සනත් බාලසූරිය
වික්ටර් අයිවන් ගේ ‘‘අශීලාචාර තැනක තිබෙන්නේ දේශපාලනය පමණක්ද?’’ ලිපියට මා ලියූ ප‍්‍රතිචාරයට දීර්ඝ ‘පිළිතුරු ලිපියක්’ අයිවන් ලියා තිබිණි.
මා මගේ ලිපිය ආරම්භ කළේ අයිවන් හා වාද හෝ සංවාදකිරීමෙන් උපදින කිසිදු ධනාත්මක ඵලයක් වෙතැයි විශ්වාස කිරීමට තරම් මෑතකාලීන අත්දැකීම් මා නොපොළඹවන බව පවසමිනි. අයිවන් සිය දීර්ඝ ලිපියෙන් නැවතත් තහවුරු කරන්නේ මගේ මේ නිරීක්ෂණයේ නිරවද්‍යතාව යි.
අයිවන් මතුකර තිබූ ප‍්‍රමුඛ කාරණා තුනක් ගැන මම මගේ තර්ක ඉදිරිපත් කළෙමි.
නීතිය හා සාමය රැුකීමේ පරමාර්ථයෙන් පිහිටවනු ලැබූ ආතයන විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනුණු ජනමාධ්‍යවේදීන් තිදෙනකු, යුක්තිය පසිඳලීමට ස්ථාපිත කැරුණු ආයතනය විසින් නිදොස් කොට නිදහස් කරන්නේ අයිවන් ගේ ඉල්ලීමකට අනුව විධායක ජනාධිපතිවරයා දෙන නියෝගයකින් නම්, ලංකාව යනු නීතියේ ආධිපත්‍යයක් පවතින ස්ථානයක්ද? රාජාණ්ඩුවක්ද? තවද පරමේශ්වරී නිදහස් කරගැනීමේ දී අයිවන් දැරූබව ඔහු ම කියන ආස්ථානයේ සාවද්‍යභාවය ද මම පෙන්වීමි.
තමන්ට එරෙහි ‘සාහසික’ පුවතක් පළකිරීමට එරෙහිව මහජන ඡුන්දයෙන් පත්වූවා වූද, රටේ පළමු පුරවැසියා වූද විධායක ජනාධිපතිවරයා නීතිය හමුවට යනවා වෙනුවට, නීතිය තමන් අතට ගෙන තමන් ම දඬුවම් දෙන තැනකට තල්ලූවීම සාධාරණීකරණය කිරීම සඳහා අයිවන් දරා තිබූ උත්සාහය මම ප‍්‍රශ්න කළෙමි.
දැනට අතුරුදහන් ව සිටින ප‍්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නමක් ගමක් නැති කවුදෝ කීවාය යි කියන තොරතුරු ප‍්‍රසිද්ධ මාධ්‍යයකින් ප‍්‍රකාශ කරමින් එක්නැලිගොඩ කැලෑපත්තරකාරයෙකැ යි සාහසික තීන්දුවක් දීම සහ එබැවින් ඔහුට එවැනි ඉරණමක් අත්වීම අසාධාරණ නැතැයි කරන ඇඟවුම ද මගේ ප‍්‍රශ්නකිරීමට ලක්විය.
මේ ප‍්‍රධාන තර්ක තුනම එක් විෂයයක් කෙරේ ඍජුව බැඳී පැවැතිණි. එනම් නීතියේ ආධිපත්‍යය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් වෙනුවට අයිවන් කැලෑ නීතිය කෙරේ දක්වා තිබූ පක්ෂපාත්තීත්වය හා කැලෑ නීතිය සාධාරණීකරනය කරන තැනකට ඔහු ගමන්කර තිබීම යි.
ජනමාධ්‍යයක් ඔස්සේ කැරෙන කිසියම් වාදයක් හෝ සංවාදයක් ධනාත්මක ප‍්‍රතිඵලයක දිශාවට තල්ලූ වීමට නම්, වාද මාතෘකා අරබයා සංවාදයට සහභාගීවන පාර්ශවයන් සිය අවංක ස්ථාවරයන් ඉදිරිපත් කළ යුතු ය. එනම් සංවාදයට අවංක විය යුතු ය. අදාළ මාතෘකා සම්බන්ධයෙන් සාපේක්ෂව වඩා නිවැරැුදි මතවාදය සමාජගතවනු ඇත්තේ ඒ ඔස්සේ ය. එම සාපේක්ෂ නිවැරැුදි මතවාදය, සංවාදයේ එක් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ දෙයක් හෝ පාර්ශව කිහිපයක අදහස්වල මධ්‍යන්‍යය, ඓක්‍යය හෝ පොදු ගුණාකාරය වීමට ඉඩ ඇත.
එහෙත් මෝඩයකු ලෙස ඔහු ම හඳුන්වන මගේ පිටු තුන්කාලකට ආසන්න (වචන 2196ක* ලිපියට ප‍්‍රඥාවන්තයකු බව තමන් ම කියාගන්නා අයිවන් සපයන සිය පිටු එක හමාරකට ආසන්න ‘පිළිතුරෙන්’ මගේ මේ මූලික තර්කවලට කිසිදු සාධාරණ පිළිතුරක් දී තිබේදැයි විමසීම විචාරශීලී පාඨකයාට භාරකරමි. ප‍්‍රඥා විරහිත මට පිටු එකහමාරකින් උත්තර දුන්නේ නම්, තමන්ගේ කරට කර ප‍්‍රඥාවන්තයකුට උත්තර දෙන්නට අයිවන්ට රාවය කලාප කීයක් අවශ්‍යවේදැ යි සිතාගැනීම ද, කලාප කීයක් ලීවත් සැබෑවට ම ‘පිළිතුර’ එහි තිබේදැයි බැලීම ද පාඨකයාට භාරය.
මගේ පළමු තර්කය ගැන එකදු වචනයක්වත් අයිවන් මේ පිටු එකහමාරේ ලියා නැත. දෙ වැනි හා තෙවැනි තර්කවල අහුකොන්වල එල්ලී ඔහු කරන පාපෝච්චාරණයකට ආසන්න දීර්ඝ හේතු දැක්වීම ඒ තර්කයන් ගේ හරය ආමන්ත‍්‍රණය නොකරයි. මේ සියලූ තර්ක ඔස්සේ මා මතුකළ නීතියේ ආධිපත්‍යය පිළිබඳ හරයාත්මක තර්කයට ඔහු කොහෙත්ම අත නොගසයි.
රාජ්‍යය විසින් භාවිතාවට නඟන, අයිවන්ලා විසින් සාධාරණීකරණය කරදෙන ‘කැලෑනීතියේ’ රැුකවරණ මැද ‘සිරස’ ආයතනයට මැර ප‍්‍රහාරයක් එල්ලවී ඇති සන්දර්භයක මෙය ලියන්නට සිදුවීමත්, එයින් දින කිහිපයකට පෙර ලියූ සිය ලිපියෙන් ඒ කැලෑනීතිය යුක්ති යුක්ත කිරීමට එරෙහි ව මා නැඟූ තර්කයට පිළිතුරක්වත් දීමට අයිවන් උනන්දු නොවීමත් මේ දෛවයේ සරදමකි.
‘සංස්ලේෂණාත්මක හා විශ්ලේෂණාත්මක හැකියාවෙන් දුප්පත්’ ‘ප‍්‍රඥාවෙන් ඌණ’ මගේ මූලික තර්කයන්ට පිළිතුරු නොදෙන අයිවන් නමැති ප‍්‍රාඥයා පිටු එකහමාරක් මිඩංගු කරඇත්තේ කුමකටද?
මා මගේ පෙර ලිපිය අවසන් කළේ ඔහු සමඟ නිශ්ඵල වාදයක පැටලීමෙන් මා ඈත්කර තබන හේතු දක්වමිනි. අයිවන් කරඇත්තේ මා අතීත අත්දැකීම් මත ඔහු ගැන එළැඹි පූර්ව විනිශ්චය නිවැරැුදි බව පිටු එකහමාරකින් සනාථ කිරීම ය.
මගේ දේශපාලන තර්ක හිතාමතා මගහරින අයිවන් කියන්නේ මා මෝඩයකු බව ය. සංස්ලේෂණාත්මක හා විශ්ලේෂණාත්මක හැකියාවෙන් දුප්පතෙකු බව ය. පරඬැල් නායකයකු බව ය. අරමුදල් ගසා කෑ හොරෙකු බව ය. සීත රටක දිවිගෙවන්නකු බව ය. ජර්මනියේ දේශපාලන රැුකවරණ ලැබූවකු බව ය. (මෙය කරුණක් වශයෙන් මුළුමනින් ම වැරදි ය. අයිවන් මහතානෙනි නොදන්නා දේ නොලියනවානම් යහපත් නොවේද?*
මගේ පළමු ලිපියෙන් පුද්ගලාලම්භන තර්කයේ එල්ලීම ලෙස හැඳින්වූයේ මෙය යි. සංවාද කරන්නා ගේ තර්කවලට පිළිතුරු නොදී ඔහු ගේ පෞද්ගලිකත්වයේ එල්ලීම යි. අයිවන් මගේ පුද්ගලිකත්වය ගැන කියන හැම දෙයක්ම ඇත්තය යි අපි මොහොතකට උපකල්පනය කරමු. එසේ වූ පමණින් මගේ තර්ක නිශේධනය වන්නේද? වාද මාතෘකාවලට අත නොතබා සංවාදකරු ගේ පෞද්ගලික නුගුණ කීමෙන් සංවාද දිනීමට දැඟලීම අයිවන් ප‍්‍රඥාව ලෙස හැඳින්වූව ද අප එය හඳුන්වන්නේ තක්කඩිකම කියා ය.
මේ මහානර්ඝ තර්කන ක‍්‍රමවේදයට පිටු දුන් ප‍්‍රඥාව ඔහු විශ්වාස කරන කිසියම් දෙවියකු අයිවන්ට උරුමකර දුන් දායාදයක්නම්, ඒ නම නොදන්නා දෙවියාට මගේ ද ස්තුතිය හිමිවේවා. අයිවන් ගේ උත්තරයෙන් ප‍්‍රඥාවන්තයෙකු ගේ මුහුණක් වෙනුවට එකල අප වැනසීමට අවි අමෝරාගෙන ලූහුබැඳි වෛරයෙන් වියරු වැටුණු මැරයකු ගේ මුහුණක් පාඨකයාට නිරාවරණය වීමේ අවදානමකට නම් අයිවන් මුහුණපා සිටින බව මට හැෙඟ්.
‘සංවාදශීලී ජාතික මාසිකය’ ලෙසින් 1986 දී එළිදුටු ‘රාවයේ’’ පුරෝගාමියාට එයින් වසර 25කට පසු සංවාදය අමතක ව ගොස් තිබීම පුද්ගල ඛේදවාචකයක් ම නොවේ. එය සමාජයක් වශයෙන් අප සංවාදශීලීත්වයෙන් කොතරම් ඈත්වෙමින් යන්නේද යන්න පෙන්වන මනා හරස්කඩකි.
අනෙක් අතට ප‍්‍රඥාවන්ත අයිවන් ගේ මෙම නවීන තර්ක කලාව තුළ සැඟැවුණු අලූත් න්‍යායක් ද වෙයි. තමා ‘මුවා’ වීමට කැමැති බව අඟවන අයිවන් මට යෝජනා කරන්නේ දඩයක්කාරයා වීමට ය. පලා නෙලන්නට ගිය මිනිසාට දඩයක්කාරයකු වන්නට යෝජනා කරන මුවා එතැන් පටන් තමන් විසින් දඩයක්කාරයකු බවට පත්කළ මිනිසා ගේ පාලනය සියතට ගනී. මුව දඩයමට පළු ගහ යටට යන දඩයක්කාරයාට දක්නට ලැබෙන්නේ මුවා ඉන්නේ වීරගහ යට බව ය. ඔහු වීරගහ යටට යන විට මුවා ඉන්නේ හොරගහ යට ය. පළමු ලිපියේ දේශපාලන තර්කවලට මා උත්තර දෙනවිට අයිවන් සිය දෙවැනි ලිපියෙන් කියන්නේ මා අරබයා අටෝරාසියක් ආඩපාලි ය. මා මේවාට උත්තර දෙනවිට අයිවන් තවත් මොනවා හෝ ප‍්‍රඥා-මඩක් ගසනු ඇත. මගේ මුහුණ කැතයි කියා විය හැක. මේ ක‍්‍රමවේදය හරිහැටි අල්ලා නොගත්තොත් අයිවන් හා දේශපාලන කාරණා කිහිපයක් ගැන වාදයට ආ මට සිද්ධ වන්නේ ද ඒ දේශපාලන තර්ක පසෙක ලා මගේ මුහුණේ අජූවක් නැති බවට තර්ක කරන්නට ය.
අයිවන් ගේ මේ යෝජනාව භාරගැනීමට මගේ ඇල්මක් නැති තවත් හේතුවක් වෙයි. අයිවන් යනු තමන් මුවාට අඳින බව පෙන්නා වෙඩි කෑ වල්ඌරාට අඳින්නකු බව තේරුම් ගැනීමට ඔහු සම්බන්ධ මෑත අත්දැකීම් උදව්වන බැවිනි. (ස්වභාව ධර්මයේ අසිරිමත් නිර්මාණයක් වන වල්ඌරන්ට මා අපහාස කරනවාය යි වරදවා නොගන්න. මා උපයෝගී කරගත්තේ දඩයක්කාරයන්ගේ අත්දැකීම් විසින් ජනශ‍්‍රැතියට දායාද කොට ඇතැයි පෙනෙන වෙඩිකෑ වල්ඌරාගේ චර්යා රටාව පමණි. දඩයක්කරු මංමුලා කොට වනයේ සැඟැවෙන වෙඩිකෑ වල්ඌරා, නොසිතූ මොහොතක පසුපසින් පැමිණ මාරාන්තික ප‍්‍රහාර එල්ලකරන බව කියැවේ*
මේ සියල්ල දැන දැනත් අයිවන්ට ප‍්‍රතිචාර දැක්වූ මට, ඔහු දමාගසන අටෝරාසියක් ප‍්‍රඥා-මඩවලට ද යමක් කීමට සිදු ව තිබේ. මා ඒ ඉසව්වට පය තබන්නේ අර ‘ප‍්‍රඥාවන්ත තර්ක වින්‍යාසය’ ගැන සබුද්ධික වෙමිනි. ඉඩකඩ පිළිබඳ ගැටලූව නිසා තෝරාගැනීමකට යාමට මට සිදුවේ.
මා පිළිබඳ වික්ටර් ගේ හැඳින්වීමේ පිළිතුරු දීමට තරම් හරයක් මට නොපෙනේ.
අයිවන් යන්තම් අහුකොන් අතගාන මගේ අවසන් තර්ක දෙක වෙත පළමුව හැරෙමි. තමන් ගැන ‘සාහසික’ පුවතක් පලවීම නිසා ජනාධිපතිවරයෙක් මුද්‍රණාලය විනාශ කිරීම සාධාරණද, අසාධාරණදැයි අයිවන් ප‍්‍රඥයා දන්නේ නැතිලූ. සාමාන්‍ය ‘රාවය’ පාඨකයකුගෙන් විමසුවේ නම් මේ ක‍්‍රියාවේ සාධාරණ අසාධාරණකම ගැන ඔහුට යමක් ඉගෙනගන්නට තිබිණි.
ප‍්‍රගීත් ගැන අයිවන් මෙවර කියන වල්බූත ඇත්තට ම මට තේරෙන්නේ නැත. මෙවර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දුන්නාය යි කියන සහතිකයක් ගෙඩිපිටින් ගිලී. ප‍්‍රගීත් ගැන මා මීට වැඩි යමක් නොකියන්නේ මාස දෙකක් තිස්සේ අතුරුදහන් ව සිටින ප‍්‍රගීත් අයිවන් ගේ අහිංසක පෑනෙන් තවදුරටත් ඝාතනය වනු බලාසිටින්නට බැරිකමට ය.
‘චෞර රැුජින’ කෘතිය මගේ ප‍්‍රධාන තර්කයක් නොවීය. කෙසේ වෙතත් සිය ලිවිසැරියේ පැටිකිරිය යහමින් දිගහරින ඔහු, මීට පෙර කෘතියේ නිරවද්‍යතාව ඔප්පු කිරීමට නැඟූ ‘ඇය අධිකරණයේ නඩු පැවරුවේ නැත. එයින් පොතේ කරුණු නිවැරැුදි බව ඔප්පු වේ’ යන තර්කය හිතාමතා මෙයින් හලා දමයි. මේ තර්කය මෙහි ලිවිය නොහැකි උගුලක ඔහු වැටීසිටින බැවිනි. ජනාධිපති පේ‍්‍රමදාස කිරිකලවලින් නැහැවීමේ පුවත සම්බන්ධයෙන් ‘‘නීතිය හමුවට ගියේනම් අවමානය දෙගුණ තෙගුණ වන්නට තිබුණේය’’ යි ඔහු කලින්ම ලියා තමන් සම්බන්ධ අපහාසාත්මක ප‍්‍රවෘත්තියක් පළකළ පුවත්පතට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම පසෙක ලා මැර ප‍්‍රහාරයකින් එහි යුක්තිය පසිඳලීමට ජනාධිපතිවරයකු ගත්තේය යි කියන කි‍්‍රයාමාර්ගයට සාධාරණීකරණයක් ලියා දී තිබෙන නිසා ය. දැන් අයිවන් කියනවානම් කිව යුත්තේ ‘චන්ද්‍රිකා නීතිය හමුවට නොගිය බැවින් ද, මුද්‍රණාලයට හෝ මට මේ තාක් මැරප‍්‍රහාරයක් එල්ල නොවූ බැවින්ද මා ලියූ දෙයෙහි නිරවද්‍යතාව ඔප්පු වේ’ කියා ය. අයිවන්ගේ ම තර්ක අයිවන්ගේම ‘අතේ පත්තුවන‘ හැටි කදිමයි නේද? කොහොමද අයිවන්ගේ ටිකිරි මොළේ.
ඔහු ජනාධිපති පේ‍්‍රමදාස ගැන හා කිසි දා මුද්‍රණය නොවූ ‘රාවය’ මුල්පුවතක් ගැන කියන මනස්කාන්ත කතාව රහස් පරීක්ෂක නවකතාකරුවකුට හොඳ අමුද්‍රව්‍යයක් විය හැකි වුවත්, මගේ තර්කවලට අදාළ නැත. මා දිගින් දිගට ම ලංකාවේ රැුඳී සිටින්නට අදහස් කළේනම් ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් මේ ගැන අසාගත හැකි ලෝකයකට යන්නට තිබුණත්, ඒ අවස්ථාව ද මගෙන් මඟහැරිණි.
මර්වින් ඇමැතිවරයා රූපවාහිනියට කඩාවැදුණු අවස්ථාවේ එහි සේවකයන්ගේ පමණක් නොව, වහා පැමිණ තත්ත්වය සමතයකට පත්කිරීමට මැදිහත්වන්නැ යි රූපවාහිනී පාලනාධිකාරියෙන් පවා කැරුණු ඉල්ලීමකට අනුව මම එහි ගියෙමි. මා ඇතුළු ජනමාධ්‍ය සංවිධාන කි‍්‍රයාකාරිකයන් ඒ අවස්ථාවේ හැසිරුණු විලාසය එහි සිටි උසස් පොලිස් නිලධාරීහු ද, පාලනාධිකාරියේ උදවිය ද, ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා ද රූපවාහිනී වෘත්තීය සමිති නායකයෝ ද දනිති. අප සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ඇමැතිවරයාට කොල ගුලියකින් හෝ නොගසන ලෙස ය. එ වැනි මුලපිරීමක් වුවහොත් රැුස්ව සිටි ඒ මහා පිරිස අතින් ඔහුගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බව අප තේරුම්ගත් හෙයින් හා එහි අනිසි පල විපාක සේවකයන් කරා හඹා එන බව හොඳින් ම දැන සිටි බැවිනි. එහෙත් ඇමැතිවරයා පහර කෑමට ලක් වූ අතර, නීතියේ ආධිපත්‍යයක් නැති කැලෑ නීතිය තුළ එහි අනිසි විපාක රූපවාහිනී සේවකයන් හඹා ආ හැටි අපි දනිමු. මැරයෝ අදටත් නිදැල්ලේ සිටිති.
ඇමැතිවරයා කළ දේ විවේචනය කරන එක වචනයක් නොලියන, ඔහු ගේ මැරකල්ලිය කළ දේ වීර වික‍්‍රමයක් සේ රස කරන අයිවන් ‘‘ඔහු සමඟ පැමිණි ආධාරකරුවන්’’ ලෙස හඳුන්වන්නේ පාතාල මැර කල්ලියකි. රූපවාහිනී භූමියේදී ම අත්අඩංගුවට පත් ‘කුඩු නුවන්’ නැමැත්තාගේ අතීත වාර්තා විමසා බලන්න. ඇමැතිවරයා සහ මැර කල්ලිය ගැන එබඳු ‘සංවේදී’ වාර්තාකරණයක නියැලෙන අයිවන්, මගේ පෞද්ගලිකත්වයට මඩගැසීමට එය කදිම අවස්ථාවක් කරගනී. කෙසේ වෙතත් අයිවන් රූපවාහිනී සිද්ධිය ගැන පුනරුච්චාරණය කරන්නේ ද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අප හමුවේ දුන් අර්ථකතනය ය.
අරමුදල් ගසාකෑම.
මාධ්‍ය සංවිධානවලත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේත් මූල්‍ය ගනුදෙනු ගැන අයිවන්ගේ පළමු කතාව මෙය නොවේ. ඔහු 2009/01/12 දින ‘ජනමාධ්‍යවේදීහු සදාචාර අර්බුදයක’ යනුවෙන් ලියූ ලිපියෙහි වූ මූල්‍ය ගනුදෙනුවලට අදාළ සාවද්‍ය තොරතුරුවලට පිලිතුරු දෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සපයන ලද ලිපියක් ඊට පසු ‘රාවය’ කලාපයේ පලවිය. එහෙත් ඊට පිළිතුරක් හෝ නොදුන් අයිවන් එයින් වසරකුත් මාස දෙකකට පසු යළිත් මට මඩගැසීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූල්‍ය ගනුදෙනු ඇදගනී. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් පිළිතුරු බැඳීමට වෙනම නිලධාරී මණ්ඩලයක් එහි සිටින බැවින්ද, අයිවන් කියන පරිදි මා එහි ‘පතාක යෝධයකු’ නොවන බැවින්ද (එ වැනි තනතුරක් මා දන්නා තරමින් එහි නැත*, ඔවුන් වසරකට පෙර දුන් පිළිතුර කියවා බැලීමත්, ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසා දැනගැනීමත් වඩා යෙහෙකැයි යෝජනා කරමි. අයිවන්ලා ‘සාක්කුවේ පොඩිසල්ලිවලින්’ කළ කටයුතු ගැන ද එහි සඳහන් වූ බව මතකය.
එහෙත් මා සභාපතිත්වය දැරූ වෘත්තීය පත‍්‍රකලාවේදීන් ගේ සංගමයේ වත්මන් ලේකම්වරයා වන ලසන්ත රුහුණගේ සේවය කරන්නේ ඔබ කර්තෘ මණ්ඩලයේ ම බැවින් එහි කිසියම් හෝ මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවී ඇතිදැ යි සාක්ෂි සහිතව සොයාගැනීම අයිවන්ට පහසු වනු ඇත. මාගේ සභාපතිත්වය යටතේ එහි කිසියම් මූල්‍ය වංචාවක් සිදුවී ඇතිනම් එය මගෙන් ප‍්‍රශ්න කිරීම ගැලැපෙන නමුත් වෙනත් නිලධාරී මණ්ඩලයක් වගකීම් දරන සංවිධානයක මූල්‍ය කටයුතු වැනිදෙයක් මගෙන් විමසීම ශීලාචාර නොවේ.
අප නියැලී සිටි ජනමාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරකම් හේතුවෙන් පාතාල මැරයන්ගෙන් ද, විවිධ සන්නද්ධ කල්ලි කණ්ඩායම්වලින් ද, අපට මරණීය තර්ජන පැමිණි බවත්, රාජ්‍යය අපගේ ජීවිත ආරක්ෂාව නොසැලසූ බවත්, ඒ වෙනුවට රාජ්‍යය මැරයන් හා ඝාතකයන් ආරක්ෂා කරන හා අප විනාශකිරීමට අනුබල දෙන පිළිවෙතක් පවත්වාගෙන ගිය බවත් අයිවන් ගේ ප‍්‍රඥාවට ගෝචර නොවුණත් විචාරශීලී මිනිසුන් දන්නවා ඇත. රටතුළ නීතියේ ආධිපත්‍යයක් බලපැවැත්වූයේ නම්, මිනිසුන් ගේ ජීවිතාරක්ෂාව සැලසීමට රාජ්‍යය ක‍්‍රියාකළේ නම් අපට අනුන්ගේ තැන්වල ලගින්නට සිදුවන්නේ නැත. ජීවිතය බේරාගෙන කොළඹ දිස්ත‍්‍රික්කය තුළ තිබූ මට අයත් මගේ නිවසේ ජීවත්වන්නට වටපිටාවක් රාජ්‍යය විසින් මාවෙත සහතික නොකළ බැවින් දීර්ඝ කාලයක් මා වැනිම තර්ජනයට ලක්වූ පිරිසක් සමඟ කාර්යාල පරිශ‍්‍රයක දිවිගෙවන්නට සිදු වූ බව අයිවන් අමතක කරයි. මා ආරක්ෂිත නිවස්නයන්හි නැවතී සිටිබව (ස්ථානය නොදැන සිටියත්* රහසිගත දෙයක් නොව අප සමඟ එකට වැඩකළ අතිබහුතරය දන්නා දෙයකි. ඒ පළිබඳ වෘත්තීය පත‍්‍රකලාවේදීන් ගේ සංගමයේ විධායක සභාව ද දැනුවත් කර තිබිණි. පොදු කි‍්‍රයාකාරකම් නිසා අනාරක්ෂිත වන පිරිස් රැුකබලාගැනීමට පොදු වැඩපිළිවෙළක් තිබීම ගැන, එවැන්නක් අහවල් කාලයේ තිබුණේ නැතැයි කියා ගැරහීම ආචාරශීලීද? මාගේ පුද්ගලික කෑමබීම සඳහා අයිවන් කියන කුමන අරමුදලකින්වත් මා ගත් මුදලක් නැත.
ඔබ කියන කවර හෝ ව්‍යාපෘතියකින් මට පමණක් නොව කවරකුට හෝ මුදල් ගෙව්වේ නම් ඒ සියල්ල එම ව්‍යාපෘති පරිපාලනය කළ පුද්ගලයන්ගෙන් දැනගත හැකි වියයුතු අතර, මා එවැනි කිසිදු ව්‍යාපෘතියක් පරිපාලනය නොකළ බැවින් ඒවා මගෙන් ඇසීමේ තේරුමක් නැත. එහෙත් මා නොපියවා තිබෙන හිඟමුදලක් නම් නැතිබව අවම වශයෙන් ලියන කරුණුවල නිරවද්‍යතාව පිරික්සීමේ ප‍්‍රාථමික ජනමාධ්‍ය ආචාරධර්මයට හෝ ගරුකළේනම් අයිවන්ට දැනගන්නට තිබිණි. අයිවන් මේ කියන අප ‘හොරා කෑ’ මුදල් සොයා ආණ්ඩුව නීති විරෝධී ලෙස මගේ බැංකු ගිණුම් වතාවන් කිහිපයකදී ම පිරික්සූ බව මා දන්නා අතර, රජවාසල පාතරාස හමුවක දී එහි සොයාගැනීම් අසාදැනගැනීමට අයිවන්ට හැකි ය.
උතුරු නැගෙනහිර ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් ගේ පවුල් ගණනාවක් රැුකබලාගැනීමත්, ආරක්ෂාව පතා කොළඹට පැමිණිවුන්ට ආරක්ෂිත නවාතැන් සපයාදීමත් ඇතුළු බොහෝ කටයුතු සඳහා ප‍්‍රමාණවත් ‘පොඩිසල්ලි’ අප කාගේවත් ‘සාක්කුවල’ තිබුණේ නැත. කෙසේ වෙතත් ආරක්ෂක අරමුදල් ගැන හෝ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ගිනුම් ගැන අසාගැනීමට අයිවන් මා වෙත නොපැමිණ අදාළ ස්ථාන කරා කෙලින් ම ගියේනම් රස්තියාදුවක් නැත.
මා ලේක්හවුසියේ වැඩ නොකර ලබාගත් වැටුපක් ගැන දෙතැනකම සඳහන් කිරීමට තරම් අයිවන් අශීලාචාර වී ඇත. මා හා ලේක්හවුසිය අතර සේවා කොන්දේසි සම්බන්ධ ප‍්‍රශ්නයක් වී නම් ඒ ගැන තීරණය කළ යුත්තේ ලේක්හවුස් පාලනාධිකාරිය මිස වෙනත් මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියකු වන අයිවන් නොවේ. (රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලේක්හවුස් සේවා කොන්දේසි ලියන්නේ අයිවන්දැයි මම නොදනිමි* මා කලක් ‘තරුණී’ පුවත්පතට දඬුවම් මාරුවක් ලැබ සිටි බව ද, වරක් වැඩතහනමට ලක්කළ බව හා සේවයෙන් නෙරපූ බව ද, ’දිනමිණට’ ලියූ ’සතියේ දේශපාලන විග‍්‍රහය’ ලිපි පහකින් පසුව නවතා දමන්නැයි නියෝග ලැබූ බවද, සතිපතා ලියන්නට සැලසුම් කළ කොළමේ පළමුවැන්න ම නිමාකළ පිටුවේ සෝදුපත පිරික්සූ වැඩබලමින් සිටි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ගලවා දැමූ බව ද, මගේ අදහස් නොලියන්නැයි වාරණයක් දමා තිබූ බව ද, ලේක්හවුසියේ සේවක අතිරික්තය ද, අප දිගින් දිගටම විරුද්ධ වූ ලේක්හවුසියේ අශීලාචාර මාධ්‍ය භාවිතය ද යන සමස්ත කාරණා නිකමටවත් විමසා නොබලා මා ‘නිකම් පඩි ගත්තාය’ යි කියන අශීලාචාර අයිවන්, අනෙක් අයට ශීලාචාරකම කියාදෙන්නට ඒමේ ප‍්‍රඥාව ඔහු මෑතක සිට ඇසුරු කරන ප‍්‍රාඥාවන්තයන්ගෙන් ලබාගත් දායාදයක් විය යුතුය.
මාධ්‍ය මර්දනයට එරෙහි ව හඬනැඟූවන් මුදල්වලට ඇති ගිජුකමට එය කළාය කියන තර්කය කාගේදැ යි සාමාන්‍ය පාඨකයා පවා දන්නේය. ඒ තර්කය කරේතියාගෙන යන අයිවන් ඉටුකරන්නේ කාගේ කොන්තරාත්තුවක්දැ යි මින් පැහැදිළි වෙතත්, ඒගැන වැඩිදුර කීමට අප ඉක්මන් නොවන්නේ අයිවන්ගේ ප‍්‍රඥාව තව ටිකක් එළිදරව් වන්නට ඉඩ හැරීම පාඨකයා ගේ ප‍්‍රඥාවට කෙසේවෙතත් ආනන්දයට හේතුවනු ඇති බැවිනි.
පෝද්දල ජයන්තගේ නිවසට පොලිසියෙන් ඒමේ සිද්ධියට රජය දුන් සහ පෝද්දල මැර ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ අයිවන් ඇතුළු මාධ්‍ය නියෝජිතයන් හමුවේ ජනාධිපතිවරයා ඊට දෙමින් සිටි අර්ථකතනය අයිවන් ගේ අර්ථකතනයට හැමතින් ම සමපාත ය. මේ සම්බන්ධයෙන් පෝද්දල යම් අවස්ථාවක පිළිතුරක් දෙනු ඇතැයි සිතමි. කෙසේ වෙතත් පාන්දර තුනට වැරදීමකින් එහි කඩාවැදුණු මාතර පොලීස් කොට්ඨාසයේ ජීප්රථයක් ගැන නිල තොරතුරක් එයින් කාලයක් යනතුරුත් පෝද්දල ජීවත්වන ප‍්‍රදේශයේ පොලිස් ස්ථාන දෙක හෝ ජීප්රිය අයත් වූ මාතර කොට්ඨාසයේ කිසිදු පොලිස් ලොක්කකු තහවුරු කරන්නට සමත් වූයේ නැත. එය තහවුරු කරගැනීමට පෝද්දලට මානව හිමිකම් කොමිසමට යන්නට සිදුවිය. වැරදීම් වී පාන්දර ගෙවල්වලට කඩාපැනීම සේම ? රාත්තිරියේ නන්නත්තාරයේ ඇවිදීමත් ලංකා රාජ්‍යයේ පොලීසියට උරුම ගති ලක්ෂණ බවත්, අත්අඩංගුවට පත් සියයකට ආසන්න පිරිසක් පසුගිය වසරේ පමණක් ආවුද පෙන්නන්නට ගොස් පොලීසිය ආත්මාරක්ෂාවට තැබූ වෙඩිපහරවලින් මිය පරලොව ගිය බවත් මෙනෙහි කරමි.
ගෝඨාභය සිද්ධියට ගෝඨාභය විසින් ම පසුව දුන් අර්ථකතනය පුනරුච්ඡුාරණය කිරීමෙන් අයිවන් නැවතත් රාජපක්ෂවරුන් ගේ ප‍්‍රකාශකයා වෙයි. ඔහු එදා අප හමුවේ පාවිච්චි කළ තර්ජනාත්මක, අපහාසාත්මක වචන රාජපක්ෂවරුන්ගෙන් දැන් අයිවන් නිතර දෙවේලේ අසනවා වන්නට පිළිවන. එබැවින් ඔහු ඒවාට අවවාදයයි කියා සිය ප‍්‍රඥාවන්ත හිත හදාගන්නවා ඇත. එහෙත් රජවාසල බිතක්කන සැරීමට යාමේ පුරුද්දක් නැති අපට ඒවා තාමත් පෙනෙන්නේ තර්ජන ලෙසම ය. මේ තර්ජනය හමුවේ අප කි‍්‍රයාකළ යුතු ආකාරය ගැන අප මාධ්‍ය ක‍්‍රියාකාරිකයන් හා සාකච්ඡුා කළ අවස්ථාවේ ‘තත්ත්වය භයානක බැවින් මෙය හෙළිදරව් කිරීම ආරක්ෂාවට ඇති හොඳ ම ක‍්‍රමය’ ය යන මතය තදින් දැරූවෙක් ඔබේ කර්තෘ මණ්ඩලයේ ද සිටී. ඒ ලසන්ත රුහුණගේ ය.
ලසන්ත ඝාතනයේ වගකීම ජනාධිපතිගේ නොවන බව පෙන්වන්නට තර්ක ගොඩනඟන අයිවන්, එය ආරක්ෂක ලේකම්වරයාගේ හෝ හමුදාපතිගේ වැඩකැයි ඉඟි කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. රාජකාරිමය වශයෙන් තමන් යටතේ වන ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් ද, පෞද්ගලික ව තම සහෝදරයා ද වන ගෝඨාභය හෝ තමන් සේනාධිනායක තනතුර දරන හමුදාවේ හමුදාපති කරන ඝාතනයක වගකීමෙන් ජනාධිපතිවරයා සුද්ධ කළ හැක්කේ ඉහත සබඳතා සහිත ආරක්ෂක ලේකම්ගේ නියෝගයකින් අත්අඩංගුවට ගත් සිරිමල්වත්ත දින 18ක් කූඩුවේ සිටිබව හාංකවිසියක් දන්නේ නැතැයි ජනාධිපති කී කතාව තොත්ත බබෙකු සේ අසාගෙන ආ අයිවන් වැනි ප‍්‍රාඥයෙකුට ම පමණි.
අප ඉපැදුණු, හැදී වැඩුණු උණුසුම් මව්බිමේ පාලකයන් අපේ ජීවිතයට ඇති අයිතිය රැුකගෙන එහි ජීවත් වීමට ඉඩ නොදෙන තැන ඒ අයිතිය රැුකගනුවස් අපට එන්නට සිදු වූ රටවල් දේශගුණික වශයෙන් ‘සීත’ වීම අප ගේ වරදක් නොවන බව ද කාරුණික ව සටහන් කරමි. ‘සීතල සැපතකැ’යි සිතීම අයිවන් ගිලීසිටින කොදෙව්වාදයේ ගැටලූවකි. අවුරුද්දෙන් භාගයක් හිරු රැුස් නොවැටෙන රටවල මිනිස්සු එය සැපයක්ය යි නොසිතති. තමන් ගේ දැහැන බිඳීමට අප ජීවතුන් අතර සිටීම ගැන වෛරයක්නම් අයිවන්ට ඇතිවා වන්නට පුළුවන.
මේ ප‍්‍රාඥා-මඩ ඉවත දැමූ කල විචාරශීලී පාඨකයාට වැදගත් වෙතැයි හැෙඟන, අයිවන් විසින් කුණුකන්දල්වල ම පටලා, මඩ තවරා ඉදිරිපත් කර ඇති දේශපාලන තර්ක දෙකක් තෝරා බේරා සෝදාගෙන ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ඒ කාරණා ගැන අවංකව සංවාදයක නියැලීමේ අභිලාශය ද සටහන් කරමි.
පළමුවැන්න වන්නේ ‘ඉල්ලාගෙන කෑම’ හෝ ‘ඇදගෙන නෑම’ ලෙස ජනප‍්‍රිය වහරේ ඉතා කෙටියෙන් වරනැෙඟන තර්කය අයිවන් ජනමාධ්‍යවේදීන්ට අදාළ කරන ආකාරය යි.
දෙවැන්න මේ චූල තර්කය දරා සිටින පුළුල් සන්ධර්භය යි. සන්නද්ධ අරගල කාලවල දී ජනමාධ්‍යවේදීන් හැසිරිය යුතුය යි අයිවන් අනුදක්නා ‘රැුල්ලට එරෙහිව නොපිහිනිය යුතු ය’ යන තර්කය යි.
තවදුරටත් ඔබ කැමැතිනම් මට එරෙහි ප‍්‍රඥා මඩෙහි ගිල්වා තිබෙන තවත් අනු මාතෘකාවක් මම ම සෝදා ගොඩගනිමි. එනම් සමාජ කි‍්‍රයාකාරිකයින් ලෙස ඉදිරියට එන්නන් හමුවේ විවරවන නව මාධ්‍ය ඉඩකඩ පිළිබඳ උභතෝකෝටිකය යි. ඉන් සමාජ කි‍්‍රයාකාරිකයින් වසඟයට පත්වන ආකාරය හා එහි පුද්ගල - සමාජ බලපෑම යි.
මේ වාද මාතෘකා සපයා ඇති පුද්ගලයා අයිවන් බැවින් පමණක් ඔහු හා වාද කිරීමට මට සිදු වියහැක. එහෙත් මගේ සංවාදය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ විචාරශීලී සමාජය සමඟ මිස අයිවන් සමඟ නොවන බව ද සටහන් කරමි. අයිවන්ගේ සංවාදශීලීත්වය මියගොස් අඩුම තරමේ අවුරුදු පහක් ගතවී ඇති බැවිනි. මගේ සංවාදයට කවුළුවක් තනන්නට අයිවන් නොදැනුවත්ව හෝ ඉදිරිපත් වීම ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙමි. එහෙත් වෙඩිකෑ වල්ඌරාට ඇඳීමට බලාගෙන ‘මුවා’ වීමේ සූදානම පෙන්වන ඔහු හමුවේ දඩයක්කාරයාගේ චරිතය රඟපෑමට මා මින් ඔබ්බට සූදානම් නැති බව ද නැවත දන්වමි.
අයිවන් මහතානෙනි, ඒ කෙසේ වෙතත් මා විසින් මුල් ලිපියෙන් නඟන ලදුව, ප‍්‍රඥා-මඩට ලොල්වීම නිසා ඔබට අමතක වූ මූලික තර්ක ඔබේ ප‍්‍රඥාවන්ත පිළිතුරු අපේක්ෂාවෙන් තවමත් එම ලිපිය තුලම වැතිර සිටින බව අමතක නොකරන්න.
Home »
» ප‍්‍රඥාවන්ත අයිවන් ගේ ශීලාචාර තර්ක වින්‍යාසය හෙවත් ‘ප‍්‍රඥා-මඩ’
Post a Comment