(January 25, Colombo, Sri Lanka Guardian) උතුරු පළාතේ මැතිවරණ නිරීක්ෂක කටයුතු සඳහා ගමන් කරමින් සිටි නිරීක්ෂකයින් කණ්ඩායමක් ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට ස්වල්ප මෙහොතකට පෙර නිරීක්ෂකයන් පිරිස රැගත් බස් රථය ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම ඔවුන් ගමන් කළ බස් රථය තුළ අවි ආයුධ ඇති බව පවසමින්.
මෙම බස්රථය තුළ නිරීක්ෂකයන් 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටියා. ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ උතුරු පළාතේ දැවැන්ත ඡුන්ද කොල්ලයකට රජය සූදානමින් සිටියා. ඒ අනුව උතුරු පළාතේ මැතිවරණ නිරීක්ෂණය සඳහා ගමන් කරමින් සිටි නිරීක්ෂකයන් පිරිස බොරු චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ ¥ෂණ මැරකම් ඔස්සේ උතුරේ අහිංසක දෙමළ ජනයාගේ ඡුන්ද අයිතිය උදුරු ගැනීමට බව සක්සුදක් සේ පැහැදිලි වේ. මේ අතර රට පුරා මැතිවරණ නිරක්ෂණයන් සඳහා ගමන් කරමින් සිටින නිරීක්ෂණ කණ්ඩායම් අත්අඩංගුවට ගැනිමට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුව නියෝගයක් නිකුත් කර තිබේ. -Sri Lanka Guardian
Home »
» වියරැ වැටුණු ජනාධිපතිවරයා මැතිවරණ නිරීක්ෂකයන් අත්අඩංගුවට ගනී.
Post a Comment