Home » » එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවෙ නිත්‍ය නියෝජ්‍ය නියෝජිත ආපසු කැදවයි! ප්‍රශ්නය අතිශයින් සංවේදී ය!

එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවෙ නිත්‍ය නියෝජ්‍ය නියෝජිත ආපසු කැදවයි! ප්‍රශ්නය අතිශයින් සංවේදී ය!

Written By Sri Lanka Guardian on Tuesday, July 6, 2010 | 3:56 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංකික නියෝජිත කාර්යාලය දැවැන්ත අර්බුදයක පැටලී තිබේ. ඒ බොහෝ දෙනා සිතනා හෝ දන්නා පරිදි බෑන් කී මූන්ගේ කමිටුව නිසා ඇති වූවක් නොවේ. රටට නිරන්තරයෙන් වද දෙන මානව හිමිකම් කොමිසම නිසා ඇති වූවක් ද නොවේ.

මතුව ඇති ප්‍රශ්නය නිසාම එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවෙ නිත්‍ය නියෝජ්‍ය නියෝජිතයා ආපසු රටට කැදවා තිබේ. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි ය. කියන්නේ නම් කැදවීම සිදුකර ඇත්තේ දුරකථන නියෝගයකින් බව ය.

පෙනෙන හැටියට බෑන් කී මූන්ගේ ප්‍රශ්නයට වඩා මේ ප්‍රශ්නය බරපතල ය. එය කොතරම් බරපතල ද කියා කිවහොත් සංවේදී වැඩි නිසා එසේ කැදවීමට හේතු පැහැදිලි කිරීමක් හෝ කිරීමට ලංකාවේ විදේශ අමාත්‍යංශය අපොහොසත් ය. ඔවුන් එය ඒ වචනවලින්ම රටට කියා ඇත. ඇත්තටම එහෙම සංවේදී ප්‍රශ්නයක් ඇති වුනහම ඒක කොනහමින් කරදර කිරීම හොද නැත. ඒ නිසා ඒ ගැන තවදුරටත් විමසීමට අපි බලාපොරොත්තු නොවෙමු.

එහෙත් පුංචි කාරණයක් විතරක් මතක් කළොත් හොද ය. ගිය පාර යැවූ ශ‍්‍රී ලංකාවෙ නිත්‍ය නියෝජ්‍ය නියෝජිතයා ද මාස 6ක් යන්නට මත්තෙන් නැවත ගෙන්වා ගන්නට සිදූවූ නිසාම මේ කාර්යාලයේ කිසියම් බෛහිරව දෝසයක් තිබේ දැයි සොයා බලා හොද තොවිලයක් නැටුවොත් හොද යයි අපට නිකමට මෙන් සිතුන නිසා ය.

ඉතින් අපේ දුක හිතෙන විදේස ඇමතිතුමා සමග මේ අදහස බෙදාගත යුතු යැයි අපි සිතුවෙමු. එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න සගයින්ට කට පරිස්සම් කරන්නට බැරි ලෙඩක් ඇති නිසා අමාරුවැටී ඉන්නා එතුමා ගැන අපට ඇත්තේ තදබල අනුකම්පාවකි. තව කී සැරයක් අනුන්ගේ කුණු වෙනුවෙන් සමාව අයැදින්නට එතුමාට සිදුවේ දැයි ෂුවර් නැත.

වැඩේට කට්ටඩියෙක් ඕනෑ නම් මර්වින් සිල්වා ඇමතිතුමාට කියා බලන්න ය. ආචාර්ය මර්වින් ද සිල්වා ඇමති තුමා ආචාර්ය ජීඇල් පීරිස් ඇමැතිතුමාට නොසළකා ඉන්න එකක් නැත (එහෙම වෙන්න විදිහක් නැත්තේ දෙන්නාටම තමන්ගේ නායකයාට මෙන්ම ආචාර්ය පදවි තිබෙන නිසා ඔවුන් අතර ඇති කර ගෙන තිබෙන සමානත්වය නිසාම නොවෙ. රජවරුන්ට පමණක්‍ නොව රැජිනන්ට ද මර්වින් මේ සප්ලයි එක කර කප් ගසා ඇති නිසා ය).

මර්වින්ගෙන් එහෙම පොරක් සෙට් වෙන්නේ නැත්නම් විමල්ට කට්ටඩි ඇදුමක් අන්දවා කරුණාට හදා දුන්නා වගේ බොරු පාස්පෝට් එකකුත් සාදවා තොවිලයට යවන්න පුලුවන. බටහිරට බැන්නාට විමල් කැමතිම බටහිර රටවල සවාරි යන්න ය. ඒ නිසා නිව්යෝර්ක් යන්නට විමලයා අකමැති වෙන එකක් නැත. ඇත්තටම හරිහැටි පරල වුනහම විමල්ට අලගු තියන්නට ලංකාවේ කට්ටඩියන් කාටවත්ම බැරි ය.

කට්ටඩියෙක් අවශ්‍ය බවට විමල්ටත් ආරංචිය ලැබී ඇතිවා සේ ය. මේ දවස්වල විමල් ඩෙගා නටන්නේ මෙසේ ආරංචි වූ ලග එන තොවිලයට පෙරහුරුවක් හැටියට වෙන්න බැරි ද?

ටිකක් හොද කට්ටඩියෙක් ගෙන්නා ගත්තොත් ලංකාවේ කාර්යාලයේ බහිරවයන් පමණක්‍ නොව බෑන් කී මූන් වැනි ලෝක කාර්යාලයේ බහිරවයින් ද එලවා ගත හැකි ය.

එහෙම තොවිලයකින් ඇරෙන්නට අපට ගැලවීමක් නම් නැත්තේ ය.

සියයට දෙසීයක් ආවඩා – ආයුබෝ වේවා!
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger