සංජීව සේනාරත්න
(October 30, Colombo, Sri Lanka Guardian)හතාගේ ලංකාව තුල කරන ලද උත්සාහය අනෙක් පරම්පරාවට එකතු කිරීම සදහා වැඩ පිලිවෙලක් නොවීය. මෙය ලංකාවේ අභ්‍ාග්‍යමත්ව දිනපතා සිදුවන දෙයකි. මෙකී වයස් වල සිටින යම් විකල්ප ධාරවේ රටෙන් සමුගන්නා පුද්ගලයින් සමුගන්නේ ඔවුන් විසින් සමාජයට එකතු කරන ලද දේවල් ද මරණයට පත් කරවමිනි. මේවා සංරක්ෂණයට වැඩපිලිවෙලක් නැත. කිසිවෙක් මේ ගැන සිතන්නේ නැත. ඔවුන්ගේ නිර්මානයන් යනු ඔවුන්ගේ නිෂ්පාදනයන් හෝ ධාරාව නොව එහි ඵලයන්ය.
දැනට වසර කිහිපයකට පෙර විශ්වවිද්‍යාලයීය ගැටුම් අවස්තාවක මා දින කිහිපයක් හත්තෙට්ටුවේගම සර්ගේ පිංවත්ත නවාතැනේ ජීවත් වූයෙමි. එවකට මා සරසවි සිසුවෙකු නිසා මා හට එදිනෙදා ජීවත්වීම සදහා මුදල් නොවීය. විහ්වවිද්‍යාලය වසා දමා ඇති සමයක මේ ගැටළුවට සිසුන් මුහුණ දේ. අප හට යම් දින වල රාත්‍රී කෑම පිලිබද මුදල් ප්‍රශ්න විය. සර්ට ද එය එසේම විය. එවිට පැරණි කුඩා බූමිතෙල් ලිපකින් පිලියෙල කරගත් බත් සහ එක එළවළුවක් අපේ ආහාරය විය.
මා කිසික් නොදන්නා කලෙක තනිවම ඉවීමට උගත්තේ ඒ දින කිහිපයේදීය.
ඔහුගේ ජීවිතය හා දර්ශනය හා භාවිතය පිලිබද මට වඩා දන්නා අය හා ලියන ලියූ ලිවීමට ඇති අය බොහෝ ඇතයි මා විශ්වාස කරමි. ඒ නිසා ඒ පිලිබද කිසිවක් නොලියමි.
නාට්‍ය කලාවේ විකල්පයන් පිලිබදව මහත් ආශ්වාදයක් ඔහුගේ නිර්මාන වල තිබුණි. විශේෂයෙන්ම වීදිනාට්‍ය ගීත එහි උච්චතම ප්‍රකාශනයන් විය.
මෙවැනි කලා මරණ ලංකාවේ තවත් සිදුවනු ඇත. මෙවැනි මෝඩ ලිවීම් ද ඒ සමග සිදුවනු ඇත. මෙම මරණයන් හා එවැනි ලිවීම් යන ද්විත්වයම මරණයට පත් දේවල් බවට පත්වේ. ඉන් කිසිවක් සිදු වන්නේ නැත. මරණ පොතට තවත් නමක් දාගැනීම පමණි ඉන් සිදු වන්නේ. ඒ දිනවල ලිවීමෙන් හා පුවත්පත් පිටු වෙබ් පිටු , ගුවන්විදුලි ඉඩ හා රූපවාහිනී ඉඩ තුල සිදුවන්නේ මරණය සමාජීයව ලියාපදිංචි කිරීම පමණි..
ජීවත්වන අවශ්‍ය කලාකරුවන් සෙවීමට ඔවුන්ගේ නිර්මාන සංරක්ෂණයට හා ඔවුන්ගේ ධාරාවේ පැවැත්මට යම් දෙයක් සිදු කල යුතු වේ. මෙවන් මරණයන් අප හට අවධාරණය කරන්නේ එම ධාරාවන්හි සමාජීය මරණය නිසා එය සජීවීව ආරක්ෂා කරගැනීමේ වගකීමක අප වන්නෙමු. -Sri Lanka Guardian
Home »
» හතාගේ නික්ම යාම සහ ඉන් පසු
Post a Comment