Home » » තවත් ජනාධිපතිවරණ එපා - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

තවත් ජනාධිපතිවරණ එපා - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

Written By Sri Lanka Guardian on Tuesday, October 27, 2009 | 11:10 PM

ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා පා ගමන

(October 27,Colombo, Sri Lanka Guardian) තවත් ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙසත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙෂත් ආණ්ඩුවට බල කිරීමේ දැවැන්ත විරෝධතා පාගමනක් ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් අද පැවැත් විණි. අද පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ පා ගමන බොරැල්ල, මරදාන හරහා ලිප්ටන් වටරවුම වෙත පැමිණි අතර එහිදී රැස්වීමක් පැවැත් විණි.

පාගමන අරම්භයේදීම ඊට ආණ්ඩුවෙන් බාධා එල්ල වන ආකාරය දැක ගත හැකි විය. පාගමන ආරම්භ වූ මොහොතේදී මාර්ගයේ වාහන ඉවත් කොට පාගමන සඳහා මාර්ගය නිදහස් කර දීමට පොලිසිය ක්‍රියා නොකිරීමෙන් වාහන තදබදයක් ඇති විය. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් වාහනවල රියදුරන් සමග සාකච්ඡා කරමින් දෙපාර්ශ්වයටම බාධාවක් නොවන ලෙස පාගමන මෙහෙයවීමට පියවර ගන්නා අයුරු දැක ගත හැකි විය. මිනිත්තු 15ක පමණ කාලයකට පසුව පොලිස් නිලධාරීන් පැමිණි අතර ඒ වන විට පාගමනට යා හැකි වන ලෙෂ මාර්ගය නිදහස් කර ගැනීමට ජවිපෙ සාමාජිකයෝ සමත්ව සිටියහ.

පාගමන ලිප්ටන් වටරවුමට පැමිණි මොහොතේදී ජවිපෙ නායකයෝ රැස්ව සිටි පිරිස අමතා මෙසේ අදහස් දැක්වූහ.

අනුර දිසානායක - ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික

ජනවරම නොසලකා හරිමින්, පොරොන්දු නොසලකා හරිමින් තවත් ජනාධිපතිවරණයක් පවත්වන්න කටයුතු කරනවා නම්, නැවත විධායක බලය ශක්තිමත් කර ගන්න කටයුතු කරනවා නම්, සහතිකයි මහින්ද මහත්තයෝ ඔයාට ඉතුරු අවුරුදු දෙකත් අහෝසියි. එදාට මේ රටේ දේශප්‍රේමී ජනතා බලවේග එක තැනකට ඒකරාශී කරලා හ~ නඟන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

අද රාජ්‍ය සේවකයින් වැටුප් වැඩිවීම් ඉල්ලනවා. උපාධිධාරීන් රැකියා ඉල්ලනවා. ඒ අය ඒ සටන් පාඨ අත හැරලා දේශපාලන සටන් පාඨ අතට ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි. ඒ අය දියව් නොවෙයි පලයව් කියන දිනය වැඩි ඈතක නොවෙයි.

කැබිනට් මණ්ඩලය අද පඹයින් බවට පත් කරලා. තීන්දු තීරණ ගන්න සම්බන්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිත්, පවුලේ අයත්, හවුල් කල්ලියත් හිතන දේ තමයි වෙන්නේ. ඒ අයගේ වුවමනාව තමයි කැබිනට් මණ්ඩලයේ අනුමත වෙන්නේ. පොලිසිය දේශපාලනීකරණය කරනවා. අධිකරණය දේශපාලනීකරණය කරනවා. වනචාරී යුගයේ රැහේ නායකයාට තිබුණු බලය, තමන් කැමති දේ කරන්න පුළුවන් බලය. ඒක ශිෂ්ඨ සම්පන්න සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි.

සෝමවංශ අමරසිංහ- ජ.වි.පෙ. නායක

2005 සැප්තැම්බර් 08 වැනිදා අත්සන් කළ ගිවිසුම මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟයි කියා මහින්ද රාජපක‍ෂ මහත්තයා පොරොන්දු වුණා. දැන් තිඛෙන්නේ ඒක අහෝසි කිරීම මිසක් නැවත ජනාධිපතිවරණ පැවැත්වීමේ අවස්ථාව නොවෙයි. මේ අරඹුණේ දේශප්‍රේමී ජනතාවගේ අරගලය. මේ අරගලය ජයග්‍රහණයෙක් කෙළවර වෙනවා.

2005 නොවැම්බර් 17 වැනිදා අපි දැක්කේ මේ රටේ අවසාන ජනාධිපතිවරණය. තවත් ජනාධිපතිවරණ මේ රටේ ජනතාව දකින්නේ නැහැ. දකින්න බැහැ. ඉඩ දෙන්නේ නැහැ.

අද මහින්ද රාජපක‍ෂ මහත්තයා අන්ධයෙක්, ගොළුවෙක්, බීරෙක් වෙලා. ඇහෙන්නේ, පේන්නේ නැහැ. ඒ නිසා ඇහෙන්න කියන්න ඕන.

මහින්ද රාජපක‍ෂ මහත්තයා ජනාධිපති පුටුවට ගෙනාවා නම් එලවන්නත් ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්. ජීවිත, ලේ, දහඩිය දීලා ජනතාවගේ ජනවරම ආරක‍ෂා කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා නැවත ජනාධිපතිවරණ පවත්වන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. අද කියනවා රට අරාජික වෙනවාය කියලා. අස්ථාවර වෙනවාලූ. මැයි 18 වැනිදා ජයග්‍රහණයක් ගත්තා. ඒ ජයග්‍රහණය වටා මේ රටේ ජනතාව පෙළගස්වන්න මහින්ද මහත්තයාට බැරි වුණා. ඒ නිසා ජනතාවගෙන් ප්‍රතිෙක‍ෂ්ප වීම දකුණෙන් ආරම්භ වුණා. ඒ රැල්ල රට පුරා යනවා.

මහින්ද මහත්තයාට ජනාධිපති ධුරයේ ඉන්න ඕන නම් 2011 නොවැම්බර් 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12 වන තුරු කල් තිඛෙනවා. ඊට පෙර විධායක ජනාධපති ක්‍රමය අහෝසි කරන නීති ගේන්න ඕන. ඒ නීති සම්මත කරන්න මුළු පාර්ලිමේන්තුවම ඉන්නවා. එහෙම නැත්නම් මහින්ද මහත්තයා ඔය ඉන්න තැනින් පහළට බස්සන්න අපි සූදානම්.

ටිල්වින් සිල්වා - ජ.විපෙ. ප්‍රධාන ලේකම්

අද මේ ලිප්ටන් වටරවුමට එක් රැස්වෙලා ඉන්න ජනතාව තමයි, 2005 අවුරුද්දේ දිනන්න හිටපු රනිල් පරද්දලා මහින්ද රාජපක‍ෂ මහත්තයා දිනවන්න මැදිහත් වුණේ. එහෙම කළේ මහින්ද රාජපක‍ෂ එකඟ වූ වැදගත් කොන්දේසි කිහිපයක් නිසා. දැන් ඒවා පැත්තක දාලා, පවුලේ බලය හදන්න උත්සාහ කරනවා නම් මේ ඇවිත් ඉන්න ජනතාව සූදානම්, මහින්ද මහත්තයා ගෙදර යවන්න. මහින්ද ජනාධිපති පුටුවෙන් බස්සන්න අපි ලෑස්තියි.

මහින්ද රාජපක‍ෂ මහත්තයා ශක්තිමත් නැහැ. දැන් කලබල වෙලා. බය වෙලා නපුරු හීන පේනවා. රාජික වෙනවාලූ. අපි කියනවා පොරොන්දු වෙච්ච විදියට වැඩ කරන්න, එතකොට බය වෙන්න ඕන නැහැ.

පොරොන්දු වෙච්ච විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. එහෙම කරන්නේ නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්.

රට අරාජික කළේ මහින්ද මහත්තයා. දැන් නැති ජනාධිපතිවරණ ගෙනත් රට අරාජික කරනවා. ඒ නිසා ඒ අරාජිකත්වය පරද්දලා රට යහපත් දිශාවට යොමු කරවන්න ඕන. තවත් ජනාධිපතිවරණයක් එපා. ජනවරමට අනුව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න. නැතන්ම් අපි ඊට විරුද්ධව සටන් කරන්න සූදානම්. ජනතා හ~ නොසලකා තවත් ජනාධිපතිවරණයක් තිව්වොත් මේ රටේ සියලූ දේශප්‍රේමී ජනතා බලවේග එකතු කර ගෙන මහින්ද රාජපක‍ෂ පරද්දන්නත් ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.
-Sri Lanka Guardian
Share this article :

+ comments + 1 comments

October 28, 2009 at 12:01 AM

කාරණාව ඇත්තක් වුවත් දැන් ජනතාවගේ ප්‍රශ්ණය වී ඇත්තේ ජනාධිපතිවරණ ගැන නොව ඒකදිගට කරන වැඩවර්ජනත් ඒ ගැන නිකං ඉන්න ජනාධිපති ගැන තමා. නමුත් ජ.වි.පෙ. වග කියන්න වෙනවා, මොකඳ මෙතැනදී ඔවුටවත් ධනේශ්චර ජනතාවට නොව වැඩ කරන ජනතාවට නිසාවෙනි.

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger