By Shan
දකුණේ පාලකයන්ගේ සිහිනයන්ට බාධා කළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය එහි ගමන් මගේ අවසානයට පැමිණ ඇත. ඒ අනුව දෙමළ ජනතාවගේ සිහින කුමරා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් ද තම ඵෙතිහාසික මෙහෙවර නිමා කර තිබේ. දශක ගණනාවක් තිස්සේ දෙමළ විමුක්ති අරගලයට නායකත්වය දුන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසානයත් සමග දෙමළ ජනතාවගේ විමුක්ති ව්‍යාපාරය තුළ ඇතිවී ඇත්තේ ප්‍රබල රික්තයකි. එපමණක් නොවේ. භෞතිකව දේශපාලනය කළ නායකයෙක් ද දේශපාලන ව්‍යාපාරයක් ද තම ගමන අවසන් කර ඇත.
සිංහල බෞද්ධ ආණ්ු වලින් දෙමළ ප්‍රජාවට ඵෙතිහාසිකව සිදුවූ අසාධාරණයන්ට එරෙහිව පැන නැගුන දෙමළ විරෝධය කාලාන්තරයක් තිස්සේ රුදී තිබුණේ දෙමළ මධ්‍යම පාංතිකයන් අතය.ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවාදය තුළ රුදී සිටිමින් සිංහල පාලකයන්ගේ ඔඩක්කු කුක්කන් බවට දෙමළ නායකයෝ පත්ව සිටියහ. ඒ අනුව දෙමළ විමුක්ති ව්‍යාපාරය සිංහල පාලකයන්ගේ අත පල්ලෙන් වැටෙන යමක් භුක්ති විදිමින් තෘප්ත වන මනෝභාවයක තිබුණි.
දෙමළ දේශපාලනයේ මේ දිශානතිය භෞතිකව වෙනස් කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ය. නිවට නියාලුව පීඩක රාජ්‍ය ඉදිරියේ දනින් වැටෙමින් සිටි දෙමළ විමුක්ති ව්‍යාපරය ජව සම්පන්න ලෙස නැගී සිටුවීමට ඔහු සමත් විය. මේ නිසා වේළුපිල්ලේ ප්‍රභාකරන් චරිතය සිංහල නායකයන්ගේ පමණක් නොව දෙමළ නායකයන්ගේ ද සිහින බොද කළේය. දෙමළ ප්‍රජාවට අසාධාරණයක් සිදුවී ඇති බව ද එය අමතක කළ නොහැකි බව ද ඒ නිසා සාධාරණ විසදුමකට යා යුතු බව ද සිංහල ප්‍රජාව තේරුම් ගත්තේ ඔහුගේ රුඩිකල් හා ජව සම්පන්න දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා ය. එපමණක් නොව දෙමළ ප්‍රති විරෝධය නොතකා සිටීමට සිංහල නායකයන්ට හා ආණ්ඩ වලට පවා නොහැකි වුණි.
වෙල්ලාල වංශිකයන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ දෙමළ දේශපාලනය කාරියර් කුලයේ තරුණයන් අතට ගැනීමට මුල් වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ය. ඒ නිසා කුල භේදය ප්‍රබල දෙමළ සමාජය තුළ පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් වුණි. අවවරප්‍රසාධිත ජන කොටස් වලට ද අභිමානයෙන් හිස කෙළින් තබා ගැනීමට හැකිවුණි. සිංහල පාලකයන් හා අවස්ථාවාදී සම්මුතීන්ට පැමිණෙමින් ජනතාව පාවා දුන් දෙමළ නායකයන්ට තවදුරටත් ඔවුන් රුවටීමට නොහැකි විය.
වේළුපිල්ලේ ප්‍රභාකරන් දේශපාලන පියවර තැබූවේ ඔහුටම ආවේනික ක්‍රමෝපායන් මත ය. ඔහු තමන්ට එකග නොවන සියළු දෙනා අනුකම්පා විරහිතව විනාශ කළේය. ඔහුට අංශු මාත්‍රයකින් හෝ එරෙහි වූවා නම් එම විරුද්ධවාදියා විනාශ කිරීමට ප්‍රභාකරන්ට තිබූ උනන්දුව කෙතරම් කුරිරු ද යත් ලෝකයේ කිසිම සටන්කාමියකු තම විරුද්ධවාදීන් සම්බන්ධයෙන් එලෙස කටයුතු නොකරන්නට ඇති බව නො අනුමානය. එහෙත් ඔහු කෙතරම් ෆැසිස්ට්වාදී වුවද දෙමළ ජාතික ව්‍යාපාරය සමස්තයක් ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය තුළ ගොනු කර ගැනීමට ඔහු සමත් විය.
සන්නද්ධ සටන්කාමී ව්‍යාපාරයක සදාචාරය ගැන කතා කිරීමට යෑම හාස්‍යජනක නාගමකි. ඒ අර්ථයෙන් විමුක්ති කොටි සංවිධානයේ ද අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කිරීම අර්ථ විරහිතය.
එහෙත් විමුක්ති ව්‍යාපාරයක් මනුෂ්‍ය ඝාතනය උපක්‍රමයක් ලෙස යොදා ගත යුත්තේ දැඩි සංයමයෙනි. මේ සංයමය විමුක්ති කොටි සංවිධානයට තිබුණාදැයි සැක සහිතය. විමුක්ති ව්‍යාපාරයක් ගිනි අවි භාවිතා කළ යුත්තේ කෙසේ දැයි දැක්වෙන සූත්‍රයක් තවමත් ශිෂ්ඨ සම්පන්න සමාජය තුළ ගොඩ නංවා නැත. එහෙත් විමුක්ති කොටි සංවිධානය එවැනි සූත්‍රයක අවශ්‍යතාව ගැන දැක්වූයේ අල්ප අවධානයකි.
මේ තත්ත්වය දෙමළ විමුක්ති ව්‍යාපාරයට කළේ විශාළ හානියකි. දෙමළ දේශපාලනය තුළ තිබිය යුතු අල්ප ප්‍රජාතන්ත්‍රවාදය පවා ගිලිහී ගිය අතර එය සමස්තයක් ලෙස ෆැසිස්ට්වාදයටම යටවුණි.ෆැසිස්ට්වාදය ආත්මය කර ගත් සටන් ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයන් බිහිවීමට ඇත්තේ අල්ප ඉඩකි. එහෙත් එවැනි ව්‍යාපාරයක අංශු මාත්‍රයක හෝ අරුණලු දෙමළ දේශපාලනය තුළ ඇති නොවුණි. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලනයට ඵෙන්ද්‍රීයව අභියෝග කිරීමට තරම් හැකියාවක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බිහි නොවීය. ක්‍රම විරෝධි හා සම්ප්‍රදායි දේශපාලනයක නිරතව සිටි බොහෝ දෙමළ දේශපාලනඥයන් සතුරාගේ සතුරා මිතුරා ය යන න්‍යාය මත ප්‍රධාන ප්‍රවාහයටම ඇතුළු වුණි. එහෙව් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ගේ තක්කඩිකමට වඩා ෆැසිස්ට්වාදී ප්‍රභාකරන්ගේ අවංකකම දෙමළ ප්‍රජාවට විශ්වාසනීය වූවා වැනිය.
විමුක්ති කොටි සංවිධානයට ලොව ඉහළම පෙළේ රණ ශූර බුද්ධියක් තිබුණි. එහෙත් එහි දේශපාලන උපාය උපක්‍රම ළාමක විය. දෙමළ ප්‍රජාව අතර කොටි සංවිධානය ඵෙන්ද්‍රීයව දේශපාලනයක යෙදුන ද එහි ඵෙතිහාසික අවසානය ඉක්මන් වූයේ වැරදි දේශපාලන ගණන් බැලීම් නිසා යැයි පැවසිය හැකිය. විමුක්ති කොටින්ගේ නිවැරදි නොවූ හා උපාය උපක්‍රම ශීලී නොවූ දේශපාලන ගණන් බැලීම් පෙළ ගැස්වුවහොත් ප්‍රධාන වශයෙන් එවැනි ප්‍රවනතා කිහිපයක් දැක්විය හැකිය.
(i) සීමාන්තික ෆැසිස්ට්වාදය මත පදනම් වීම,
(ii) රාජීව් ගාන්ධි ඝාතනය කිරීම,
(iii) 2002 සටන් විරාම ගිවිසුම හා ඒ ආශ්‍රිත ජාත්‍යන්තර දේශපාලනය හදුනා නොගැනීම,
(iv) 2005 ජනාධිපතිවරණයේ දී බහුතර දෙමළ ප්‍රජාව ඡන්දය පාවිච්ච් කිරීමෙන් වැළැක්වීම.
දේශපාලනයේ නව ප්‍රවනතා හදුනා නොගත් විමුක්ති කොටි පළමුව ජාත්‍යන්තරය අමනාප කර ගත්තේය. දෙවනුව දේශීය දේශපාලනය තුළ වල්මත් වුණි. කලක් කොළඹ දේශපාලනයේ න්‍යාය පත්‍රය තීරණය කළ කොටි සංවිධානය අවසානයේ දී දේශපාලන උපායන්ට වඩා විශ්වාසය තැබූවේ පූර්ණ මිලිටරි ක්‍රියාකාරීත්වයකට ය. එය කෙතරම් බොළද දැයි කිවහොත් උතුරේ ජනතාවගේ ඔළු ගෙඩි වලට ඉහළින් බෝම්බ අතහරින ආණ්ඩුවෙන් කොටි සංවිධානය පළි ගත්තේ දකුණේ මගී ප්‍රවාහණ බස් රථවල බෝම්බ පුපුරුවමිනි. පූර්ණ ෆැසිස්ට්වාදයට යටවූ විට ඇසට ඇසක් දතට දතක් න්‍යාය හැර අන් කවරක් ද? දකුණේ සමූල ඝාතනයන්ගෙන් කොටි සංවිධානය උපයා ගත්තේ එකම එක දෙයකි. ඒ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ රාජ්‍ය මතවාදය ශක්තිමත් වී දෙමළ ජනතාවගේ ඔළු ගෙඩි වලට තව තවත් බෝම්බ අත හැරීමට හැකිවන සේ ආණ්ඩුවට බලපත්‍රයක් ලැබීම පමණි.
උතුරේ ද දකුණේ ද සුපේශල ශික්ෂාකාමී මහත්වරුන්ට දැන් උදාවී ඇත්තේ කදිම අවස්ථාවකි. රටම භීතියෙන් භීතියට පත් කළ මහා ඝාතකයා විනාශ කළා යැයි ඔවුන්ට හන්දියක් හන්දියක් ගානේ කිරි බත් කමින් ප්‍රීති විය හැකිය. රටේ ජනාධිපති කොටි සංවිධානය විසින් ඝාතනය කළ අවස්ථාවේ රතිඤඤා පත්තු කරමින් ප්‍රීති වූ ජාතියක් මේ අවස්ථාවේ ප්‍රීතිවීම තේරුම් ගත හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සංවිධානාත්මක ප්‍රීතිය තුළ බරපතල පරස්පරයන් සැගවී තිබීමයි.
(i) තමන්ගේ රටේ ජනාධිපති ඝාතනය වූ විට රතිඤඤා පත්තු කරමින් ප්‍රීති වේ. ඒ නායකයාගේ ඝාතනයට අණ දුන් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වූ විට ද රතිඤඤා පත්තු කරමින් ප්‍රීති වේ.
(ii) වේළුපිල්ලෙ ප්‍රභාකරන් ජන ඝාතකයෙකි. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයෙකි, නීතිය නොතකා හැරිය අයෙකි, මේ ආදී වශයෙන් බරපතල අපරාධ කළ ත්‍රස්තවාදියෙකි. එහෙත් මේ සියළු ත්‍රස්තවාදීකම් එළෙසින්ම කරන දකුණේ රාජ්‍ය නායකයන් හා එකට එකතු වී ප්‍රභාකරන්ගේ මරණය ගැන දකුණේ ප්‍රජාව ප්‍රීති වෙති.
මේ පරස්පරයන් දකුණේ සමාජයේ තක්කඩිකම් නිසා මිස අනෙකක් නිසා ඇතිවූවක් නොවේ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පරමාදර්ශී විය හැකි දේශපාලන චරිතයක් දෙමළ සමාජයෙන් තබා සිංහල සමාජයෙන්වත් බිහි වී නොමැත. රාජ්‍යයේ අත්තනෝමතිකත්වයට, ආඥාදායකත්වයට හා පරපීක කාමුකත්වයට එරෙහි වී රාජ්‍යයේ හදවතට දැනෙන සේ සටන් කළේ ඔහුය. ඒ අභියෝගය රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ කිරීමට සමත් විය. රාජ්‍ය යාන්ත්‍රණයට කැට කැබලිති වීසි කරමින් දෙමළ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කළ නායකයන් සිටි දෙමළ දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රභාකරන්ගේ සම්ප්‍රාප්තිය ආශ්වාදයක් විය. ඔහු කෙතෙක් ෆැසිස්ට්වාදී වුවත් දෙමළ විමුක්ති අරගලය නියෝජනය කිරීමට ඔහුට ශක්තියක් ලැබුණේ එබැවිනි. ඒ අර්ථයෙන් දෙමළ විමුක්ති අරගලය දැන් නැවතත් මධ්‍යම පාංතිකයන්ගේ දවල් සිහින තුළ බොදවී යනු ඇත. දෙපයින් සිට ගැනීමට ගොස් මිය යනවාට වඩා දෙකට නැවී ප්‍රීතියෙන් ජීවත්වීම යහපත් යැයි සිතන නායකයන් විමුක්ති අරගලයේ කොඩිය දරා උජාරු බස් කියවනු ඇත.
කිරිබත් කා ජාතික ධජය වනමින් සිංහල සමාජය ප්‍රීති වන්නේ ලක්ෂ තුනකට අධික දෙමළ ජනතාවක් උපන් බිමේ අනාථව සිටින හා පන්දහසකට අධික දෙමළ ජනතාවක් සමූල ඝාතනය වී ඇති මොහොතකය. එසේම කොටි සංවිධානය පොඩි පට්ටම් කිරීමේ රාජ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් උතුරේ සටන් බිමට ගොස් මරු මුවට පත් වූ හා බරපතල තුවාල ලැබූ සිංහල සොල්දාදුවන්ගේ ඥාතීන් සෝ සුසුම් නගන මොහොතකය. එවන් මොහොතක මහ ජාතියේ වගකීම විය යුත්තේ අශිෂ්ඨ ලක්ෂණ ලෝකයාට පෙන්නුම් කරමින් වීථි ගානේ රස්තියාදු වීම නොවේ. එහෙත් තුන් කල් දකින නායකයකු
නොමැතිකමින් සිංහල සමාජය ද අවතැන් වී ඇත.
විමුක්ති කොටි සංවිධානය ලෙයින් හා යකඩන් මර්දනය කර දෙමළ ජාතික විමුක්ති අරගලය තලා පොඩි පට්ටම් කර ඇති මේ මොහොතේ දකුණේ සමාජය සිතට ගත යුතු යමක් ඉන්දියාවේ ප්‍රකාශට පත් කරන Frontline සගරාවේ පළ වී තිබුණි.
එහි 2009 මැයි 22 කළාපය මෙසේ පවසයි.
"The LTTE is undoubtedly part of the problem, but its elimination as a conventional force is not the answer to the problem. The Tigers are the byproduct of the long neglected legitimate grievances of Tamils."
ෆැසිස්ට්වාදී නායකයකුගේ අවසානය ගැන දුක්වීම හෝ ප්‍රීතිවීම හෝ නිෂ්ඵල ක්‍රියාවකි. එහෙත් දෙමළ විමුක්ති අරගලය මහ ජාතිවාදී ආධිපත්‍ය තුළ මර්දනය වීම ඉවසිය නොහැක්කකි. ඒ අර්ථයෙන් විග්‍රහ කළ විට ජීවතුන් අතර සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන් සමස්ත ලෝකයාටම කළ හානියට වඩා වැඩි හානියක් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීම නිසා ඇතිවන රික්තයෙන් දෙමළ විමුක්ති ව්‍යාපාරයට සිදුවන බව නම් ස්ථිර වශයෙන්ම පැවසිය හැකිය.-Sri Lanka Guardian
Home »
» සිහින බිදීම මරණයට හේතුවක් ද?
Post a Comment