Home » » මසකට පාර්ලිමේන්තුවේ ආහාර වේල් 2000ක්‌ ඉවතට

මසකට පාර්ලිමේන්තුවේ ආහාර වේල් 2000ක්‌ ඉවතට

Written By Sri Lanka Guardian on Sunday, July 5, 2009 | 12:00 PM

නිලන්ත මදුරාවල

(July 05, Colombo, Sri Lanka Guardian) මාසයකට පාර්ලිමේන්තුවේ ආහාර වේල් 2000 ක්‌ පමණ ද අතුරුපස ආහාර වේල් 1500 ක්‌ පමණ ද ඉවත දමන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.


ආහාර සඳහා වැය වන මුදල් පාලනය නොකිරීම හා ආහාරපාන නාස්‌තිය මෙන්ම පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි අභ්‍යන්තර පාලන දුර්වලතා නිසා වාර්ෂික ඇස්‌තමේන්තුගත මුදල් සීමාව ඉක්‌මවන බවද එම සමීක්‍ෂණයේදී හෙළි වී ඇත. 2007 වසර වෙනුවෙන් වූ ඇස්‌තමේන්තුගත මුදල ඉක්‌මවා වැය කර ඇති මුදල රුපියල් එක්‌කෝටි හැත්තෑඅටලක්‍ෂ තිස්‌දහසකට අධිකය. ආහාර ලබාගන්නා පුද්ගල සංඛ්‍යාවන් පිළිබඳ දෛනික ඇස්‌තමේන්තු සකස්‌ කිරීම සඳහා ක්‍රමවේදයක්‌ අනුගමනය නොකිරීමත් කොපමණ පිරිවැයකින් යුතු ආහාර වේලක්‌ පිළියෙළ කළ යුතු ද යන්න කලින් තීරණය නොකිරීමත් නිසා ආහාර සම්බන්ධ පිරිවැය පාලනයක්‌ කළ නොහැකි යෑයි ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

ප්‍රධාන විධායක සූපවේදී පාවිච්චි කරන වැසිකිලියේ පලතුරු හා පිඟන් භාණ්‌ඩ ගබඩා කර තිබුණු බව විගණන විමසුමක්‌ මගින් පෙන්වාදී ඇතත් ඔහුට විරුද්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම නිසා තවදුරටත් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

කල් ඉකුත් වූ ද්‍රව්‍ය ද ආහාර පිළියෙළ කිරීම සඳහා යොදාගෙන තිබූ බව එම සමීක්‍ෂණයේදී හෙළි වී ඇත.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger