Home » » තාරුණ්‍යයේ කැරලි ගැසීම – වගකිව යුත්තේ කවුද?

තාරුණ්‍යයේ කැරලි ගැසීම – වගකිව යුත්තේ කවුද?

Written By Sri Lanka Guardian on Monday, May 24, 2010 | 7:40 AM

By Beyond Frame

මගේ දරුවා සමාජ විරෝධියෙකු නම් එසේත් නැතිනම් වෙනත් දුර්ගුණයෙන් පෙළෙන්නෙක් නම් ඊට වගකිව යුත්තේ මා සහ මගේ බිරිද ද නැත්නම් අපෙන් පිටස්තර වෙනයම් සාධකයක් ද? එය පාසල ට ඔහුගේ මිතුරු මිතුරියන් ට හෝ පළල් සමාජය ට බැර කර මට හා මගේ බිරින්දෑට අත පිස දා ගත හැකි ද?

ඒ සදහා කවුරු උපස්ථම්භක වුව ද ඒ පිළිබදව අපට ඇති වගකීමෙන් මට හෝ මගේ බිරින්දෑට නිදහස් විය හැකි ද?

බාහිර මිනිසුනට පහසුවෙන් වෙනස් කළ හැකි සේ දරුවන් හැදුනේ නම් අප අපගේ වගකීම ඉටුකර ඇතැයි, අප කොතෙක් දරුවන් වෙනුවෙන් කටයුතු කළේ වුව ද, මට හෝ බිරින්දෑට සතුටු විය හැකි ද? කොහේ හෝ අප අතින් අඩුවක් වී නැත් ද? බාහිර කෙනෙකුට අපට වඩා අපගේ දරුවෙකුගේ ජීවිතයට බලපෑම් කළ හැකි වූයේ කෙසේ ද?

මා මේ ප්‍රශ්නය නගන්නේ තරුණයින්ගේ කැරලි තුනකට වරින්වර මුහුණ දුන් රටක පුරවැසියෙකු හැටියට ය.

ඒ කැරලි ගැසීම සම්බන්ධයෙන් වගකීම විජේවීරට හෝ ප්‍රභාකරන්ට පවරා අපට ඇග බේරා ගත හැකි ද?

ඒ ගැන බටහිර යුදෙව් ක‍්‍රිස්තියානි අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණකාරී රටවලට හා උන්ගේ එන්ජීඔ ඒජන්තයන්ට දොස් පවරමින් අත පිසදා ගැනීමට අපට හැකි ද?

විවෘත ආර්ථිකයට හෝ ගෝලීය ධනවාදයට හා උන්ගේ ඒජන්තලාට පවරා අපට නිදහස් විය හැකි ද?

උතුරෙත් දකුණේත් මියගියේ අපේ දරුවෝ ය. උන් විසින් මරා දමනු ලැබුවෙ අපේම මිනිසුන් ගැහැණුන් හා දරුවන් ය.

මෙ මරණයන් සම්බන්ධයෙන් රට පාලනය කළ උන්ට ද උන් පත් කළ අපට ද ගැලවිල්ලක් ඇත් ද?

තවත් කැරැල්ලක් සමහරුන්ට අනුව ඉතාමත් රුදුරු ලෙස ද තවත් සමහරුන්ට අනුව ඉතාමත් දක්ෂ ලෙස ද මැඩ පවත්වා ඉහලින් සමරුවක් පවත්වන්නට ලෑස්ති වන මෙම වටපිටාවෙ හිතන්නට කැමති අයට හිතන්නට යමක් මෙයින් ඇතිවෙද?
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger