Home » » විමල්ගේ අද්වීතීය නායකත්වය යටතේ රට පෙරට

විමල්ගේ අද්වීතීය නායකත්වය යටතේ රට පෙරට

Written By Sri Lanka Guardian on Wednesday, July 7, 2010 | 10:40 AM

ඊයේ විමල් වෙගවත් කතාවක් කළේ ය. යම් හෙයකින් තමන් ගෙන යන අඛණ්ඩ උපවාසය කඩාකප්පල් කරන්නට කවුරුන් හෝ කටයුතු කළොත් එම අඛණ්ඩ උපවාසය තමන් මරාන්තික උපවාසයකට පෙරලන බව ය.

ඇත්තටම එහෙම කරොත් අප ඉවර ය. රටෙ ඉන්නා හොඳම දේශපේ‍්‍රමීන් මැරී අප ඉතිරිවීමෙ තේරුමක් නැත.

මෙවැනි උත්තුංග කටයුත්තක් කඩාකප්පල් කළ හැක්කේ කාට ද? ඇත්තටම එහෙම කඩාකප්පල් කරන්නට අපට බැරි ය. අපට පෙනෙන විදිහට පුලුවන් කම තියෙන්නේ ආණ්ඩුවට හා ආණ්ඩුවෙ පොලීසියට විතර ය.

ආණ්ඩුවට කඩාකප්පල් කළ හැක්කේ දැන් ඔය පිස්සු කෙළියා ඇතැයි කියා විමල් නම් ‘දග ළමයාට’ පැත්තකින් වාඩිවී ඉන්නට කීමෙනි.

පොලීසියට කඩාකප්පල් කළ හැක්කේ සිවිල් ඇදගත් මැරයන් ලවා හාමුදුරුවන් උස්සාගෙන ගිය විදිහට සුදුවෑන් එකකට කට්ටිය බලාහාත්කාරයෙන් පටවා ගෙන යෑමෙනි.

මෙයින් කුමක් හෝ සිදුවෙතැයි විමල්ට දැනුනේ ද?

මාරාන්තික උපවාසයක් නම් මරණයෙන් කෙළවර වෙ. අඛණ්ඩ උපවාසය ඇත්තටම එහෙම නැත. එය දිගින් දිගට කරගෙන යා හැකි ය. අදට දින 2 යි 5 යි10 යි 25 යි50 යි කියා බැනර් ගසාගෙන අද්දාගෙන ගිය හැකි ය.

මෙ රටෙ උපවාසයන් සිදුව ඇතත් මෙතෙක් මරණයෙන් කෙළවර වූ උපවාසයක් ගැන අපට අසන්නට ලැබී නැත.

ඒ අනුව එක්කෝ මෙය නව වාර්ථාවක් වීමට බොහෝවිට ඉඩ තිබෙ. ඒ කඩාකප්පල් වී මරාන්තික එකක් බවට පරිවර්ථනය වුනොත් ය. අනෙත්අතට කඩාකප්පල් නොවුනොත් එය දිගින් දිගට අඛණ්ඩව යා හැකි ය. එහෙම වුනොත් ලෝකයේ පැවති දිගම උපවාසය ලෙස ගීනස් පොතට එකතුවිය හැකි ය. එතකොට එය ලෝක වාර්ථාවක්ම වෙයි.

ඇත්තටම එහෙම බැලුවහම මෙය රටට කොහොමටත් ලබා දෙන්නේ ජයකි.

එක්කෝ බෑන්කී මූන් මෙ මරණයට සම්මාදම් වී පව් පුරවාගන්නට බැරි යයි සිතා ඉල්ලීම් දී පැදුරත් අකුලාගෙන ගෙදර යන්නට ඉඩ තිබෙ. එහෙම නැතත් කිසියම් වාර්ථාවක් තැබීමෙන් ලංකාවට ලෝක සිතියමෙ යම් වැදගත් කමක් ලබා ගත හැකි ව තිබෙ.

ඒ දෙක දිහා බැලුවෙ වුව ද ඒ දෙකින් මොකක් වුවත් හොඳ ය.

අපි අපේ සටන් සගයා ට සුභ පතමු. ඔහු වෙනුවෙන් ලියවුනු සියලු විවෙචනයන් ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගැනේ.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger