ප‍්‍රසිද්ධ තැන්වල ආලවන්ත කම් පෑමට ගොස් අසු වී කුරුණෑගලත් මාතරත් තරුණ පෙම් ජෝඩුදෙසියයක් පමණ අත්අඩංගුවට ගෙන දෙමාපියන් හමුවට පත් කර ඇතැයි දැන ගන්නට ලැබිණි.
මෙ ගැන කෑම පැයේ කතාවක් කාර්යාලයේ පැවතිණි.
නොසන්ඩාල කම් කරනවට හොද වැඩෙ ඔකුන්ට. අම්මලා තාත්තල වියදම් කරනව උන් රෝන්දෙ ගහ ගහ නටනව.
කොණ කපල මදි. මුලින් ම කපල දාන්න තියෙන්නෙ ඔහොම එවුන් හම්බුවුනහම.
අපේ ළමයින්වත් පරිස්සම් කර ගත්තෑකි, අනේ හොඳයි!
සිරස කාරයගෙ වැඩ. හොඳට ඉන්න ළමයි අවුස්සල ඒ ළමයින් ගෙ ඔලු අවුල් කරනව.
ළමයින්ගෙ ඔලු විකාර කරන සිංදු තහනම් කරන්න ඔන (තොල්පෙති මත පළමු හාදුව තබන්න! විකාර!). ටෙලි නාට්‍ය මගුල් නවත්වන්න ඔන. නවකතා, චිත‍්‍රපටි තහනම් කරන්න ඔන. ඔය විස්සූක දස්සන ඉස්සරත් තිබුන ද? අපේ සීයලා ආතලාට ඒව නැතිවුනා කියල අමාරුවක් තිබුන ද? අපි ඔවට මොකුත් නොකර ළමයින්ටම බැනල වැඩක් තියේද?
දහම් පාසැල්වල ගුරුවරු මොනව කරනව ද දන්නෙ නැහැ.
එක අතකට ටියුෂන් තහනම් කරපු එක හොඳයි. ඉරිදටයි පෝයට යි. බැරිද දන්නෙ නැහැ එහෙම පිටින් ම තහනම් කරල දාන්න. ඔය කැලෑසිවලින් තමයි ඔකුන් මුණ ගැහෙන්න හදාගන්නෙ.
අනේ මෙහෙම විපත්තියක්! අපේ ධර්මද්වීපයට මොක ද මෙ උනේ?
ජේ ආර් ගෙ විවෘත ආර්ථිකේ! වෙන මොකවත් නෙවෙයි. මිනිසුන්ව එහෙම පිටින් පිස්සුම කරල දැම්ම.
දැන් ඉතින් සිය දිවිනහ ගනියි, පෝලිමට. අනේ හැබෑට, මුන්ට දඩුවම් කරලත් බෑ. නොකරත් බෑ.
මැද පෙරදිග නීති ගෙනාවෙ නැත්නම් මෙ යන විදිහට ලංකාවෙ කුලවත් සිල්වත් මිනිහෙකුට ඉන්න හිටින්නවත් බැරිවෙනව.
අනේ කාලේ වනේ වාසේ!
ඔව්, ඉතින්, උඹල කම්මුලේ අත තියාගෙන හිටපියව්. ආණ්ඩුවෙ කෝලම් බල බල . අන්න ආණ්ඩුව පිටිපස්සෙන් බඩු මිලට කෙළවනවා කොමිස් කුට්ටි පිටින් ගිලිනව.
එන පොට හොඳ නැත. හොඳම වැඩෙ මාරුවී යාම ය.
Home »
» තොල්පෙති මත පළමු හාදුව තබන්න!
Post a Comment