සුනන්ද දේශපි‍්‍රය
ජනවාරි 26 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලාංකික ජන්ද දායකයා හමුවේ ඇති අභියෝගය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වූ නොවැම්බර් මාසයට වඩා අද වෙනස් ය. මන්ද යත් මේ මැතිවරණය තරම් දූෂණයෙන් ගඳ ගැසූ මැතිවරණයක් මෑත කාලීන ශ්‍රී ලංකාවේ නොතිබූ නිසා ය. රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙම ජනාධිපතිවරණයේ ජය දිනා ගැනීමට කරන ලද අන්ත දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අද කිසවකුටත් රහසක් නොවේ. එබැවින් අද අප හමුවේ ඇති අභියෝගය නම් ජන්ද මංකොල්ලකරුවන් සහ ජන්ද දූෂකයින්ට එට බාර දෙන්නේ ද යන ප්‍රශ්ණය මිස අන් කිසිවක් නොවේ.
මන්ද යත් රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය විසින් ඔවුන් රට පාලනය කරන්නට යන අන්දම පිළිබඳ පූර්විකාවක් අපට සපයන නිසා ය. එපමණක් නොව මෑත කාලීන ශ්‍රී ලංකාවේ අන් කිසිදු මැතිවරණයක දී පොලීසිය සහ අනෙක් ආරක්ෂ සේවා මෙතරම් නිර්ලජ්ජාත ලෙස දේශපාලනයේ යෙදී නැත. එය එලෙසින්ම රාජ්‍ය සේවාවන්ට සම්බන්ධයෙන් ද සැබෑ ය. මෙවැනි රාජ්‍ය සේවාවකින් ආරක්ෂ සේවාවන්ගෙන් අපක්ෂපාතී සේවයක් තව දුරටත් අපේක්ෂා කළ නොහැකිය.
මෙම මැතිවරණ ව්‍යාපාරයේ දී රාජපක්ෂවරුන් විසින් කිසිදු ලැජ්ජවක් බියක් නැතිව මුදා හැර ඇති භීෂණය සහ දූෂණය වැරදීමකින් හෝ ජය ගත හොත් එවැනි පාලනයක නියත ලක්ෂණය වනු ඇත්තේ මංකොල්ලය සහ මැරකමයි. රාජ්‍ය සේවා සහ ආරක්ෂ සේවා සිය අතවැසියන් ලෙස එම මංකොල්ලයට සහ මැරකමට සහභාගි කර ගැනීම යි. දූෂණයෙන් මැර බලයෙන් රාජ්‍ය සම්පත් අනිසි භාවිතයෙන් ජය ලැබූ කිසිදු පාලකවකු කවරදාකවත් ජනතාවගේ ප්‍රජාන්ත්‍රීය අයිතීන්ට ගරු කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු පරාජයට මෙතරම් බිය විය යුතු නැත. රටවැසියාට ආදර්ශයක් විය යුතු ජනාධිපතිවරයා මැර කි්‍රයාදාමයක අණදෙන සෙන්පතිවු විට රටකට යන කල කුමක් ද?
මෙම ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන් විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන්නනේ විනාශයේ මාවතය. අපේ දරුවන්ට අප උරුමකර දිය යුත්තේ දූෂණයෙන් සහ භීෂණයෙන් පිරුණූ මෙවැනි රටක් ද? මේ දූෂණයට මහ භිෂණයට අප පක්ෂපාතී ද? කතිරය ගැසීමට පෙර අපේ හෟද සාක්ෂියෙන් අප විමසා ගත යුතු ප්‍රශ්ණය එය යි. අප මෙම භයානක මාවතින් ශ්‍රී ලංකාව ඉවතට ගත යුතු ය. වෙනසක් ශ්‍රී ලංකාවට අවශ්‍ය ය. ඒ රාජපක්ෂ පාලනයට වෙනස් විය නොහැකි බව මෙම ජනාධිපතිවරණය කර ගෙන යන අන්දමින් නිර්ලජ්ජිත ලෙසම පෙන්නුම් කර ඇති නිසා ය.
-Sri Lanka Guardian
Home »
» මැතිවරණ ප්‍රචන්ඩත්වය සහ දූෂන පරදවමු.
Post a Comment