(January 29, Colombo, Sri Lanka Guardian) දිවයින පුරා ලංගම ඩිපෝවල ක්රියාත්මක වූ සමස්ත ලංකා පොදු ප්රවාහන සේවක සංගමයට අයත් වෘත්තීය සමිති කාර්යාල බොහොමයක් මේ වන විට නිදහස් සේවක සංගමයට අයත් මැරයින් විසින් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.
පිටකොටුව, නාරාහේන්පිට, මොරටුව, උඩහමුල්ල, බණ්ඩාරවෙල, බදුල්ල, නුවර සහ යටි නුවර ඩිපෝවල ක්රියාත්මක වූ තම වෘත්තීය සමිති කාර්යාලය මේ වන විට සහමුලින්ම විනාශ කර ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා පොදු ප්රවාහන සංගමයේ ප්රකාශකයකු අප හා පැවසීය. මේ පිළිබඳව ක්රියාත්මක වීමට ප්රාදේශීය පොලිස් ස්ථාන මැලිකමක් දක්වන බැවින් පොලිස්පතිතුමා හමුවී මේ පිළිබඳව පැමිණිලි කිරීමට තම සංගමය ක්රියාකරන බවටද තවදුරටත් ඔවුහු අප හා පැවසීය. -Sri Lanka Guardian
Home »
» ලංගම සේවක සමිති කාර්යාල රැසක් ගිණිතබා වනසයි
Post a Comment