Home » » ජනමාධ්‍ය මර්ධනයේ අලූත් සහ පරණ ලැයිස්තු

ජනමාධ්‍ය මර්ධනයේ අලූත් සහ පරණ ලැයිස්තු

Written By Sri Lanka Guardian on Saturday, March 6, 2010 | 5:29 PM

සුනන්ද දේශප‍්‍රිය

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ මේ දිනවල ඇති සුප‍්‍රසිද්ධ රහස් කතා බව නම් ලැයිස්තුව යි. එම ලැයිස්තුවෙහි මැය මාධ්‍ය ක‍්‍රියාකාරීන්, ආයතන ප‍්‍රධානීන් සහ අන්තර් ජාතික සබඳතා යනු ය.ඊට හේතුව නම් ආරක්ෂ අංශ විසින් සකස් කරන ලද බවට අනුමාන කළ හැකි රජය කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් දක්වන සිවිල් සමාජ සංවිධාන ප‍්‍රධානීන්ගේ සහ ජනමාධ්‍යවේදීන්ගේ නම් සදහන් ලැයිස්තුවකි. මෙම ලැයිස්තුවෙහි නම් 31ක් ඇතුළත් ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වත්මන් ක‍්‍රියාකාරිකයින් ගනනාවකගේ ම නම් එහි සදහන් වන අතර එහි ලේකම් සුනිල් ජයසේකර සහ කැදවුම්කරු චූලවංශ සිරිලාල් ඉහළ ලකුනු ලද පුද්ගලයින් අතර සිටී. මානව හිම්කම් නීතිඥ වැලිඅමුණ සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සරවනමුත්තු වැඩිම ලකුණු ලද අය අතර වේ. ලැයිස්තු ගත කර ඇති සියළු දෙනාම සම්බන්දයෙන් කෙටි හැදින්වීමක් ද එහි ඇතුළත් ය. මෙම ලැයිස්තුව මෑත දී සකස් කරන ලද්දක් බව පෙනී යන්නේ පොද්දල ජයන්ත විදේශ ගතව ඇති බව එහි සදහන් වී තිබෙන නිසා ය.

මෙම ලැයිස්තුව ව්‍යාජ එකකැයි දැන් රජයේ ක්ෂමාලාපයෝ විවිධාකාර තර්ක ගෙන එනවා ඇත. ඒ ක්ෂමාලාපයින් ඊට පෙර මෙහි පහත සදහන් ලැයිස්තුව කියවා බලනු වටී. මේ 2009 වසරෙහි ශ‍්‍රි ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දුන් මර්දනයේ පරිමාණය පෙනුනම් කරන දත්තයන් ය. මෙම වසරේ වෙනස ලැයිස්තුව කලින් ම සකස්කර තිබීමයි. පසුගිය දෙමසෙහි වාර්තා විසින් පෙන්නුම් කරන්නේ 2010 මාධ්‍ය මර්දනයේ වාර්තාව මෙම ලැයිස්තුවට වඩා බොහෝ විශාල විය හැකි බව යි.

2009- මාධ්‍ය මර්දනයේ වාර්තාව

ඝාතන

ෆ සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග 2009 ජනවාරි 08 වනදා කොළඹ දී ඝාතනය කෙරිණි. ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කෙරෙමින් ඇති බව රජය කියයි.
ෆ යාපන ජනමාධ්‍යවේදී පුන්නියමූර්ති සත්‍යමූර්ති වන්නියෙහි ආරක්ෂක කලාපයට හමුදා ප‍්‍රහාරයක් හේතුවෙන් මිය ගිය බව 2009 පෙබරවාරි 12 දින වාර්තා විය.
ෆ එමෙන්ම එල්ටීටීඊ පුවත්පත වූ ඊලනාදම් හි සේවය කළ මහේශ්වරන්, ඇන්තනි කුමාර්, රූබන්, සසිනාදන්, ඩෙන්සේ, සහ ඇන්ටන් යන මාධ්‍ය සේවකයින් වන්නි යුද බිමෙහි දී මිය ගිය බව වාර්තා විය.

පැහැර ගැනීම්:

ෆ සුදරෝලි සහ උදයන් යන කොළඹ සහ යාපනයේ පළවන දිනපතා පුවත්පත්හි කතුවර එන්. විද්්‍යාදරන් පොලිස් නිල ඇඳුම් සහිත කණඩායමක් විසින් කොළඹ දී2009 පෙබවාරි 26 දා පැහැර ගන්නා ලදී. පහර දී අතහැර දමන ලද ඔහු තමන්ට හමූ වූ බව පොලීසිය වාර්තා කළේ ය.
ෆ රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්්‍ය ධම්මික ගංගනාත් දිසානායක 2009 මාර්තු 11දා කොළඹ දී පැහැර ගෙන යන ලදී. රජය විවේචනය පොතක් ලියන්නේ දැයි ප‍්‍රශ්න කොට එවැන්නක් නොලියන සේ තර්ජනය කොට පසුව නිදහස් කරන ලදී.
ෆ ජනමාධ්‍යවේදී තිස්ස සේනාධිර මැයි 29 වන දින පැහර ගන්නා ලද්දේ කොළඹ පොලගස්ඹ්විටදී ය. දිනකට පසු නිදහස් කරන ලදී. (හේතුව අවිනිශ්චිත ය*
ෆ එවකට වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පොද්දල ජයන්ත 2009 ජූනි 01දා පැහැරගෙන දරුණූ ලෙස පහර දී අතහැර දැමුණි.
ෆ නිදහස් ජනමාධ්‍යවේදිනියක සහ පැනොස් ආයතනයේ මාධ්‍ය කටුයතු වල නිරත වූ ක‍්‍රිශ්නි කන්දසාමි වත්තල දී පැහැරගෙන ගොස් ප‍්‍රශ්ණ කර මහනුවර දී අතහර ප‍්‍රශ්ණ ලද්දේ තර්ජනය කිර්ීමෙන් පසුය.
ෆ ලේඛකයකු, ජනමාධ්‍යවේදියකු සහ කාටූන් ශිල්පියකු වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ 2009 අගොස්තු 27වන දින පැහැර ගෙන ගොස් දරුණු ලෙස තර්ජනය කර නිදහස් කරන ලද්දේ දිනකට පසු ය.

සිරගත කිරීම්:

ෆ නොර්ත් ඊස්ටන් හෙරල්ඞ් කතුවර සහ තිරුලිපි රචක ජේ. එස්. තිස්සනායගම් 2009 අගොස්තු 31 දා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බරපතල වැඩ ඇතිව විසි අව්රුද්දකට සිරගත කරන ලදී. (පසුව ඇප පිට නිදහස් කෙරුණි*

අත් අඩංගුවට ගැනීම්

(මේ තාක් මෙම කිසිවකුට එරෙහිව නඩු පවරා නැත*

ෆ මඩකළපුවේ නිදහස් ජනමාධ්‍යවේදී ප‍්‍රකාශ් ශක්ති වේලූපිල්ලෙයි 2009 ජනවාරි 22 දින කටුනායක ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැණුනි.

ෆ පහර දී අතහැර දමා තිබූ උදයන් යන කොළඹ සහ යාපනයේ පළවන දිනපතා පුවත්පත් හි කතුවර එන්. විද්්‍යාදරන් තමන් විසින් අත් අඩංගුවට ගත් බව කොළඹ කොළම අපරාධ කාර්යාංශය 2009 පෙරවාරි 26 දා ප‍්‍රකාශ කළේ ය. දෙමසකට පසු නිදොස් කොට නිදහස් කෙරුණි.

ෆ කොළඹ වැල්වත්තේ පූබාලසිහම් පොත්හළෙහි හිමිකරු ශ‍්‍රිදරසිං මාර්තු 15දා අත් අඩංගුවට ගැනුනේ දකුණු ඉන්දියානු ආනන්ද් විකඩසම් සඟරාව අලෙවි කිරීම නිසා ය.

ෆ ජාතික ක‍්‍රිස්තියානු කවුන්සලෙයේ විධායක ලේකම් ශාන්ත ප‍්‍රනාන්දු 2009 මාර්ත 27 දින කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගැණුනේ වන්නි යුදබිමේ සිවිල් මරණ පිළිබඳ වාර්තා ලඟ තබා ගැනීම නිසා ය.

ෆ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ සහ කර්තෘ සඳරුවන් සේනාධිර පිළිවෙලින් ජූනි 01 සහ 02 දෙදින අත් අඩංගුවට ගැණුනේ පොද්දල ජයන්ත පැහැර ගැනීම පිළිබඳව ඔහුගේ බිරිදට දැනුම්දීම නිසා ය.

ෆ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපති උදුල් පේ‍්‍රමරත්න සහ ගිහාන් සෙනවිරත්න 2009 අගෝස්තු 09 දින අත් අඩංගුවට ගැණුනේ අධ්‍යපානයේ අර්බූදය පිළිබඳව පෝස්ටර් අලවමින් සිටියේ ය.

ෆ ලංකා ඉරිදා පුවත්පතෙහි කර්තෘ මණ්ඩලිකයින් දෙනෛකු 2009 අගොස්තු 14 දින අත් අඩංගුවට ගැණුනේ පුවත්පතෙහි පොස්ටර් අලවමින් සිටිය දී ය.

ෆ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලංකා පුවත්පතෙ හි ශලිකා විමලසේන, දයා නෙත්තසිංහ සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර 2009 සැප්තම්බර් මාසයේ දී අත් අඞ්ංගුවට ගන්නා ලදී.

ෆ ලංකා ඉරිදා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරිමල්වත්ත 2009 ඹක්තොබර් 17 වන දින අත් අඩංගුවට ගන්නා ලදී.

