(January 19, Colombo, Sri Lanka Guardian) වත්මන් ජනාධිපතිවරයා අද නළුවෙකු බවට පමණක් පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අද පස්වරුවේ මාතර මාකදුර ප්රදේශයේ පැවැති ජනරැුළියකට සහභාගීවෙමින් ටිල්වින් සිල්වා මහතා ප්රකාශ කළේ පොරොන්දු ඉටුකිරීමට නොහැකිවූ නායකයෙකු ලෙස සමාජයට මුහුණ දිය නොහැකි බැවින් අද නළුවෙකු ලෙස සමාජයට මුහුණදීමට උත්සාහ දරණ බවයි. කුමන ආකාරයේ වෙස් මුහුණු බැඳගෙන සමාජයේ ඉදිරියට ඒමට උත්සාහ දැරුවත් මහින්ද රාජපක්ෂ යනු කවුරුන්ද යන්න කුඩා දරුවෙකු පවා හඳුනන බවයි ටිල්වින් සිල්වා මහතා කියාසිටියේ.
-Sri Lanka Guardian
Home »
» කොපමණ රංගනයන්හි නිරතවුවත් නළුවා කවුරුන් ද යන්න ජනතාව දනී - ටිල්වින් සිල්වා මහතා කියයි.
Post a Comment