By Shan
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා ද ඉන්දියාවේ සිට චීනය දක්වා ද මියන්මාරයේ සිට ඉරානය දක්වා ද ගෝලීය ධනේෂ්වරයේ සියළු නියෝජිතයන් මහින්ද රාජපක්ෂ රෙජීමය වටා පෙළ ගැසී ඇත්තේ ත්රස්තවාදයට එරෙහිව ය. එසේම කරු ජයසූරියගේ සිට වාසුදේව නානායක්කාර දක්වා ද ආනන්ද සංගරීගේ සිට කරුණා අම්මාන් දක්වා ද විමල් වීරවංශගේ සිට චම්පික රණවක දක්වා ද දේශීය ධනේෂ්වරයේ සියළු නියෝජිතයන් මහින්ද රාජපක්ෂ රෙජීමය වටා පෙළ ගැසී ඇත්තේ ද ත්රස්තවාදයට එරෙහිව ය.
එහෙත් මේ සියළු දෙනාටම ත්රස්තවාදයට එරෙහිව ඇත්තේ සමාන අදහස් නොවේ. වෙනත් වචනයන්ගෙන් කිවහොත් මේ සියළු දෙනා තනි මිනිසෙකුගේ ච්න්තනයක් වටා එකතු වී ඇත්තේ පොදු අරමුණකින් නොවේ. සියළුදෙනාටම වෙනස් වූ අරමුණු ඇත.ඒ වෙනස් වූ අරමුණු සාධනයේ ලා සතුරාගේ සතුරා මිතුරාය යන්න බොහෝ දෙනෙකුගේ දේශපාලන පදනම වී ඇත.
කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි අවදියේ දී ඔහු පුවත් පතකට කී කතාවක් මට සිහි පත් වේ. විශාල ගං වතුරක් ගැලූ කල්හි බල්ලෝ ද එළුවෝ ද ගවයෝ ද ඇතුළු සියල්ලෝම ජීවිතය බේරා ගැනීම සදහා එකම වහළකට නගින බවත් රට අර්බූදයකට මුහුණ පා ඇති මේ මොහොතේ කුමන වෙනස් කම් තිබුණත් සියළු දේශපාලන පක්ෂ ඒ අර්ථයෙන් එකට එක් විය යුතු බව කරු ජයසූරිය ගේ ප්‍රකාශයේ සාරාංශය විය. කරුගේ සිහිනය දැන් සැබෑ වී ඇත. බල්ලෝ ද එළුවෝ ද ගවයෝ ද ඇතුළු සියල්ලෝම එකම වහළකට නැගී ඇත.
එල්ටීටීඊයේ ත්රස්තවාදයට එරෙහිව දකුණේ බහුතරක් දේශපාලන පක්ෂ මහින්ද ච්න්තනය වටා පෙළ ගැසී තිබුණ ද එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් හෝ නොවෙනස් රාජ්‍ය ත්රස්තවාදයක් මේ නිසා දකුණේ බිහිවී ඇත. එය එල්ටීටීඊයේ ත්රස්තවාදයට වඩා වෙනස් වන්නේ කෙස් ගහක ප්රමාණයකිනි. ඒ අනුව ත්රස්තවාදයට එරෙහිව අවි අමෝරා ගත් මහින්ද රාජපක්ෂ රෙජීමය රාජ්‍ය ත්රස්තවාදයක් බිහි කර හමාරය. දැන් දකුණේ ජනතාවට සිදුවී ඇත්තේ එකක් කඩ තොළු මකා ගන්නට ගොස් දෙකක් කඩ තොළු සාදා ගත් ඉදුරුවේ ආචාරියාට සිදු වූ දේම ය.
මේ රට කොයියම් ආකාරයක හෝ සුළු ජාතීන්ට අයිති නැති බව ද මේ රට සිංහල බෞද්ධයන් ගේ උරුමය බව ද ඒ උරුමය පිළිගන්නේ නම් පමණක් සුළු ජාතීන්ට මේ රටේ ජීවත් විය හැකි බව පවසන්නන් අතර කැබිනට් ඇමතිවරු ද රාජ්‍යයේ ඉහළම නිලධාරීහු ද සිටිති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කරන්නන් අතර ඉහළින්ම සිටින්නේ රාජ්‍යයේ නායකයා ද ප්‍රධානියා ද සේනාධිනායකයා ද වන ජනාධිපතිවරයා ම ය. පුරවැසියන්ගේ මූලික අයිතීන් නිති පතා උදුරා ගනිමින් එය සාධාරණීකරණය කරන්නේ ව්‍යවස්ථාදායකය ම ය. ජාත්‍යන්තර සම්මුතීන් බල රහිත කරමින් ඒවා හාස්‍යයට ලක්කරන්නේ අධිකරණය විසින් ම ය.
මහින්ද ච්න්තනය විසින් මේ ගොඩනගමින් සිටින්නේ ඒකාධිපති මිලිටරි රාජ්‍යයක් නොවේ ද?
