පැටි‍්‍රක් මාටින්
(September 29, Colombo, Sri Lanka Guardian) 2001 සැප්තැම්බර් 11 එනම් අට වසරකට පෙරාතුව අද වැනි දිනෙක, එකාබද්ධ බහු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් මිනිසුන් 2700 කට පමන සිය ජීවිත අහිමි විය. පැහැර ගත් ජෙට් යානා ලෝක වෙලඳ මධ්‍යස්ථානයට, පෙන්ටගනයට හා පෙන්සිල්වේනියාවේ ශන්ක්ස්විල් අසල මුඩු බිමකට කඩාවැදීමෙන් එය සිදු විය. සුදුහුනු ගෑමේ නිල පරීක්ෂන මාලාවක් සිදුකර තිබියදිත්, හෝ වඩාත් නිවැරදිව නම් ඒ නිසාම, 9-11 ප‍්‍රහාරයන්ගේ සැබෑ තොරතුරු අද දක්වාමත් අබිරහස් ලෙස සැඟව තිබේ.
9/11 කථාන්තර වලින් අඩුවෙන්ම විශ්වාස කල හැක්කේ නිල කථාන්තරයයි. ඒ අනුව, ඔසාමා බින් ලාඩන් විසින් බඳවාගෙන මෙහෙයවන ලද අරාබි ත‍්‍රස්තවාදීන් 19 දෙනෙක් මාස ගනනාවක කාල පරාසයක් තුල එක්සත් ජනපදයට ඇතුල්වී ඇමරිකාවේ පුද්ගලික ගුවන් නියමු පාසැල්වල ගුවන් නියමුවන් ලෙස, සමහර අවස්ථාවල දිගු පුහුනුවක් ලබා යෝධ එක්සත් ජනපද බුද්ධි යාන්ත‍්‍රනයට ඔවුන්ගේ අරමුන හෝ චර්යාව ගැන හාංකවිසියක්වත් දැනගැනීමට
නොහැර, ඔවුන්ගේ මරාගෙන මැරෙන හා ජන සංහාරක ක‍්‍රියා සිදුකර ඇත.
හෙලිදරව් වී ඇති බොහෝ කරුනු මෙම පුරාවෘතයට අභියෝග කරයි. මෙහෙයුමේ නායකයා ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින මොහමඞ් අටා ද ඇතුලූ 9/11 ගුවන් යානා කොල්ලකරුවන් ලෙස චෝදනා එල්ල වී ඇති කාලිඞ් ආමිඩාර්, නවාෆ් අලස්මි හා සහීඞ් සමීඞ් ජාරා, ප‍්‍රහාරයන්ට සූදානම් වන කාලය තුල එක්සත් ජනපද බුද්ධි ආයතන (ඔත්තු සේවා* විසින් නිරීක්ෂනයට ලක් කර තිබේ. එලඹීමට තිබුන ප‍්‍රහාරය පිලිබඳව එක්සත් ජනපද ආන්ඩුවට අඛන්ඩව තොරතුරු ලැබී තිබුනි. ‘‘බින් ලාඩන් එක්සත් ජනපදය තුලට ප‍්‍රහාර එල්ල කිරීමේ සූදානමක’’ යන සීඅයිඒ වාර්තාව ද සමඟ 2001 අගෝස්තු 6 දින ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අවධානයට යොමු කල කුප‍්‍රකට කරුනු දැක්වීම් නොතකා හරිනු ලැබිනි.
ප‍්‍රහාරයේ චෝදනාව එල්ල වූ ත‍්‍රස්තවාදී සංවිධානයේ ඓතිහාසික පැටිකිරියද එසේම වැදගත්ය. එහි නායක ඔසාමා බින් ලාඩන් හා ප‍්‍රධාන නායකයන් බොහොමයක්, සෝවියට් පිටුබලය ලත් ඇෆ්ගනිස්ථාන තන්ත‍්‍රය පෙරලා දැමීමේදී, එක්සත් ජනපදය මුදල් යොදවමින් ගෙනගිය ව්‍යාපාරය තුල වොෂින්ටනයේ සගයන් හා සීඅයිඒ සංවිධානයේ ‘‘වත්කම්’’ ලෙෂ ලේඛන ගතකොට තිබුනි. බින් ලාඩන්ගේ මිතුරා හා ආරක්ෂකයාවූ ඇෆ්ගනිස්තානයේ තලිබාන් තන්ත‍්‍රය ද එක්සත් ජනපද කුමන්ත‍්‍රනයේ වක‍්‍ර නිමැවුමකි. 1979/89 අතර කාලයේ සෝවියට් විරෝධී යුද්ධය පවතිද්දී සීඅයිඒහි ප‍්‍රධාන සහකරුවෙකු වූ පකිස්ථාන රහස් තොරතුරු අංශය වන අයිඑස්අයි විසින්, සෝවියට්
පසුබැසීමෙන් ඉක්බිතිව බලය අල්ලා ගැනීම සඳහා, තලිබාන් පිහිටුවා නඟාසිටුවන ලදී.
සීඅයිඒ ‘‘බුද්ධි අංශ අසාර්ථකත්වය’’ පිලිබඳ කොන්ග‍්‍රසයේ හා මාධ්‍යයේ සියලූ විවේචන තිබියදී ම, 9/11 සිද්ධි, එක්සත් ජනපද මිලිටරි/රහස් තොරතුරු පද්ධතියේ යම් මට්ටමක දී, දන්නා හඳුනන ත‍්‍රස්තවාදීන්ට
ඔවුන්ගේ කර්තව්‍යයට ඉඩසැලසීමට සිතාමතා ගනුලැබූ තීන්දුවක ප‍්‍රතිපලය වීමේ ඉඩ කඩ වැඩිය. ඒ ඇමරිකානු විදේශ හා දේශීය පිලිවෙතේ ඉක්මන් වෙනසක් සඳහා අවශ්‍ය කඩතුරාව සපයා ගැනීමේ අරමුන සහිතව ය.
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්තීන් පිලිබඳ අර්ථයෙන් සලකන කල 9/11 දිය බෙත්මක් සලකුනු කරන බවට සැකයක් නැත. කොන්ග‍්‍රසයේ රිපබ්ලිකන් මෙන්ම ඩිමොක‍්‍රැටිකයන්ගේ ද නොමඳ සහාය ලබමින් බුෂ් පරිපාලනය, එක්සත් ජනපදය යුද සූදානමක තැබීය. සෑම නව ප‍්‍රකෝපකාරී ආක‍්‍රමනයක් ම, වධදීම්, පැහැරගෙනයාම්, රැුඳවුම් කඳවුරු, රටතුල ඔත්තු බැලීම්, ව්‍යවස්ථාපිත සම්මතයන් උල්ලංඝනය කිරීම, කෝකටත් තෛලය ලෙස යොදාගත් තර්කය වන ‘‘9/11 සෑම දෙයක්ම වෙනස් කලේය’’ මඟින් යුක්ති සහගත කෙරුනි.
ප‍්‍රහාරයන්ගෙන් මසක් ඇතුලත එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට පහර දුන් අතර, තෙමසක් ඇතුලත තලිබාන් පෙරලා දමා එක්සත් ජනපදයේ රූකඩ තන්ත‍්‍රයක් කාබුල්හි අලූතෙන් පිහිටුවන ලදී. 9/11 න් සය මසක් ගතවූ තැන බුෂ් පරිපාලනය ඉරාකයට එරෙහිව යුද්ධයට යෑමේ අවසන් තීන්දුවට
එලඹුනි. ධවල මන්දිරය, වොෂින්ටන් හා නිව් යෝර්ක් වෙත එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හා සදාම් හුසේන් අතර නොපැවති පුරුකක අවශ්‍ය ‘‘තොරතුරු’’ මිරිකා ගැනීම සඳහා අල් කයිඩා සිරකරුවන්ට වධ දෙන ලෙස සීඑයිඒ සංවිධානයට නියෝග දුන්නේය.
9/11 ප‍්‍රථම සංවත්සරය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හරහා ඉරාකයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා ද එය පසුපසින් ඩිමොක‍්‍රැටික පාලනය යටතේ පැවති සෙනේට් සභාව
ද ඇතුලත් කොන්ග‍්‍රසය තුලින් ඉරාකයට එරෙහිව යුද්ධය සඳහා බලය පවරා ගැනීමට ද, බුෂ් පරිපාලනය විසින් ප‍්‍රයෝජනයට ගත්තේය. ත‍්‍රස්තවාදයේ ලේවැකි කමිසය වනමින් රිපබ්ලිකානුවන් 2002 කොන්ග‍්‍රස් සභා මැතිවරනයෙන් ජයගත්තේය. 2004 ඡුන්දයට පෙර සති අන්තයේ, හිටපු සීඑයිඒ කොන්ත‍්‍රාත්කරුවෙකු විසින් සැක කටයුතු ලෙස නිකුත් කල බින් ලාඩන්ගේ තර්ජනාත්මක වීඩියෝ පටයකින් ලැබූ සැලකිය යුතු තල්ලූවක් ද සමඟින් එවැනි ම රටාවකට අනුව බුෂ් ජයගත්තේය.
‘‘වැලැක්වීමේ යුද්ධය’’ යන නව ධර්මතාව මත පදනම් වූ ජාතික ආරක්ෂක මූලෝපායක් 2002 වසරේදී ක‍්‍රියාවට නැඟීම තවත් එක් වැදගත් හා හෙලිදරව්කාරී සිදුවීමකි. ඉන් ප‍්‍රකාශිත වූයේ එක්සත් ජනපදයේ ආරක්ෂාවට විභව තර්ජනයක් යයි තමන් සලකන ඕනෑම රටකට එරෙහිව මිලිටරි පියවර ගැනීමේ වොෂින්ටනයේ අභිලාශය හා අයිතියයි. විදේශ පිලිවෙතේ නීත්‍යානුකූල අවියක් ලෙස ආක‍්‍රමනකාරී යුද්ධය වැලඳගැනීම මඟින් ධවල මන්දිරය මඟ පෙන්වා ඇත්තේ, 1946 නියුරම්බර්ග් යුද අපරාධ අධිකරනය මඟින් සාපරාධී යයි ප‍්‍රතික්ෂේප කරන ලද සංකල්ප
එක්සත් ජනපද විදේශ පිලිවෙතේ පදනමෙහි ම පිහිටුවීම සඳහා ය.
බුෂ්/චේනි කල්ලිය මූලිකත්වය ගත් මෙම පරිවර්තනය, හුදෙක් එක් පරිපාලනයක හෝ එක් රටක පාලනයක ප‍්‍රතිපත්ති වෙනසක් නොව ලෝක ඓතිහාසික පරිමානයක මාරුවකි. මෙය, අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් අතර බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව හා කැනඩාව කැපී පෙනෙන අයුරින් එවැනි ම වෙනස්කම් ඇතිකිරීමට සම්බන්ධ වී තිබීමේ කාරනය මඟින් පෙන්නුම් කරයි. බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව හා ස්පාඤ්ඤය එක්සත් ජනපදයේ ඉරාක ආක‍්‍රමනයට සම්බන්ධ විය. උතුරු අත්ලාන්තිකයෙන් සැතපුම් දහස් ගනනක් ඈත පිහිටි ඇෆ්ගනිස්ථානය යටත් කිරීමට සමස්ත නේටෝව ම සහභාගී විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප‍්‍රථම වතාවට ජර්මනිය හා ජපානය විදේශ සටන් වලට හමුදා පිටත්කර හැරියාය. රුසියාව හා චීනය, ඇමරිකානු මිලිටරි බලකායන් මැද පෙරදිගට හා මධ්‍යම ආසියාවට ඇතුල්වෙනු දැකගනිමින්, එයට විරුද්ධව තමන්ගේ ම මිලිටරි සන්ධානය ගොඩනඟා තිබේ.
ජාත්‍යන්තර සබඳතාවන්ගේ මෙම සුවිශාල වෙනස්කම්වල මූලයන් පවතින්නේ 2001 සැප්තැම්බර් 11 සිදුවීම් තුල නොවේ. මෙම සිදුවීම් පුලූල් ඓතිහාසික සන්දර්භයක් තුල තැබිය යුතුය. සැබෑ මූලයන් 1991 දෙසැම්බරයේ සෝවියට් කඳවුර බිඳවැටීම හා සෝවියට් සංඟමය විසුරුවා හැරීම දක්වා ආපස්සට ගමන් කරයි. මෙය ඇමරිකානු පාලක පන්තිය ග‍්‍රහනය කර ගත්තේ සිය මිලිටරි බලය අසීමිත ලෙස පාවිච්චි කිරීම සඳහා දැල්වුන කොල එලියක් ලෙසය.
1990 ගනන් පුරා දක්ෂිනාංශික බුද්ධි මන්ඩල විසින් උපදේශනය කල ධර්මතාවන් නිල ප‍්‍රතිපත්තිය ලෙස ප‍්‍රසිද්ධියට පත් කිරීමටත්, ක‍්‍රියාවට නැංවීමටත් 9/11 සිද්ධීන් උපයෝගී කර ගන්නා ලදී. ඇමරිකානු ධනවාදයේ ආර්ථික තත්ත්වයෙහි තියුනු පරිහානිය සැලකිල්ලට ගත් කල, සිය ලෝක පරිමාන ආසක්තයන් නගා සිටුවීමේ එකම මාධ්‍ය, බලය උපයෝගී කර ගැනීම බව වොෂින්ටනය හා වෝල් වීදිය දැක ගත්තේය.
අනෙක් අතට යුරෝපයේ හා ආසියාවේ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලවයන් ඔවුන්ගේ ම මිලිටරි ශක්තිය තහවුරු කර ගැනීම වෙත තල්ලූ කරනු ලැබුනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බලපෑම ව්‍යාප්ත කර ගැනීමේ වඩාත්ම යෝග්‍ය අවස්ථාවන් විවර වූයේ පැරනි සෝවියට් සංගමයේ පරියන්තය දිගේය. බටහිරෙන් බොස්නියාව හා කොසෝවෝ සිට කොකේෂස්, ඉරාකය, ඉරානය හා මධ්‍යම ආසියාවටත් ඈත පෙරදිග කොරියාව දක්වාත් ය. ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පරිපාලනයන් දෙක යටතේම පසුගිය දශක දෙක පුරාම ඇමරිකානු විදේශ පිලිවෙතේ පිපිරුම් ලක්ෂයන් වූයේ මේවාය. ලෝක පරිමානව අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්තීන්ගේ මෙම මාරුවෙහි ඓතිහාසික ස්වභාවය වඩාත්ම පැහැදිලිව ප‍්‍රකාශයට පත්ව තිබෙන්නේ ඔබාමා පරිපාලනයේ ප‍්‍රතිපත්ති තුලය. 2006 මැතිවරනයෙන් කොන්ග‍්‍රසයේ පාලනය සියතට ගැනීමට ඩිමොක‍්‍රටික් පක්ෂයට හැකිවූයේ බොහෝ කොටම ඉරාක යුද්ධය කෙරෙහි නැෙඟමින් පැවති මහජන විරෝධය නිසාය. ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක තරගයෙන් හිලරි ක්ලින්ටන් පරාජය කිරීමේ දී ඔබාමා මෙම යුද විරෝධී මහජන මනෝගතිය ගසා කෑවේය.
එහෙත් ඔහු තේරී පත්වූ වහාම, ‘‘බලාපොරොත්තුවේ’’ හා ‘‘වෙනසේ’’ පරන උද්ඝෝසකයා, බුෂ්ගේ පෙන්ටගන් ප‍්‍රධානියාව සිටි රොබට් ගේට්ස් යලි පත්කල අතර ක්ලින්ටන් සිය රාජ්‍ය ලේකම්වරිය ලෙස තෝරා ගත්තේය. ඔහුගේ පදවිප‍්‍රාප්තියේ සති ගනනාව තුල, බුෂ් පාලනාධිකාරය විසින් පනවා තිබූ ඉරාකයේ හමුදා යෙදවුම් සැලැස්ම දිගටම ගෙනයන බවත්, 17,000 ක අතිරේක හමුදා යවමින් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් දැවැන්ත ලෙස පුලූල් කරන බවත් නිවේදනය කලේය.
සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම්වූ කම්කරු පන්තියේ මැදිහත්වීමක් නොමැති වුවහොත් නව අධිරාජ්‍යවාදී යුද්ධ කරා නිර්ධය ලෙස තල්ලූවී යන තැනට දැන් ලෝකය පිහිටුවා තිබේ. අවශ්‍යව ඇත්තේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සටන් වදින්නේ, සවිඥානක ජාත්‍යන්තර බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලූ ගැන්වීමටයි. යුද්ධයේ මූලිකම හේතුව වන ජාතික රාජ්‍ය පද්ධතියත්, ධනවාදය මත පදනම්ව ඇති සමාජ පර්යාය අවසානයකට ගෙන ඒමත් මඟින් ලෝක යුද්ධයේ තර්ජනය නතර කල හැක්කේ එමඟින් පමනි. -Sri Lanka Guardian
Home »
» ලෝක දේශපාලනයේ ඓතිහාසික මාරුවක් සදහා වන කඩතුරාව
Post a Comment