Home » » ස්ත්‍රී දුෂක විනිසුරා රජුගේ ගැත්තෙක්

ස්ත්‍රී දුෂක විනිසුරා රජුගේ ගැත්තෙක්

Written By Sri Lanka Guardian on Tuesday, August 3, 2010 | 4:33 PM

කලහැක්කේ වැරැද්ද තියෙන තැන සුද්ද කිරීමට හැකි රටේ තියන නීතිය ක්‍රියාත්මක කල හැකි වටපිටාවක් තුලින් පමණි. රජුගේ චින්තනය නීතියෙන් පිට පැන බොහෝදුර ගොස් ඇත. එයට ආපසු හැරෙනාවට වඩා විනාසය කරා ඇති දුර බොහෝ සමීපය. නමුත් එහිදී ගොදුරු වීමට ඉඩ ඇති ගණන මෙසේ යයි කිව නොහැකිය. බින්දුවෙන් පටන් ගන්නවා යෙයි කියා රටම අනෙක් පැත්ත පෙරළු කාම්බෝජයේ පොල් පෝට් කල හදිය ගැන නොදන්නා කෙනෙක් නැත. අපේ රජු නීතියට ඉහලය. රටද, නීතියද, ජනතාවද රජු වේ. එසේනම් කල යුත්තේ රජුගේ අතවැසියන් වන සල්ලාල විනිසුරන්ට,පහස ලැබීම සදහා තමන්ගේ ස්ත්‍රී පාර්ශවයන් සුදානම් කිරීමය. බල්ලන්ට ගිය රටක නීතිය ඇත්තේ එලොව මිස මෙලොව නොවේ.
_______________________

ජනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව රජුගේ පැත්තෙන් පෙනීසිටින එක්තරා නීතීඥයකු වූද, මහා අධිකරණයේ විනිසුරකු ද වන ................ අය නුවරඑලිය ප්‍රදේශයේ පන්දින්චිව සිටි කනතාවක් තම නිවසේ මෙහෙකාරකමට ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදීම දුෂණය කල බව ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය පළමුවෙන්ම හෙළිකරන ලදී. ඒ මීට මාසයකට පමණ ඉහතදීය. මේ වනවිට අදාල කරණය සම්බන්දව රට පුරා මහත් ආන්දෝලනයක් සිදු වී ඇති නමුත් නීතියට ඉහලින් සිටින මහා බලපරාක්‍රම රජු නිහඩය.මෙයත් විදෙස් කුමන්ත්‍රනයක්වද්ද? එසේනම් එයට කල යුත්තේ විමල් වීරවංස කැඳවා "මාරාන්තික උපවසක්" කිරීමට කටයුතු කොට, ඌ මැරෙන්න යනවා යයි කියා තැඹිලි පානය කිරීමට පෙර ලෝකේ හැම මාධ්‍ය ආයතනයක්ම ලවා කවරේජ් එකක් කිරීමය. එය එසේ නෙවේනම් ඇත්තේ විනසුරුගේ අහවල් තැන අමාරු වීමේ වන්දිය අර අහිංසක ඇත්තිට ගෙවීමට සිදු වී ඇත්තෙනම් රජු කෙසේ කියනු ඇද්ද?

සැබවින්ම ඔහු මෙසේ කියනු ඇත. "රට වැසියෙනි, මම නුබලාට 2500 පඩි වැඩි කරනවා යයි මගේ චින්තනය ඇතුලත් පොතේ සටහන් නොකලා සේම, මගේ සේවාදායකයකු මෙන්ම , මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් පර සුද්දන්ගේ කුමන්ත්‍රණ වලට එරෙහිව අබීතව මගේ නිතිය ක්‍රියාත්මක කල ආදරණීය විනිසුරා ෆොන්සේකා පවා දෙන්නට ගිය රට රැක ගත්තේය. අදාල කාන්තාව ෆොන්සේකා විසින් නිර්මාණය කල කුමන්ත්‍රණයේ කොටසක් ලෙස මට පෙනෙන්නට ඇති බැවි. එනිසා මිත්‍රවරුනි මේවා ගොතබු බොරු." එය තවදුරටත් වැසීම සදහා අර අසරණ කාන්තාවට සුදු වෑන් රථයක් ලවා ලිෆ්ට් එකක් දෙනු ඇත. රජු ඒ ආකාරයෙන් ලිෆ්ට් දුන් අය බොහෝය.

එසේම "මාරාන්තික උපවාස" වීරයා තම රජුගේ හඩට ඌනපූරක වශයෙන් , " අර පොලිසියේ මහත්තය එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයෙන් පගාව ගත්ත සේ අදාල කාන්තාවද ෆොන්සේකා ඇතුළු රට දෙකඩ කිරීමට මන බලන කල්ලියගෙන් පගාව ගෙන තිබෙනවා. අපට ඒකට බොහොම පැහැදිලි ශාක්ෂි තියෙනවා." ඊට එහා අදාල කාන්තාවගේ පැත්ත ගෙන සාමාන්‍ය මිනිස්සු උද්ගෝෂණය කළහොත් එය රටේ ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් යයි සළකා ගෝටාබය කට්ටියට බැටදීමට සූදානමය.

රටේ හැටි ඔහොමය. මේවා රනිල් අතුලු විපක්ෂයට ප්‍රශ්න නොවේ. රනිල්ට ඇති ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් වන්නේද ලිංගිකත්වය බැවින් මේවා ගැන කතාකිරීම ඔහුට අවුලකි. එසේම කාන්තා විමුක්තිය උදෙසා වෙර වීරිය දමා බර අදින අපේ රාජ්‍ය නොවන ඇන්ටිලාටද මේක එතරම් ලොකු ප්‍රශනයක් නොවේ. අපට ලැබී ඇති තොරතුරු වලට අනුව, අදාල කාන්තාව, සල්ලලයාගේ අපහරණයට ලක් වීමෙන් පසු ඇවිදදේද ඉතා අපහසුවෙනි. ඇයගේ රහස්‍ය ප්‍රදේශවලට සිදු වූ තුවාල හේතුවෙන් මල පහ කිරීමේ අපහසුතවයෙන්ද පෙලුණි. ඇය පොලිසියට ගියේ බැරිම තැනය. නමුත් අපේ පොලිසිය හොද කොස් ගස් යට වාරෙට වැටෙන වැළගෙඩි වලින් කොස් ඇට ඇහිදින්න මිස වෙන කිසිවකට නොවේ. එසේම පොසියේ අයියල අර අදින්නේ තමන්ටත්, විනිසුරට මෙන් අදාල කාන්තාව කෙලසීමේ චාන්ස් එකක් තිබේද යන්නය. මහින්ද චින්තනයෙ හදපු රට මේකය. රජු හිතුවේ කොටින්ට ගහල උතුර සුද්ද කරලා වුන්ගේ සම්පත් කොල්ලකෑමෙන් කතන්දරේ ඉවරය කියාය. නමුත් අපේ වැටහීමේ හැටියට කතාව ඇත්තේ දැන්ය.

එය හෝටලයක් කඩා එය තරමක් විශාල කොට තැනීමට යද්දී , එක්කෝ මට දීපන් නැත්තන් මට අහවල් මුදල කොමිස් හැටියට දීපන් කියන රජුගේ සහෝදර තෙමේ වන බැසිල් රාජපක්ෂට හෝ දහස් සංක්‍යාවක් මිනිස්සු බඩගින්නේ දාහ දුක් විදිද්දී රද්දොළුවේ තට්ට්ටු ගණන් මාලිගා ගහන ශාශීන්ද්‍රලට කල නොහැකිය. කල හැක්කේ හොරුන්ට හෝ අහිංසක ගැහැණුන්ගේ යට ඇදුන් අස්සේ රිංග තමන්ගේ වින්දනය හොයන දුස්ටයින්ට හෝ කොටින් ඩයස්පොරවෙන් ගත්ත සල්ලි කොහොම හරි අපි අරගෙන රට හදමු එකෙන් කියල හිතාගෙන ඉන්න අයියලට නොවේ. කලහැක්කේ වැරැද්ද තියෙන තැන සුද්ද කිරීමට හැකි රටේ තියන නීතිය ක්‍රියාත්මක කල හැකි වටපිටාවක් තුලින් පමණි. රජුගේ චින්තනය නීතියෙන් පිට පැන බොහෝදුර ගොස් ඇත. එයට ආපසු හැරෙනාවට වඩා විනාසය කරා ඇති දුර බොහෝ සමීපය. නමුත් එහිදී ගොදුරු වීමට ඉඩ ඇති ගණන මෙසේ යයි කිව නොහැකිය. බින්දුවෙන් පටන් ගන්නවා යෙයි කියා රටම අනෙක් පැත්ත පෙරළු කාම්බෝජයේ පොල් පෝට් කල හදිය ගැන නොදන්නා කෙනෙක් නැත. අපේ රජු නීතියට ඉහලය. රටද, නීතියද, ජනතාවද රජු වේ. එසේනම් කල යුත්තේ රජුගේ අතවැසියන් වන සල්ලාල විනිසුරන්ට,පහස ලැබීම සදහා තමන්ගේ ස්ත්‍රී පාර්ශවයන් සුදානම් කිරීමය. බල්ලන්ට ගිය රටක නීතිය ඇත්තේ එලොව මිස මෙලොව නොවේ.
Share this article :

+ comments + 1 comments

August 3, 2010 at 5:33 PM

true.. but what is the solution?

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger