(November 05, Colombo, Sri Lanka Guardian) රැකියා විරහිත උපාධිධාරීන් පිට කොටුව දුම්රියපල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට වාඩි වූයේ මීට දින 29කට පමණ පෙරය. රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් ද සති ගණනක සිට බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදී සිටිති. දින 29ක් අවෑමෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් තබා සාකච්ඡාවක්වත් ආණ්ඩුවෙන් නොලැබුණු හෙයින් මේ පිළිබඳව සන්දේශයක් බාරදීමට ජනාධිපති හමුවීමට රැකියා විරහිත උපාධිධාරීන් එන බව ජනාධිපති කාර්යාලයට කල්තියා දැනුවත් කළේය. පොලීසිය මඟරැකවල්ලා සිටියේ එහෙයිනි.
වතුර විදින ජල බවුසර්ද, පොලිස් මාර්ග බාධක ද, සිය ගණන් වූ පොලිස් නිලධාරීන් ද, පොලිස් ට්‍රක් රථ ද යොදාගෙන මග අහුරාගෙන සිටි පොලීසිය වාහන ගමනා ගමනයට බාධාවන ලෙස ප්‍රචණ්ඩව හැසුරුණු බව රැකියා විරහිත උපාධිධාරීන්ට චෝදනා කළේය. අවසානයේ දී ජීවත් වීම සඳහා රැකියාවක් ඉල්ලා හ`ඩ නැගූ උපාධිධාරීන්ට කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල වුණි. එතැනින් නොනැවතුනු පොලීසිය රැකියා විරහිත උපාධිධාරී තරුණයන් මෙන්ම තරුණියන් ද හැටකට අධික පිරිසක් පොලිස් ට්‍රක් රථයකට දමාගෙන කුදලාගෙන ගියේය. ඒ ඔහුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහාය. සමහර විට එම ප්‍රකාශ පොලීසියට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රශ්නය පිළිබඳ හාන්කවිසියක් නොදන්නා ජනාධිපති තුමාට පෙන්වීම සඳහා විය යුතුය. නැත්නම් දැනට සිටින රැකියා විරහිත උපාධිධාරීන්ගේ සත්‍ය සංඛ්‍යාව දැනගැනීම සඳහා සමීකෂණ අවසන් කිරීමට ලබන වසරේ ජනවාරිය වන තෙක් බලා සිටින රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය මුදල් ඇමතිගේ සමීකෂණයට සහාය වීමට ද විය හැකිය.
මේ රටේ අනාගත පරපුරේ zzආඩම්බරකාර තාත්තාZZ මා යැයි විටෙක තමා විසින්ම මහින්ද රාජපකෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති ලෙස කොතරම් කාර්යබහුල උනත් තමන්ගේ දරුවන්ගේ කී්‍රඩා තරඟයක් නරඹා ඔවුන්ගේ කුසලතා දිරිගැන්වීමටත්, ඔවුන් සමග කාලය ගත කිරීමටත් තමා කාලය සොයා ගන්නා බවත් සියලූම දෙමාපියන් එසේ කළ යුතු බවත් තවත් විටෙක ඔහු මෙරටේ දෙමාපියන්ට මහත් ආදර්ශයක් වෙමින් ප්‍රකාශ කළේය. කාලය ඉගිල ගියේය. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා කොටුව දුම්රියපල ඉදිරිපිට වාඩිලාගත්තේය. ප්‍රථමයෙන්ම පොලීසිය එය මහජනතාවට මහත් අවහිරයක් යැයි පවසා උපවාසකරුවන් ඉවත් කිරීමේ නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණය එය ප්‍රතිෙකෂ්ප කළේය. රටේ දුක්විඳින ජනතාවගේ දරුවන් වූ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කරන්නට තරම් ජනාධිපතිට දැන් වෙලාවක් නැත. උපාධිධාරීන් කොපමණ ප්‍රමාණයක් රැකියා විරහිතව ඇත්දැයි සොයා ගන්නට තරම් මුදල් නියෝජ්‍ය ඇමතිවරයාට ද වෙලාවක් නැත.
දින 29ක් රැකියා විරහිතයන් උපවාස කරන තෙක් නෑසූකන්ව දෙනෙත් පියාගෙන බලා සිටීම පාලකයන්ගේ "නුවණක්කාරකමය". නැත්නම් "පරිණතකමය". සාමකාමීව තම ඉල්ලීම් පාලකයින්ගේ කොතෙකුත් ඉල්ලා සිටියත් ඒවා නොලැබුණු විට මහපාර අවහිර වන සේ පෙළපාලී යෑම උද්ඝෝෂකයන්ගේ මුරණ්ඩුකමය. නැතහොත් "නොතේරුම්කමය". උද්ඝෝෂකයන්ට පහර දී පලවා හැර අපහසුතාවයට පත් ජනතාව බේරාගැනීම පොලීසියේ "ජනතාහිතෛෂීකමය" නැතහොත් "දකෂකමය". ඇතැම් මාධ්‍ය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස නොකියා කියන විට ජනතාව එම මාධ්‍ය ආයතනවල නිවටකම තේරුම් ගන්නවා ඇත. දරුවන්ගේ ප්‍රශ්න තේරුම්ගත හැක්කේත් ඒවාට විසඳුම් ලබාදිය හැක්කේත් තාත්තාට මිස බාප්පාට නොවන බවට මතයක් සමාජය තුළ පවතී. රටේ පාලකයා "ආඩම්බරකාර බප්පා" කෙනෙකු වන විට ඒ පිළිබඳව රටේ ජනතාව තීරණයක් ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. -Sri Lanka Guardian
Home »
» රැකියා විරහිත උපාධිධාරීන්ගේ හ`ඩට කන් නොදෙන "ආඩම්බරකාර බාප්පා"
Post a Comment