ශ්‍රී ලංකා රාජ්‍යයේ අන්තර් ජාතික මිතුරු ලේඛනයෙන් ප්රජාතන්ත්රවාදී හරයක් සහිත රාජ්‍යයන් ක්‍රමයෙන් ඉවත් වෙමින් තිබේ. ඒ රික්තය පුරවනු ලබන්නේ මිලිටරිමය රාජ්‍යයන් විසින් ය. නැත්හොත් ගෝලීය ප්රාග්ධනයේ පොලිස් භූමිකාව රගපාන රාජ්‍යයන් විසින් ය. ප්රජාතන්ත්රවාදී හරයකින් යුත් රාජ්‍යයන් කොටි ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන්නන් ලෙස හදුන්වමින් මිතුරු රාජ්‍යයන් අමනාප කර ඇති කර ගන්නා නව මිතුරන්ගේ ස්වභාවයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ නව ධ්‍රැවීකරණය තේරුම් ගත හැකිය.
ප්රජාතන්ත්ර විරෝධි , මානව අයිතීන් නොසලකන, අන්තර් ජාතික සහෝදරත්වය ප්‍රතික්ශේප කරන අන්තයකට ශ්‍රී ලංකා රාජ්‍යය ඇද ගෙන යෑමට මහින්ද රාජපක්ෂ රෙජීමයට හැකි වී ඇත්තේ ගෝලීය ත්රස්තවාදයට එරෙහි අන්තර ජාතික ධනේෂ්වරයේ ඊනියා සටන නිසා ය. අන්තර් ජාතික ධනේශ්වරයේ ඊනියා ත්‍රස්ත විරෝධය නිසා වැඩියෙන්ම හානි සිදුව ඇත්තේ ත්රස්තවාදයට නොව තමන්ටම බව දැන් ධනේෂ්වරය අවබෝධ කර ගනිමින් සිටී. ප්රජාතන්ත්රවාදී සාර ධර්මයන් නො ඉවසන, මානව හිමිකම් වලට ගරු නොකරන හා අන්තර් ජාතික මිත්‍ර ශීලීත්වය ප්‍රතික්ශේප කරන ධනේෂ්වරයක් බිහි වී ඇති බව දැන් ඔවුහුම පිළි ගනිති.
ගෝලීය ත්රස්තවාදයට එරෙහි සටන ඇරඹූ එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ අතිජාත මිත්‍ර බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලැයාර් කල් ඇතුවම ගෙදර ගියේ ය. එසේම ඩ්ස්ට්රේලියාවේ අගමැතිවරයා ද ගෙදර ගියේ ය. ලෝකය පුරා නව යුගයක් උදා වෙමින් තිබේ. කළු ජාතික බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත් වන්නේ ද මෙවන් කාලයක ය. ගිජු ළිහිණියන් විසින් යුගයක් පුරා තැබූ ලේ සලකුණු මකා දැමීමට ක්ෂණිකව කිසිවකුට හැකිවන්නේ නැත. එසේම පුද්ගල ප්‍රතිරූපයන්ට ලෝකයක් වෙනස් කිරීමට ඇති ඉඩ කඩ ද සීමිත ය. එහෙත් ඒ පුද්ගලයන්ට සමාජ සංස්කෘතියක ගමන වෙනස් කිරීමට යම් අඩි තාලමක් දැමිය හැකි ය.
ප්රජාතන්ත්රවාදය අගයන, මානව හිමිකම් වලට ගරු කරන හා මිත්‍රශීත්වය අනු දකින ගෝලීය දේශපාලන පරිසරයක් ගොඩ නැංවෙන දිනය මත මනුෂ්‍ය ශිෂ්ඨාචාරය නැවත ලියවෙනු ඇත. ඒ මත ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන ධ්රැවීකරණයන් ද වෙනස් වනු ඇත.
කරු ජයසූරියගේ අර්ථයෙන් එකම වහළක් මතට නැග ඇති ගවයන්ට ද එළුවන්ට ද බල්ලන්ට ද සදාකාලිකව එලෙස සිටිය හැකිවෙතැයි මොහොතකටවත් සිතිය යුතු නැත. මේ සියල්ලන්ම තම තමන්ගේ ච්න්තනයන් අමතක කර මහින්ද ච්න්තනයම සරණ යන්නේ එක් සංධිස්ථානයක් තෙක් පමණි. ගෝලීය ත්රස්තවාදයට එරෙහි අන්තර් ජාතික ධනේෂ්වරයේ ඊනියා සටනේ අවසානයට ප්‍රවේශ වන්නේ කවදාද එදාට මහින්ද ච්න්තනය පසු පස යන්නන්ගේ ගමන ද අවසන් වනු ඇත. මහින්ද ච්න්තනය ද ඉතිහාසයේ කුණු බක්කියට එකතු වනු ඇත. -Sri Lanka Guardian
Home »
» කළ යුත්තේ කුමක් ද? (ii)
Post a Comment