Home » » මහින්ද වන්දනාවෙන් තෙල් සේවකයින්ට වදහිංසා

මහින්ද වන්දනාවෙන් තෙල් සේවකයින්ට වදහිංසා

Written By Sri Lanka Guardian on Friday, January 29, 2010 | 12:07 PM

(January 29, Colombo, Sri Lanka Guardian) ගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි තෙල් සංස්ථා සේවකයින්ට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ නොදෙමින් වද හිංසා පමුණුවන බව වාර්තා වේ. සේවයට වාර්තා කිරීමට පැමිණෙන විරුද්ධ පාක්‍ෂිකයින් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රුවට වන්දනාමාන කරන ලෙසට බලපෑම් කරන බවත් එසේ නොකරන සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ඉඩ නොදෙන බවත් තව දුරටත් එහි සේවකයෝ අප හා පැවසීය.

ආණ්ඩුවේ මැරයින් විසින් අනුගමනය කරන මෙම පහත් නීච ක‍්‍රියාව හමුවේ බොහෝ සේවකයෝ ඊයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි අතර මීට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිව එහි ආරක්‍ෂක අංශ පවා ඉතා අසරණ තත්වයකට පත්ව තිබේ.

මේ අතර ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයට අයත් කොළොන්නාව නිමාවේ පිහිටි කාර්යාලයටද නිදහස් සේවක සංගමයේ මැරයින් විසින් අලාභහානි සිදු කර ඇති අතර ඊයේ තම සාමාජිකයින් දෙදෙනෙකුටද පහරදුන් බව එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ඞී.ඒ. රාජකරුණා සහෝදරයා තවදුරටත් අප හා පැවසීය. මීට අමතරව මෙවැනි සිද්ධීන් ගණනාවක් මුතුරාජවෙල සහ ගාල්ලේ පිහිටි තෙල් සංස්ථාවට අයත් වැඩබිම්වලින් වාර්තා වන බවට ඔහු තවදුරටත් අප හා පැවසීය.

-Sri Lanka Guardian
Share this article :

+ comments + 1 comments

January 31, 2010 at 9:30 PM

Prabakaran reborn.

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger