Home » » පරාජයෙන් වියරු වැටුනු ජනාධිපතිවරයා හමුදා කුමන්ත‍්‍රණයක - අනුර කුමාර දිසානායක කියයි.

පරාජයෙන් වියරු වැටුනු ජනාධිපතිවරයා හමුදා කුමන්ත‍්‍රණයක - අනුර කුමාර දිසානායක කියයි.

Written By Sri Lanka Guardian on Thursday, January 21, 2010 | 4:22 PM

(January 21, Colombo, Sri Lanka Guardian) ජනවාරි 26 වැනි දා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන මහින්ද රාජපක්‍ෂ වත්මන් ජනාධිපතිවරයා යුධ හමුදාව යොදා ගනිමින් රාජ්‍ය බලය පවත්වාගෙන යාමෙි කුමන්ත‍්‍රණයක යෙදී සිටින බව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමෙින්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කොළඹ රාජකීය මාවතේ පිහිටි ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකචිඡුාවකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය ඉතා පහත් ආකාරයෙන් හමුදාව දේශපාලනීකරණය කිරීමකට ලක්කරන බවයි. ආරක්‍ෂක ලේකමි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රදේශ කිහිපයකදී මැතිවරණ වෙදිකාවල කල ප‍්‍රකාශ වලින් එය පැහැදිලි වන බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා.

මෙැවැනි පහත් පෙලේ ක‍්‍රියාවන්වල නොයෙදීි ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මැතිවරණ වලට මුහුණ දී රටෙි ජනයාගේ කැමැත්ත විමසා බලන ලෙසත් මන්ත‍්‍රීවරයා අවධාරණය කර සිටියා.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger