Home » » ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය විකෘති කිරීමට රජය උත්සාහයක - විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය විකෘති කිරීමට රජය උත්සාහයක - විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

Written By Sri Lanka Guardian on Monday, January 25, 2010 | 12:46 AM

(January 25, Colombo, Sri Lanka Guardian) ජනාධිපතිවණයේ අවසන් ප‍්‍රතිඵලය නතර කිරීම සඳහා රජය ප‍්‍රභල උත්සාහයක යෙදී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකඡ්චාවකට සහභාගිවෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 26 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය නතර කර දැමීමේ මෙහෙයුමක් මේ වන විටත් දියත් කර ඇති බවයි. ජනතාවගේ පරමාධිපත්‍ය වූ ඡුන්ද බලය උදුරා ගැනීම සඳහා රජය දරණ ප‍්‍රයත්නය පරාජය කිරීම සඳහා ලාංකීය සෑම ඡුන්ද දායකයකුම ඉදිරියට ආයුතු බවයි වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger