Home » » අරූ පස්සේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල්, නන්දන දෙදෙනාම පවසති

අරූ පස්සේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල්, නන්දන දෙදෙනාම පවසති

Written By Sri Lanka Guardian on Saturday, November 7, 2009 | 3:17 AM

- ගෝරා
ප්‍රතිවිරෝධතාව බාහිරව නොව ඔබ තුළමය.

(November 07, Colombo, Sri Lanka Guardian) දේශප්‍රේමය වෙනුවෙන් කැපවී සිටින සිය පක්ෂයේ මහලේකම් වන නන්දන ගුණතිලක සහ ඔහුගේ පුද්ගලික ලේකම් කමල් දේශප්‍රිය ඉන් ඉල්ලා අස්වී යෑම පිටුපස විජාතික දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් පවතින බව විමල් වීරවංශ මහතා පවසයි. ඇමරිකානු නව තානාපතිවරිය විසින් ආර්ථික ඝාතකයින් පිරිසක් ලවා තම පක්ෂය බිදවැට්ටවීමට සිදුකළ රහසිගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බව ඔහු පවසයි. ඉදිරියට තවත් මෙආකාරයේ දෑ සිදුවිය හැකි බවද ඔහු පවසා සිටියේය.


මේ අතර ජනිපෙන් ඉල්ලා අස්වී යෑම ගැන නිලනොවන ලෙස අදහස් දක්වා ඇති නන්දන ගුණතිලක පවසා ඇත්තේ දේශප්‍රේමී අරමුණකින් යුතුව තමන් විසින් ජනිපෙ නිර්මාණය කිරීමට උදව් කළද මේ වන විට ජනිපෙ අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී වුවමනාවෙන් කටයුතු කරන නිසා තමන් ඉන් ඉවත්වීමට කටයුතු කළ බවයි. ඒ වෙනුවට ජනපති සමග එක්ව ඔහුගේ දෑත් ශක්තිමක් කිරීමට අදහස් කරන බව පවසයි. අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී මගක ගමන් කරන ජනිපෙට එරෙහිව තමන් නිකං නොසිටින බවද ඔහු පවසා ඇත.
-Sri Lanka Guardian
Share this article :

+ comments + 1 comments

November 11, 2009 at 3:02 AM

Wimal kiyanne apage aragalaya mamathwaya nisath bulsuwa (sulu daneswara) adahas nisath, keti kaleena vindanaya nisath lankeeya danapathi pantiyata pawademin inna thamunta nath nam okkomatath naha kiyana mathawadaye inna thuppahi panthika sunakayek. ohuge deshaplana maranaya ohuma theeranaya karagaththa sema ohu dan sitinne ohugema malakada wlalanna bhoomiyak soyamin api ohuta e sadaha ida demu....
Meyata Viswasee
pahugiya kale sahodarayek

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger