Home » » දුම්රියේ කෝටි 800 අධික වංචාව ගැන ඇමති නිහ`ඩ ඇයි? දුම්රිය දේපළ සුරැකීමේ සංවිධානය

දුම්රියේ කෝටි 800 අධික වංචාව ගැන ඇමති නිහ`ඩ ඇයි? දුම්රිය දේපළ සුරැකීමේ සංවිධානය

Written By Sri Lanka Guardian on Monday, October 26, 2009 | 1:21 PM

(October 26, Colombo, Sri Lnaka Guardian) දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 800කට අධික වංචා දූෂණ සිදුවී තිඛෙන බවත්, එම දූෂණ ගණුදෙනුවලට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ගෙන ඇති කි්‍රයාමාර්ග වහාම රටට හෙළිදරව් කරන ලෙසත් දුම්රිය සේවක අයිතීන් සහ දේපළ සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුමතිපාල මානවඩු, ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

මහජන මුදල් රුපියල් ලක‍ෂ 320 ක් වැය කර අලූත්ම තත්වයේ ට්‍රක්ෂන් මෝටර් ආමිචර් 10ක් මිලදී ගන්නා බව ප්‍රකාශ කරමින් ගෙන්වූ ට්‍රක්ෂන් මෝටර් ආමිචර් 10ම භාවිතයෙන් ඉවත් කළ අමතර කොටස් බව ප්‍රවාහන ඇමතිවරයා විසින් පත්කළ විශේෂ කමිටුව පවා පිළිගෙන ඇතැයිද මානවඩු සහෝදරයා පවසයි. පැරණි ට්‍රක්ෂන් මෝටර් ආමිචර් වෙනුවට අලූත් ආමිචර් 10ක් නැවත ලබාදෙන බවට සමාගම පොරොන්දු වී ඇතත් මෙම වංචනික කි්‍රයාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිව යුතු කිසිවෙකු හඳුනාගෙන නැත.

මෙයට අමතරව රුපියල් ලක‍ෂ 1400ක් වැයකොට අලූත්ම තත්වයේ ඒවා බව පවසා එස්.8 සහ එස්.9 බලවේග කට්ටල් සඳහා ගෙන්වනු ලැබූ එන්ජින් දෙක ද පරණ අමතර කොටස් බව හෙලි ඇතැයි ද මින් කලබලයට පත් වගකිව යුතු බලධාරීන් සහ දේශීය සමාගම් නියෝජිතයින් පරණ අමතර කොටස් ගලවා ඉවත්කරමින් සිටින බව ද ඔහු පවසයි.

මේ අයුරින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදුවූ මහාපරිමාණ වංචා දුෂණ සම්බන්ධයෙන් තම සංගමය විටින් විට ඇමතිවරයාගේ අවධානයට යොමු කළ බව පවසන සුමතිපාල මානවඩු මේවාට සම්බන්ධ පුද්ගලයින්ගේ වැඩ තහනම් කර සැක සහිත උපකරණ හෝ භාණ්ඩ විමර්ශන කමිටුවක් යටතට ගැනීම කළ යුතු වුවත් මෙම වංචාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු කි්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන ඇමතිවරයා මෙම කි්‍රයාවන්ට සෘජුවම වගකිව යුතු බවත් පවසයි.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger