(January 22, Colombo, Sri Lanka Guardian) මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම් ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතනවලට සහභාගී නොවන ලෙසටත් රැස්වීම්වලට අදාල ?පරාමු ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන බවත් පසුගියදා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ජනාධිපතිවරයා සහභාගී වන රැස්වීම් සඳහා පැමිණෙන සෙනඟ අඩුවීම හේතුවෙන් එය සංස්කරණය කර ලොකු සෙනඟක් පැමිණි බවට පෙන්වීමට මෙම කි‍්‍රයාමාර්ගය ලත් බවට අප මුලින්ම පෙන්වා දෙන ලදි. රැුස්වීම කිහිපයකට පැමිණෙන ජනතාව යොදාගෙන ඉතා සූක්‍ෂම ලෙස සංස්කරණය කරන ලද රැස්වීම මාධ්‍ය ආයතන ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ සහභාගී වන රැස්වීම් සඳහා දැවැන්ත සෙනඟක් සහභාගී වන බව නිරූපනය කරමින් ජනතාවගේ ඡුන්දය දිනාගැනීමට බවත් අප මීට පෙර නිකුත්කළ නිවේදනයකින් පෙන්වා දුන්නා.
ඊයේ මාධ්‍ය සාකච්ඡුාවට සහභාගී වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා යන රැස්වීම් සඳහා සහභාගී වන අධික ජන ගංගාව දැක නාගරික ඡුන්දදායකයින් මහින්ද රාජපක්‍ෂ සමඟ එකතු වී සිටින බවයි. එතුමා කළ මෙම ප‍්‍රකාශයෙන් අප කී දේ තහවුරු වී අවසන්. පරාජය දැක දැක මධ්‍යයට තහනම් නියෝග නිකුත් කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරනු ලබන මෙම කූට කි‍්‍රයාමාර්ග තුළින් රටේ බුද්ධිමත් ජනයා රැවටිය නොහැකි බවත්, සැබෑ ජන බලවේගය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එක්වී අවසන් බවත් අප රජයට මතක් කර දීමට කැමැත්තෙමු. -Sri Lanka Guardian
Home »
» ආණ්ඩුවේ රැස්වීම්වලට මාධ්‍ය තහනම් කිරීමේ රහස හෙලි වේ.
Post a Comment