(January 25, Colombo, Sri Lanka Guardian) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා හදිසියේම අතුරුදහන්වීම වහාම පරීක්‍ෂණයක් සිදුකරන මෙන් වගකිව යුතු නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු. ජනාධිපතිවරණයට දින නියම වු දිනයේ සිටම අපක්‍ෂපාති වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ට අවස්ථා කිහිපයකදීම එල්ල වු තර්ජනයන් රටේ මහජනතාව හොඳින් දන්නා බැවින් මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබෙන්නේ දැඩි කුතුහලයකි.
මේ මාධ්‍යවේදියා අපක්‍ෂපාති ලෙස රටේ සිදුවන ¥ෂණ සම්බන්ධයෙන් පෙනී සිටි මාධ්‍යවේදියෙක් බැවින් ඔහුගේ හදිසි අතුරුදහන් වීමේ චෝදනාව රජයට එල්ල වීම අතිශෝක්තියක් නොවේ. ගෙවී ගිය වසර 04 ක කාලය තුළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවු අතර තවත් මාධ්‍යවේදීන් රැසකට සිරබත් කෑමටත් සිය මාධ්‍ය ජීවිතය අතහැර දැමීමටත් සිදු වු බව අප කවුරුත් දනී. ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම පිළිබඳව කඩිනමින් පරීක්‍ෂණයක් සිදුකර ඔහුට කුමක් සිදු වී ඇත්ද යන්න රටට ප‍්‍රකාශ කිරීම රජයේත් ආරක්‍ෂක අංශ වලත් වගකීමක් ලෙස අප අවධාරණය කර සිටිමු. හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු රටේ සිදුවන විශ්වාසනීය වෙනසින් පසු කිසිදු මාධ්‍යවේිදියෙකුට මෙවන් තත්ත්වයක් උදා නොවන බවත් තම වෘත්තිය ගෞරවයෙන් සිදුකිරීමට අවශ්‍ය පරිසරය උදාකරන බවත් අප තරයේ අවධාරණය කර සිටිමු. -Sri Lanka Guardian
Home »
» ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම පිළිබඳ වහා පරීක්‍ෂණ අරඹනු.
Post a Comment