Home » » රජවාසල ඇත්තන්ට රජතුමා අමනාප කරගන්නවාට වඩා වහ කෑම හොදය

රජවාසල ඇත්තන්ට රජතුමා අමනාප කරගන්නවාට වඩා වහ කෑම හොදය

Written By Sri Lanka Guardian on Friday, February 19, 2010 | 7:13 PM

හේමකුමාර නානායක්කාර මහතා සෞඛ්‍ය හේතු උඩ දේශපාලනයෙන් විශ‍්‍රාම ගියේ ය. හේමකුමාර ගියේ දැන් ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ට තම කදවුර එපා වුවහොත් යන්නට තිබෙන එකම තැනට ය.

භීෂණ සමයේ ජවිපෙ වඩාත් බියවුයේ ජවිපෙ හැර දා ගිය වුන් ටය. ජවිපෙට වඩාත් බියවුයේ ජවිපෙ හැර දා ගිය වුන් ය

ඔනෑම මාෆියා සංවිධානයක් වඩාත් බිය තමන් සමග සිට හැර ගිය වුන්ට ය. උන් දෙ‍්‍රා්හීන් වන අතර බොහෝ විට හිමිවන්නේ මරණ දඩුවම ය. ඒ නිසාම මාෆියා සංවිධාන හැර යනවුන් තමන්ට ඒ නිසාවෙන් පිළිතුරු ලැබෙන බව දැන ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි.

ශ‍්‍රීපති සූරියආරච්චි හිරෙ ගියේ ද සරත් ෆොන්සේකා හිරෙ ගියේ ද සමාන හේතු නිසා ය.

අනිත් අය රාත‍්‍රියේ වැටුනු වලේ තමන් නිකම් දවල් වැටෙන්නට ඔනෑ නැති බව හේමකුමාර මහතාගේ කල්පනාව ය.

අප රට පත්වෙමින් ඇති ඉරණමෙ තරම එබදු ය.

දැන් මන්ත‍්‍රී ආරක්ෂාව ද ඉවත් කර ගෙන ඇති නිසා රණතුංග උන්නැහේටත් විජේදාස රාජපක්ෂටත් දෙයියන්ගේ පිහිට ය.

ප‍්‍රබුද්ධ කලාකරුවන්ට උන්ගේ හිස් ඔලුගෙඩිවල පිහිට ය. ආණ්ඩුවට කඹුරන්නට තවදුරටත් නොහැකි තරමට ආත්මය කෙදිරි ගාන්නට වුවහොත්උන්ට සිදුවන්නේ ද විශ‍්‍රාම ගැනීමට ය. හේමකුමාර පාරක් දා ගැනීමට ය.

එහෙම නොකළොත් සිදුවන්නේ විදේශීය කුමන්ත‍්‍රණයක අතකොලුවක් වීමට ය. මෙ ආත්මයේ නම් එහෙම එකක් වෙන්න හතුරෙකුටවත් ඉඩ තැබිය යුතු නැත. මක්නිසා ද යත් එය බොහෝ දේ අහිමිකර ගැනිමට හේතුවක් විය හැකි නිසා ය.

සනත් ජයසූරියට නම් ක‍්‍රිකට් ගහන්න දන්නා නිසා සුද්දාගේ රටකටවත් මාරු විය හැකි ය. දෙයියන්වත් නොබලන අපට නම් ඉතින් මියන්මාරයේ පිහිට ය.

Share this article :

+ comments + 1 comments

Anonymous
February 21, 2010 at 11:38 AM

great post .... Keep posting more to showcase the moderate voice of Singhala people.... Singhalase too peace loving people leaving behind few cheap politicians and uneducated people.... Visit us at http://www.jaffnatimes.com/

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger