Home » » ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක් නෑ.

ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක් නෑ.

Written By Sri Lanka Guardian on Tuesday, October 27, 2009 | 1:59 PM

තෙල් වෘත්තීය සමිති එකමුතුවේ හදිසි රැස්වීමක් අද

(October 27, Colombo, Sri Lanka Guardian) සේවක ඉල්ලීම් සම්බන්ධව මෙතෙක් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ හදිසි රැස්මක් අද (27 දා) කැඳවා ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් එය ද අසාර්ථක වූ බව වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ඡේ. රාජකරුණා සහෝදරයා යූනියන්ස්ලංකා වෙත පැවැසීය.


ඛනිජතෙල් සංස්ථා සේවකයන්ගේ වැටුප් වැඩිකරන තෙක් රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති එකමුතුව ඒකාබද්ධව අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පමණක් කැඳවීම බලවත් අසාධාරණයක් බව හෙතෙම කීය.

අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට හැකි වූයේ ඊට වෘත්තීය සමිති 7 ක පූර්ණ සහයෝගය ලැබුණ නිසා බවත් එලෙස එක්ව ක්‍රියා කළ සමිති 6 කට ආරාධනා නොකොට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතිය පමණක් සාකච්ඡාවට කැඳවීමෙන් සේවක ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාගත නොහැකි බව රාජකරුණා සහෝදරයා පවසයි.

වැටුප් වැඩි කරන තෙක් රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට තෙල් සංස්රෑථාවේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිඛෙන බවත් එම තීරණය එලෙසින්ම රජය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව වෘත්තීය සමිති එකමුතුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (27) පැවැත්වෙන බවත් එහිදී දැඩි ක්‍රියාමාර්ග වෙත යොමුවීමේ තීන්දුවක් ගැනීමට ඉඩ තිඛෙන බවත් රාජකරුණා සහෝදරයා වැඩිදුරටත් පැවැසීය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger