරුම්ගෙන ඉන් බැහැරවීම සිදුවිය යුතුය. වර්ණගැන්වූ හෙවත් ලේබල් කළ සියලු සිතුවිලි රාමු අභිබවා යා යුතුය.
සමාජීය, අධ්‍යාපනික, ආගමික, සංස්‌කෘතික යනාදී සියලු ආරෝපිතයන්ගෙන් ආරෝපිත වූ මනස අතහැරීම සුළුපටු කාරියක් නොවේ. පළමුවෙන්ම මනස එසේ ආරෝපිතව ඇතිබව දැකීම හෙවත් ආරෝපිත මනස හඳුනාගැනීමම ඉතා වැදගත් වේ. එසේ හඳුනාගැනීමම රෝගය විනිශ්චය කරගැනීමට ඉවහල් වනවා සේම එතැන් සිට රෝගයට ස්‌වයං ප්‍රතිකාර ලැබීමත් සුවවීමත් ඇරඹෙන්නේය. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති පරිදි යේසුප්ප යුත්තා මනසා දල්හේන නික්‌ඛාමිනෝ ගෞතම ශාසනම්හි" යමෙක් දැඩිව හා මනාව බැඳුන මනස අත්හැරීම ගෞතම ශාසනය නම් අප කළ යුත්තේ සියලු සිතුවිලි (මනස අධ්‍යාත්මික වහල්බවට පමුණුවන) අත්හැරීමය.
හෙවත් චින්තනය තුළින් උඩුගම්බලා පිහිනීමය. උඩුගම්බලා ගිය රත්‍රං පාත්‍රයේ උපමාව කුමක්‌ද? රත්‍රං වලටත් වඩා වටිනා තම සිත නිතර යටගම් බලා ඇදගෙන යන චින්තන ධාරාවට විරුද්ධව පහළට ඇදගෙන යන ප්‍රවාහය ජයගෙන උඩුගම්බලා යැම හෙවත්, චින්තනය අභිබවා ගොස් මනස අත්හැරීමය. බුදු රජාණන් වහන්සේ අත්දුටු අත්දැකීම එයයි. මනස අත්හළවිට එහි අන්තර්ගතයේම අඩංගුවන හේතුඵල දහම එහි ඵල විපාක, කර්ම හා කර්ම ඵල යනාදිය ගැන අවබෝධ වනු ඇත. ඉන්පසු මනස තුළ හේතුව නිසා ඵලයන්ද නැවත එම ඵලයන් හේතුවීමක් ද සිදුනොවනු ඇත.
හේතුඵල දහමට අසුවුන ඒ තුළින් ක්‍රියාත්මක මෙම සසර සැඩ පහර තරණය කොට අහිංසක හෙවත් අංගුලිමාල සියලු කර්ම අභිබවා මහරහත් භාවයෙන් සැනසුනි. එසේ නම් ලෞකිකත්වයට එහායින් පවතින ලෝකෝත්තරය අවබෝධ කරගැනීමට සියල්ල විනිවිද දැක ඒ සියල්ල අත්හල යුතුය. චින්තය අභිබවා යැම, මනස අත්හැරීම හෙවත් සියලු කර්ම අකර්මන්‍ය වීම සිදුවිය යුතුය. සබ්බ පාපස්‌ස පුඤ්ඤස්‌ස යන දෙකම අර්ථවත්වන සබ්බ කම්මස්‌ස යන්ම අකර්මන්‍ය කොට කුසලය හෙවත් කුසලතාවයෙන් උපසම්පාදනය වී සචිත්ත හෙවත් පිරිසිදු සිත මතුකරගැනීම තුළින් සැබෑ ලෙසින්ම දහම තුළට ප්‍රවිශ්ඨව තමා කවුදැයි හඳුනාගත හැක. යමෙක් අවබෝධයෙන් තොරව යම් දෙයක් ඇසූ පමණින් විශ්වාස කිරීම හා පිළිගැනීමත් එම සිතුවිල්ල හෙවත් ඒ ෙච්තනාව මතම ක්‍රියාත්මක වීමත් තුළ ඔහුට/ ඇයට ඒ තුළින්ම හේතුඵල ක්‍රියාත්මක වීම සිදුවන අතර කර්ම (භවය පිණිස) යනු කුමක්‌දැයි අවබෝධයෙන්ම දැක තේරුම්ගෙන එයින් ඉවත්වීමත් සමගම කර්මය අභිබවා යැම ඇරඹෙනු ඇත.
ඒ සඳහා ස්‌වයං අවබෝධය තුළින් නැගෙන දර්ශනය මගින් පළමුව සැකයෙන් ඉවත්වීම සුදුවන අතර, ඒ හා සමගාමීව ආරෝපිත මනස අත්හැරීම හෙවත් චින්තනය අභිබවා යැම තුළින් කර්ම නමැති මෙලොව පැවැත්මට අදාළ මූලික බන්ධනයෙන් ඉවත්විය හැක. මිදිය හැක. සුනීත එතෙක් තමා කරගසා සිටි අසුචි කද බුදුන් අභිමුඛයේ බිම තැබුවා, අත්හැරියා යනු අවබෝධයට පත්වෙත්ම එතෙක් සසර පුරා කරතබා රැගෙන ආ අසූචි බඳු නොවටිනා අපද්‍රව්‍යයන්ගෙන් පිරි කද වැනි වැනෙන සැලෙන දෝලනය වන දෙබිඩි මනස අත්හැරීමම නොවේද? කර්මය අභිබවා යැම යනු එයම නොවේද? මුළු මහත් සමාජයම කොන්කළ පිළිකුල්කළ "කසල ශෝධකයා" එම සමාජයෙන්ම වැඳුම් පිදුම් ලබන උත්තරීතර ත්ත්වයට පත්වූයේ එසේ නොවේද?
ධම්ම පදයේ ලෝකවර්ගයේ සත්වැනි ගාථාව වන "යස්‌ස පාපං කතං කම්මං, කුසලේන පිඨියති, සෝ ඉමං ලෝකං පහාසේති, අබිභා මුත්තෝච චන්දිමා" යන්නෙහි අර්ථය පරිදි "යමෙකු විසින් කරන ලද පාප කර්ම කුසලයෙන් ආවරණය වූයේද හෙතෙමෙ වලාපටලයෙන් මිදුන පූර්න චන්ද්‍රයා අවකාශයේ බබළවන්නාක් මෙන් පංචස්‌කන්ද සහිත මේ ලෝකය ඥානාලෝකයෙන් බබළවන්නේය." යනුවෙන් විස්‌තර වේ. එසේ නම් පුණ්‍ය කර්ම ගැන කුමන කතාද, පාප කර්මයන්ද කුසලයෙන් වැසිය හැකිය. අවශ්‍ය විට සුදුසු අවස්‌ථාවේ පුණ්‍ය කර්ම අත්හල හැක. නෙක්‌ඛම්මය යනු එයයි. මෙසේ සියලු කර්ම වසා දමා බුද්ධිමත් අයෙකුට මේ පටලැවිල්ලෙන් මිදිය හැක. කර්මය අභිබවා යා හැක. -Sri Lanka Guardian
Home »
» කර්මය යනු කුමක්‌ද? එය අභිබවා යා හැකිද?
Post a Comment