(January 25, Colombo, Sri Lanka Guardian) මාධ්‍ය ආවරණ කටයුත්තක් සඳහා අද උදෑසන කොළඹ සිට වරකාපොළ බලා ගමන් කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට අවස්ථා කිහිපයකදීම රජයේ බලපෑම් මත පොලීසිය විසින් බාධා කිරීම ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි. අද උදෑසන වරකාපොළ බලා මාධ්‍යවේදීන් රැුගෙන ගිය බස්රථය කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් නවතා පරික්ෂාකරමින් ප‍්‍රශ්න කරමින් රදවා ගත් අතර, ඉන්පසු නැවතත් කඩවත පොලිස්ථානයෙන්ද බස්රථය නවතා මාධ්‍යවේදීන්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරනු ලැබුවා.
මාධ්‍ය ආවරණයක් ලබාදීම සඳහා ගමන් කරමින් සිටි මාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් බලපෑම් කිරීම ඔවුන්ගේ ගමන නවතාලීමේ අරමුණින් සිදුකළ බව ඉතා පහසුවෙන් තේරුම් ගත හැක. ජනාධිපතිවරණය ආරම්භයේ සිට මාධ්‍යවේදීන්ට අවස්ථා ගණනාවකදීම බලපෑම් එල්ලවූ අතර ඇතැම් මාධ්‍යවේදීන්ගේ රැුකියා අහිමිවන තැනට වත්මන් රජය කටයුතු කළ බව අප සැම දන්නා කරුණක්. මාධ්‍ය නිදහස ලබාදෙනවා යැයි පවසමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම ජනාතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවක් බව අප අවධාරණය කර සිටිමු. මාධ්‍ය නිදහස රැුකගැනීම උදෙසා අන්කවරදාකටත් වඩා ජනතාව පෙළ ගැසිය යුතු බව ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටියි. -Sri Lanka Guardian
Home »
» මාධ්‍ය නිදහසට එල්ලකරන බාධා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
Post a Comment