පහරදීම්:

ෆ සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන විකාශණ මධ්‍යස්ථානයට 2009 ජනවාරි 02 දින ගිනි බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

ෆ සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන විකාශණ මධ්‍යස්ථානයට 2009 ජනවාරි 06 දින අවිගත් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් ආයතනයේ විකාශණ උපකරණ ඇතුළු දේපල ගිනි ගෙන විනාශ විය.

ෆ රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳ 2009 ජනවාර් 29 දින ගම්පහ දී අවිගත් කණ්ඩායමක ප‍්‍රහාරයට ගොදුරු විය.

ෆ වව්නියාවේ සිට දකුනු ඉන්දියානු සන් ටී.වී. වැඩසටහන් විකාශණය කළ කාර්්‍යාලයට 2009 ජනවාරි 31 දා ග්‍රෙනේඞ් ප‍්‍රහාරයක් එල්ල විය.

ෆ කත්තන්කුඩි හි පළ කෙරෙමින් තිබූ ගවේෂනාත්මක වාර උරෙයිහල් නම් සති අන්ත පුවත්පතෙහි කර්තෘ එම්. අයි. රමතුල්ලා 2009 මැයි 01 දා අවි ගත් කණ්ඩායමක ප‍්‍රහාරයකට ලක් විය. කාර්්‍යාලය ද විනාශ කරන ලදී. පසුව පුවත් පත වසා දැමුණි.

ෆ සිරස ටීවී හි ගම්පහ වාර්තාකරු තුශාර සාලිය රණවක 2009 මැයි 07 දින ප‍්‍රහාරකට ලක් විය.
ෆ ලංකාදීප පුවතපතෙහි කිෂාන් ජයරුක්, සිරස ටීවී හි චන්දික ජයවර්ධන සහ ශර්මන් චානුක, ටීඑන්එල් හි කැලූම් ජයවීර දෙනියායේ දී ප‍්‍රහාරයකට ලක් වූ අතර ඔවුන්ගේ කැමරාවලට ද අලාභ හානි කෙරුණි.

ෆ ස්වර්ණවාහීනි ප‍්‍රදේශිය වාර්තාකරු සන්ජීව රත්නායක නාරමිය සත්ව ගොවිපළේ නිළධාරීන්ගේ ප‍්‍රහාරයකට ලක් වූයේ නොවැම්බර් 16 දා ය.

ෆ අයිටීඑන් මාධ්‍යවේදීන් 05 දෙනෙකු 2009 දෙසැම්බර් 06දා වෙන්නප්පුවේ පැවැති එජාප සම්මේලන භූමියේ දී ප‍්‍රහාරයකට ලක් විය.

මරණ තර්ජන:

2009 වසරේදී ස්වකීය ජනමාධ්‍යවේදය නිසා මරණ තර්ජන ලද බවට වාර්තා වූ ජනමාධ්‍යවේදීන් මෙසේ ය:

සන්ඬේ ටයිම්ස් පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ඉක්බාල් අත්තාස (ජනවාරි*, මඩකළපුවේ නිදහස් මාධ්‍යවේදී පුන්ත්තසීලන් ප‍්‍රතීපන් (ජනවාරි*, දිනමිණ සහාය කර්තෘ සනත් බාලසූරිය (ජනවාරි*, සුනන්ද දේශප‍්‍රිය (මැයි*, රාවය පුවත්පතෙහි තිලක් කෝදාගොඩ (ජූනි*, නම සදහන් නොවූ නෙත් එප්.එම් ජනමාධ්‍යවේදියෙක් (ජූනි* බොටම් ලයින් සහ ඒසියන් ට‍්‍රිබුයන් හි රුවන් වීරකෝන්, සියත පුවත්පතෙහි ප‍්‍රසන්න පොන්සේකා, රිවිර පුවත්පතෙහි තිස්ස රවීන්ද්‍ර, ලක්බිම පුවත්පතෙහි මිහිරි පොන්සේකා රූපවාහිනී සංස්ථාවේ අමල් සමන්ත (ජූනි*, උදයන් පුවත්පතෙහි සමස්ත කාර්්‍ය මණ්ඩලය, ලංකාගිර්ඩියන් වෙබ් අඩවියේ වීමන්, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධක්ෂ පී. සරවන්මුත්තු (අගෝස්තු*, වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති පෝද්දල ජයන්ත (සැප්තැම්බර්*, ලක්බිම ඉංග්ලිශ් හි සමන් සමරක්කොඩි ( (සැප්තැම්බර්* සන්ඬේ ලීඩර් හි පෙඩරිකා ජෑන්ස් සහ මුන්සා මුස්ටාක් (ඔක්තෝබර්*, සන්ඬේ ටයිම්ස් හි දුරුතු චන්ද්‍රසේකර (දෙසැම්බර්*.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger