(November 05, Colombo, Sri Lanka Guardian) පසුගියදා සෟඛ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය හා වැරදි තොරතුරු මත පදනම්ව කර ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ධම්මික පතිරණ සහෝදරයා පවසයි. මෙම කරුණු අනාවරණය කලේ සමස්ත ලංකා සුව සේවා සංගමයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. රුඛෙල්ලා එන්නත නිෂ්පාදනය කරන්නේ එකම ඖෂධ සමාගමක් බවත් එංගලන්තය හා ඕස්ටේ්‍රලියාව පවා මෙම එන්නත ආනයනය කරන්නේ එම ඉන්දියානු සමාගමෙන් බවත් සෞඛ්‍ය ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වන ධම්මික පතිරණ සහෝදරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි වී ඇති ඖෂධ සමාගම් 4 ක් එම එන්නත නිෂ්පාදනය කරන බවත් එංගලන්තයේදී භාවිතා කරන රුඛෙල්ලා එන්නත ඵඵඍ වර්ගයට අයත් එකක් බවත් එය ලංකාවේ භාවිතා කරන එන්නත් වර්ගයේ නොවන බවත් පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ධම්මික පතිරණ සහෝදරයා පසුගියදා වාර්තා වූ බාල ප්‍රමිතියෙන් යුතු ඖෂධ හා බැඳුණු සිද්ධි විසින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබ ඇති බව ද පැවසීය. මෙහිදී ඖෂධ ආනයනයේදී අනුගමනය කරන පියවර පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ ප්‍රථමයෙන් ඖෂධ සමාගම් ඉදිරිපත් කරන සාම්පල් පරීකෂා කරන බවත් ඉන් පසු එසේ නිර්දේශ ලද ආනයනය කරන ලද ඖෂධ තොග පරීකෂා කරන බවත් තුන්වන පියවර ලෙස එම ඖෂධ රට තුළ භාවිතා කරන අතර තුර අහඹු ලෙස ලබාගන්නා සාම්පල පරීකෂා කළ යුතු බවත් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග 800ක් වුවත් දැනට වෙළඳ පලේ ඖෂධ වර්ග 10300ක් පමණ තිඛෙනවා. මේ නිසා ඖෂධ පරීකෂාවට ලක්කිරීමේදී දෙවන හා තෙවන පියවර කි්‍රයාවට නැංවිය නොහැකි තත්වයක් උදා වෙලා තියෙනවා. මේ සඳහා එකම විසදුම ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් යටතේ රටට ගෙන්වනු ලබන අනවශ්‍ය ඖෂධ නතර කිරීමයි. එන්ගලන්තය වැනි රටක් වුවද එකම රසායන නාමයෙන් යුතු ඖෂධ 5 ක් හෝ 6 ක් පමණයි දක්නට ලැඛෙන්නේ. ලංකාවේ ඇමොක්ෂලීන් ඖෂධ කාණ්ඩයට අයත් වර්ග 33ක් වෙළඳ පලේ තිඛෙන බව ද පැවසීය. මෙහිදී ඖෂධ නාමයෙන් ඛෙහෙත් නිකුත් නොකිරීම පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා විසින් වෛද්‍යවරුන්ට කරන චෝදනාව පිළිබඳව ද ධම්මික පතිරණ සහෝදරයා අදහස් දැක්වීය. සෞඛ්‍ය ඇමතිවරයා සේනක බිබිලේ ප්‍රතිපත්තිය වලිගයෙන් පමණක් අල්ලාගෙන ඇතැයි ද එහිදී චෝදනා කළේය. රජය ප්‍රථමයෙන් රටට අනවශ්‍ය ඖෂධ ගෙන්වීම සීමා කළ යුතු බවත් ඒ යටතේ ඖෂධයේ නාමයෙන් ඒවා වෙළඳ පොළට නිකුත් කළ යුතු බවත් එවැනි තත්වයක් තුළ වෛද්‍යවරුන්ට ද එසේ කළ හැකි බව ද පැවසීය. අද තිඛෙන තත්වය යටතේ ඖෂධ නාමයෙන් වෛද්‍යවරු ඛෙහෙත් නියම කළත් තමන් කැමැති මිල වැඩි ඖෂධය ලබාදීමට ඔසුසල් හිමියන්ට අවස්ථාව ඇතැයිද පෙන්වා දෙනු ලැබීය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ධමිමික පතිරණ සහෝදරයා ජාතික ඖෂධ තත්ව පාලන පරීකෂණාගාරය මගින් ඖෂධ ප්‍රමිතිය පරීකෂා කර අදාල නිර්දේශ ලබාදෙන්නේ ඖෂධ ගෙන්වන සමාගම් වෙත බවත් එම නිර්දේශ එකී සමාගම් උල්ලංඝණය කළහොත් ගතයුතු පියවර ගැනීමට හෝ ඒ සඳහා වූ වැඩපිළිවෙලක් හෝ හැකියාවක් නොමැති බව ද පැවසීය. -Sri Lanka Guardian
Home »
» පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සෟඛ්‍ය ඇමති ජනතාවට බොරු කියනවා වෛද්‍ය ධම්මික පතිරණ
Post a Comment