සරත් ගුණතුංග
(October 23, Colombo, Sri Lanka Guardian) රහතන් වහන්සේලාගේ ධර්මදේශනා, උන්වහන්සේලා නික්ම ගිය පසු ඉතාමත් ගෞරවයෙන් සෑම කරුණක්ම පිරික්සා බැලීම භූරිදත්ත හිමියන්ගේ සිරිතක් විය. රහතන් වහන්සේලා අභියස සිටීම, බුදුන් වහන්සේ අභියස සිටීම හා සමාන බැව් භූරිදත්ත හිමි පවසා ඇත. ඒ සෑම ධර්ම දේශනාවක්ම භූරිදත්ත හිමියන්ගේ දහම් ඇස තව දීප්තිමත් කලේය. ඒ මහඟු දම් දෙසුම් තව තවත් බවුන් වැඩීම උදෙසා උන්වහන්සේට පිහිට විය.
අර්හත් ඵලය ලබා ගත් පසු බුදු වරු, භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිනි නමුත් ඊට පෙර බුදු වරු පැමිණි බවක් සඳහන් නොවේ.
ධර්ම දේශනාවකදී, උන්වහන්සේගේ සම්පූර්ණ අවධානය ඒ ධර්ම දේශනාවට යොමු වන අතර උන්වහන්සේට තම ශරීරය පවා නොදැනෙන බවත්, සිත ධර්මයෙන්ම නැහැවී යන බවත් සඳහන් කර ඇත. දේශනාව අවසානයේ යලිත් තම සිරුරත්, ඒ සමගම අනෙක් ස්කන්ධ හතරත් දැනෙන්නට පටන් ගත් විට මේ පංචස්කන්ධයම මහා දුක් ගොඩක් බව පැහැදිලිවම වැටහෙන බව භූරිදත්ත හිමියෝ පවසති.
රහතන් වහන්සේලාගේ ධර්ම දේශනා වලින් උද්‍යෝගමත් වූ භූරිදත්ත හිමි සාරිකා ගුහාවේදීම අනාගාමී ඵලයට සැපත් වූ සේක. ආපෝ, තේජෝ, වායෝ, පථවි යන සතර මහා ධාතුන්ගෙන් සැකැසුණු සිරුරක් උන්වහන්සේට යලිත් හිමි නොවන්නේය.
ලෝක ධර්මතාවයන්ට අනුව අවිහා, අතප්පා, සුදස්ස, සුදස්සි හෝ අකනිථා යන බඹලොවින් එකක උන්වහන්සේට උපතක් ලැබීමට නියමිතව ඇත.
මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියෝ මේ අන්දමට මෙසේ ප්‍රකාශයක් කර ඇත.
"භූරිදත්ත හිමියන් අනාගාමී ඵලයට සැපත් වූ බව දැන්වූයේ උන්වහන්සේගේ සමීපතම ශිෂ්‍යයින්ට පමණකි. මෙහිදී මේ පොතේ ඒ බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම මගේ තීරණයක් සේම එහි වගකීමද මා විසින්ම භාරගනු ලබයි."
මාස ගණනක් මෙසේ භාවනා යෝගීව වැඩ හුන් පසු එක් දිනෙක්, භූරිදත්ත හිමියන්ට උන්වහන්සේගේ ශිෂ්‍යයින් ගැන ඉමහත් කරුණාවක් හටගත්තේය. ඒ කරුණාව නිසාම උන්වහන්සේගේ දෙනෙතට කඳුලු පිරුනි. සමාධිගතව ඒ ගැන විමසා බලන විට තමාගේම අවිද්‍යාව හේතු කොට ගෙන මෑත අතීතයේ සිදුව ඇති ප්‍රමාද දෝෂ, සහ උන්වහන්සේගේ ශිෂ්‍යයින් අතින් සිදුවන දෝෂද දිස් විය. කර්මයෙහි ඇති සංකීර්ණ භාවයත්, බුදු දහමේ ඇති සත්‍යතාවයත් ගැන සිහි කරණ සෑම විටකම බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති වන භක්තියෙන් භූරිදත්ත හිමියෝ නැහැවී ගියේය.
ලොව ජීවත් වන සියල්ලෝම කර්මයම දායාද කොට ගෙන ඉපිද, කර්මයකටම දායාද වී ජීවත්ව සිට කර්මානුකූලව මියගොස් කර්මානුකූලව උත්පත්තියක් කරා යන්නාහ.
බුදු රජානන් වහන්සේ මේ බව අවබෝධ කොට ඉන් නොපමාව නිදහස් වන ලෙස අපට වදාලේ ඒ නිසාය.
කෙසේ හෝ මේ දුක් කන්දරාවෙන් එතර වීමට තවත් දුර යායුතු බවත්, තමා හරි මග ගමන් කරන බවත් උන්වහන්සේ වටහා ගත්තේය. මේ ජීවිතය නිමාවීමට පෙර නිවණ අවබෝධ කිරීමට හැකි බව දැනුන විට උන්වහන්සේට ඇතිවූයේ මහත් සතුටකි.
මේ වන විට උන්වහන්සේට වැලඳී තිබුණ ආමාශගත රෝගය සම්පූර්ණයෙන්ම සුව වී තිබුණි. දිවා රෑ නොබලා සමාධගතව ප්‍රඥාව වැඩූ උන්වහන්සේ ඉතාමත් ශක්තිමත් පදනමකට සම්ප්‍රාප්ත වී සිටියහ. විනාශ කිරීමට තවත් ක්ලේශයන් ඉතිරිව තිබූ නමුත් තමා ඇත්තේ නියම මග බව ස්ථිර වශයෙන් උන්වහන්සේ දැන සිටියේය. නිතර නිතර උන්වහන්සේගේ ශිෂ්‍යයින් කෙරෙහි මහත් වූ අනුකම්පාවක් උන්වහන්සේ තුල පහල වන්නට විය. ඒ අනුව සාරිකා ගුහාවෙන් නික්ම යාමට උන්වහන්සේ තීරණය කලේය.
සාරිකා ගුහාවෙන් පිටත් වීමට කලින් දවසක, රාත්‍රී 10ට පමණ උන්වහන්සේ දන්නා චාවෝ කුන් උපාලි ගුණූපමාචාර්ය නම් වූ ස්වාමීන් වහන්සේ නමක් ( 1856 - 1932) ගැන සිත යොමු කලේය. එවිට උපාලි තෙරනුවෝ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමින් සිටින බව උන්වහන්සේ දැන ගත්තේය.
පසු දවසක උපාලි තෙරුන් හමුවූ විට උපාලි තෙරුන්ගෙන් භූරිදත්ත තෙරුන් ඒ ගැන විමසූහ.
එවිට උපාලි තෙරුන් "... මම ඔබට වඩා වැඩි මහලු වෙමි, මමත් පිලිගත් ගුරුවරයෙක්මි. නමුත් ඔබවහන්සේ බුදු රජානන් වහන්සේගේ නියමම ශ්‍රාවකයෙකි. නවීන ලෝකයේ මංමුලා නොවී බුද්ධ ධර්මයේ අකාලික ස්වභාවය ඔබ ලොවට ප්‍රදර්ශනය කොට ඇත...."
දිනක් සිරිත් පරිදි ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට මුලදී සාරිකා ගුහාවේදී හමුවූ අසුරයා ඇතුලු වෙනත් අසුරයින්ද, වෙනත් දේවතා සමූහයක්ද වූහ. ධර්ම දේශනාවෙන් පසු උන්වහන්සේ තමා ගුහාවෙන් නික්ම යන බව පැවසූහ. අසුරයෝද, දේවතාවන්ද ඉන් මහත් සේ කැලඹුණහ. තමා ගුහාවට පැමිණියේ යම්කිසි කරුණක් නිසාත් යන්නේ එවැනිම කරුණක් නිසාත්, සිත්මනාපයට කටයුතු නොකලයුතු බවත් උන්වහන්සේ වදාලහ. අසුරයන්ගේත් වෙනත් දෙවි දේවතාවන්ගේත් ගෞරව හරසර මධ්‍යයේ උන්වහන්සේ සාරිකා ගුහාවෙන් නික්ම ගියහ.
-Sri Lanka Guardian
Home »
» මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 5
Post a Comment