Home » » සභාපති බාධා කිරීම නිසා වරාය ඉදිරිපිට පැවති සේවක උද්ඝෝෂණය අමාත්‍යාංශය ඉදිරිපිටට රැගෙන යයි.

සභාපති බාධා කිරීම නිසා වරාය ඉදිරිපිට පැවති සේවක උද්ඝෝෂණය අමාත්‍යාංශය ඉදිරිපිටට රැගෙන යයි.

Written By Sri Lanka Guardian on Thursday, November 5, 2009 | 5:14 PM

(November 05, Colombo, Sri Lanka Guardian) වරායේ නව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින දහවල් 12.00 ට කොළඹ වරාය ඉදිරිපිටදී පැවැත්වීමට සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට බාධාවන අයුරින් වරාය සභාපතිවරයා විසින් ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් සේවකයින් හට උද්ඝෝෂණයට සහභාගී නොවන ලෙස නියෝග කරමින් දිගින් දිගටම ප්‍රචාරය කිරීම නිසා මහත් වූ සේවක නොසන්සුන්තාවයක් ඇති විය. මෙහිදී සේවකයෝ සභාපතිට විරුද්ධව දිගින් දිගටම හූ කියන්නට වූහ. මේ නිසා වරායට නුදුරින් පිහිටි පොලිස් මුලස්ථානය ඉදිරිපිට තිඛෙන වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තෙක් වූ විරෝධතා පා ගමනකට සේවකයෝ සහභාගී වූහ.එහිදී වාහන තදබදයක්ද ඇති විය. ඉන්පසු වරාය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා රැලියක්ද පවත්වන ලදී. මෙම උද්ඝෝෂණයට වරාය සේවකයෝ 5000 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.

2009 ජනවාරි 01 දිනට නියමිත වැටුප් වැඩිවීම රුපියල් 8000 ක් හිඟ වැටුප් සමග ලබාදෙන ලෙසත් අතිකාල කප්පාදුව වහාම නතර කරන ලෙසත්, කප්පාදු කරන ලද 20% දීමනාව වහාම ලබාදෙන ලෙසත් එහිදී සේවකයෝ හ`ඩ නැගූහ. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ජාතික සේවක සංගමය, සුහද වරාය සේවක සංගමය, ප්‍රගතිශීලී නිදහස් සේවක සංගමය එක්වී නව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ගොඩනගාගෙන ඇත. එහි ප්‍රථම උද්ඝෝෂණය අද දින මෙසේ සාර්ථකව පැවැත්වූ බව එහි ප්‍රකාශකයකු අප හා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමටත් සේවකයින් බියවැද්දීමටත් වරාය පාලකයින් මහත් උත්සාහයක් ගෙන ඇති බවයි. උද්ඝෝෂණයට සහභාගී වූ සේවකයින්ගේ නාම ලේඛණයක් දැනටමත් පාලකයින් විසින් සකස් කරගෙන යන බවත් එම නාම ලේඛණයට අනුව එක් සේවකයකුට හෝ විනය ක්‍රියාමාර්ගයක් ගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද පැවසීය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger