Home » » භික්ෂූන් වහන්සේලාට පහරදීම රටේ ජනතාව කිසිදා අනුමත කරන්නේ නැහැ - ශිරාල්

භික්ෂූන් වහන්සේලාට පහරදීම රටේ ජනතාව කිසිදා අනුමත කරන්නේ නැහැ - ශිරාල්

Written By Sri Lanka Guardian on Monday, April 5, 2010 | 7:39 PM

භික්ෂූන් වහන්සේලාට පහරදෙමින් ඔවුන් පැහැරගෙන යද්දී ඊනියා දේශප්‍රේමීන් සහ බෞද්ධයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ස්වාමීන් වහන්සේලා පවසන්නේ කුමක් දැයි එක්සත් ජාතික පෙරමුණෙ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ ශිරාල් ලක්තිලක මහතා ප්‍රශ්න කර සිටිනවා. අද පස්වරුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් උපවාසයක යෙදී සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහරදී පැහැරගෙන යාම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකු අනුමත නොකරන බවයි ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කළේ. දිනෙන් දින ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමමින් සිටින වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සන්ධානයට පාඩමක් ඉගැන්වීමට රටේ ජනයාට අවස්ථාව උදාවී ඇති බවත් ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නා. දිනෙන් දින බිඳවැටෙන ජනාධිපතිවරයාගේ ප්‍රසාදය සහ බලය රැකගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග තෝරමින් සිටින වත්මන් ජනාධිපතිවරයා පිළිබඳව ලෝකයේ මහත් අප්‍රසාදය ද එල්ල වෙමින් තිඛෙන බවත් නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට, පෙළපාලියාමට සහ විරෝධතා දැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී සෑම රටකම ජනතාවට අවස්ථාව සමව හිමිවිය යුතු බවත් නීතීඥ ශිරාල් ලක්තිලක මහතා අවධාරණය කර සිටියා.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger