Home » » දැනට දේශද්‍රෝහී අඩයාලම් ගෙල බැඳ දංගෙඩියට දක්කා සිටින අපට...

දැනට දේශද්‍රෝහී අඩයාලම් ගෙල බැඳ දංගෙඩියට දක්කා සිටින අපට...

Written By Sri Lanka Guardian on Thursday, October 15, 2009 | 11:23 PM

(ජීවිතාරක්ෂාව පතා රටින් බැහැර වන්නට සිදුවූ, නිලධාරී මණ්ඩලයේ සියලූ සාමාජිකයන් වෙනුවෙන්)

සනත් බාලසූරිය

(October 15, London, Sri Lanka Guardian) ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ 2009 මහ සභාව ඉදිරියේ, හිටපු සභාපතිවරයා වශයෙන් මාගේ සුබපැතුම් ඔබ වෙත ගෙනඒමේ අවස්ථාව, රට තුළ පවත්නා වාතාවරණය විසින් අහිමි කර දමා තිබීම පිළිබඳ ඛෙහෙවින් කණගාටු වෙමි. එසේ ම පසුගිය නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින්, අප සංගමය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ තවත් නිලධාරීන් පිරිසකට ද මේ අවස්ථාවට සහභාගී වීමේ ඉඩකඩ උක්ත වාතාවරණය විසින් ම අහිමි කර දමා තිඛෙන පසුබිමක මෙම මහ සභාව පැවැත්වීමට සිදු ව ඇත. එහෙත් එසේ රටින් බැහැර ව සිය ජීවිතාරක්ෂාව සලසා ගැනීමට සිදුවී සිටින ඒ සියලූ නිලධාරී මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් මෙ බඳු ලියවිල්ලකින් හෝ ඔබ අමතන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.


2005 වසරේ මාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරී මඩුල්ල අප සංගමයේ නායකත්වයට පත්වන විට සංගමය ඇදවැටී තිබූ තත්ත්වය සහ අද වන විට ඊට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිමි ව ඇති පිළිගැනීම වෙසෙසින් විස්තර කිරීමට මම නො වෙහෙසෙමි. සංමයේ නායකත්වයට පත් වන විට අප හමුවේ අභියෝග මහත් රාශියක් ගොඩගැසී තිබූ අතර, ඉන් ඇතැමක් සාර්ථක ව ජය ගැනීමට අපට හැකි වූ බව පමණක් සඳහන් කරමි. ඇතැම් අභියෝග මේ මොහොතේ සංගමයේ නායකත්වය භාරගන්නා සහෝදර නිලධාරී මඩුල්ල හමුවේ ද ඉතිරි ව පවතින බව මෙනෙහි කිරීමට කැමැත්තෙමි. ඊට අමතර ව පසුගිය නිල කාලය තුළ අප විසින් කරන ලද කාර්ය භාරය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් මහලේකම්වරයා ගේ වාර්තාවෙන් ඔබ හමුවේ තැඛෙනු ඇත.

එදා අප හමුවේ වූ බැරෑරුම් අභියෝගයන්ට නො බිය ව මුහුණ දෙන්නටත්, සංගමය කාලාන්තරයක් තිස්සේ මුළුමනින් ම අත්හැර දමා සිටි ජනමාධ්‍ය නිදහස, වෘත්තීය අයිතිවාසිකම් සහ සමස්ත ප්‍රජාතාන්තී්‍රය හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලයේ පෙර ගමන්කරුවකු වන්නටත් අප ගත් තීරණය සමඟින්, අප බලාපොරොත්තු වූ ලෙසින් ම අලූත් අභියෝගයන් මහත් රාශියක් අප හමුවේ පැන නැඟිණි. ඒ අභියෝගයන් ද එකින් එක සවිස්තර ව කීමට මම අදහස් නො කරමි.

එහෙත් මා ඇතුළු අප සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකුට ම රටින් බැහැර වන්නට බල කැරුණු තත්ත්වයන් සේ ම අද, මේ මොහොතේ ද රටින් පිටුවහල් ව දිවි ගෙවීමට සිදු වී ඇති සාධකයන් ද සැකෙවින් හෝ ඔබ සභාව හමුවේ ගෙනහැර පෑම, එම නිලධාරීන් වෙනුවෙන් ද මාගෙන් ඉටුවිය යුතු යුතුකමක් කොට සලකමි.

ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ තර්ජන ගර්ජන හමුවේ, එම තර්ජන ගර්ජන එල්ල කරන්නන් ගේ උස්මිටිකම් හෝ වෙනත් බලපුළුවන්කාරකම් නො සලකා එරෙහි වීමට අප කටයුතු කළ අයුරු ද මා අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවේ. 2007 වසර අවසානයේ මර්වින් සිල්වා අමාත්‍යවරයා මැරපිරිසක් ද සමඟ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට කඩාවැදුණු අවස්ථාවේ, එහි සිටි අප ගේ සාමාජිකයන් ගේ මෙන් ම ආයතනයේ වෙනත් වෘත්තීය සමිතිවල ද ඉල්ලීම මත එම අවස්ථාවට මැදිහත් වීමට මා ඇතුළු අප සංගමයේ නිලධාරීන් පිරිසකට සහ අප සමඟ සහෝදරත්වයෙන් කටයුතු කළ අනෙකුත් ජනමාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට සිදු විය. තීරණාත්මක ලෙස අප සංගමයේ ප්‍රධාන නිලධාරීන් පිරිසක ගේ ජීවිතවලට තර්ජන එල්ල වන්නට පටන් ගත්තේ මේ සිදුවීමත් සමඟිණි. මෙම සිදුවීම පසුපස ලූහුබැඳ ආ ජීවිත තර්ජන විසින් 2008 වසර ආරම්භයේ පටන් අප සංගමයේ නිලධාරීන් පිරිසකට නිදහසේ ගමන් බිමන් යාම තබා සිය නිවාසවල බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හෝ නොහැකි වාතාවරණයක් ගොඩනැඟිණි. එ බැවින් අප විසින් ම සකසාගත් ආරක්ෂක උපක්‍රම භාවිතා කරමින්, තරමක් හෝ ආරක්ෂිතය යි විශ්වාසය තැබිය හැකි තැන්වල දිවි ගෙවමින් අප ගේ වැඩකටයුතු අඛන්ඩ ව කරගෙන යාමට අපට සිදු විය.

අප සංගමයේ විධායක සභික, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ සොයුරාට එල්ල වූ මැර ප්‍රහාරය මෙහි දී අමතක කළ නොහැකි ය. රූපවාහිනියට කඩා වැදුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා ඇතුළු පිරිස එම භූමියෙන් පලවා හැරුණු පසුව රැස්ව සිටි රූපවාහිනී සේවකයන් ඇතුළු පිරිස අමතා කතා කිරීමට මට සිදුවිය. මගෙන් පසුව රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් ඒ පිරිස ඇමතුවේ මාවලගේ සොයුරා ය. මෙම මැර ප්‍රහාරයේ නිමිත්ත රූපවාහිනියට කඩාවැදුණු මැරයන්ට සහ ඇමැතිවරයාට එරෙහි ව යාම බව ඇස් පනාපිට ම පෙනෙන්නට තිබුණත්, අද මේ මොහොත වන තුරුත් මේ ප්‍රහාරයට ද වගකිවයුතු කිසිවකුත් නීතියේ රැහැනට හසුකරගැනීමට නීතිය කි්‍රයාවේ යොදවන ආයතන කටයුතු කර නැත.

රූපවාහිනී සිද්ධියට අදාළ මැර ප්‍රහාරයන් එතෙකින් නො නැවතුණු අතර, තවත් රූපවාහිනී සේවකයන් දෙ දෙනකුට මැරයන් ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවිය. තවත් සේවකයන් කිහිප දෙනකුට ම ප්‍රහාර එල්ල කිරීමට මැර කණ්ඩායම් පැමිණි අතර, ඒ උත්සාහයන් ව්‍යවර්ථ විය. එහෙත් මේ කිසිදු සිදුවීමකට වගකිවයුත්තන් කිසිවකුත් මේ මොහොත වන විටත් නීතිය හමුවට ගෙන ඒමට අදාළ බලධාරීන් කටයුතු කර නැති බව ද ඔබට නැවත කියා සිටිය යුතු නැත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් පවා අප සමඟ කොතරම් කෝපයකින් පසුවන්නේ ද යන්න හෙළිදරව් වන සිදුවීමක් රූපවාහිනී සිද්ධියෙන් මාස අටකට පමණ පසු, එ නම් 2008 සැප්තැම්බරයේ දී පමණ සිදු විය. ඒ, මා අප සංගමයේ මහලේකම් පෝද්දල ජයන්ත සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එවකට කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය යන සහෝදරවරුන් සමඟ ජනාධිපතිවරයා හා සාකච්ඡාවකට ගිය අවස්ථාවේ දී ය. මර්වින් ඇමැතිවරයාට පහර දීමට රූපවාහිනී සේවකයන් උසිගැන්වූයේ මා ය යි ජනාධිපතිවරයා එහි දී චෝදනා කර සිටියේ ය. එතුමන් ගේ ඇමැති මණ්ඩල සාමාජිකයකු වන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම අවස්ථාවේ රූපවාහිනී සංස්ථාව තුළ සිටි බවත්, මා ඇතුළු ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් එතැන දී හැසිරුණේ කෙසේදැ යි එතුමාගෙන් අසා දැනගැනීම වඩාත් හොඳ බවත් මම පිළිතුරු වශයෙන් කීමි.

අමාත්‍ය මර්වින් ගේ රූපවාහිනියට කඩාවැදීමත් සමඟ අප නිලධාරීන් සහ සාමාජිකයන් කිහිප දෙනකුට එරෙහි ව ඇරැඹි ජීවිත තර්ජන එතැන් පටන් තව තවත් උත්සන්න වූවා සහ ව්‍යාප්ත වූවා මිස එහි අවසානයක් නොවී ය. පාතාල මැර කණ්ඩායමක ප්‍රහාරයන් ගේ අවදානම වෙනත් වෙනත් අති භයානක පැති මානයන් කරා ද ව්‍යාප්ත විය. අනෙකුත් ජනමාධ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් මාධ්‍ය නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් උදෙසා අප විසින් කරන ලද අරගලයේ ප්‍රතිඵල වශයෙනි ඒ. කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන යාමට විරෝධය පලකරනු වස් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයේ දී, රැස්ව සිටි පිරිස අමතා මා කළ කතාව රජයේ හමුදාවන් හි ඉහළ ම තැන්වල බලවත් ක්‍රෝධයට හේතු වී තිබිණි. 2008 ජූනි මාසයේ දී පමණ ආරක්ෂක ලේකම්වරයා මා සහ පෝද්දල ජයන්ත සහෝදරයා ගෙන්වා කරන ලද තර්ජනයේ නිමිත්ත වූයේ ද මෙම විරෝධතාවේ දී මා විසින් පවත්වන ලද කතාව ය.

එහෙත් කුමන බලධාරියකු ගේ හෝ තර්ජනයකට, ගර්ජනයකට අප ගේ සටන්කාමීත්වය මැඩපැවැත්වීමට නොහැකි විය. වසරකට වැඩි කාලයක් අප ගේ ම සහෝදර මාධ්‍යවේදීන් කැලක ගේ රැකවරණ මැද ඒ සියලූ ජීවිත තර්ජනයන්ට මුහුණ දෙමින් අප ගේ කාර්ය භාරය පෙරට ගෙනයාමට සමත් වීමු. එය සැබවින් ම දුෂ්කර කාලයක් විය. නිදහසේ මග තොටක යාමට තබා ගෙදරක දොරකවත් විසීමට නො හැකිව කාර්යාලයක දිවි ගෙවමින් සිටි ඒ පුරා වසරක කාලය අප ගේ අරගලයේ නො මැකෙන සිහිවටනයකි. අප ජීවිත බේරාදීම වෙනුවෙන් සිය ජීවිත අවදානම පවා නොතකමින් අප වටා පවුරක් සේ නැඟී සිටි සියලූ සහෝදර සහෝදරියන්ට හෘදයාංගම කෘතඥතාව පළකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එදා ඔවුන් අපේ රැකවරණයට නො සිටියේ නම්, මේ වන විට අප ගේ ඉරණම කෙසේ විසඳී අවසන් වන්නට තිබිණිදැ යි අපි නොදනිමු.

එහෙත් 2009 ජනවාරි 06 වැනිදා සිරස රූපවාහිනී ආයතනයේ ප්‍රධාන පාලක මැදිරිය ගිනිබත් කිරීමේ සහ ජනවාරි 08 වැනිදා සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ දවල් මහමඟ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු, පුරා වසරක් තිස්සේ අප විසින් ම සකසා ගත් ආරක්ෂක උපක්‍රම ඔස්සේ තවදුරටත් අප ගේ ජීවිත ආරක්ෂා කරගැනීම කළ නොහැක්කක් සේ ම, එ වැනි උත්සාහයක් දැරීම තවත් පිරිසක් අනතුරට නිරාවරණය කිරීමක් බවට අප වෙත වූ අවබෝධය විසින්, ජීවිතාරක්ෂාව පතා දිවයිනෙන් බැහැර වීමේ තීරණය වෙත අප තල්ලූකර දමන ලදී.

ශ්‍රී ලංකාව තුළ ම රැඳී සිටිමින් ජීවිත අවදානමට මුහුණ දෙමින් අප ගේ වගකීම් හැකි පමණින් ඉටු කරමින් සිටි වසරකට වැඩි කාලයේ දී, සිදුවිය හැක්කේ කුමක්ද, අනතුරු එල්ල විය හැක්කේ කෙසේද, කවර පාර්ශවයන්ගෙන් ද යන්න පිළිබඳ නිවැරැදි හා ප්‍රමාණවත් තක්සේරුවකට පැමිණීමේ හැකියාව අප වෙත විය. ඊට පිටුබල සැපයූ තොරතුරු මාර්ග ද, නිවැරැදි ඉව ද, අප සතු විය. මේ තීරණාත්මක මොහොතෙන් ඔබ්බට අප ගේ ජීවිත ආරක්ෂාව එතෙක් අප පිළිපැදි ආරක්ෂක විධික්‍රම ඔස්සේ නො සැලසෙනු ඇත යන අවබෝධය අපට ලබාදුන්නේ අප සාමූහික ව අත්පත් කරගෙන සිටි අනතුර තක්සේරු කිරීමේ සහ ඉන් ආරක්ෂා වීමේ මෙම තීක්ෂණ හැකියාව විසිනි. තවදුරටත් ශ්‍රී ලංකාව තුළ රැෙඳමින් අප ගේ කි්‍රයාකාරකම් පවත්වාගෙන යාමට උත්සාහ කළේ නම් සිදුවන්නේ කුමක්ද යන්න අපි හොඳින් ම දැන සිටියෙමු.

එම අවස්ථාවේ දී අප ජීවිතාරක්ෂාව පතා විදේශ ගත වූයේ සංගමයේ මහ ලේකම් පෝද්දල ජයන්ත සහෝදරයා ද සමඟිණි. එහෙත් කෙටි කලකට පසු සිය ජීවිත අවදානම යම් තරමකට පහව ගොස් ඇතැයි තක්සේරු කළ පෝද්දල සහෝදරයා, අප ගේ බලවත් විරෝධතාව මධ්‍යයේ නැවත දිවයිනට පැමිණීමට තීරණය කළේ ය. එසේ පෙරළා දිවයිනට පැමිණි පෝද්දල සහෝදරයාට මුහුණදෙන්නට සිදු වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරය අප සංගමයේ ඉතිහාසයේ ඛේදජනක ම සිදුවීම ලෙස හැඳින්වීම අසාධාරණ නැත. කෙසේ වෙතත් මැර ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව පවා අප්‍රතිහත ධෛර්යයකින් පෝද්දල ජයන්ත සහෝදරයා සංගමය වෙනුවෙන් කරමින් සිටින කාර්ය භාරය අප ගේ නිබඳ පැසසුමට ලක් වේ.

මේ සියල්ල සම්බන්ධයෙන් හෙළිදරව් නොවූ සහ හෙළිදරව් කිරීම අනිවාර්ය වූ බොහෝ කාරණා අප සතු බව පමණක් මේ මොහොතේ පවසමු. එහෙත් ඒවා සවිස්තර ව හෙළිකිරීමට අවස්ථාව මෙය නොවේ. ජීවිතාරක්ෂාව පතා රටෙන් බැහැර වන්නට තීරණය කළ බොහෝ නිලධාරීන්, මව්බිමේ දී ජීවිතාරක්ෂාව යම් පමණකට හෝ සැලසෙතැයි විශ්වාස කරන පළමු මොහොතේ ම ආපසු දිවයිනට පැමිණීමේ අභාලාශයෙන් පසුවන බැවින්, ඒ සඳහා තවත් කල් බැලීමට අපට සිදු ව තිබේ. ලෝකයේ කොයි මුල්ලක සිටියත් අප විනාශ කර දැමිය යුතුය යි බද්ධ වෛරයෙන් පසුවන, ඒ සඳහා පිඹුරුපත් සකසමින් සිටින දුෂ්ඨ බලවේග මේ මොහොත වන විටත් සිය දත් සහ නිය විදහා සිටින බැවින් එම හෙළිදරව් කිරීම් පසුවට කල් තබමු. එහෙත් ඒ නොලියැවුණු ඉතිහාසය අප අතින් කවදා හෝ නිසැකව ම සටහන් වීම අනිවාර්යයක් බවත්, එය අත් හල නොහැකි වගකීමක් ලෙස අප භාරගෙන සිටින බවත් පමණක් පවසා සිටිමු.

අප මුහුණ පෑ ජීවිත අනතුරුවලට ද, ඉන් බේරීම සඳහා අප විසින් ගන්නා ලද කි්‍රයාමාර්ගවලට ද මේ මොහොතේ විවිධ අර්ථ කථන සැපයෙන බව අපි හොඳාකාරව ම දනිමු. ආදායම් බද්දෙන් නිදහස් වීම සඳහා සිය ජනමාධ්‍ය කලාව මතු නොව, ආත්මය ම පාවාදෙන ජනමාධ්‍ය ලොක්කන් සිටින රටක සිදුවන එ වැනි විසුළු අර්ථ දැක්වීම් ගැන අපි නො සැලෙන්නෙමු. මන්ද, නිවැරැදි මොහොතේ නිවැරැදි තීන්දු තීරණ ගත් හෙයින් අප සතුව අප ගේ පණ නල තවමත් ඉතිරිව පවතින බැවිණි. කිසිවකුටත් අපගෙන් එය උදුරාගන්නට නොහැකි වූ බැවිනි. නිසි වේලාව ආ කළ නිසි පිළිතුරු නිසි පරිදි දීමේ හැකියාව අප වෙත ඇති බැවිනි. zzආණ්ඩුවේ ලොක්කන් හමු වී හොඳගානට බැනුම් අසාගෙන වචනයක්වත් නොකියා වරෙන්, ඉන්පසු වැඩේ ෂේප් කර දෙන්නම්ZZ වර්ගයේ නිවට ආරක්ෂිත උපදෙස් කිසිදු දිනෙක අපෙන් කිසිවකුටත් ලැබී නැති බව ද, ආදායම් බද්දෙන් නිදහස් වීම සඳහා මතු නොව ජීවිතය බේරාගැනීම සඳහාවත් අප ආත්මය පාවා නොදුන් බව ද, නොබිය ව ප්‍රකාශ කිරීමේ හැකියාව අපට ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් වෙනුවෙන් අප විසින් ඇරැඹූ අරගලය අප අතින් අදටත් ගිලිහී නොමැති බව ද ඔබ හමුවේ අවධාරණය කරමු. කෙබඳු දුෂ්කර තත්ත්වයන් හමුවේ වුව ද, ලෝකයේ කුමන මුල්ලකට පලවා හරින ලද්දේ වුව ද, අප ගේ එම කි්‍ර්‍රයාකාරකම් අප ගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු නො නවතින්නේ අන් කිසිවක් නිසා නොව, අප විසින් හදේ ගැඹුරු ම තැනින් අදහන සමාජ සාධාරණත්වයේ සහ මානව නිදහසේ මූලධර්මයන් නිසාවෙනි.

අද දින පටන් සංගමයේ නායකත්වයට පත් වන නව නිලධාරී ම~ුල්ල වෙත පැවරෙන වගකීම් සුළුපටු නො වන බව අපි හොඳින් ම තේරුම් ගෙන සිටිමු. එසේ ම ඒ අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිය සේම අත්දැකීම් ද ඇති පිරිසකගෙන් එම නිල ම~ුල්ල සමන්විත බව ද අපි විශ්වාස කරමු.

ඕනෑ ම දුශ්කර අවස්ථාවක දී ඔබ අත් නො හැර, ඔබ ගේ දෑත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපට හැකි උපරිමයෙන් අප කැප වන බව ද අවසන් වශයෙන් සඳහන් කරමු.

අප ගේ නිල කාලය තුළ අප ගෙන ගිය අරගලය හා බද්ධ වෙමින්, උරෙන් උර ගැටී සටන් කළ සියලූ ම දේශීය හා ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධාන, මානව හිමිකම් සංවිධාන හා සිවිල් සංවිධාන ඇතුළු සියලූ පාර්ශවයන්ට අප ගේ අවංක ස්තුතිය පුදකර සිටිමු.

දැනට දේශද්‍රෝහී අඩයාලම් ගෙල බැඳ දංගෙඩියට දක්කා සිටින අපට, යළි ඔබ හා එක් විය හැකි දිනක් වහා උදාවේවා යි අපි පතමු. එ දිනට නැවතත් පෙර සහෝදරත්වයෙන් ඔබ හා අත්වැල් බැඳගන්නටත්, අරගලය නැවතූ තැන් සිට අරඹන්නටත් අප සූදානම් බව අවසාන වශයෙන් ප්‍රකාශ කරමු.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger