(January 19, Colombo, Sri Lanka Guardian) රටේ ජනතාවගේ රුධිරය තමන්ගේ ශරීරය තුළ ගමන් කරන නිසා රට කිසි දිනෙක පාවාදීමට තමන් සූදානම් නොමැති බව විජයග‍්‍රාහී ජනාධිපතිධූර අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඊයේ රාත‍්‍රියේ තිස්සමහාරාම නගරයේ පැවැති ජනරැුළියකට සහභාගීවෙමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ දිවි පරදුවට තබා රට ජාතිය ආගම සුරැුකීමට තමන් සූදානම් බවයි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කළගුණ අමතක කරන ගුණමකුවෙකු වුවත් තමන් සහ තමන් සමඟ මෙම ගමනට එක්වූ සියළු දේශපාලන පක්‍ෂ හා නායකයින් කළගුණ දන්නා බවයි ජනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියේ.
වත්මන් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රාජපක්‍ෂ කල්ලිය නැවත වරක් රටේ ජාතික සමඟිය විනාශකර දමා අනාගත පරපුර අර්බුද රැුසකට ලක්කිරීමට උත්සාහ දරන බවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියා. -Sri Lanka Guardian
Home »
» ජනතා රුධිරයෙන් උපන් තමන් කිසි දින රට පාවා දෙන්නේ නෑ - ජනරාල් සරත් ෆොන්සේකා මහතා කියයි.
Post a Comment