එකෙකු තවමත් ඉපදී නැත. අනෙකා මිය ගොස්ය.
රාජපක්ෂ රෙජීමය විසින් යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් කොපමණ ප්‍රමාණයක් ඝාතනය වුවද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ඝාතනයේ දී තරම් කම්පනයක් කොළඹ සිවිල් සමාජය තුළ ඇති වූවා යැයි පැවැසිය නොහැක. මෙවැනි ඝාතනයන් වලකා ලීමට තරම් බලපෑමක් කළ හැකි මට්ටමේ ජනතා බලයක් ගොඩනැංවීමට ආණ්ඩු විරෝධින් තවමත් සමත්ව නැතත් කොළඹ සිවිල් සමාජයේ තැති ගැන්ම, නිහඩතාව බිදීමට යම් දායකත්වයක් දරමින් සිටියි.
කොළඹ සනීප ජීවිත ගත කරන මධ්‍යම පාංතික සමාජ තීරුව කවදත් ආවේනික සුව නින්දෙන් අවදිවන්නේ තම සංස්කෘතික මිතුරන් අහිමි වන විට දීය. ප්‍රේමදාස රෙජීමයේ ගෙස්ටෆෝව විසින් තරුණ මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා මරා දැමූ අවස්ථාවේ දී ද මෙවැනිම ආලෝලනයක් ඇතිවුණි. එතෙක් ප්‍රේමදාස රෙජීමයේ ගෙස්ටෆෝව විසින් මරා දැමූ හෝ අත්තේට්ටම් කළ හෝ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණ වුවද ආණ්ඩු විරෝධයක් ඇති වී ආණ්ඩු පෙරළියකට පවා මූලික වූ කම්පනයක් ඇති කළේ රිචඩ් ද සොයිසාගේ ඝාතනයයි. .
දකුණේ දී රිචඩ් ද සොයිසලා කොපමණ ප්‍රමාණයක් ඝාතනය වුවද කොළඹ මධ්‍යම පාංතික සමාජය කම්පනයට ලක් කළේ රිචඩ් ගේ ඝාතනය විසින් යැයි එදා පාර්ලිමේන්තුවේ දී එක්තරා මන්ත්‍රීවරයකු පැවැසූ මතය අදද ඒ ආකාරයෙන් ම හෝ ඊටත් වඩා ශක්තිමත් ලෙස හෝ වලංගුව පවතී. රාජපක්ෂ රෙජීමයේ යුධ උන්මාදය තුළ උතුරු නැගෙනහිර දී පමණක් නොව කොළඹ දී පවා ජනමාධ්‍යවේදීන් සෑහෙන ප්‍රමාණයක් හිරහැර විදිද්දී හිරිවැටී තිබූ කොළඹ සිවිල් සමාජයේ හෘද සාක්ෂිය මේ මොහොතේ දී හෝ ප්රාණවත්වීම එක් අතකින් සතුටට කරුණකි.
සිරස මාධ්‍ය ජාලය කෙරෙහි මෙන්ම ලීඩර් ප්‍රකාශන ආයතනය කෙරෙහි ද රාජපක්ෂ රෙජීමයට තිබුණේ වෙරයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ආයතන දෙක සමගම සමීප සම්බන්ධතා පැවැත්වූවද මුළු එකක් වශයෙන් දෙපාර්ශවය අතර තිබුණේ නයි මුගටි තරගයකි. රාජපක්ෂ රෙජීමය මතයක් ලෙසම එම ආයතනයන්ට එරෙහිව සමාජ ගත කළේ වෙරී ආකල්පයන් ය. රෙජීමයේ පරපුට්ටන් විසින් එම ආයතනයන්ට භෞතිකව හානි කළ සෑම විටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණිවත රුක්කේ එබැවිනි.
එහෙත් මෙකී අපරාධ සිදුවී ඇති ආකාරය හෙළිදරව් කිරීමට ජනාධිපතිවරයා පෙළඹී ඇත්තේ විධිමත් අපරාධ පරීක්ෂණයකින් තොරවමය. සිරස මාධ්‍ය ජාලය ගිනි තබා ඇත්තේ රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් එම ආයතනය විසින්ම ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ කවුදැයි පැහැදිලි නැතත් ඔහු ජනාධිපතිවරයාගේ කිට්ටු මිතුරෙකි. ඒ මිත්‍රකම කොතෙක් ද යත් අතිශයෙන් වැදගත් දේශපාලන රහස් බොහොමයක්ම ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ ලසන්ත විසිනි.
මේ මිත්‍රත්වයේ දිග පළල විග්රහ කිරීමට තරම් බුද්ධියක් නැතත් ජනාධිපතිවරයාගේ ශරීර භාෂාව මගින් සමාජ ගත කිරීමට උත්සාහ ගන්නා පණිවුය නම් ඉතා පැහැදිලි ය. ලසන්ත ජනාධිපතිවරයාගේ අතිජාත මිත්‍රයා ය. එ නිසා ලසන්ත යූ.එන්.පියේ රහස් ජනාධිපතිවරයාට ලබා දී ඇත. දිගින් දිගටම සිදුවූ මේ මේ රහසිගත ගණුදෙනුවෙන් කෝපයට පත් යූ.එන්.පිය (රනිල් වික්‍රමසිංහ) ලසන්තව ඝාතනය කර ඇත.
වංගෙඩිය හා මෝල් ගහ විසින් මනුෂ්‍ය ඝාතන සිදු කළ සමාජයක ජනාධිපතිවරයාගේ ශරීර භාෂාව විසින් ලබාදෙන පණිවුයට සාධාරණයක් ඉටු නොවේ යැයි පැවැසිය නොහැක. දී කිරට බළලුත් සාක්කි යැයි පැවැසූ පරිදි රාවය කර්තෘ වික්ටර් අයිවන් ද මීට සමානම අදහසක් සමාජ ගත කිරීමට උත්සාහ දරා ඇත්තේ ඒ නිසා යැයි පැවැසිය හැකිය. අපරාධයක් කළ පුත්‍රයකු ගැන අදහස් පළ කරන පියෙකු හෝ මවක හෝ මෙන් පරිස්සමෙන් වචන පාවිච්ච් කරමින් වික්ටර් පවසන්නේ මේ ඝාතනයට අදාළව රජයේ හමුදාවේ හෝ ඊට අනුබද්ධ කණ්ඩායමක හෝ සම්බන්ධයක් ඇතැයි පැවැසීමට සාක්ෂි නොමැති බවය.
රණසිංහ ප්‍රේමදාස සිදු කළ සෑම අපරාධයක් ගැනම තොරතුරු වික්ටර් අයිවන්ට ලැබුණේ ප්‍රේමදාසගේම කාර්ය මණ්ඩලයේ මිතුරන්ගෙනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක සිදු කළ සෑම අපරාධයක් ගැනම තොරතුරු වික්ටර් අයිවන්ට ලැබුණේ ද ඒ අයුරිම චන්ද්‍රිකාගේ කාර්ය මණ්ලයේ සිටි මිතුරන්ගෙනි. මහින්ද රාජපක්ෂ රෙජීමය සිදු කරන අපරාධ ගැන සජීවීව වික්ටර්ට දැනුම් දීමට කිසිවෙක් මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ලයේ නොසිටීම ජාතියේම අවසනාවකි. මහින්ද රාජපක්ෂගේ වාසනාවකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඔහුගේ ආණ්ඩුවේ පරපුට්ටනුත් කුමන මතවාදයක් සමාජ ගත කරමින් තමන්ට එරෙහිව එල්ලවන චෝදනාවන්ගෙන් ගැලවීමට උත්සාහ කළ ද රජ්ජුරුවන් නිරුවතින් බව දන්නෝ දනිති. එසේම සෑම රජෙක්ම නිරුවත වසා ගන්නේ දෑතින් බව ද දනිති. තරුණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කළ ප්‍රේමදාස රෙජීමයේ ගෙස්ටෆෝව ආණ්ඩුවේ ගුවන් විදුලිය මගින් සමාජ ගත කිරීමට උත්සාහ කළේ ද මෙවැනිම අවලාදයන් තොගයකි. රිචඩ්ගේ ප්‍රාණය සුන් මළ කද කොරල වැල්ලේ වෙරළින් සොයා ගත් සැනෙන් රිචඩ් සමලිංගකයකු බවත් ඔහුගේ චරිතය සදාචාර නොවන බවත් පවසමින් එම ඝාතනය සාධාරණීකරණය කිරීමට ආණ්ඩුවේ නායකයනුත් පරපුට්ටනුත් ගත් වෑයම ප්‍රබල ය
දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිව එල්ල වන මිනීමරු චෝදනාවන්ගෙන් ගැලවීමට සාක්ෂි සදහා කැදවන්නේ ලසන්ත වික්රමතුංගය. එහෙත් ලසන්ත දැන් මිය ගොසිනි. ජනාධිපතිවරයා බේරා ගැනීම සදහා ජීවමාන වීමට ලසන්තට දැන් නොහැකි වුවද යම් දෙගිඩියාවක් සමාජ විඥාණය තුළ රෝපනය කිරීමට ලසන්තගේ ආත්මයට හැකිය. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයාගේ සමීපම මිත්‍රයන් වී ඇත්තේ එක්කෝ නූපන් අයෙකි. නැත්හොත් මිය ගිය අයෙකි.
මළවුන්ට පවා අපහාස කරමින් බලය රුක ගැනීමට උත්සාහ දැරීම කෙතරම් නිහීන වුවද ඒ ගැන තර්ක කරමින් කාලය කා දැරීම නිරර්ථක බව පැවැසිය යුතුය. බලය දරන්නේ ධනපතියන් ය. එම බලයට අභියෝග කරන්නේ ද ධනපතියන් ය. මෙම සමාජ සැකැස්ම තුළ වාමාංශිකයක් ගැන බලාපොරොත්තු තබා ගැනීම ද නිරර්ථක ය. එහෙත් ධනපතියන් බලය දැරූ පමණින් සමාජ දේහය කුණු වේ යැයි පැවැසීම පැරණි වාමාංශික තර්කයකි. අපේ සමාජය කුණු වී දුගද හමන්නේ පාලනය මෙහේයවන්නන් ලූම්පන් ධනපතියන් නිසාය.
මේ ධනපති පංතියේ සමාජ සැකැස්ම අනුව ශක්තිමත් ආර්ථික බලයක් ඔහුන්ට නැත. රාජ්‍යයේ සාරය උරා බොමින් පරපුට්ටන් කොටසක් ලෙස සිය පංති ආධිපත්‍ය රුක ගැනීම ඔහුන්ගේ ස්වභාවයයි. ඒ සදහා ඔහුන් නොකරන දෙයක් නොමැත. ආරක්ෂාව සදහා මළවුන්ගෙන් සාක්ෂි කැදවන්නේ එබැවිනි.
පසුගිය කාලය පුරා රාජපක්ෂ රෙජීමය ගොඩනංවමින් සිටියේ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයකි. එය ෆැසිස්ට්වාදය ආත්මය කර ගත්තකි. ඒ තුළ සුළු ජාතීන්ට වාසය කළ හැක්කේ මහ ජාතියේ ආධිපත්‍ය පිළි ගනිමින් දෙවන පෙළ පුරවැසියන් ලෙසය. මේ රාජ්‍ය සැකැස්ම කූට ප්‍රාප්තියට ගෙන ආවේ දේශපාලකයන් වුවද එය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය මිලිටරි ගෙස්ටෆෝව පවත්වාගෙන යන්නේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසිනි. ආණ්ඩු විරෝධින් ඉවත් කිරීම සදහා තීරණ ගන්නට ඇත්තේ දේශපාලන අධිකාරීන් විසිනි. එම තීරණ ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්ගේ ගෙස්ටෆෝව විසිනි. ඒ අනුව මේ ඝාතන සිදුකරන්නේ දේශපාලක/ නිලධාරී හවුලක එකගතාවකින් බව නො රහසකි. එහෙත් අවසානයේ සියළු ඝාතන වලත් මර්දනකාරී ක්‍රියාවන්ගේත් වගකීම භාර ගත යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.
සිදුවීම් සිදුවන්නේ වෙනස් ආකාරයෙන් වුවද ඒ සියළුම සිදුවීම් අතර තිරස් සම්බන්ධයක් පවතී. රිචඩ්ගේ ත් ලසන්තගේ ත් ඝාතනයන් අතර සහ සම්බන්ධය ගොනැගෙන්නේ ඒ ආකාරයෙනි. ඝාතකයාගේ කාර්යය මෙන්ම ඝාතකයාගේ කාර්යයට එරෙහිව ද කටයුතු සිදුවන්නේ එකම ආකාරයෙනි. ඉතිහාසයේ කිහිපවරක් සිදුවූ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා තේරීමේ දී එක්තරා දුරකට එය ස්වයංසිද්ධව සිදුවිය යුතුය. මධ්‍යම පාංතිය හා ඉහළ මැද පාංතිය පළමුව සංවිධානය වී දෙවනුව පීඩිත පංතිය ද අරගලය සදහා එක් කර ගත යුතුය.
මතවාද සංවාද කරමින් තීරක තීරණ ගැනීමට ඉතිහාසය විසින් බල කෙරී ඇති මධ්‍යම පංතික සමාජ තීරුවට මේ මොහොතේ දී එල්ල වී ඇති අභියෝගය සුළු කොට තැකිය නොහැකිය. තම සංස්කෘතික මිතුරා ගේ මරණය විසින් ඇති කළ කම්පනය හුදු ශෝකයකට පමණක් සීමා කිරීමට තීරණය කළහොත් වා බරපතල කම්පනයන්ට මුහුණ දීමට ද මේ සමාජ තීරුවට සිදුවිය හැකිය. ඊටත් වා භයානක වන්නේ තම එතිහාසික කාර්යය අමතක කිරීමෙන් සමස්ත සමාජයෙන් මධ්‍යම පාංතික සමාජ තීරුවට එල්ල විය හැකි අවමානයයි.
එය තේරුම් ගැනීමට කොළඹ මධ්‍යම පාංතික සමාජ තීරුව සමත්වන ප්‍රමාණයට අරගලයේ දිග පළල තීරණය වනවා නො අනුමානය. -Sri Lanka Guardian
Home »
» ජනාධිපති රාජපක්ෂට හොදම යහළුවන් දෙදෙනෙකි.
Post a Comment