(January 26, Colombo, Sri Lanka Guardian) මාතලේ දිස්ති්‍රක්කයේ ලග්ගල ආසනයේ ජනාධිපති ආරකෂ අංශයට අයත් KB-9253 සහ KB-9014 දරන ඩිෆෙන්ඩර් වර්ගයේ රථ දෙකකින් පැමිණි ආරකෂක නිලධාරින් පිරිසක් ගම් කිහිපයක ඡන්ද දායකයින් බිය වද්දා තිබේ. නුග ගොල්ල, හීන් තැන්න යන ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කර ඇති බව ප්‍රදේශයේ අප වාර්තාකරුවන් දැනුම් දී තිබේ.
මේ අතර කොළඹ දිස්ති්‍රක්කයේ මැද කොළඹ ආසනයේ ආමර් විදිය ප්‍රදේශයේ අලියා ලකුණ සහිත ව්‍යාජ ඡන්ද පති්‍රකා පිරිසක් විසින් ඛෙදාහැර තිබේ. මේ අතර රඹුක්කන ආසනයේ බැද්දෙවෙල ප්‍රදේශයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන පිරිසකගේ හැදුනුම්පත් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ. මේ අතර ති්‍රකුණාමල දිස්ති්‍රක්කයේ විදුලිබල මණ්ඩල පාරේ පදිංචි ගුරු ගයියා ආනන්දගේ මහතාගේ හැදුන්ම්පත කරුණා පාර්ශවයේ පිරිසක් පැමිණ පැහරගෙන ගොස් තිබේ. රත්නපුර දිස්තී්‍රක්කයේ ඇහැලියගොඩ ආසනයේ පොලීසියේද සහය ඇතිව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැර පිරිසක්ද සහභාගී කර ගනිමින් එල්ලාවල, වන්නිහේන, අකුරණ යන ප්‍රදේශ වල ගිනි අවි රැගෙන ඡන්ද දායකයින් බියවද්දා තිබේ. පොලොන්නරුව දිස්ති්‍රක්කයේ තමන්කඩුව 27 කණුව ආසන්නයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කාර්යාලයක ඉතා විශාල ප්‍රමාණයේ කටවුට් ප්‍රදර්ශනක කරමින් තිබේ. එම කාර්යාලය පිහිටා තිඛෙන්නේ ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිටයි. -Sri Lanka Guardian
Home »
» ප්‍රදේශ රැසක මැතිවරණ දූෂණ
Post a Comment