
මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ බැසිල් රාජපකෂ මහතාගේ උපදෙස් අනුව මෙම සාකච්ඡාව කැඳවූ බවයි. මෙහිදී ලබන 11 වන දිනට යොදාගෙන ඇති තෙල් විදුලි වරාය හා ජලය ඒකාබද්ධව අකුරට වැඩකිරීමේ වෘත්තීය කි්‍රයාමාර්ගය ගැන ඇමතිවරයා තම හිතවත් වෘත්තීය සමිති නායකයින්ගේ අවධානය යොමු කර ඇති අතර කෙසේ හෝ එම කි්‍රයාමාර්ගය නතර කරන ලෙස උපදෙස් දී ඇත. මෙහිදී යළිත් එම නියෝජිතයින් දැනට එය කළ නොහැකි බවත් වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව බහුතර සේවකයින්ගේ ස්ථාවරය බවත් ප්‍රකාශ කොට ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයෙකු අප හා පැවසුවේ සැබෑ කුමන්ත්‍රණය ඇත්තේ වෘත්තීය සමිති තුල නොව ආණ්ඩුව තුල බව මෙමගින් පැහැදිලි වන බවයි. -Sri Lanka Guardian
Post a Comment