(January 19, Colombo, Sri Lanka Guardian) රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ජාතික රූපවාහිනී සංස්ථාව මැතිවරණයක් ආසන්න වෙත්ම ආයතනය තුළ රහස් ඡන්දයක් පැවැත්වීම සාමාන්‍ය සිද්ධියක්. ඒ අනුව 2005 ජනාධිපතිවරණයේදීත් රහස් ඡුන්දයක් පැවැත්වූ අතර එහිදී ජය ගත්තේ වත්මන් ජනාධිපතිවරයාව සිටින මහින්ද රාජපක්‍ෂයි. ඒ අනුව 2010 ජනවාරි 26 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාලව ආයතනය තුළ රහස් ඡුන්දය පැවැත්වීමට ජාතික රූපවාහිනී සංස්ථා සේවක මණ්ඩලය අද තීරණය කළා.
රහසේ පැවැති මැතිවරණයේ ප‍්‍රතිඵලය වූයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබීමයි. ඒ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සියයට 62 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවූ අතර වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හිමි වූයේ සියයට 30 ක ඡුන්ද ප‍්‍රතිශතයකි. වෙනත් අපේක්‍ෂකයන් සඳහා සියයට 8 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිව තිබෙනවා. මේ හේතුවෙන් ජාතික රූපවාහිනී සංස්ථාවේ පාලනාධිකාරිය ද ඉතා බරපතල අර්බුදයකට මුහුණපා සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අප වෙත වාර්තා වුණා.
මේ අතර ජාතික රූපවාහිනී සංස්ථා සේවක මණ්ඩලය යටපත් කරමින් සිදුකරන පාලනයට හා වත්මන් රජයේ ම්ලේච්ඡ හා නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතයට එරෙහිව අද දහවල් 12.00 ට ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට කළු පැහැයෙන් සකස් කළ බැනර් ප‍්‍රදර්ශනයට රාජ්‍ය හා ස්වාධීන මාධ්‍ය සංවිධාන එකමුතුව හා ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෘත්තීය සමිති සන්ධානය කටයුතු කළා. -Sri Lanka Guardian
Home »
» රූපවාහිනී රහස් ඡන්දයෙන් ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිධූරයට
Post a Comment