(January 30, Colombo, Sri Lanka Guardian) ජනාධිපතිවරණ දිනයට ඉතා ආසන්නව තිබියදී ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ සේවක වැටුප් රු.2500/=කින් වැඩිකිරීමට නියෝග නිකුත් කළත් මැතිවරණ ජයග්‍රහණයත් සමගම එය රු.2000/= කට සීමා කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව රටේ පඩි පාලක සභාවලට අයත් පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීම 15%කට සීමා වී ඇති නමුත් ඒ ඒ පඩි පාලක සභාව අනුව එම වැටුප් වැඩිවීම තීරණය වන අතර එය මුදලින් රු.2000/=කට අඩු වැටුප් වැඩිවීමක් බව අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රකාශකයෙකු අප හා පැවසීය.
2009 වසර සඳහා ද පෞද්ගලික අංශය සඳහා වැටුප් වැඩිවීමක් ලබානොදුන් තත්වයක් තුළ මෙම වැටුප් වැඩිවීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පැවසූ අන්තර් සමාගම් සේවක සංගමයේ එම ප්‍රකාශකයා තවදුරටත් අපහා පැවසුවේ මැතිවරණයට පෙර රු.2500/=ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බව පොරොන්දු වී මැතිවරණය අවසන් වී සතියක් ගතවන්නටත් පෙර එය රු.2000/=කට සීමා කිරීම ඉතා සදාචාර විරෝධී කි්‍රයාවක් බවත් ඊට තම සංගමය බලවත් අප්‍රසාදය පල කරන බවත්ය.
Home »
» ජනපතිගේ ජයත් සමග පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු. 2000/= ට බසී.
Post a Comment