Home » » සම සෞඛ්‍ය සත්‍යග්‍රහයට සමස්ත ලංකා හෙද සංගමයේ සහාය

සම සෞඛ්‍ය සත්‍යග්‍රහයට සමස්ත ලංකා හෙද සංගමයේ සහාය

Written By Sri Lanka Guardian on Monday, October 26, 2009 | 1:16 PM

(October 26, Colombo, Sri Lanka Guardian)පේරාදේණිය විශ්වවිද්‍ය ාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසු සිසුවියන් විසින් තම පාඨමාලාව කප්පාදු කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පූර්ණ සහයෝගය දක්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කර සිටියේය.

පේරාදේණිය විශ්වවිද ්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය මේ වනවිට වැසී යෑමේ තර්ජනයකට ලක්වී ඇත. තවද එම පීඨයට මෙම වසරට ශිෂ්‍ය කණ්ඩායම් බඳවාගැනීමට අදාල බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැත. මෙම කි්‍රයාකලාපයන්ට එරෙහිව සමස්ත ලංකා හෙද සංගමයට අමතරව අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බලමණ්ඩලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය යන සංගම් අනවරතව පෙනී සිටින ලදී.

පසුගිය 21 වන දා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට අදට දින 05ක් ගතවී ඇතත් ආණ්ඩුවේ කිසිදු බලධාරියෙකුගේ අවධානය මේ සඳහා යොමුව නැත.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger