Home » » මියන්මාරයෙන් ආණ්ඩුවට සැපයීමට නියමිත කොන්ද!

මියන්මාරයෙන් ආණ්ඩුවට සැපයීමට නියමිත කොන්ද!

Written By Sri Lanka Guardian on Sunday, February 21, 2010 | 11:23 PM

By Beyond Frame

අල්ලස් ‍දී කවුදෝ මන්ත්‍රී හාල්පාරුවෙක් සරත් ‍‍ෆොන්සේකාගේ පිලට ගන්නට තැත් කළ බව ජාතික රූපවාහිනියත් ස්වාධීන රූපවාහිනියත් ජනපතිවරණයට පෙර උදේ හවස මතුළ මන්තරයකි. ඒ මන්ත්‍රය මතුළ මව්බිමේ පචායුදයට අනුව ඒ සදහා මුදල් සපයා දී තිබුනේ බටහිර තානාපති කාර්යාලයකිනි.


ම්බන්ධන් සමග සරත් ෆොන්සේකා අත්සන් කළා යයි කිවූ ගිවිසුම ද එවැනිම මන්තරයක් වූයේ ය. ඒ සම්බන්ධයෙන් ද කියවුනේ ගිවිසුමට සාක්කි හැටියට අත්සන් කළේ බටහිර තානාපතිවරු දෙදෙනෙකු බව ය. පචායුදය එය ද රස කර කර කියුවේ අපගේ ඇගේ මයිල් පවා ඇති කළ භීතියෙන් කෙළින් කරවමිනි.

ජයග්‍රහණය සදහා මේ මන්තර දෙක ආණ්ඩුවට සෑහෙන සේවයක් කළේ ය.

බටහිර රටවල් අපට එරෙහිව කුමන්ත්‍රණය කරන නිසා ජනතාව ඊට එරෙහිව මහින්දට සහයෝගය දක්වන්නට ඉදිරිපත් නොවූයේ නම් මහින්ද සමහරවිට පරදින්නට පවා ඉඩ තිබිණි.

ජනපතිවරණය දැන් අවසන් ය. මහින්ද දැන් ගොඩ ය.

‍ආණ්ඩුවට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදීන් හා එක්ව කුමන්ත්‍රණ කළ දේශද්‍රෝහියා දැන් හිරේ ය.

එහෙත් ඒ කුමන්ත්‍රණය මෙහෙයවූ තානාපති කාර්යාල වසා දමනු තබා ඒ කටයුතුවලට සහභාගී වූ එකද තානාපතිවරයෙක්වත් පිටුවහල් කරන්නටවත් ආණ්ඩුව කටයුතු නොකළේ ය. ඒ කුමන්ත්‍රණයට උන් හවුල් නොවූ නිසා නොවේ. එසේ හවුල් නොවූවා නම් වීරවංශ වැනි උත්තමයෙක් උන් හවුල් වූ බවට දිවුරන්නේ නැත.

ඇත්තටම උන් පිටුවහල් කරන්නට බැරි ආණ්ඩුව උන්ට බය නිසා ය.

සරත් ෆොන්සේකා නම් අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තා හිරේ දැම්මාට එම ඉත්තා මෙහෙයවූවන්ට හෙල්ලෙන්නවත් කියන්නට තරම් කොන්දක් ආණ්ඩුවට නැත.

ඒ කොන්ද සකස් කිරීමේ කාර්යය මියන්මාරයට ගොඩබට වහාම අප විසින් බාර ගනු ඇත. ඒ මියන්මාරය දී ඇති ආදර්ශය මෙහි නායකයින්ට පෙන්වා දෙමින් උන්ගේ බොරු බිය නැති කර දැමීම හරහා ය. උන් නම් ඔය තනාපති කාර්යාල වසා තානාපතිවරු ගණනාවකටම පෑල දොර පෙන්නා බොහෝ කල් ය.

ඇත්තටම මියන්මාරයට අ‍ප යන ගමනේ එක් අදහසක් නම් කොන්දක් නැති ආණ්ඩුවට කොන්දක් සැපයීම ය.

දැන් සැබෑ දේශප්‍රේමීන් කවුදැයි දැනගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

නොර්වේ තනාපති කාර්යාලය වසා දමනු. අල්ලස් දුන් තානාපති කාර්යාල හෙලිදරව් කරනු. සම්බන්ධන්ට සාක්කි සපයන්නට ආ තනාපතිවරු පිටුවහල් කරනු.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger